“චූස් චූස් චූස්” ගාලා පාරෙ යන කෙල්ලන්ට විසිල් කරන එක තමයි අනේ ඔය මිනිහගෙ පුරුද්ද. මහ ජරා යකෙක්. ලස්සනට ඇඳගෙන ඇවිල්ල ටියුශන් ක්ලාසස් ලඟයි, ත්‍රිවිල් පාක් ලඟයි හිටගෙන පාරෙ යන ගෑණුන්ට විසිල් කරනවා ඕක. මට නම් වෙලාවට දෙන්න හිතෙනව. ඒ උනාට අපෙ අම්මා කිව්වා සද්ද නැතුව එන්න අපි දන්නෙ නෑනෙ කොයි ජාතියෙ මිනිස්සුද කියලා” කියන ගමන් ටියුශන් ක්ලාස් එකෙන් එලියට ආවෙ ලස්සනට ඇඳගෙන කොණ්ඩෙ ගොතාගත්ත කෙල්ලෙක්.
එයාට එහා පැත්තෙන් ඇවිදගෙන ආව ඩෙනිම් එකක් ඇඳගත්ත තව ගෑණු ළමයෙක් ඒ කතාවට එකතුවුනා.
“මමත් දැකලා තියෙනවා අනේ. ඔය වගේ උන් ඉන්නවා අප්පා හැම තැනම. ගෙවල්වල අම්මල අක්කල නංගිල නැති එවුන් තමා අනේ ඔහොම ඒව කරන්නෙ” කියාගෙනම එතන ත්‍රීවිල් පාක් එක ඉස්සරහින් යද්දිත් “චූස් චූස්” ගාන සද්දෙ ඇහුණට මේ ගෑණු ළමයි දෙන්නා නෙවෙයි හැරිලා බැලුවෙ. ඔය සද්ද දාන්නෙ තමන්ව ඒ පැත්තට හරවගන්න විත්තිය දන්න හන්දම මේ මනුස්සය චූස් චූස් ගෑවට කවුරුවත් මිනිහා ගැන දන්න අය හැරිලා බලන්නෙ නෑ.
මේ විදියට පාර අද්දර ඉඳන් පාරෙ යන කෙල්ලන්ට ගෑණුන්ට විසිල් කරන මනුස්සයා ගෙ නම මිහිර. මිහිරට හරිහමං රස්සාවක් තිබ්බෙ නෑ. නාස්තිකරලා දාන්න ඕන තරම් වෙලාව තිබිච්ච හන්දා මිහිර කලේ ඔය වගේ කෙල්ලො ඉන්න තැන්වලට ගිහිල්ලා කෙල්ලන්ට විසිල් කර කර ඉන්න එක තමයි. සමහර කෙල්ලො හැරෙන්නෙ නෑ. සමහරු නම් හැරිලා බලවලා ඔරවලා, එහෙම නැත්තම් අතේ තියෙන කුඩේ උරුක්කරනවා. ඒක තමයි මිහිරට තියෙන ලොකුම ආතල් එක. ඔය විදියට තමන් විසිල් කරලා හැරිල බලන කෙල්ලො මූණ ඔරවගෙන යද්දි මිහිර හරි හයියෙන් හිනාවෙන්නෙ තමන්ගෙ ආතල් එක ලෝකෙටම පෙන්නන්න වගේ. ඒ වෙලාවට මිහිර වටේට එකතුවෙල ඉන්න අනිත් කොල්ලොත් කවදාවත් මිහිර ඔය කරන වැඩේ නරකයි කියලා නම් කිව්වෙ නෑ. ඒ වෙනුවට උනුත් කලේ මිහිර එක්ක හිනාවෙවී ඉන්න එක.
