පැහැසරා මඟ හැරිය යුතු නිසාම නුරාන් ඇය පිටව යන තුරුම ව්‍යාජ නින්දක් මවාගෙන උන්නේය. එලෙස නොවන්නට ගෙවුණු රැය පිළිබඳව ඇයට මුසාවන් රැසක් පැවසීමට සිදුවේ. ධනුක සමඟ කෝප ගත්තාට, පැහැසරා සමඟ කෝප ගැනීම නුරාන්ට කල හැකි නොවේ. ඇය ගැන නුරාන්ට දැනෙන හැඟීම අප්‍රමාන මවුවත් කමකි. දෙවෙනි අම්මා යැයි කියන්නට නොහැක. විටෙක අම්මා තරම්මය.
විශාදය සහ මානසික ආතතිය ගැන අම්මාට කිසිවක් වැටහුනේ නැත. එහෙත් පැහැසරා ඒ සියල්ල වටහා ගත්තාය. ධනුකටද සියල්ල පැහැදිලි කලාය. ඉන් නොනැවතී තමාට යලි ජීවත් වන්නට තරමේ වන ඉලක්ක පෙන්වා දුන්නාය. ජීවිතය අනු අත් හැරෙන දේවල් වලට පසු සන්තකයේ ඉතිරි වන දේවල් සමඟ ඉදිරිය සැලසුම් කිරීම වගද පෙන්වා දුන්නාය.
ඒ නිසාම, පැහැසරා ට ඉහලින් කියවන්නට නුරාන්ට තවම හිතක් නැත.
පැහැසරා නුරාන්ගේ උදෑසන ආහාරය කෑම කාමරයේ වූ මේසය මත තබා තිබුණි. ඔහු ඉන් අඩක් ආහාරයට ගෙන ඉතිරි කිරිබත් පංගුව කුරුළු ලෑල්ලට හැලුවේය. ඉන් පසුව සූදානම් වී කර්මාන්තශාලාව වෙත ගියේය.
ඒ යනවිටත් කපිල එහි පැමින හිඳීම නිසා නුරාන් නොසන්සුන් වූයේය. ඉසිනි අමතක කර තත්පරයක්වත් ගෙවන්නට බැරි අරුමය කරුමයක් වන්නේ මෙලෙසින් යැයි සිතන්නටවත් ඔහුට සිතෙන්නේ නැත.
” සර් .. අර මිස්ගේ කාර් එක හරි .. මං එපාම කියද්දී පේමන්ට් එකකුත් කලා …”
” හරි කපිල .. ඒකට කමක් නෑ .. ඒක බිස්නස් එකක් තමා …”
කපිල නුරාන් දෙස විමසිලිමත් බැල්මක් හෙලුවේය. එහි වූයේ නුරාන් පවසන දෙය විශ්වාස කරන්නට සූදානම් නොවන කතාවය. එහෙත් නුරාන් කපිලට තව දුරටත් තමා කියවන්නට ඉඩ නොදී කාර්‍යාලය තුලට රිංගා ගත්තේය. අසුනේ හිඳගෙන දවස වෙනුවෙන් නියමිත වැඩ මොනවාදැයි බලන්නට සූදානම් වූයේය. එහෙත් සිත තුළ වූයේ යම් නොරිස්සුමක් මුසු හිස් බවකි. ඉසිනි එතරම් ධෛර්‍යමත් ලෙසින් තමා මඟ හරින්නේය යන හැඟීම ඒ නොරිස්සුමත්, හිස් කමත් පසුපස දැවටී ඇති වග නුරාන් වටහා ගත්තේය.
වත්සලා ට ඇමතුමක් ලබා දුන් නුරාන් තමා මුන ගැසෙන ලෙස කීවේය. ඇය පැමිණෙන තෙක් ලැප්ටොප් පරිඝණකයේ අදාල ගොනුව සෙව්වේය.
” සර් … ගුඩ් මෝර්නින් …”
වත්සලා නුරාන්ට සිතා ගැනීමට නොහැකි තරමේ වේගයකින් ඔහු වෙත විත් උන්නාය. නුරාන් ඇය වෙත පෑවේ සතුටු සිනහවකි. වත්සලා ඉන් පිපුණාය.
