(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
මායා හිටියේ පුදුම තරහකින්. එච්චර ලස්සන හොටෙල් එකක, හරිම සනීප හුලඟක හමන ගඟක් ඉස්සරහ තිබුන හොටෙල් එකක එලියෙ ඉන්න, ඇඟ හොඳටම රිලැක්ස් වෙලා ඉන්න වෙලාවක තමන්ට එච්චර තරහ ගන්න හේතුවක් නෑ කියන එක මායා දැනගෙන හිටියෙ නෑ නෙවෙයි. ඒ උනාට තමන්ට තරහා ගිහින් තියෙන්නෙ ඇයි කියන එක මායා දන්නවා.
“ප්‍රසාද්ට ලැජ්ජ නෑ අරකි එක්ක කතා කරන්න” කියලා හිත කියද්දි මායාට ඕන උනේ එතනට ගිහිල්ලා අතේ තියෙන බීම වීදුරුව ප්‍රසාද්ගෙ හරි අර ගෑණිගෙ හරි මූණට ගහන්න. තමන්ගෙ හිතට එන මේ තරහ ඒ තරම් ලෙවල් එකකට වුණත් යන්න පුලුවන් කියල දන්න හන්දා තමයි මායා බාගයක්ම ඉතුරු බීම වීදුරුව එතන තියලා කඩං බිඳගෙන වගේ හොටෙල් එකේ කාර් පාක් එක දිහාවට ගියේ.
අවාසනාවට හරි වාසනාවට හරි මායා විනාඩි කීපයක් තමන් දිහා බලාගෙන ඉඳලා කඩාගෙන කාර් පාක් එකට යනවා ප්‍රසාද් දැක්ක. හස්බන්ඩ් කෙනෙක් විදියට ඉතින් නෝනට තරහ ගිය වෙලාවක එහෙම ගසල බසලා දාලා යද්දි ඒ පිටිපස්සෙන් නොයා බැරි හන්දා ගියා මිසක දැන් ඔතනට ගියාම මායාගෙන් හොඳට අහගන්න වෙනවා කියන එක ප්‍රසාද් නොදන්නවා නෙවෙයි.
හිතපු විදියටම මායා උන්නෙ කාර් එක ලඟ නතරවෙලා පුපුර පුපුර.
“අපි ගෙදර යන්” කියලා මායා එහෙම කිව්වට තමන්ගෙ ඔෆිස් එකේ ෆන්ක්ශන් එකක් බාගෙටවත් ඉවරවෙලා නැතිවෙලාවක තමන්ට එහෙම යන්න බැරි බව ප්‍රසාද් නොදන්නව නොවෙයි.
“දැන් යන්න බෑනෙ මායා, ඔයා හොඳටම දන්නවා මට මෙතනින් එහෙම හිතිච්ච හිතිච්ච විදියට යන්න බෑ කියලා”
“ඔව් මොකද මම නොදන්නෙ? මම දන්නවනෙ මෙතන රෑ වෙනකම් ලගින්න හිතන් ඉන්නෙ ඇයි කියලා. මම දැක්කනෙ අරකි එක්ක කොමල කර කර ඉන්නවා. තමුසෙ මහ ලැජ්ජ නැති මිනිහෙක්” කියල මායා කියද්දි ඔය වචන දහස් වතාවක් විතර අහල තිබුණත් ප්‍රසාද්ට ඇත්තටම මේ වෙලාවෙ තරහා ගියා. තමන් කවදාවත් මායාට අබ ඇටේක තරමෙ වරදක් කරලා නෑ. රවට්ටල නෑ. වෙන කෙල්ලො එක්ක ෆ්ලර්ට් කරල නෑ. එහෙම එකේ තමන්ගෙ ටීම් එකට අලුතෙන් ජොයින් වෙච්ච ලමයෙක් එක්ක වචනයක් දෙකක් කතා කරනවා දැක්ක පලියට මෙහෙම කියන එක හරිද කියල හිතිච්ච හන්දම ප්‍රසාද්ටත් යකා නැග්ගා.
“මොකටද කියන්නකො මම ලැජ්ජ වෙන්න ඕනා? මට කියන්න මම මොකටද ලැජ්ජ වෙන්නෙ මාගේ ටීම් එකට අලුතෙන් ආව ළමයෙක් එක්ක කතා කරන්න? ඔයා මට ඒක කියන්නකො. එතකොට ඔයා ඔයාගෙ ඔෆිස් එකේ කොල්ලො එක්ක කතා කරන එකත් හරිම ලැජ්ජ නැති වැඩක් නේද?”
“ඒ මිනිස්සු මගෙ යාලුවො විතරයි”
“ආහ් එහෙමද? එතකොට මේ දැන් මම කතාකරන්නෙ මගේ හොර ගෑණු එක්කනෙ. හරි හරි. තෑන්ක්ස් මායා මට ඒක තේරුම් කරල දුන්නට. මෙච්චර දවසක් මම මේ දැනගෙන හිටියෙ නෑනෙ ඔයා මම ගැන හිතන් ඉන්නෙ එහෙම කියලා. මෙච්චර දවසක් නම් මම ඔයාව රවට්ටල වෙන ගෑණු එක්ක සෙට් වෙලා නෑ. හැබැයි මම දැන් මේ කතා අහන්නෙ එහෙම නොකරනෙ. නිකන් වරදක් නොකර කතාවක් අහන්න ඕන නෑනෙ. මම එහෙම කරලම කතාව අහගන්නම්කො” කියල ප්‍රසාද් වෙනදට නැති ආවේගෙකින් කතාකරද්දි තමන්ගෙ මේ “ප්‍රසාද් වෙන කෙල්ලො එක්ක කතාකරද්දි බොරුවට ඔලුවට එන ඉරිසියාව” හිතුවෙ නැති පැත්තකට ඇදිලා ගිහින් කියන එක මායාට තේරුණා.