“උඹට ලැජ්ජ නැද්ද බං පාරෙ යන කෙල්ලන්ට විසිල් කරන්න? උඹටත් සහෝදරියක් ඉන්නවා නේද?” කියලා අම්මා කොච්චර කිව්වත් තමන් කරගෙන යන වනචර වැඩේ නම් නතර කරන්න හිතුවෙ මිහිර නෙවි. අම්මා එහෙම කියද්දිත් මිහිර කිව්වේ “මම අම්මටයි නංගිටයි විසිල් කරේ නෑනෙ. අනික ඉතින් මොකෝ මම හැමදාම ඔහොම විසිල් කරනවද? නෑනෙ. නෑනෙ. ඉඳලා හිටලනෙ කරන්නෙ. ඔය ඉඳලා හිටලා කෙල්ලෙක්ට විසිල් කරා කියලා මොකෝ උන්ට මොකද්ද වෙන්නෙ?” කියලා.
ඉතින් එතනින් එහාට අම්මා මුකුත් කියන්න ගියේ නෑ. කිව්වට වැඩක් නෑ කියල දන්න හන්දා අම්මා කතාව ඉවර කලේ “මං ආයෙ උඹට මුකුත් කියන්නෙ නෑ. හැබැයි මතක තියාගනින් උඹ කවදහරි හොඳ පාඩමක් ඉගෙන ගෙන තමයි නතරවෙන්නෙ” එවෙලෙ හිනාවුනාට අම්මා කිව්ව දේට ඒ හොඳම හොඳ පාඩම හිතුවෙ නැති විදියට තමන්ට ඉගෙන ගන්න ලැබේවි කියලා මිහිර කවදාවත් හිතුවෙ නෑ.
ඔහොම ඉද්දි මිහිරට දවසක් අලුත් රස්සාවකට යන්න චාන්ස් එකක් හම්බුනා. මෙච්චර දවසක් ගෙදරට වෙලා ආතල් එකෙ උන්නු දවස් ටික මගෑරගෙන රස්සාවකට යන්න වෙන එක ගැන මිහිරගෙ හිතේ එච්චර ලොකු කැමැත්තක් නොතිබ්බට මෙහෙම ඉතින් හැමදාම ඉන්න බෑනෙ කියන ලෝක ඇත්ත දන්න හන්දම තමයි මිහිර ඔය රස්සාවට ගියේ. මුලින් මුලින් කම්මැලිකමේ තමයි මිනිහා ගියේ. සතියෙ දවස් පහම වැඩට ගිහිල්ලා සති අන්තෙ දවස්වල පුරුදු විදියට ත්‍රීවිල් පාක් වලයි, ටියුශන් පංති ලඟයි ටැග් ගැහිලා කෙල්ලන්ට විසිල් කරන්න මිහිර මගෑරගත්තෙ නෑ. ඔහොම දවසක් ඉද්දි තමයි ඔෆිස් එකේ ඉතාම වැදගත් මීටින් එකකට ප්‍රසන්ටේශන් එකක් කරන්න මිහිරට චාන්ස් එක ආවෙ. ලොකු බොසුත් එන මේ මීටින් එකේ ප්‍රසන්ටේශන් එකක් කරන්න චාන්ස් එකක් ලැබෙනවා කියන්නෙ “හරියට කලොත් උඹ ගොඩ පුතේ, ප්‍රොමෝශන් එකක් අතේ” කියල ඔෆිස් එකේ යාලුවො කිව්ව හන්දම සති ගාණක් තිස්සෙ මිහිර ඕකට ප්‍රැක්ටිස් වුණා. තමන්ගෙ ඉමීඩියට් බොස් ටත් කලින් මේක ප්‍රසන්ට් කරලා ඇපෲවල් අරගෙන උන්න හන්දා ලොකු බොස්ට මේක පෙන්නල ඇප්‍රිසියේශන් එකක් අරගන්නව කියන එන “නතින්ග්” විදියට තමයි මිහිර හිතුවෙ.
ඔන්න ඒ විදියට තමයි ප්‍රසන්ටේශන් එක තියෙන දවස ආවෙ.
