“ඔයා දන්නෙ නෑ සප්තමියො සමුද්ර මාත් එක්ක මාර ෆිට් කියාගෙන” මාලවී පස්සෙන්දා උදේ චොකලට් කෑලි වගේකුත් උස්සගෙන ගෙදර එද්දි තමයි සප්තමීට තේරුණේ තමන්ට ඊයෙ හම්බුනේ මාලවීලගෙ ගෙදර ඇවිත් ආපහු තමන්ගෙ ගෙදර යන සමුද්ර කෙනෙක්ව කියලා.
“ආහ් ඇයි ඒ එකපාර මිනිහා ඇවිල්ලා තියෙන්නෙ ඉතින්?” කියලා මාලවීගෙන් අහද්දි උනත් සප්තමීට පුලුවන්කමක් තිබ්බෙ නෑ මාලවීගෙ මූණ දිහා කෙලින් බලන්න. මාලවීගෙ මූණ දිහා බලාගෙන ඔය විත්තිය කතා කරන්න ගියොත් තමන්ට ඇඬේවි කියල බයක් හිතේ තිබුනට තමන්ට එහෙම ඇඬෙන්න තියෙන හේතුව මොකද්ද කියන එක නම් ඇත්තටම හිතාගන්න පුලුවන්කමක් සප්තමීට තිබ්බෙ නෑ.
“මටත් ඇත්තටම හිතාගන්න බැරිඋනා අනේ. එයා එකපාරටම ඊයෙ මට මැසේජ් එකක් දාලා කතාකරා මාත් එක්ක ගොඩක් වෙලා. එකපාරම ඇහුවා ඊටපස්සෙ ගෙදර ඇවිල්ලා කට්ටිය එක්ක කතා කරලා යන්නද කියලා මොකද ගැණු ළමේක්ව එහෙම පිරිමි ගොඩක් ඉන්න තැනට ශුටින් එවන්න ගෙවල්වල මිනිස්සු ලොකුවටම කල්පනා කරනවනෙ අරක මේක කියලා. ඉස්සෙල්ල එයා මැසේජ් එකක දාලා ඩිලීට් කරලා තිබ්බ. මං පස්සෙ ඒකට රිප්ලයි කරා. ඉන්පස්සෙ අපි ගොඩක් වෙලා කතා කර කර හිටියා.
උඹ තරහ වෙන්නෙ නැත්තම් දෙයක් කියන්නද?” කියලා මාලවී අහද්දි ඔය කියන්න යන්නෙ මොකක් ගැනද කියලා හිතාගන්න බැරිඋනාට මොකෝ සප්තමී “මං මොකටද අනේ තරහවෙන්නෙ?” කියලා කිව්වෙනම් එච්චර හිතකින් නෙවෙයි. මොක උනත් ස්පතමීගෙ හිත දැනගෙන හිටිය මාලවී ඔය කියන්න යන කතාවෙන් තමන්ගෙ හිත මොකක් උනත් රිදෙන්න හේතුවෙන විත්තිය.
“මං මිනිහගෙන් ඉඳගෙන ඒත් ඇහුවා ඇයි මෙච්චර දැන් මේ මාත් එක්ක මෙහෙම කතා කරන ගමන්, චැට් කරන ගමන්, අපේ ගෙදරත් ආව එකේ වගේම එදා උඹ ආවෙ නැති දවසෙ මාත් එක්ක ශූටින් යන්න මිනිහා ආවනේ. එහෙම එකේ ඇයි මාව තොරගත්තෙ නැත්තෙ කියලා මේ ටෙලිඩ්‍රාමා එකේ මේන් කැරැක්ටර් එක විදියට”
‘ඉතින්?”
“සමුද්ර අයියා කියනවා එයා මාව තෝරගත්තෙ නැත්තෙ මගේ ස්කිල් එක නිසාලු. එයාට හිතුනලු මගේ ඒ ස්කිල් එක මේවගේ ටෙලිඩ්‍රාමා එකකට දීලා නාස්ති කරනවට වඩා වෙන ඊට වඩ අලොකු දේකට යොදවන එක හොඳ්අයි කියලා. එයාගෙ හිතේ මම ගැන තියෙන්නෙ වෙනම ප්ලෑන්ස්ලු” කියලා මාලවී කියාගෙන යද්දි සප්තමිට හිතුනෙම සමුද්ර ඉන්න තැනකට හොයාගෙන ගිහිල්ලා මිනිහගෙ හොම්බ ගැලවෙන්න ශොට් එකක් දෙකක් දීලා එන්න. ඒ උනාට ඕව ඉතින් කරන්න පුලුව්න වැඩ නෙවෙයිනෙ කියලා දන්න හන්දම තමයි සප්තමී මාලවී එක්ක විහිලුවෙන් වගේ දිගටම කතා කරේ.
