ඔන්න එදා හරියටම 2010 මැයි 3. මේ කතාව අපිට ඇහෙන්නෙ ව්ල්ලපුරම් වලින්. අපි මේ කතාව කියන ගෙදර මේ සිදුවීම වෙද්දි ඉන්නෙ භාර්ගවී කියන පුංචි ගෑණු ළමයා විතරයි. භාර්ගවී ඉගෙනගන්නෙ ඉස්කෝලේ නවයෙ පංතියෙ. මේ කියන දවසෙ භාර්ගවීගෙ අම්මයි තාත්තයි මල්ලිල දෙන්නයි නෑ ගෙදරක යන්න දුර ගමනක් යන්න ගෙදරින් පිටත්වෙලා ඉන්නෙ. එයාලා ආයෙ එන්නෙ දවස් දෙකකින්. ඉතින් තනියම ගෙදර ඉන්න භාර්ගවී කෑවද බ්ව්වද කියල බලන්න එයාලගෙ අම්මා භාර්ගවීට කෝල් එකක් දීලා බලනවා.
අම්මා මේ කෝල් එක අරගන්න වෙලාවෙ භාර්ගවීලගෙ ගෙදර ලයිට් කණුව ලඟ තව ආධාරක ලයිට් කණුවක් හයි කරන්න හිතාගෙන ආව මිනිස්සු කණ්ඩායමක් ලොකු වලක් හාරන ගමන් තමයි ඉන්නෙ. ඉතින් අම්මා කෝල් කරාම භාර්ගවී ඔය විස්තරේ එයාගෙ අම්මට කියනව. භාර්ගවී මේක කියන්නෙ නිකන් උනාට ඒක ඇහුව ගමන් එයාගෙ අම්මයි තාත්තයි හරියට කලබල වෙනවා.
මේක අහපු ගමන් අර දුර ගමන යන ගමන් ඉඳපු එක කැන්සල් කරලා මේ අම්මයි තාත්තයි ආපහු ගෙදර එන්න පටන් ගන්නවා. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි ඔය මිනිස්සු දැන් හාර හාර ඉන්න තැන මීට අවුරුදු ගාණකට කලින් තුන් දෙනෙක්ගෙ මල සිරුරු වලදාලා තියෙන සහ ඒ ගැන භාර්ගවීගෙ අම්මයි තාත්තයි දැනගෙන ඉන්න එක.
කවුද මේ මැරිලා තියෙන්නෙ? කවුද මිනීමරුවා? අම්මයි තාත්තයි මේක දන්නෙ කොහොමද?
ආන්න ඒවට උත්තර දැනගන්න මේ කතාව දිගටම කියවන්න අමතක කරන්න එපා.
දවස හරියටම 2012 මැයි 21 වෙනිදා. ඉන්දියාවේ තියෙනවා සී ටැමිල් කියලා චැනල් එකක්.මේ තැන විශේෂ වැඩසටහනක් වෙනවා. මේකෙ වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්. පවුල් දෙකක් අතර තියෙන ප්‍රශ්නයක් විසඳගන්න බැරි නම්, ඒ පවුල් දෙක අතරෙ තියෙන ප්‍රශ්නෙ ගැන කතාකරන්න, විසඳුමක් දෙන්න, නීතිමය පැත්ත ගැන කතාකරන්න මේ වැඩසටහන උදව් කරනවා. මේක ඉන්දියාවෙ ඉතාම ජනප්‍රිය වෙච්ච වැඩසටහනක්. මේකට එන්න ඔයා කරන්න ඕන ඔයාට තියෙන ප්‍රශ්නෙ මෙයාලට කතා කරලා කියන එක තමයි.
ඉතින් දවසක් මේ වැඩසටහන කරන කාර්‍ය මණ්ඩලයට එනවා කෝල් එකක්. ඒක එන්නෙ සතිශ් කියල තරුණ කොල්ලෙක්ගෙන්. සතිශ් කතා කරලා කියන්නෙ මෙන්න මෙහෙම දෙයක්.
“මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ නම භාර්ගවී. භාර්ගවීටයි මටයි මේ සම්බන්ධ නවත්තන්න කියලා භාර්ගවීගෙ තාත්තා මරණ තර්ජන කරනවා. ඒක නිසා මම හරිම බයෙන් ඉන්නෙ. මට උදව් කරන්න” කියලා.