“අයෑම් සොරි” කියල මායා කිව්වට ප්‍රසාද් ගෙ තරහ පොඩ්ඩක්වත් අඩු වුනේ නෑ.
“ඔයා හැමදාම ඔක්කොම කරල අන්තිමේ සොරි කියන එකනෙ මායා කරන්නෙ. කවද්ද කියන්නකො ඔයා තේරුම්ගත්තෙ ඔයා කරන දේ වැරදි කියන එක. මට ඇත්තටම මාර අමාරුයි ඔයා එක්ක ඉන්න. මං සමහරවෙලාවට කල්පනා කරනවා මෙහෙම කසාදයක් අස්සෙ මානසික වද විඳ විඳ මම ඉන්න ඕන ද කියන එක.
ඕක ලෙඩක්. ඔයා කොච්චර පිලිගත්තෙ නැතත්. කරුණාකරලා බෙහෙත් ගන්න යන්. නැත්තම් ඇත්තටම මට ඔයා ගැන ඩිසිශන් එකක් ගන්න වෙනවා”
මේ වගේ සිදුවීම්වලට ඇත්තටම මූණ දුන්න ප්‍රසාද්ලා වගේම මායාලත් අපි අතරෙ ඉන්න පුලුවන්. සමහරවිට ඔයත් මේ වගේම මායා කෙනෙක් වෙන්න පුලුවන්.
ඇත්ත, ඕනම බිරිඳක් තමන්ගෙ හස්බන්ඩ්ට ආදරෙයි. තමන්ගෙ හස්බන්ඩ් තමන්ට විතරයි ආදරේ කරන්න ඕන කියන එක ඕනම බිරිඳක් බලාපොරොත්තු වෙනවා. ඒක ඇත්තක් උනත් “ඔයා වෙන කෙල්ලො එක්ක කතා කරනවට මම ආස නෑ” වගේ සමහර නීති රීති ඇත්ත ජීවිතේදි practical නොවෙන්න ඕන තරම් අවස්තා තියෙනවා.
අද ලෝකෙ හරි දියුණුයි. අපිට එදිනෙදා ජීවිතේ ඇතුලෙදි එකිනෙකා එක්ක communicate කරන්න වෙන අවස්තා ගාණ වැඩියි. විශේශයෙන්ම office environment එකක් ගත්තම පිරිමි කෙනෙක්ට ගෑණු අය එක්කා වගේම ගෑණූ අයට පිරිමි අය එක්ක කතාකරන්න, වැඩකරන්න වෙන එක සුලබයි.
තමන්ට විශ්වාස නම් තමන්ගෙ සැමියා කවදාවත් තමන්ට පොඩ්ඩක්වත් cheat කරන්නෙ නෑ කියන එක අපි ඇත්තටම බයවෙන්න කලබලවෙන්න ඕන නෑ එයා කොච්චර ගෑණු අය එක්ක කතා බහ කරත්, වැඩ කරත්. ඒ ඇත්ත කොච්චර හොඳට දැනගෙන හිටියත් ඒක තේරුම්ගන්න බැරිකම නිසා බොරුවට රණ්ඩුවෙලා වටින මිනිස්සු නැති කරගත්ත බිරින්දෑවරු ඕන තරම් ඉන්න පුලුවන්.
ඉතින් ඔයත් එහෙම කෙනෙක් නම් මොනවද මේ වගේ අවස්තාවක අපි කරන්න ඕනා.
මේ වගේ වෙලාවක කල්පනා කරලා බලන්න ඔයාගේ self-confidence එක අඩුද? එයා ගැන deep trust එකක් තියෙනවද? කියලා. මේ හැමදේම analyze කරලා බලන්න ඕන. කවදාවත් unnecessary, හේතුවක් නැතුව fight කරලා, ඔයාගේ doubts හොඳට check කරගන්නෙ නැතුව, husband එක්ක ප්‍රශ්නයක්, tension එකක් හදාගන්න එපා.
මේ හැඟීම් repeat වෙනවා නම්, කවුන්සලින් යන එක හොඳ choice එකක් වෙන්න පුළුවන්. ඒකෙන් ඔයාටම තේරෙනවා, ඔයාගේ insecurity feelings හෙවත් අවිශ්වාසය කොහෙන්ද එන්නේ, ඒකට solution එක මොකද්ද කියලා. Therapy sessions වලදී, jealousy, overthinking, self-doubt වගේ දේවල් ඔයාට තේරුම්ගන්න වගේම ඒවා overcome කරන්න ලේසි ක්‍රම කියලා දෙනවා. ඔයාගේ emotional balance එක හදාගන්නත් පුළුවන්. එතකොට unnecessary fights, doubts නැතුව, ආදරය සහ විශ්වාසය එක්ක ජීවත් වෙන්න පුළුවන්.
මේ වගේ අවස්තාවකදී ඔබ මානසික උපදේශන සහයක් බලාපොරොත්තු වනවා නම් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ද කරගැනීම සඳහා Smartlady Admin වරියක සම්බන්ද කරගන්න පුලුවන්!