කසාදය කියන්නේ ජීවිතයේ අලුත් පටන්ගැනීමක්. එකිනෙකාට ආදරය කරලා, එකට ජීවත් වීමට තීරණය කරන දෙදෙනෙකුගේ ගමනක්. හැබැයි කසාදය හරි ආදරේ කියලා කිව්වට, මිනිස්සු කියන්නෙ වෙනස් වෙනස් ගත, වෙනස් සිතිවිලි තියෙන අය නිසා, අපිට අපිට විතරක්ම ඕන විදියට සබඳතාවයක්, විශේෂයෙන්ම කසාදය ඇතුලෙ ජීවත්වෙන්න බැහැ. ඉතින්, ගොඩක් දෙනා කසාදයෙදි කියනවනෙ, “අපි දෙන්නම එක්කෙනෙක්” කියන එක. ඒක ඇත්තටම හොඳ කතාවක්ද? නැත්නම්, ඒක ජීවිතය අමාරු කරන දෙයක්ද?
අපි දෙන්නම එක්කෙනෙක් කියලා කියන එකේ යහපත් පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා. හැබැයි ඒක මුලුමනින්ම හොඳ හෝ නරක කියලා කියන්න බැහැ. සමහරුට මේ හැඟීම ආදරේ එක්ක බැඳිච්ච ගැඹුරු බැඳීමක් වගේ දැනෙනවා. කසාද වෙලා යනකොට ගොඩක් දෙනා හිතන්නේ එකිනෙකා වෙනුවෙන් හැමදේම කරන්න ඕනෙයි, දෙදෙනාම එකම විදියට හිතන්න ඕනෙයි, එකම කැමති දේවල් තියෙන්න ඕනෙයි කියලා.
මේ සිතුවිල්ල කෙනෙක්ගෙ Individual feelings, likes, dislikes අමතක කරලා ඉස්සරහට යන්න ඕන දෙයක් නම් “අපි දෙන්නම එක්කෙනෙක්” කියන එක එච්චර ලස්සන දෙයක් වෙන්නෙ නෑ. එකිනෙකාට තමන් වගේම වෙලා ඉන්න ඉඩ දෙන එක, සන්සුන් ජීවිතයකට වඩා වැදගත්. අපි දෙන්නම එක්කෙනෙක් කියලා කියන එකේ ප්‍රශ්නත් තියෙනවා. උදාහරණයක් විදිහට, හැමදේම එකට කරන්න හිතන එක, එකිනෙකා මතම depend වෙලා ජීවිතය ගත කරන්න නොදී, එකටම බැඳී ඉන්න එකක් වෙන්න පුළුවන්. එකිනෙකාගේ සිහින, අරමුණු, පෞද්ගලික කැමැත්තන් වලට ඉඩ නැතිවෙනවා. එතකොට කසාදය ආදරේ අතුරුදහන් වුණු හිරගෙයක් වගේ තැනක් වෙන එක සාමාන්‍ය දෙයක්. සමහරුන්ට මේක ආදරේ සහ එකමුතුව කියලා හිතන්න පුළුවන්, ඒත් සමහර අයට නම් ඒක තමන්ගේ ජීවිතේ Individual Happiness එක නැතිඋනා වගේ දෙයක් වෙන්නත් පුලුවන්. ඒක නිසාම, “අපි දෙන්නම එක්කෙනෙක්” වෙන්න වෙනවා කියලා හිතන එකේ Pros and Cons දෙකම තියෙනව කියන එක අමතක කරන්න එපා.
කසාදය කියන්නේ එකිනෙකාට සහය දීමක්, තනිවම ඉන්න එකක් නෙමේ, හැබැයි එකිනෙකාට පුද්ගලික ඉඩක් දෙන්නෙ නැත්තම්, ඉස්සරහට යනවත් එක්ක ගැටළු ඇතිවෙන්න පුළුවන්. ලෝකෙට පේන්න ආදරේ, උණුසුම, එකමුතුව තිබ්බට, දෙදෙනාම එකම අදහසක්, එකම කැමැත්තක්, එකම Life Goals තියෙන්න ඕන කියලා හිතන එක ආදරය නැතිකරන හේතුවෙන දෙයක් වෙන්න පුලුවන්. ඒ නිසා, “අපි දෙන්නම එක්කෙනෙක්” කියලා හිතන්න ඕනේද, නැත්නම් “අපි දෙන්නම එකට ජීවත් වෙන දෙන්නෙක්” කියලා හිතන්න ඕනද කියලා මීට වඩා හොඳට හිතලා බලන්න.