කාර්‍ය මණ්ඩලය මේ දෙන්නට කියනවා හෙට වෙද්දි අම්මල තාත්තල එක්කම තමන්ගෙ ඔෆිස් එකටම එන්න කියලා. මෙතනට එන්නෙ භාර්ගවී, සතිශ් සහ සතිශ්ගෙ අම්මයි තාත්තයි. මේ වෙද්දි සතිශ්ට වයස අවුරුදු විසි ගානක් උනාට භාර්ගවීගෙ වයස අවුරුදු දාසයක් වගේ. මේ දෙන්නා පැනලා ගිහිල්ල තමයි ඉන්නෙ. මෙතනදි මේ කාර්‍ය මණ්ඩලයට තේරෙනව මෙතන සම්පූර්ණ වරද භාර්ගවීගෙ කියලා. මොකද එයා බාල වයස්කාරියක් නිසා එයා හරිනම් මේ වෙද්දි ඉන්න ඕන එයාගෙ දෙමව්පියන් එක්ක නිසා. ඒ නිසා මේ වැඩසටහන කරන අය භාර්ගවීට කියනවා ඔයා අම්මගෙනුයි තාත්තගෙනුයි සමාව අරගෙන ගෙදර යන්න. හරි වයස ආවම මේ ගැන ආයෙ කතාකරන්න පටන් ගන්න කියලා.
භාර්ගවී ඒත් අඬ අඬ කියනවා “මට ගෙදර යන්න බෑ, මම ගෙදර ගියොත් මගෙ තාත්තා බෙල්ලට පිහියක් තියලා මාව මරලා දානවා කියලා කිව්වා. ඒ නිසා මට ගෙදර යන්න බෑ” කියලා. මේක අහද්දි මේ කාර්‍ය මණ්ඩලයේ අයට තේරෙනව මෙතන භාර්ගවී කියනවට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නිසා එයාලා ආයෙ භාර්ගවීගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ආන් ඒ ප්‍රශ්න කිරීමෙදි තමයි භාර්ගවී තමන්ගෙ තාත්තා ගැන හරිම දරුණු දෙයක් එළි කරන්නෙ.
මෙතනදි භාර්ගවී කියනවා පුංචි කාලෙ ඉඳලා භාර්ගවීගේ තාත්තා තමන්ගෙ දුවව අපයෝජනය කරා කියන එක. ඒ වගේම ඒක අම්මා දැනගෙන හිටියා කියන එක වගේම අම්මා කවදාවත් ඒක නවත්තන්න හැදුවෙ නෑ කියන එක.
මේක ඇත්තටම අහගෙන ඉන්නත් හරිම අමාරු කතාවක් නිසාම නිවේදිකාව භාර්ගවීගෙ කතාව මැදින් නතර කරල දානවා භාර්ගවී තාත්තා කරපු හැමදේම සවිස්තරාත්මකව කියාගෙන කියාගෙන යද්දි. ඊලඟට නිවේදිකාව භාර්ගවීගෙන් අහනව ඔයා තාම ගෙදර යන්න බයෙන් ඉන්නෙ තාත්තා ඔයාලාව මරණවා කිව්ව නිසාද එහෙම නැත්තම් තාත්තා ආයෙ ඔයාට කරදර කරාවි කියන බය හන්දද කියලා.
භාර්ගවී ඒකට මහ අමුතු උත්තරයක් තමයි දෙන්නෙ.
“අපේ තාත්තා මිනීමරුවෙක්. එයා මේ වෙද්දිත් තුන් දෙනෙක්ව මරලා දාලා අපේ ගෙදර වත්තෙ වලදාලා තියෙනවා” කියලා.
මේ වැඩසටහන මෙහෙයවන අය භාර්ගවීගේ අම්මවයි තාත්තවයි මේ වැඩසටහනට අරගෙන එන්නෙ භාර්ගවී කියන මෙන්න මේ අමුතු කතාව නිසා. මේ වැඩසටහනය එනා භාර්ගවීගෙ අම්මයි තාත්තයි වෙන රාජේශ්වරි සහ මුරුගන් නම් මේ භාර්ගවී කියනවා වගේ කිසිම දෙයක් ගෙදර වෙලා නෑ කියලමයි කියන්නෙ. ඒ වගේම මේ දෙන්න සතිශ්ගෙන්, සතිශ්ගෙ අම්මගෙනුයි තාත්තගෙනුයි සමාව අරගෙන කියනවා අපි මේ ප්‍රශ්නෙ විසඳගෙන හොඳට ඉස්සරහට ජීවත්වෙමු කියලා. ඒ වගේම මුරුගන් කියනවා තාමත් පටිගත වෙමින් තියෙන මේ වැඩසටහන පබ්ලිශ් කරන්න එපා කියලත්.
