මල්සර හී සර – 19

0
2582

සංසාර පාරමිතා ටෙලිඩ්‍රාමා එකේ කොළඹ ශූටින් වෙන දවස්වල මාලවී තමන්ට ශූටින් තියෙන ඒවට සප්තමීව එක්කරගෙන යන්න උත්සහ කරේ නැති හන්දා සප්තමී මුලු සති දෙකම වගේ ගෙවලා දැම්මෙ ගෙදරටම වෙලා. හැබැයි වෙනදා වගේ උයන පිහන වැඩවලට අම්මට උදව් වෙනව වෙනුවට සප්තමිට කාමරේ ඇතුලට වෙලාමයි හිටියෙ.

“රඟපාන එකත් ලේසි වැඩක් නෙවෙයිනෙ, මහන්සි ඇති දරුවට” කියල අම්මයි තාත්තයි දෙන්නට දෙන්නා කියාගත්තට මොකෝ ඇඟට වඩා සප්තමීට අමාරුව දැනුනෙ හිතට.දවස පුරාම පුලු පුලුවන් හැම වෙලාවෙම වගේ සමුද්ර ෆෝන් එකෙන් කතා කරාට මේ හැම කතා බහක්ම මූණට මූණ බලාගෙන දෙන්න එක්ක කතාකරන්න තිබ්බ නම් කොච්චර හොඳද කියලා සප්තමී වගේම සමුද්රත් හිතුවා. ඒත් කරන්න බැරි බවත්, සප්තමී කවමදාකවත් තනියෙන් ගෙදරින් පිට ගිහිල්ල නෑ කියල දන්න හන්දත්, අනික් ඔක්කොටම වඩා මාලවීට අහුවෙන්නෙ නැති විදියට මේ වැඩේ කරන්න බෑ කියල දන්න හන්දත් ෆෝන් එකෙන් කතාකරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් දෙන්නටම තිබ්බෙ බෑ.

“ඔයා හැම තිස්සෙම ගෙදරින් එලියට එන්නෙ අම්මයි තාත්තයි එක්ක විතරද?”

“ඔව්”

“මල්ලි කෙනෙක් ඉන්නවා කිව්ව නේ? එයා එක්ක එලියට එන්නෙ නැද්ද?” 

“මල්ලි තාම ඉස්කෝලෙ යනවනෙ. එයා පොඩින. ඒ නිසා එයා එක්ක කොහෙවත් යන්නෙ නෑ. මොනවහරි අරගන්නවා නම් ඉතින් අම්මා හරි තාත්තා එක්ක හරි තමයි යන්නෙ” 

“ඔය කියන විදියට අපි දෙන්නට නම් කවදාවත් මිට් වෙන්න වෙන්නෙ නෑ. මට ඇත්තටම ඔයාලගෙ ගෙදර එන එක අවුලක් නෑ. එදා ඔයාලගෙ තාත්ත උනත් මාත් එක්ක හොඳට කතා කරානෙ. ඒ උනාට වැරදි නම්බරේකට මැසේජ් කරල මම වැඩේ කාගත්ත හන්ද මට දැන් ඒක කරන්න විදියකුත් නෑනෙ. අනේ මන්දා සප්තමී. මට ඇත්තටම ඔයාව මීට් වෙන්න ඕන. මං ආසයි ඔයාව තව ටිකක් දැනගන්න වගේම ඔයාටත් මං ඇත්තටම මොන වගේ මනුස්සයෙක්ද කියල තේරුම්ගන්න ඉඩක් දෙන්න. කොහෙද ඉතින් මගේ ගොංකම හන්දනෙ මට දැන් මේ මුකුත් කරගන්න විදියක් නැත්තෙ” කියලා සමුද්ර කියද්දි සප්තමීට තිබ්බ ප්‍රශ්නෙත් ඇත්තටම මේ යන විදියට හැමදේම කතාබස් කරගන්න වෙන්නෙ ෆෝන් එකෙන් විතරයි නේද කියන එක.

