ජීවිතය එක් වරක් හෝ නැවතුණාට පසු යළි අලුත් හුස්මක් එක්ක ජීවිතය ඇරඹීම පහසු නොවන වහ ඉසිනි ට සිතෙයි. සෝමා සකසා තිබූ රාත්‍රී ආහාරය ගැන ඇයට පිරියක් වූයේ නැත. පසුදින යලි සෝමාගෙන් බැණුම් අසන්නට සිදු වන බව දැන දැනම ඕ ඒවා හට්ටි තුලම ඉතිරි කලාය. පැය බාගයක් පමණ උණුසුම් ජලය සහිත නාන කාමරයට වී ජලයේ පෙඟෙමින් උන්නාය. තෙත හිසකේ වියැලෙන්නට නොදී යළි යළි තෙමුවාය. තෙත් හිසකේ ඇය සන්සුන්ව තබන්නේය. එහෙත් ඒ ජලයේ වූ උණුසුම නම් ඉසිනිගේ ගතට දැනුනේ නැති තරම් ය. ඊට වඩා වැඩි උණුසුමකින් ඇගේ හදවත දැවෙමින් තිබුණි.
උණුසුම හැම විටම වද දෙන්නේ නැත. ඇතැම් විට උණුසුම අතිශය ප්‍රහර්ෂණීය ලෙසින් අප තුල ඇවිලෙන්නේය. එහෙත්, එලෙස ඇවිලෙන උණුසුමක ගිලුණු දවස් ඉසිනිට නොතිබුන තරම් ය.
අරුණෝද ඉක්මන් සහ ආත්මාර්තකාමී සැමියෙකු විය. ඔහුට අවැසි කාර්ය නිම වූ පසු ඔහු නාන කාමරය තුළට වැදෙන්නේය. පැය භාගයකට පමණ පසු යළි ඉන් පිටතට එන්නේය. ඉසිනි බොහෝ අවස්තාවල යහන මත උන් පියවරේම සිටින්නේ ඇතිරිල්ලක් පමණක් ගත දවටාගෙනය,
” මොකක්ද ඉසිනි ..බෙඩ් එක රෙඩි කරලා වොශ් දාගෙන එන්නකෝ .. මට උදේ ඩියුටි ..”
එහෙම ඇතැම් දවස් වල අරුණෝද කියන්නේය.
” ඉසිනි … ඔයා එහෙනම් ලෑස්ති වෙලා වැඩට යන්න … නිලීයා රූම් එක අස් කරාවි .. මම මෙහෙමම එහා රූම් එකේ නැප් එකක් දානවා.. අද මට ඩේ ඕෆ් එක …”
ඇතැම් දවස් වල එහෙම කියන්නේය.
සිතෙහි වූ ප්‍රේමාන්විත රැඟුම් පාන්නට අරුණෝදගේ ළය ඉසිනිට ඉඩ දුන්නේම නැත. ඇය ඔහු සිප ගන්නට උත්සාහ කරන ඇතැම් විටෙක අරුණෝද වඩා ආවේගශීලි වෙමින් ඇය සිප ගත්තාය. ඉන් ඇගේ සිප ගැනීමේ මුහුණුවර බිඳී යන බව ඔහු අත්දැකීමෙන්ම අත් පත් කරගෙන උන්නේය.
ඉතින්…, ඉසිනිගේ සිත තුලට ප්‍රහර්ෂණීය උණුසුමක් දැනී තිබුනේම නැතැයි කීමේ වරදක් නැත. එහි හුරු පුරුද්දෙන්ම ඇවිලෙන්නේ ඕ රිදවමින් පුලුස්සන ගිනි වල උණුහුමය.
” වෙන කරන්න දෙයක් නෑ .. අවුරුදු පහක් නිවාඩු දාලා අක්කා ළඟට යනවා.. ඒත් අවුරුදු පහකට පස්සේ ඇවිල්ලා මම මොකක් කරන්නද ?… එතකොටත් මෙහෙටම එන්න වුනොත්, එතකොට මම මොකද කරන්නේ ?.. එතකොටත් ධනුකලා මෙහෙමම කිව්වොත් එතකොට මම මොකද කරන්නේ ?…”
ඉසිනි සැහැල්ලු කමිසයට උඩින් සීතලට අඳින කබායක් දමාගත්තේ අල්මාරිය අවුස්සා දමා එය සොයා ගනිමිනි. ඔ වෙලාව බැලුවාය.
” දහයට කාලයි …”
ඇයම කියා ගත්තේ ඇයට ඇසෙන්නටය. ඉන් පසුව ඕ කලබලයෙන් සූදානම් වූවාය.
” මෙහෙමම පිටත් වුනොත් උදේ වෙද්දී ලොකු පුංචිලාගේ ගෙදරට යන්න පුලුවන් වෙයි … එච්චර වෙලා යන එකකුත් නැ … මෙඩිකල් එකක් දානවා දවස් තුනක් …”
ඕ යතුර මල් පෝච්චියක් අස්සෙන් තැබුවාය. විදුලි පහන් දෙකක් දල්වා තැබුවාය. ගේට්ටුව වසා දමා යළි මෝටර් රියට ගොඩ වූවාය.