ඒ ඉල්ලීමට ඇහුන්කම් දෙන්න මේ මාධ්‍ය ආයතනය කටයුතු කරනවා. ඒ නිසා මේ වැඩසටහන දැනට විකාශය නොකර ඉන්න එයාලා තීරණය කරනවා. ඒ උනාට භාර්ගවී කිව්වෙ ඇත්තක්ද කියන ප්‍රශ්නෙ මෙයාලට තියෙනවා. ඒනිසා තමයි මේ වැඩසටහන කරන අය මුරුගන් සහ රාජේශ්වරීව ෆලෝ කරන්න. එයාලා බලාපොරොත්තු උනාට මුරුගන් සහ රාජේශ්වරී ගෙදර යයි කියලා එහෙම වෙන්නෙ නෑ. ඒ දෙන්න එකපාරම හොයාගන්න බැරි විදියට අතුරුදහන් වෙලා යනවා. ඊටපස්සෙ එයාලා කරන්නෙ භාර්ගවීව හම්බුවෙන්න ගිහිල්ල අහන එක “තාත්තා මිනීමරුවෙක් කියන එකයි, වත්තෙ මිනී තුනක් වලදාලා තියෙනව කියන එකයි ඔයා දැනගත්තෙ කොහොමද?” කියන එක.
ඒ සිදුවිම භාර්ගවී කියනවා. ඒක වෙලා තියෙන්නෙ මීට අවුරුදු ගානකට කලින්. භාර්ගාවී කියන විදියට මෙතන ඉස්සර ලිඳක් තියෙනවා. එතන තමයි මුරුගන් මේ මිනිස්සු තුන්දෙනාව වලදාලා තියෙන්නෙ. කොහොමහරි පොලිසිය මෙතන හාරගෙන ගියාට මුලින්ම එයාලට ලිඳක්වත්, ඇටසැකිල්ලක්වත් හම්බවෙන්නෙ නැ. එතකොට පොලිසිය හිතනව භාර්ගවීට වැරදිලා වෙන්න පුලුවන් කියන එක.
ඒ උනාට තවත් දිගටම හාරගෙන යද්දි භාර්ගවී කිව්ව විදියටම මිනිස්සු තුන්දෙනෙක්ගෙ ඇට සැකිලි සහ ඒ මිනිස්සු තුන්දෙනාව දාපු උර තුනක කැබලිත් පොලිසියට හොයාගන්න පුලුවන් වෙනවා.
පොලිසිය මේ හොයාගත්ත හැමදේම අධිකරණ වෛද්‍ය ඒකකයට යවනවා. එතනින් ලැබෙන රිපෝට් එකේ කියනව මෙතන එක කාන්තාවකගෙ සහ පිරිමි දෙන්නෙක්ගෙ ඇටකටු තියෙනව කියලා. ඒ උනාට රාජේශ්වරිව සහ මුරුගන්ව හොයාගන්න නැති හන්දා පොලිසිය ඒකට පොඩි ප්ලෑන් එකක් ගහනවා. ඒ තමයි අර වැඩසටහන කරපු මාධ්‍ය ආයතනය විදියට රාජේශ්වරී සහ මුරුගන්ට කතා කරලා පොඩි දේවල් ටිකක් කතාකරගන්න එන්න කියන එක.
ඒ ගැටේට අහුවෙන මුරුගන් සහ රාජේශ්වරී එනවා. එතනහ්ඩි පොලිසිය මේ දෙන්නව අත අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ ඔස්සේ තමයි දැනගන්න පුලුවන් වෙන්නෙ කවුද මේ මිය ගිහින් තියෙන්නෙ කියන එක සහ මුරුගන් එහෙම දෙයාක් කලේ ඇයි කියන එක.
මුරුගන් කියන කතාව අනුව භාර්ගවී තමයි මෙයාලගෙ පවුලෙ වැඩිමලා. භාර්ගවීට පස්සෙ ලැබිච්ච තව මල්ලිලා දෙන්නෙක් ඉන්නවා.පොඩි කාලෙදි තාත්තා බීලා ඇවිල්ලා තමන්ට කරදර කරන එක භාර්ගවී අම්මට කිව්වට අම්මා කියලා තියෙනවා “කාටවත් ඒක කියන්න එපා” කියලා. ගේ ඇතුලෙන් තමන්ට ඕන රැකවරණය ආදරය හම්බුවෙන්නෙ නැති වෙද්දි තමයි භාර්ගවී සතිශ් එක්ක යාලුවෙන්නෙ. සතිශ් ඇත්තටම හොඳ ළමයෙක් උනත් මේ දෙන්නගෙ අෆෙයාර් එක දැනගන්න මුරුගන් මේ දෙන්නට මරණ තර්ජන එල්ල කරනවා.