මේ දෙන්නගෙ කතාව මේ විදියට කෙරීගෙන යද්දි තමයි මාලවී සමුද්රව මිස් වෙච්ච එකේ ආයෙ වතාවක් වසන්තට කිට්ටු වෙන්න පාර කපාගන්න හැදුවෙ. පහුගිය දවස් ටිකේ සමුද්ර නිසා හිත වෙනස් කරගෙන උන්න එකෙන් වසන්ත එක්ක වෙනද වගේ කතාකරන්න උනේ නැති හන්දා වසන්ත ඉන්නෙ කොහොමත් තරහෙන් වගේ උනාට තමන්ගෙ වචනෙකින් දෙහෙකින් ආයෙ ඇඹලයව පැණි හැලියට වට්ටගන්න එක එච්චර අමාරු වෙන්නෙ නැති විත්තිය මාලවී ඉතින් දැනගෙන හීට්‍යා.

“ඔයා පහුගිය දවස් ටිකේ හිටියෙ ඉතින් මං කියල කෙනෙක් උන්නද මලාද කියල දන්නෙ නැතුවනෙ” කියලා වසන්ත ඉස්කෝලෙ යන පොඩි කෙල්ලෙක් වගේ මූණ හදාගෙන අමනාපෙ පෙන්නද්දි මාලවී හිත අස්සෙන් මොනව හිතුවත් එලියට නම් ඒ කිසිම දෙයක් පෙන්නුවෙ නෑ. 

“ආහ් මං විතරයි එහෙම හිටියෙ? ඔයා මොකෝ මං කියල කෙනෙක් ඉන්නවද නැද්ද කියල හොයල බැලුවද නෑනේ?”

“ඔයා දන්නවනෙ මට සෙට් එකේ මගෙ කෘ එක ඉන්න තැන ඔයා එක්ක ඉතින් එහෙම මේ දැන් වගේ හුරතල් වෙන්න බැරි විත්තිය. වයසක මිනිහෙක් නිකන් පොඩි කෙල්ලො එක්ක හුරතල් වෙන්න යනවා කියල දකින උන් හිතාවි. ඒ උනාට ඔයාට තිබ්බනෙ වෙනද වගේ ඇවිල්ල කතා කරන්න. මං දැක්ක ඔයා සමුද්රයා එක්ක කතා කර කර ඉන්නවයි උගෙ යාලුව එක්ක කතා කර කර ඉන්නවයි. ඔයාට දැන් ඉතින් අලුත් යාලුවා හම්බු වෙලානෙ. මං වගේ නාකි හමක් ඉතින් වැඩක් නෑ කියලා හිතෙන්න ඇතිනෙ”

“අනේ මට මේ වෙන වැඩ නෑනෙ ඒ යකා මේ මාත් එක්ක වචනයක් දෙයක් කතා කරා කියලා එයාට අහුවෙන්න. ඔයා හිතාගෙන ඉන්නෙ මේ මට අඳ්උනගන්න බෑ කියලද මගෙ පස්සෙන් පැණි හල හල එන මිනිහෙක්ව තේරුම් අරගන්න?”

“ඇයි එහෙම කිව්වෙ සමුද්රයා මොකක් හරි සීන් එකක් දාන්න ආවද ඔයාට?” කියල වසන්තට ලොකුවටම සීන් එක දැනගන්න උවමනා උනේ මෙච්චර දවසක් සමුද්රට වචනයක් කියන්න බැරි උනේ මිනිහගෙ එහෙම කියන්න කිසිම විදියක අඩුපාඩුවක් නැති හන්දනෙ. කොටින්ම මේ ටෙලි නාට්‍යයේ ඩිරෙක්ටර් තමන් වෙලත් තමන්ට ඕන වෙච්ච නිලිය වෙනුවට වෙන නිලියෙක්ව ගන්න උනෙත් සමුද්රයට එච්චර ලොකු පවර් එකක් තිබිච්ච හන්දා වෙච්ච එකේ මේ වගේ කතාවක අලගිය මුලගිය තැන් මාලවීගෙ කටෙන් දැනගන්න එකම සමුද්රට වඩා ස්ටෙප් එකක් ඉස්සරහට යන්න හේතුවෙන විත්තිය වසන්ත දැනගෙන හිටියා.

