අවුරුදු ගණන් යාලුවෙලා හරිම සන්තෝසෙන් Ideal Couples වගේ ජීවත්වෙච්ච ගොඩක් අයට කසාද බැඳල එක අවුරුද්දක් හොඳින් සතුටෙන් ජීවත්වෙන්න බැරුව Divorce වෙනවා. මේ වගේ කතන්දර ඇහුවම අපේ හිතට මුලින්ම එන අදහස තමයි “ඇයි අනේ යාලුවෙලා ඉන්න කාලෙ මෙයාල මොනවද කලේ මෙච්චර ඉක්මනට දික්කසාද වෙන්න තරම්?” කියලා.
මුලදි ආදරේ ලස්සනයි, සුන්දරයි, හඳ තරු මල් වගේ. එකිනෙකා ගැන හොදටම දන්නවා, ඒත් ඒ දැනීමම කසාදයක් ඇතුලෙ එකිනෙකා ගැන නොදන්න එකක් වෙන බව ඒ දෙන්නට පවා තේරෙන්න ගන්නෙ කසාදෙන් පස්සෙ. ආදරේ නිතරම අලුත් කරගන්න බැරි උනාම, එකිනෙකා ගැන කුඩා කුඩා දේවල් ඔලුවට වදයක් දෙන්න ගත්තම, සරලවම කිව්වොත් “මේ ඉන්නෙ මම ආදරේ කරන කාලෙ උන්නු මනුස්සය නෙවෙයිනෙ” කියල හිතුනම කසාද ජීවිතේ එපා වෙන එක ගොඩක් අය අද කාලෙ මූණ දෙන ගැටලුවක්.
Affair එක තිබුන කාලෙ ආදරේ තිබ්බට, ජීවිතේ දිගටම එක විදියටම ඉන්න බැරි උනාම, අන්තිමට ආදරේ නැතිවෙනවා. මුලදි කෙනෙක් අනික් කෙනාට ඇබ්බැහිවෙනවා, ඒකෙන් ආදරේ විශේෂිත වෙනවා. හැබැයි කාලයත් එක්ක මේ ඇබ්බැහිවීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙනව. මුලදි තිබුණු ආදරේ අගය නැතිවෙනවා. සමහරු හිතනවා “අපි කොහොමහරි මේවට ඔරොත්තු දෙනවා” කියලා. හැබැයි, ආදරේ කියන්නෙ ඔරොත්තු දෙන එකක් නෙමෙයි. ඒක හැමදාම නවීන වෙන එකක්, හැමදාම අලුත් වුණාමයි ආදරේ ජීවත් වෙන්නේ. ආදරේ නවතින්නෙ එකම තැනක ඉඳලාම හිතන ගමන්, එකම ජීවිත රටාවකම ජීවත් වෙන ගමන්. මුලදි උනන්දුවෙන් කතා කළ දෙන්නා කසාදෙන් පස්ස කතා කරන්නේ නැතිවෙනවා. මුලදි එකිනෙකා එක්ක ආශාවෙන් බෙදාගත්ත හැඟීම් කාලයත් එක්ක අඩුවෙනවා. ඒත් මේක එකපාරටම සිද්ද වෙන දෙයක් නෙමෙයි. හැමදේම පොඩි-පොඩි වෙනසක් එක්ක සිද්ද වෙනවා. මිනිස්සු ඒ වෙනස දැක්කත්, ඒකට අන්ධ වෙනවා. ඒත් ගොඩක් වෙලාවට, ආදරේ නැතිවෙන්නෙ එහෙමත් නැත්තම් නතර වෙන්නෙ ලොකු වෙනස්කම් පෙන්නන්නෙ නැතුව. හරිම නිහඬව. එකිනෙකා හොඳටම දන්න එක තමයි, සමහරුන්ගේ ආදරය අන්තිමට අසාර්ථක කරන්නෙ.