1. “අපි දෙන්නම එක්කෙනෙක්” කියන එක ආදරේ ලක්ෂණයක්ද?
ඇත්තටම ගොඩක් ආදරණීය අය මතක තබාගෙන ඉන්නේ කසාදය කියන්නේ එක්ව ජීවත් වීමක්, එකිනෙකා වෙනුවෙන් තමන්ගේ හැමදේම කැප කරලා ඉන්න එකක් කියලා. එතකොට, “අපි දෙන්නම එක්කෙනෙක්” කියන එක ආදරේ ගැඹුර පෙන්වන ලක්ෂණයක් වුණත්, සමහරවිට ඒක දෙන්නටම හෝ එක්කෙනෙක්ට තමන්ගෙ කියල දෙයක් නෑ නේද කියල හිතෙන ඔලුවට කරදර හැඟීමක් වෙන්න පුලුවන්.
2. එකිනෙකා වෙනුවෙන් හැමදේම කරන්න ඕනෙද?
දෙදෙනාම එකට ජීවත් වෙනකොට, එකිනෙකාට උදව් කරන එක වැදගත්. හැබැයි හැමදේම එකටම කරන්න, එකිනෙකා වෙනුවෙන් තමන්ගේ හැම දෙයක්ම වෙනස් කරන්න, තමන්ගේම කැමැත්තන්, සිතුම් පැතුම් අතහරින්න ඕන කියන එක නම් නම් අනිවාර්ය නෑ. උදාහරණයක් විදිහට, කෙනෙක් පොත් කියවන්න කැමති නම්, අනිත් කෙනා ඒක කරන එක හරි කියලා පිළිගන්නේ නැත්නම්, ඒක අවුල් එකක්. ජීවිතය විවිධත්වය සහිතයි.එක එක අය ජීවිතේ විඳින්නෙ එක එක විදියට කියන එක අමතක කරන්න එපා.
3. එකිනෙකා සීමා කරලා ජීවත් වීමේ අවදානම
ගොඩක් කසාදවුණු අය ජීවිතයේ හැමදේම එකට කරන එකේ වාසියක් දකිනවා. හැබැයි, එකිනෙකාටම බැඳීලා, ඉතිරි ලෝකය අමතක කරලා ජීවත් වීම හොඳ ප්‍රතිඵලයක් ලබාදෙන්නේ නෑ. උදාහරණයක් විදිහට, එක්කෙනෙක්ට යාළුවෝ එක්ක සන්සුන් වෙන්න, යාළුවෝ එක්ක කතාබහ කරන්න අවශ්‍ය නම්, ඒක අනිත් කෙනා අවහිර කරනවා නම්, ඒ බැඳීම සන්සුන්, සුන්දර එකක් වෙන්නෙ නෑ කියන එක මතක තියාගන්න ඕන.
4. “අපි දෙන්නම එක්කෙනෙක්” කියන එකේ විශ්වාසය සහ පාලනය අතර වෙනස
කසාදයක විශ්වාසය වැදගත්. හැබැයි, විශ්වාසය සහ පාලනය අතර සීමාවක් තියෙන්න ඕනේ. සමහරු තමන්ගේ ආදරය පෙන්වන්නේ අනිත් කෙනාගේ හැමදේම මූලික වශයෙන් පාලනය කරලා. උදාහරණයක් විදිහට, “අද රැයක් යාළුවෝ එක්ක ගත කරන්න” කියලා කියන විට, “නෑ, අපි දෙන්නම එකට ඉන්න ඕනෙ” කියලා කියන එක විශ්වාසය පෙන්නන දෙයක් ද එහෙම නැත්තම් පාලනය කරන තැනක්ද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න.
5. පුද්ගලික හැඟීම්, සිතිවිලි, සිහිනයන් අමතක වීම
ජීවිතේ හැමදේම දෙදෙනා එකටම කරන්න වෙනවා කියන එකේ අමාරුම තැන තමයි, පුද්ගලික හැඟීම්, සිතිවිලි, කාලය අමතක වෙන එක. හැමදේම එකට කරන එක, කෙනෙකුට තමන්ගේම අවකාශය නැතිවීමට හේතු වෙනවා. හැමදේම එකට කරලාම ඉන්නවා නම්, ජීවිතේ තනිවම ගත කරන කාලය නැතිවෙනවා.