ලස්සනට හොඳට අයන් කරපු කලිසමයි කමිසෙයි ඇඳලා, කණ්ණාඩියක් වගේ දිලිහෙන්න පොලිශ් කරපු සපත්තු දෙක දාගෙන මිහිර ප්‍රසන්ටේශන් එක කරන්න බොස්ලා කට්ටියම වාඩිවෙලා උන්න මේසෙ ඉස්සරහට ගියා. පීපීටි එක ස්ක්‍රීන් එකට දැම්මා. හොඳ හිනාවක් දාලා කතාව කියන්න පටන් ගත්තා.
හරිනම් කියන්න තිබ්බෙ “ගුඩ් මෝනින් හැමෝටම, අද අපි මේ එකතුවෙලා ඉන්නෙ” කියල උනාට මිහිරගෙ කටින් පිටවුණේ විසිල් සද්දයක් විතරයි. මිහිර විතරක් නෙවෙයි ඒ මීටින් එක වෙනුවෙන් බෝඩ් රූම් එකට එක්කහු වෙලා උන්නු හැමෝම වගේ මිහිර දිහා බැලුවෙ මහ අමුතු විදියට. මීට කලින් තමන් විසිල් කරද්දි බලන්නෙ නැතුව උන්න මිනිස්සු හන්දා හිත රිද්දගෙන උන්නට අදනම් මිහිරගෙ හිත පිරෙන්නම කටෙන් විසික් වෙච්ච විසිල් සද්දෙට බෝඩ් රූම් එකේ උන්නු හැමෝම මිහිර දිහා අමුතු විදියට බැලුවා.
“මිහිර ආ යූ ඕකේ?” කියල තමන්ගෙ බොස් අහද්දි “ඉයස් අයෑම් සොරි සර්” කියල මිහිර වතුර ටිකක් බීලා ආයෙම “ගුඩ් මෝනින් හැමෝටම, අද අපි මේ එකතුවෙලා ඉන්නෙ” කියලා කියන්න හැදුවට කටෙන් පිට වුනේ විසිල් සද්දෙ විතරයි. තමන්
ඒක තමයි අවස්තාව එක. ඉන්පස්සෙ ජීවිතේ වැදගත් අවස්තාවල් ගොඩකදිම මිහිරට ඔය වගේ කියාගන්න ඕන කිසිම දෙයක් ඒ විදියට කටෙන් පිටකරගන්න පුලුවන් වුණේ නෑ.
ඔය විදියට ඉද්දි දවසක් මිහිර රෑ ගමනක් ගිහින් බස් නැති හන්දා කලුවරේම පාරෙ ඇවිදගෙන එද්දි හොරු දෙන්නෙක් පැනලා මිහිරට ලොකුවටම ශොට් එක දීලා අතේ තිබ්බ සල්ලි, ෆෝන් එක, කරේ තිබ්බ චේන් එක එහෙම පන්නගන්න බැලුවා. “බේරගන්න බේරගන්න” කියලා කෑගැහුවට මොකෝ මිහිරගෙ කටෙන් පිටවුණේ විසිල් සද්දෙ විතරමයි. හොරු දෙන්නත් මුලින් හිතුවෙ “මෙහෙම අපි ගහද්දි විසිල් ගහන එකෙක්ව දැක්කමයි” කියලා. ඒ වුණාට උන් දෙන්නත් අන්තිමේ මිහිරව හොඳටම සුද්ද කරලා යන ගමන් කිව්ව දේ තමයි “පිස්සෙක්නෙ බං, සමහර විට ඌ බලන් ඉන්න ඇත්තෙ කවුරුහරි ඇවිල්ල ඌව සුද්ද කරන කම් වෙන්නැති. සමහරුන්ට බං කියාගන්න බැරි ප්‍රශ්න තියෙනවනෙ” කියලා