“මිනිහා ඔයාව කසාදවත් බඳ්ඉන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ?” කියලා සප්තමී හිනාවෙවී කියද්දි මාලවී සමුද්ර අරගෙන ආව හදවත් හැඩේ චොකලට් කෑල්ලක් සප්තමී දිහාවට දික්කරා. “කන්න, සමුද්ර අයියා අනේ අරගෙන ආව. මම කාලා නෑ ඔච්චර රස චොකලට් එකක් මෙච්චර කාලෙකට. රට චොක්ලට් වලටත් වඩා රහයි නේද?” කියලා මාලවී කියද්දි තමයි සප්තමී ඒ චොකලට් කෑල්ල හදවතේ හැඩේ එකක් විත්තිය දැක්කෙ. කොල්ලෙක් ඉතින් කෙල්ලෙක්ට හදවතේ හැඩේ චොකලට් එකක් අරන් දෙනවා කියන්නෙම ඒක් පිටිපස්සෙ වෙනම කතාවක් තියෙනවනෙ කියන එක තේරුම්ගන්න ඉතින් ඩිග්‍රියක් තියෙන්න ඕන නෑනෙ.
“ඔය චොකලට් අරව මේව ගෙනල්ල දුන්නට ඒ උනාට කන්න එපා. කවුද දන්නෙ ඕවට ඉනා බෙහෙතක්වත් දාලාද කියලා” සප්තමී කියද්දි නම් මාලවී මහ අමුතු තාලෙට තමා සප්තමී දිහාව බැලුවෙ.
“උඹ ඇයි එහෙම කිව්වෙ?”
“නෑ ඉතින් පිරිමි බලාගෙන ඉන්නෙ ඔය ලස්සන කෙල්ලන්ව අල්ලගන්නනෙ”
“අනෙ ඉතින්මොකද අනේ. සමුද්ර මාකලන්ද වගේ මනුස්සයෙක්ව අල්ලගන්න පුලුවන් නම් කොච්චර හොඳද බං? ගොඩනෙ. මං විතරක් නෙවෙයි පවුලටම ගොඩයන්න පුලුවන් චාන්ස් එකක්නෙ. අනික බං හරිනම් ඉනා දීලා අල්ලගන්න ඕන මමයි සමුද්රව. සමුද්ර මොකටද බං මට ඉනා දෙන්නෙ? මිනිහා ඇහුවොත් අනේ මම නම් පැනලා හා කියනවා”
“ඒ උනාට උබ අහලා ඇතිනෙ ඔය මේ ටෙලි ඩ්‍රාමා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ මිනිස්සු එච්චර හොඳ නෑ කියන එක. අපි මිනිහගෙ ටෙලියක රඟපාන හන්දා මිනිහා හිතාගෙන ඉන්නවද දන්නෙ නෑනෙ ඕන ඕනවෙලාවට අල්ලගන්න පුලුවන් කියල. දන්නවනෙ අද කාලෙ නිලියො නලුවො ගැන අහන්න වෙන කතන්දර. නිකන් මොකටද මේ ලෙඩ දාගන්නෙ?” කියලා සප්තමී කියද්දි නම් මාලවී හිතුවෙම “මට හරියනවට මේකිට තියන ඉරිසියාවටද මන්ද ඔහොම කියන්නෙ?” කියලා.
“ඒකෙන් මේකෙන් කමක් නෑ, සමුද්ර අයියට කියල මට පුලුවන් බං ඉස්සරහට මේ ටෙලිය ඉවර වුණයින් පස්සෙ උඹටයි මටයි දෙන්නටම මේ ෆීල්ඩ් එකේ ඉන්න විදියට වැඩ හදාගන්න. කොහොමත් ඉස්සරහට එයා මාවත් එකතු කරගනීවි මම හිතන්නෙ එයාගෙ වැඩවලට. මං ඉතින් කොහොමවත් උඹව අමතක කරලා දාන්නෙ නෑනෙ” කියාගෙන මාවෛඉ කාමරෙන් එලියට යද්දි සප්තමී කලේ ඇඳ්අ උඩ ඉඳගෙන කල්පනා කරන එක. සමුද්ර මාලවීව හම්බුවෙන්න ආවෙ ඇත්තටම මාලවී ගැන හිතේ අදහසක් තියෙන හින්දද කියල හිතෙද්දි සමුද්ර තමන්ට එක එක ඒවා කියෙද්දිවත් රිදුනෙ නැති ලෙවල් එකට හිත රිදුණෙ ඇයි කියලා සප්තමී ඒත් හිතුවා. ඒ උනාට ඉතින් අපි හිතන හිතන ඒවට ඒ වෙලාවෙම උත්තර හම්බුවෙනව කියලද?