ඒත් භාර්ගවී තාත්තා මිනීමරුවෙක් කියන එක දැනගන්නෙ කොහොමද කියන එක තාම ප්‍රශ්නයක් නේ? ඔයාලට මතකද කතාව පටන් ගනිද්දි මම කිව්වා අම්මයි තාත්තයි මල්ලිල දෙන්න ගෙදර නැති දවසක ලයිට් කණුවක් හයි කරන්න ආව මිනිස්සු වලක් හාරපු එකට කලබල වෙලා මුරුගන් සහ රාජේශ්වරී ගෙදර එනවා. කොහොමහරි ඒ මිනිස්සු තමන් වලදාපු මිණී ගැන දැනගෙන නෑ කියන එක දැනගත්තම මුරුගන් සද්ද නැතුව හිටියට රාජේශ්වරී මුරුගන් රෑ නිදාගත්තම භාර්ගවීට සම්පූර්ණ කතාවම කියනවා.
මුරුගන් වැඩ කරපු තැනක එයාගෙ යාලුවෙක් ඉඳලා තියෙනවා ශේකර්. ශේකර්ට ඉන්නවා ලාවණ්‍යා කියලා දුවෙක්. මේ වෙද්දි ලාවණ්‍යා තමන්ගෙ කුලයට වඩා අඩු කුලයක සිලම්බරසන් කියල කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නවා. මේ සිලම්බරසන් ගෙ පවුලෙ අය වගෙම ලාවණ්‍යගෙ පැත්තෙ ආයත් මේ සම්බන්ධෙට කැමති නෑ. හැබැයි ශේකර්ගෙන් එහෙම ලොකු බලපෑමක් මේ දෙන්නට නෑ. කොහොමහරි ශේකර් මේ දෙන්නව කසාද බන්දල ටික කාලෙකට ඔක්කොම හරි යනකම් මුරුගන්ගෙ ගෙදර නතර කරනව. ඒත් ශේකර් මුරුගන් ගෙ ඇත්ත දන්නෙ නෑ.
තමන්ගෙ දුවවත් අපයෝජනය කරපු මුරුගන්ගෙ අතින් ලාවණ්‍යට ගැලවීමක් හම්බෙන්නෙ නෑ. මුරුගන් අතින් තමන්ගෙ දුවට කරදර වෙනවා කියල දැනගන්න ශේකර් ඇවිල්ලා ලාවණ්‍යයවයි එයාගෙ සැමියවයි, ලාවණ්‍යගෙ රත්තරන් බඩු අරව මේව අරගෙන යන්න හදද්දි ශේකර්ව මරලා දාන්න මුරුගන් දෙපාරක් හිතන්නෙ නෑ. ඒ තමයි මුරුගන් කරන පලවෙනි මිනී මැරුම.
ශේකර් එකපාර අතුරුදහන් වෙච්ච හන්දා මිනිස්සු පොලිසිය එක්ක එකතුවෙලා ශේකර්ව හොයන්න පටන් ගන්නෙ ඒ වෙලාවෙ. මුරුගන් මේ වෙද්දි ලාවණ්‍යව ගෙදර හිරකරගෙන තමයි ඉන්නෙ. ලාවණ්‍ය කොහොම උනත් උත්සහ කරනවා මෙතනින් පැනලා යන්න හදනවා. ඒ උනාට මුරුගන්ගෙන් බේරෙන්න ලාවණ්‍යටත් පුලුවන් වෙන්නෙ නෑ. ශේකර්ව මරලා දාපු විදියටම මුරුගන් ලාවණ්‍යාවත් මරලා දානවා.
මේ වෙද්දි අපිට හිතෙනවනෙ එතකොට කෝ සිලම්බරසන් කියලා?
ඇත්තටම මේ වෙද්දි සිලම්බරසන් ඉන්නෙ ලාවණ්‍යව වලදාන්න මිදුලෙ වලක් කපන ගමන්.ඒක පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරු දෙයක් උනත් ඒක තමයි ඇත්ත.
සිලම්බරසන්ව මේ විදියට වෙනස් කරගන්න ප්ලෑන් කරල තියෙන්නෙත් මුරුගන්. මුරුගන් සිලම්බරසන්ට බොන්න අරන් දීලා සිලම්බරසන්ව තමන්ගෙ පැත්තට හරව ගෙන තියෙනවා. ඒ විදියට තමයි සිලම්බරසන් ලාවණ්‍යයව වලදාන්න මුරුගන්ට උදව් වෙන්නෙ.
එතකොට කාගෙද අර තුන්වෙනි මල සිරුර?
ඒ වෙන කාගෙවත් නෙවෙයි සිලම්බරසන්ගෙ මල සිරුර. තමන් කරපු දේවල් දන්න තමන්ට වැඩිය විශ්වාස කරන්න බැරි කෙනා සිලම්බරසන් හන්දා සිලම්බරසන් කවද හරි තමන්ව පාවලා දෙයි කියන බයට තමයි මුරුගන් සිලම්බරසන්වත් මරලා දාලා තියෙන්නෙ.
ඉතින් මේ මිනීමැරුම් වෙන්නෙ 2008 උනත් මේව එලිවෙන්නෙ 2012 අවුරුද්දෙදි!