” මෝර්නින් වත්සලා … සිට් …”
” සර් අද පරක්කු වෙලා …”
වත්සලා අසුනේ හිඳගෙන ලිපි ගොනුව සහ කුඩා සටහන් පොත මේසය මත තබන අතරේ කීවේ, ඒ ප්‍රමාදයට හේතුවද දැන ගැනීමට රිසිය යන බවද සඟවා තබමිනි. එහෙත් නුරාන් එය ගණනකට නොගෙන පිළිතුරු දුන්නේය.
” මගේ පඩියෙන් කපන්න පරක්කු වුනාට …”
වත්සලා එය තමා වෙත කල සුවිශේෂී විහිලුවක් සේ ගෙන මඳක් කෝල හැසිරීමක්ද පෑවාය. එහෙත් නුරාන්ට ඒ කිසිවක් වැටහුනේ නැත.
” අපි ඊළඟ පොට් දහදාහ ලබන මාසේ අගට ටාර්ගට් කරන්න ඉන්නේ වත්සලා … ඔයා කවදාටද මට බජට් එක රිලීස් කරලා දෙන්නේ …”
” අපි ෆුල් පේමන්ට් කරලා ද සර් පර්චේස් කරන්නේ ?..”
” ඔව් .. කෑශ්ම යමූ … මෙවෙලේ ඒක පහසුයි …”
” රබර් ලී කුඩු එකෙන් ද යන්නේ සර් ??..”
” ඔව් . අපි එහෙට මැශින් එක අරගෙන ගිහින්, එහෙන් කුඩු ටික හදාගෙන මෙහෙ පටවන එකද වඩා සුදුසු කියල පොඩ්ඩක් ඇස්ටිමේට් කරලා බලන්න … ගිය පාර මට හිතෙන්නේ පොඩි ලොස් එකක් ගියා …”
” ඔව් සර් … එහෙන් කපලා මෙහෙට ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්කම ටෙන්ඩර් එක දාගන්න බලමු …”
” කෝකටත් මට එස්ටිමේට් දෙක ගේන්න හවසට ..”
:” හරි සර් ….”
” ගාල්ලේයි, මාතරයි ෆාර්ම් දෙකට ඕර්ඩර්ස් කන්ෆර්ම් කරලා ඩිපොසිට් කරන්න … මාතර තෙලිජ්ජවිල ෆාර්ම් එකේ ඇබලෝනි එක සුපර්බ් … “
” සර් කොන්ටිටි එක ?…”
වත්සලා සටහන් පොතේ යම් දෑ සටහන් කරගනිමින් ඇසුවාය.
” ඒ ටික විරාජ් එක්ක කතා කරලා මම එවන්නම් හාල්ෆ් ඇන්ඩ් අවර් වගේ …”
” හරි සර් ශුවර් …”
” අනෙක් බඩු වලට ටෙන්ඩර් දාන්න ඕනි නෑ .. කතා කරලා මිල ගනන් බලලා ගමු .. මෙවෙලේ ගොඩක් ඩිලේ වෙන්න බෑ …”
” හරි සර් ..පොලිතින් ඕර්ඩර් එක නම් ප්ලේස් කරලා තියෙන්නේ සර් …”
” ඒකට කෑශ් චෙක් එක අද දෙන්න පුලුවන්ද ?..”
” දෙන්නම් සර් …”
” හරි .. නියමයි …. එහෙනම් එහෙම කරමු … අද දවසින් ඩොකියුමන්ට් වැඩ ටික ඉවර කරගන්න බලමුද එහෙනම් …”
“අනිවාර්‍යෙන් සර් .. අපි ඒ ටික සෙට්ල් කරන්නම් …”
” හරි …”
වත්සලා පිටුපා යද්දී නුරාන් යළි ඇය නවතාගත්තේය.
” වත්සලා ඇයි අම්මාව ගෙවල් වල වැඩකාරකමට යවන්නේ ?..”