6. යෝජනා සහ කතාබහ – එකිනෙකාට අවකාශය දීම
“අපි දෙන්නම එක්කෙනෙක්” කියන එකේ වාසියත් තියෙනවා. ඒත්, එකිනෙකාට ඔවුන්ගේම අවකාශය තිබිය යුතුයි. උදාහරණයක් විදිහට, කෙනෙකුට අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න කැමති නම්, අනිත් කෙනා ඒකට සහය දිය යුතුයි, ඒත් එයට අනිවාර්යයෙන්ම දෙදෙනාම සම්බන්ධ විය යුතුයි කියලා නෑ. එකිනෙකාගේ සිහිනයන්ට සහය දීම, ඔවුන්ගේම ජීවිතය ගොඩනැගීමට උපකාරී වෙනවා.
7. ආදරය සහ එකිනෙකා වෙනුවෙන් මතභේද පිළිගැනීම
සම්බන්ධතාවයක් තුළ මතභේද ඇතිවීම සාමාන්‍ය දෙයක්. හැබැයි, ඒවා පිළිගෙන, එකිනෙකාගේ අදහස් සලකා බැලීම වැදගත්. “අපි දෙන්නම එක්කෙනෙක්” කියලා කියන එක, එක්කෙනෙකුගේ අදහස් පමණක් ප්‍රමුඛ කරලා, අනිත් කෙනාගේ අදහස් අවහිර කරන එකක් නම්, ඒක අවුලක්.
8. එකිනෙකා වෙනුවෙන් කැපවීම සහ එකිනෙකාටම බැඳී ඉන්න එකේ වෙනස
කසාදය කියන්නේ එකිනෙකා වෙනුවෙන් කැපවීම. හැබැයි, එකිනෙකාටම බැඳී ඉන්න එකත් ඊට වඩා වෙනස්. කැපවීම කියන්නේ එකිනෙකාගේ ජීවිතය උදව් කරන්න,සන්සුන් වෙන්න, අවශ්‍ය විටට උදව් කරන එක. හැබැයි, එකිනෙකාටම බැඳී ඉන්න එක, පුද්ගලික වර්ධනය අවහිර කරනවා.
9. ආදරේ අඩු වෙන්නෙ නැද්ද?
සමහරු හිතනවා, “අපි දෙන්නම එක්කෙනෙක්” කියලා කියන එක ආදරේ ලක්ෂණයක් කියලා. හැබැයි, කසාදයෙදි විශේෂයෙන්ම අවධානය යොමුවිය යුතුම දෙයක් තමයි, එකිනෙකා වෙනස් කියලා පිළිගන්න එක. ආදරය පටන් ගන්නෙ දෙදෙනාම වෙනස් මිනිස්සු දෙන්නෙක්, වෙනස් ආසාවල්, අරමුණු තියෙන දෙන්නෙක් කියලා පිළිගෙන. ඒක තේරුම් ගත්තොත් ආදරේ අඩු වෙන්නේ නෑ.
10. “අපි දෙන්නම එක්කෙනෙක්” කියන හොඳම ආකාරය
අවසානයේ, “අපි දෙන්නම එක්කෙනෙක්” කියලා කියන්න පුලුවන් හොඳම විදිය තමයි, තමන්ට තමන්ව නැතිවෙන්නෙ නැතුව ජීවිතය ජීවත් වෙන්න දීලා, එකිනෙකාට සහය දීම. ඒක තමයි ඔයාලගෙ කසාදය සාර්තක කරගන්න උදව් වෙන්නෙ.
ඉතින්, “අපි දෙන්නම එක්කෙනෙක්” කියන එක හොඳද, නරකද?
එය එකිනෙකාට තමන්ගෙ Individual space එක, අවකාශය දීලා, පුද්ගලික ජීවිතය ගොඩනගාගන්න එකක් නම්, ඒක ආදරණීයයි. හැබැයි, එකිනෙකාගේම සිතුවිලි, ආදරය, කැමැත්තන්, ඉඩ ඉස්මතු නොකරන එකක් නම්, ඒක කසාදය සාර්ථක කරන්නෙ නෑ
ReplyForwardAdd reaction |