මිනිස්සු ජීවිතේ ඇතුලෙ නිතරම වෙනස් වෙනවා. එයාලා මුලදි හිතපු විදියටම දිගටම ඉන්නෙ නෑ. ආදරේත් එයත් එක්කම වෙනස්වෙන්න ඕන. ඒත් ගොඩක් වෙලාවට අපි හිතන්නෙ “අනේ එයා නම් කවදාවත් වෙනස් වෙන එකක් නෑ” කියල. ැඑත් මිනිස්සු වෙනස් වෙනවා. ඒ වෙනස් වීම එක්ක ආදරේ වෙනස් වෙනවා. ආදරේ පෙන්නන විදිය වෙනස් වෙනවා. එකිනෙකා ගැන අපේක්ෂා වෙනස් වෙනවා. මුලදි තිබුණු ආදරේ ආයෙත් එයාගෙන් ලැබෙයි කියලා අපි හිතනවා. ඒත් කසාදයක් කියන්නෙ යාලුවෙලා ඉන්න කාලෙ වගේ පැය 24ම ආදරේ ගැනම විතරක් කතා කර කර ඉන්න පුලුවන්, තුරුලුවෙලා අනාගතේ ගැන කතා කර කර ඉන්න පුලුවන් එකක්ම නෙවෙයි. ඒක ජීවිතේ දෙදෙනාටම අලුත් අරගෙන එන දෙයක්. ආදරය ජීවත් කරගන්න නම්, ඒකට නවීනත්වය අනිවාර්යයි. එකම රටාවක, එකම විදියට දිගටම ආදරය ගෙනියන්න බැරි නිසා, එකිනෙකා ගැන හැඟීම වෙනස් වෙනවා. ආදරය කියන්නෙ පැරණි එකක් නෙමෙයි, ඒක නවීන වෙන්න ඕන. ආදරේ කියන්නෙ අතීතයක ජීවත් වෙන එක නෙමෙයි. ඒක වර්තමානයේ හැඟීම්වලට ගැලපෙන්න ඕන. හැබැයි ගොඩක් ආදර කතා අන්තිමට ඉවර වෙනවා, ඒකට හේතුව තමයි ආදරේ වර්තමානයට ගැලපෙන විදියට නවීන කරගෙන යන්න බැරි වීම.
1. කාලයත් එක්ක ආදරේ වෙනස්වෙන්නෙ ඇයි?
මුලදි ආදරේ තියෙන්නෙ කුතුහලය, උණුසුම. ගොඩක් කතා, රහසිගත ආදරේ, නවත්වන්න බැරි හැඟීම්. ඒත් කසාදයකට ගියාම ඒ හැඟීම් නිතරම ඒ විදියටම තියාගන්න අමාරු වෙනවා. මුලදි තිබුණු ආදරේ නැතිවෙනව වගේ අපිට තේරෙන්නෙ අර යාලුවෙච්ච කාලෙ තිබුන එකිනෙකා ගැන දැනගන්න තිබුන උවමනාව සහ කුතුහලය නැතිවෙන නිස. ඒ වෙනස පිළිගන්න බැරි උනොත්, කසාදය අසාර්ථක වෙනවා.
2. පුරුදු වීම
කෙනෙක් ගැන ගොඩක් දැනීම, කාලෙකින් එකට ඉන්න එක හරි වටිනවා. හැබැයි එකිනෙකා ගැන හැමදේම දැනීමෙන් කුතුහලය නැතිවෙනවා. එකිනෙකා ගැන ලොකු සලකා බැලීමක් නැතිකරනව. ඒක ආදරේ මන්දගාමී කරලා අන්තිමට නැතිකරලා දාන්න හේතුවෙනවා. ඒ නිසා තමයි දෙන්නට දෙන්න පුරුදු වෙන ජීවිතේ ඇතුලෙ අලුත් දේවල් නුපුරුදු දේවල් කරල බලලා අර Excitement එක maintain කරගෙන යන්න කටයුතු කරන්න ඕන.
3. කතා නොකරන එක
දිගු ආදරයකදි සමහරු හිතනවා, ‘මෙයා මාව තේරුම්ගන්න කම් මම කතාකරන්නෙ නෑ” කියලා. ඒත්, කතා නොකරන එකෙන් වෙන්නෙ ඔයා හිතන දේම නෙවෙයි. නිහඬතාවය ඇතුලෙ අප කුඩා-කුඩා කරදර හොයාගන්නවා, නපුරු හැඟීම් ගොඩගහගන්නවා. ඉදිරියට ආදරේ අඩු වෙලා, එකිනෙකාගෙන් ඈත්වෙනවා. මේ වගේ “අනේ එයාට මාව තේරෙන්නෙ නෑනෙ” කියල හිතෙන තැන්වලදි කරන්න ඕන ඈත්වෙන එක නෙවෙයි වඩාත් ලංවෙන එක එකිනෙකාව තේරුම්ගන්න උත්සහ කරන එක.
4. අලුත් දෙවල් කරන්න
ඒවගේම, කසාදයට පස්සෙ, අලුත් දේවල් කරන්න අමතක වෙනවා. පෙරේදා වගේම අද, අද වගේම හෙට. එකම දවස එකම විදියට දිගටම. ආදරය දිගටම ගෙනියන්න නම් අලුත්ම දේවල්, අලුත්ම හැඟීම්, අලුත්ම අවස්ථා එකිනෙකාට දෙන්න ඕන. ඒක තමයි ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඔයාලාට උදව් වෙන Excitement එක වෙන්නෙ. ආදරේ කරන්නත් Adrenaline Rush එකක් තියෙන්න ඕන. ඔයා හොයාගන්න ඕනත් අන්න ඒක.
5. විශ්වාසය අඩු වීම
ආදරේ ගොඩක් කලබල මැදින් පවතින්නෙ. විශ්වාසය තියාගන්න බැරි උනොත්, කසාදය දිගටම ගෙනියන්න අමාරු වෙනවා. එකිනෙකාට විශ්වාසයක් නැති උනාම, කුඩා දෙවල් විශාල ගැටළු වෙනවා.