” බිනර මල්ලි එක්ක කතා කරලා මොකක්ද කරන්න පුලුවන් මට කියලා තීරණය කරනවා මම … මෙවෙලේ මාව අහගෙන ඉන්න බිනරට පුලුවන් වේවි …”
මනෝ වෛද්‍ය විශේෂඥ වරයෙකු වීම සඳහා අධ්‍යාපනය හදාරන සිය නෑදෑ සොහොයුරාගේ උදව් මින් පෙරද ලබා තිබූ ඉසිනි විශ්වාසවන්තව දැඩිහුස්මක් හෙලුවාය. තමා මොන ලෙසින් හැසිරුනද නුරාන් ඉන් ඔහුගේ දෛනික හුරු පුරුදු දෑ වෙනස් කරගන්න බවට සැක නැත. මේ දින දෙක තුනට ඔහු වෙනස් වී ඇති බව ධනුකද පවසන්නේය. ඒ වෙනස ඔහුටද, ධනුකලාටද,ගමටද ගෙන එන්නේ නපුරක් බවටද ඉසිනිට සැක නැත.
” ඔයා තාම මට ආදරේ කරනවාද නුරාන් ?…”
ඉසිනි දෙතොල් අග්ගිසෙන් හඬ පිටවන්නට දුන්නාය. ඇගේ ඇස් වලින් පිටවූයේ හදවත තුළ ඇවිලෙමින් තිබූ ගින්නේ උණුසුමය. කෙතරම් යටපත් කරගන්නට උත්සාහ කලා වුවද, දියෙහි දැමූ රබර් බෝලයක් උඩ මතු වන්නාක් මෙන් ඒ සිතුවිල්ල යලි යලි උඩ නැඟුනේය. යළි යළි ඇයට අතීතය හාරා අවුස්සන්නට බල කලේය.
” එපා දෙයියනේ එපා .. එපා…”
ඕ තමා හා සම්ඟම කියවා ගත්තාය. එහෙත් ඇයට නැවතෙන්නට හිත ඉඩක් දුන්නේ නැත.
” මිනිහෙක් තමන්ව දාලා ගියපු ගෑණියෙක්ට ආයෙම කිසිම දෙවෙනි අවස්තාවක් දෙන්න ඕනි නෑ නුරාන් .. දෙන්න ඕනි නෑ … සිතුවිල්ලකින්වත් එහෙම එපා .. අනෙක් ඔක්කොම කාරණා පැත්තකට දැම්මත්, මං ඔයාව දාලා ගියේ ඔයාට කතා කරන්නවත් ඉඩක් නොදී … අම්මයි, තාත්තයි,අක්කායි ඔයාව මට ගැලපෙන්නේ නැති වෙන්න, ඔයාව අපේ පවුලට ගැලපෙන්නේ නැති වෙන්න හේතු මහ ගොඩක් මට කියද්දී මට වෙනස් වෙන්න හිතුනේ නෑ නුරාන් ..
මම අම්මලා එක්ක රණ්ඩු කලේම, අපි දෙන්නාට එකට එකතු වෙලා ගොඩනැගෙන්න පුලුවන් බව අඟවන්න … ඒත්, අම්මලා මාවත් එක්කගෙන ඔයාලාගේ අම්මලා උන්න ගෙදරට ගියාම මට මුකුත් හිතාගන්න බැරි වුනා නුරාන් .. ඒක ගෙයක් වගේ නොපෙනුන තැනක් … ඒ වගේ තැනක ඔයාලා කොහොම උන්නාද කියලාවත් හිතාගන්න බැරි තැනක් නුරාන් … ඔයා දිග වැකේශන් එකටත් හොස්ටල් උන්නේ ඇයි කියලා මට තේරුනා නුරාන් .. ඉඳලා හරි ගෙදර ගියාට පස්සේ, ඔයා වීඩියෝ කෝල් නොගන්නේ ඇයි කියලා මම තේරුම් ගත්තා… ෆොටෝ එකක් ඉල්ලුවාම සෑහෙන වෙලා යන්නේ ඇයි කියලා මට තේරුණා… ආයේ ගෙදර එනකොට අම්මා අසනීප වුනා.. ඒ අඬලාම .. මගේ ජීවිතේ ඔයාලාගේ පවුලට යා වෙලා විනාශ වෙන්න දෙන්න එපා කියලා එයා තාත්තාට අඬ අඬා කිව්වේ හොස්පිට්ල් ඇඩ්මිට් කරනකොට ..
,මම එව්ලේ අම්මට පොරොන්දු වුනා නුරාන් .. ඒ පොරොන්දුව මම කැඩුවේ නෑ .. මම හොඳ දුවෙක් වුනා ..
ඒත් නුරාන් … දවසක් ගානේ, ඔයාට වුන හැම පොරොන්දුවක්ම මම කැඩුවා නුරාන් .. මට ආයෙම ඔයා කිසිම ඉඩක් දෙන්න එපා නුරාන් .”
ඉසිනි එලෙසින් පවසා ගත්තාය.
ඕනෑම සම්බන්ධතාවක් නොකැඩී පවතින්නට නම් දෙදෙනාම ඩු වැඩි ප්රාමාණිකව ඇලීම් සහ දරාගැනීම් තබා ගත යුතුය. නුරාන් ඕනෑම දෙයක් වෙනුවෙන් සූදානම් බව පවසද්දී පවා, තමා ඔහු අතැර දැම්මේය. ඔහුගේ ජීවිතය වඩා අඳුරකට ඇඳ දැම්මේය. කිසිවක් යලි සකසා ගන්නට ඉඩ නොදීම නික්මුනේය. ඉතින්, දැන් නුරාන්ගෙන් කුමක් ඉල්ලන්නද
ReplyForwardAdd reaction |