විමසන්නට අවශ්‍ය වූ දෙය ගිලගෙන නුරාන් වඩා දැඩි ස්වරයකින් එලෙස විමසුවේය. වත්සලාගේ මුහුණ වෙනස්ව යනු දුටුවත් නුරාන් ගනනක් නැතිවා සේ උන්නේය. වත්සලා විත් මේසය අසල හිට ගත්තේය.
” අම්මා අහන්නේ නෑ සර් … මං කොච්චරවත් රණ්ඩු කරනවා.. මම කියන්නේ ඒ මිස්ට උදව්වවට ඒමටම කෙනෙක් ඕනි නම්, අපේ ගමේ එහෙම දේකට කෙනෙක් හොයාගන්න ප්‍රශ්නයක් නෑනේ සර් .. ඒත් අම්මා කියන්නේ අම්ම ඒ යන්නේ වැඩකාරකමකට නෙවෙයිලූ .. ඒ මිස් අම්මට සලකන්නේ නෑයෙකුට වගේ කියන්නේ … එදා අම්මාව මහ වැස්සේ ටවුමේ දාලා නෑවිත්, තෙත බරියන් රෙදි එක්ක අර කාර් එකට නග්ගගත්ත රත්තරන් හිතක් බලාගන්නවා කිය කියා යන්නේ ඔය…”
නුරාන් වත්සලා පවසන වචනයක් ගානේ අසා උන්නේය.
” ඇත්තමයි .. මට ගිහින් ඒ මිස්ට මේ ගැන කියන්න හිතෙනවා කොච්චරවත් .. ඒත් මටම තේරෙන්නේ නැති හැඟීමක් මාව ආයෙම පස්සට අදිනවා සර් .. ඒක හරි අමුතුයි .. ඇරත්, ඒ මිස් අපේ අම්මා ගැනත් හරියට හිතනවා.. පහුගිය දවසක අම්මාගේ නමට පොතක් ඕපන් කරවලා බලෙන්ම ඒකට සල්ලි වගයක් දාලා දීලා තිබුණා .. හැම මාසෙම එහෙම ගානක් දානවා කිව්වලු පඩියට අමතරව.. ඒ ගාන ඉතුරු වෙන නිසා ආයෙම පඩියෙන් ඉතුරු කරන්න නොයා කාලා, බෙහෙත් එහෙම අරගෙන ඉන්න කියලා… ඔන්න ඔය මායම් වලටද කොහෙද අපේ අම්මා අහු වෙලා ඉන්නේ සර් ..”
වත්සලා කතාව අවසන් කලාය. නුරාන් ඇගේ වචන ඔස්සේ සිතුවිලි ගලා යන්නට ඉඩ දී යලි නැවතුනේය.
” අම්මා කියන කතාවෙත් ඇත්තක් ඇති .. ඔය කියන විදියට අම්මාට එහෙ කරන්න ලොකු දෙයක් නෑනේ …”
” අනේ නෑ සර් .. රෑට උයලා ගෙවල් අස් කරන එකනේ කරන්නේ.. ගෙවල් අස් කරන්න නම් ඒ මිසුත් එනවලූ ..උයන්න කුස්සිය පැත්ත පලාතේ එන්නේ නම් නැලු …”
නුරාන් සැනින් අතීතකාමයේ සිර විය.
” ඇත්තමයි නුරාන්, ඔයාට උයලා මට කවන වැඩේ කරන්න පුලුවන් නේද හැමදාම මෙහෙම ?..”
දිනක් රාත්‍රීයේ ඉසිනි අසනීපව උන් නිසා බත් , පොල්සම්බෝල සහ හාල්මැස්සන් බැදුමක් උයාගෙන විත් ගල් බැම්මේ සිට කවද්දී ඉසිනි විමසුවේ නුරාන්ගෙ තවත් ලං වෙමිනි. නුරා ඇයට විරිත්තා සිනාසුනේය.
” පුලුවන් පුලුවන් .. උයලා කවන්නම් ….”
ඇය වෙනස් වී නැතිද ?. ඇගේ වෛද්‍ය සැමියා ඒ සියල්ල දරා ගන්නේද?