6. වරදවා හිතන් ඉන්න එක
මිනිස්සු මුලදි එකිනෙකාට කැමති වෙන්නෙ, මිනිසුන්ගේ ස්වාභාවය, නිදහස, හැඟීම් නිසා. ඒත් අපි මොකද කරන්නෙ කසාදෙන් පස්සෙ අපේ partnerව අපිට ඕන විදියට වෙනස් කරගන්න හදනවා. යාලුවෙලා ඉඳපු කාලෙ හොඳ වෙච්ච දේවල් කසාදෙන් පස්සෙ අපිට නරක විදියට පේනවා. “මේක කරන්න එපා, ඕක හරියන්නෙ නෑ, කවුද ඔහොම කරන්නෙ” වගේ කතා නිසා කසාදෙ ඇතුලෙන් ආදරය වගේම ආදරය කරන්න සහ ආදරේ එක්ක ජීවත්වෙන්න තියෙන උවමනාව උනන්දුව නැති කරල දාන අසහනකාරී හැඟීමක් ගොඩ නගනවා.
7. ප්‍රියයන්ගේ වෙන්වීම
මුලදි කෙනෙක්ට ලස්සනට කතා කරලා, ආදරෙන් අල්ලාගෙන ඉන්න අය කසාදෙන් පස්සෙ කියන්නෙ, “ඕක දැන් කරලා ඉවරද?” “මට එපාවෙලා තියෙන්නෙ” වගේ කිසිම ආදරයක් ගෑවිච්ච නැති, කිසිම අගය කිරීමක් Excitement එකක් නැති විදියෙ කතා. ආදරේ maintain කරන්න නම් අපි අපි ආදරේ කරන සහ අපිට ආදරේ කරන අයව අගයන්න, Effort එකක් දෙන්න ඕන.
8. එකිනෙකා ගැන අසාදාරණ අපේක්ෂා තියාගැනීම
කෙනෙක්ට කසාදයෙදි ‘ඔයා මට මේව හොදටම කරලා දෙන්න ඕනෙ’ කියලා කියන එක හිතන එක ප්‍රශ්න ඇති කරන්න හේතුවෙන්න පුලුවන්. ගොඩක් ආදරේ කරපු අය, කසාදෙදි හිතනවා එකිනෙකා ගැන ලොකු අපේක්ෂා තියාගන්න ඕන කියල. අනිත් කෙනා තමන් වෙනුවෙන් ජීවිතේම උනත් දෙන්න ඕන කියලා. ඒත්, ඒ හැමදේම සිදුවෙන්නේ නැති වෙලා, ආදරේ අඩු වෙනවා. ඒත් එහෙම ඕනවට වඩා අනිත් කෙනා ගැන අසාධාරණ අපේක්ෂා තියාගන්න එක හොඳ දෙයක් වෙන්නෙ නෑ කිසිම සබඳතාවයක් ඇතුලෙදි.
9. ප්‍රශ්න අමතක කරන එක
කිසිම කසාදයක ගැටළු නැති වෙන්නේ නැහැ. ඒත් ඒවා හදන්න, කතා කරන්න, විසඳාගන්න ඕන. අමතක කරන්න එකෙන් මගාරින එකෙන් වෙන්නෙ ඔක්කොම එකට එක්කහු වෙලා එක වෙලාවක ලොකු විනාශයක් කරලා පුපුරලා යන එක. ගොඩක් අසාර්ථක marriages වල, අන්තිමට දෙදෙනාම හිතන්නේ ‘අපි මේකට කලින්ම විසඳලා ඉන්න තිබුණා’ කියලා.
10. ආදරය කාර්යභාරයක් වීම
කසාදයක් කරගෙන යද්දි අපි දන්නෙම නැතුව ආදරය task එකක් වෙනවා. පෙරේදා වගේම අද, අද වගේම හෙට. ‘අද කෑම උයන්න, නාන ඇඳුම් හදන්න, ගෙදර වැඩ කරන්න, වැඩට යන්න, ආයෙත් ආවොත් නිදියන්න’. එදිනෙදා ජීවිතේ tasks විදියට ආදරේ task එකක් වෙනවා. ආදරේ නැතිවෙන්න පටන් ගන්නෙ අන්න එතනදි.
කසාදය කියන්නෙ එකිනෙකාගෙ වටිනකම් තේරුම් අරගෙන, තමන්ට වඩා වෙනස් විදියට හිතන තැන් තේරුම් අරගෙන සහ ඒ වෙනස් අදහස් වලට ගරුකරලා යන ගමනක්. කසාදයකින් ආදරයක් නැතිවෙන්නෙ නෑ. ආදරය පැවතීමයි විය යුත්තේ!
ReplyForwardAdd reaction |