ඔය වගේ විශේෂ අවස්තාවකදි ඇරෙන්න වෙන අනිත් හැම වෙලාවකම සාමාන්‍ය විදියට කතාකරගන්න පුලුවන්කම මිහිරට තිබ්බා. මිහිරටත් ඇත්තටම හිතාගන්න බැරුව උන්නෙ මොකද්ද මේ විටෙන් විටේ තමන්ගෙ කටෙන් විසිල් සද්දයක් පිටවෙන ලෙඩේ කියලා. දොස්තර කෙනෙක් ලඟට ගිහින් කිව්ව වුණත් ඒ දොස්තර කිව්වෙත් “ඉඳලා හිටල වෙන දෙයක් කියන්නෙ සමහරවිට ඔයා ගොඩක්ම තිගැස්සෙන, කලබල වෙන අවස්තාවක ඔයාගෙ මොලේ රියැක්ට් කරන මොකක් හරි විදියක් නිසා ඔයාගෙ කටෙන් වචන වෙනුවට විසිල් සද්දයක් පිටවෙනවා වෙන්නැති” කියලා. “මං වගේ ජෙනරල් ඩොක්ටර් කෙනෙක්ව නෙවෙයි ඔයා කෝකටත් සයිකොලොජිස්ට් කෙනෙක්ව හම්බෙන්න” කියල කිව්වට මිහිර ආස උනේ නෑ ඒ වගේ දොස්තරල ලඟට ගිහිල්ල තමන්ව පිස්සෙක් විදියට වර්ග කරන්න. ඉන්පස්සෙ කාලයක් යනකම් ඔය විසිල් සීන් එක ආවෙම නැති තරම. මොකක් හරි වෙලා ආයෙ තමන් උන්නු තත්ත්වෙට ඇවිත් කියන එක මිහිරට හිතුනෙ මිනිහා කැමති කෙල්ලෙක් පස්සෙ ගිහිල්ලා, ඒ කෙල්ලගෙන් කැමැත්ත අහලා, ඒ කෙල්ල එක්ක විනෝද වෙලා, කසාදත් බඳිනකම්ම විසිල් සද්දෙ එලියට ආවෙ නැති හන්දා.
“බඳින්න කලින් මුකුත් කරන්න බෑ” කියල කෙල්ල කිව්ව හන්ද මිහිර හනිමූන් නයිට් එක දවසෙ පුදුම ආශාවෙන් උන්නෙ තමන්ගෙ මනමාලිගෙ ලස්සන දැකගන්න. මනමාලිට කලින් වොශ් දාලා ආව මිහිර මනමාලි එනකම් ඇඳට වෙලා බලන් හිටියා.
තුනී නයිටියක් ඇඳගෙන ආව මනමාලි ලැජ්ජාවෙන් බිම බලාගෙන ඇවිත් ඇඳ උඩ වාඩි උනා. මිහිර ලයිට් එක නිව්වා. පුංචි පුංචි කෙඳිරිලි, සිප ගැනීම් එක්ක වැඩේ දුර දිග ගියා.
“රිදෙනවද?” කියල අහන්න තමයි මිහිරට ඕන උනේ. ඒ උනාට කටෙන් පිටවුණේ විසිල් සද්දයක් විතරයි.
“අනේ මට බෑ තවත් ඒ මිනිහා එක්ක ඉන්න. එකට ඉන්න හැම වෙලාවකම මේ මිනිහා විසිල් කරනව. හරියට අර පාරෙ යන කෙල්ලන්ට විසිල් කරන වනචරයෙක් වගේ. මට නම් තව එක මොහොතක් මේ කසාදෙ ඇතුලෙ ඉන්න බෑ” කියලා අලුත් මනමාලි ගෙදරින් පිටවෙද්දි මිහිරගෙ කටින් පිටවුණේ එකම හඬයි.
හීනි, දුක්බර විසිල් හඬක්!