ඔය ඔක්කොම අස්සෙ එදා රෑ බඩ රිදෙන්න අරගෙන ගොර ගොර ගොර ගගා සද්ද දහා වොශ් රූම් යන හැමවෙලාවකම සමුද්රට මතක් උනේ සප්තමීගේ මූණෙ තමන්ගෙ බඩේ සද්දෙ ඇහිච්ච වෙලේ ගෑවිච්ච බුවෑක්කා ලුක් එක ගැන කල්පනා කර කර. වොද් රූම් එකට යන වාරයක් වාරයක් පාසා. කොමෝඩ් එකට වෙලා බඩ අල්ලගෙන දුක් විඳ්න විඳ්ඉන වාරයක් වාරයක් පාසා සමුද්රට හිතුනෙ තමන් මෙහෙම වොශ් රූම් එකේ ගොනෙක් වගේ ඉද්දි සප්තමි නිකන් ඉස්සරහ හිටගෙන තමන්ට හිනාවෙනවා ඇති කියලා.
සුමල්කාරයා කතා කරේ අන්න ඒ වෙලාවෙ.
“බොසා, මොකෝ උනේ? කෙල්ල සෙට් ද?” කියලා සුමල් අහද්දි ෆෝන් එකෙන් අත දාලා සුමල්ගෙ බෙල්ල මිරිකන තරමක තරහක හිටියත් ඉතින් එහෙම කරන්න බෑනෙ.
“උනේද? උනේ මගේ පස්ස පැත්ත අඬන්න පටන් ගත්ත එක”
“ඒ කිව්වේ? සප්තමී බැන්නද?”
“බැන්න්ද? බැන්නෙ නෑ යකෝ. බනින්න තියා මං ඒකිව ඇහැටවත් දැක්කෙ නෑ” කියල සමුද්ර කියද්දි මේ කියන්නෙ මොකද්ද කියන එක හිතාගන්න සුමල්ට ඇත්තටම බැරි උනා. හැබැයි සමුද්රගෙන් ඔක්කොම විස්තරේ අහගත්තට පස්සෙ නම් සුමල් ඇත්‍තටම උන්නෙ හිනාව නතරකරගන්න බැරුව.
“අඩෝ සුපිරි ආතල් එකක්නෙ උඹට සෙට් වෙලා තියෙන්නෙ. උඹ දැන් ඔය වොශ් රූම් එකේ ඉඳන්ද කතාකරන්නෙ?” කියල සුමල් කොචෝක් එක දාද්දි සමුද්ර ආයෙම වතාවක් සුමල්ට බැනගෙන බැනගෙන ගියා.
“උඹ මේ ඒකිගෙ නම්බරේ කියලා අර පිස්සු හෝන්තුවගෙ නම්බරේ දීලා බලපන් යකෝ මට වෙච්ච දේ. ඔක්කොම හරි, මට කාපු බීපුව ඔක්කොම කමක් නෑ කියමු එද්දි අරකිගෙ මූණටම සෙට් වෙච්ච එක. අනික බං දැන් හිතපංකො අරකි ගිහින් සප්තමීට මම මෙහෙම චොකලට් උස්සගෙන ආව කියල කිව්වොතින් ඒකි මං ගැන මොනවා හිතාවිද කියලා? මං කොහොමද බං දැන් ආයෙ ඒකිගෙන්වත් එහෙම දෙයක් අහන්නෙ? වනචර යකෙක් කියලා හිතාවි මම” කියල සමුද්රයා අඬද්දි නම් සුමල්ටත් ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නෑ මේකට මොකද්ද කරන්න පුලුවන් කියලා.
“මිනිස්සුන්ට වැරදෙන බව අහල තිබ්බට මෙච්චර ලෙවල් එකකින් නම් වැරදෙන විත්තිය මම අහල තිබ්බෙ නැ. උඹ කියන එක ඇත්ත මාලවී ගිහිල්ලා අනිවා ඕක සප්තමීගෙ කනේ තියෙනව. අනික චොකලට් අරන් ගියා කියන්නෙ පුතේ වැඩේ තව දෙල්. හැබැයි මෙහෙමයි. අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුලුවන්”
“නැ නෑ නෑ අනේ උඹේ ලව් ස්ක්‍රිප්ට් මට තව එපා. මං බලන්නම්කො මොකද්ද කරගන්න පුලුවන් කියල. උඹේ ස්ක්‍රිප්ට් හින්දා අන්තිමේ පස්සෙන් ගින්දර පිටවෙන්න ගත්තෙ මගේනෙ.” කියලා බැනල බැනල සමුද්ර ෆෝන් එක තියද්දිත් සුමල් නම් උන්නෙ හිනාව නතරකරගන්න විදියක් නැතුව.