“නෑ නෑ මිනිහ එහෙම දෙයක් මට කෙලින්ම කිව්වෙ නෑ. ඒ උනාට ඉතින් ඕනවට වඩා ඇඟේ එල්ලීගෙන කතාබහ කරගෙන එද්දි කාට උනත් තේරෙනවනෙ මෙයා මේ එන්නෙ මොකාටද කියලා” 

“පුදුමත් හිතෙනවා හැබැයි. මට මේ ඉන්ඩස්ට්‍රි එකේ කිසිම මනුස්සයෙක්, කොටින්ම සමුද්ර එක්ක වැඩ කරපු කිසිම ඇක්ට්‍රස් කෙනෙක්වත් මිනිහා ගැන මට හොඳක් ඇරෙන්න පොඩිවත් වරදක් කියලා නෑ”

“ඒ නිලියො ඉතින් මේ නිලිය වගේ නෙවෙයිනෙ. අනික ඔයා හිතනවද උන් එහෙම සමුද්රට අහු උනා නම් ඔයාට ඒක කියනව කියල. සමහර විට සමුද්ර අල්ලගන්න ඇත්තෙ ඔයා අල්ලගන්න ජාතියෙ කෙල්ලො නෙවෙයි වෙන්නැති. ඔයාට උනත් දැන් මේ විදියෙ කතාවක් මිනිහ ගැන දැනගන්න හම්බුනේ මං ඔයාවයි එයාවයි දෙන්නවම දැනගෙන හිටිය හන්දනෙ. මමත් ඩීල් කරන්නෙ සමුද්ර එක්ක විතරක් උනානම් ඔයාට මේ වතාවෙත් දැනගන්න වෙන්නෙ නෑ මිනිහා මොන වගේ එක්කෙනෙක්ද” කියල මාලවී ඇහැල්ක් ගහල හිනාවෙද්දි වසන්ත කලේ ඒ හිනාව එක්ක එක්කහු වෙන. හැබැයි ඒ හිනාව අස්සෙ තව කල්පනා කරන්න දාහක් දේවල් වසන්තට තිබ්බා.

මාලවීයි වසන්තයි කොළඹ කරන ශූටින් ශෙඩුල් එකක් අස්සෙ හිරවෙද්දි සප්තමීයි සමුද්රයි හිර වෙලා හිටියෙ ඇත්තටම දෙන්නට දෙන්න හම්බුවෙන්නෙ කොහොමද කියන එක කල්පනා කරන ගමන්.

ඔන්න ඕක ගැන කල්පනා කර කර ඉන්න වෙලාවෙ තමයි සප්තමීගෙ පැත්තෙන් සමුද්‍රට මැසේජ් එකක් ආවේ.

“මම හෙට හවස දියතට එනවා” කියල සප්තමී මැසේජ් එකක් එව්වම සප්තමීව කීයටවත් ගෙදරින් තනියම එවන්නෙ නෑ කියල දන්නවා උනාට සමුද්‍ර ඉතින් ඇහුවා “තනියෙන්ද එන්නෙ?” කියලා.

“නෑ අම්මයි තාත්තෛ දෙන්නම එනවා, අපි දියතට එනව අම්මට ඔය එක එක පොඩි පැල ජාති අරව මේවා ගන්න”

“මං ආවට කමක් නැද්ද?”

“ආවට කමක් නෑ, හැබැයි මං එන්න කිව්ව කියල එන්න එපා, මොකක් හරි වැඩකට ඔයා ආව වගේ එන්න”

“වැඩකට තමයි ඉතින් එන්නෙ”

“මොකද්ද වැඩේ?”

“මට ඉතින් දැන් ඔයාව බලන්න එන්න වෙන්නෙත් නිකන් අපොයින්ට්මන්ට්ස් දාලා වගේ නිසා වැඩක් කියල හිතල තමයි මම මේ එන්නෙ. හරි ඒක නෙවෙයි මම ඇවිල්ල අම්මල තාත්තලව දැකල කතා කරන්න ආවට කමක් නෑ නේද?”

“කමක් නෑ, ඒ උනාට මාත් එක්ක නම් කතාකරන්න එපා හොඳේ”

“ඇයි ඒ? ඔයා එක්ක කතා කරන්න නෙවෙයිනම් මම මොකටද අනේ එන්නෙ? මම එන්නෙම ඔයාව බලන්නනෙ”

“ඒ උනාට එපා. අපේ අම්මල මොනව හරි හිතාවි”

“මොනවද හිතන්නේ? ම්ම්ම්ම්” කියා සමුද්‍ර ඇහුවට ඒකට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලා හිතාගන්න පුලුවන්කමක් සප්තමීට තිබ්බෙ නෑ. අනික හිතෙන ඒවා එහෙමම කියන්න පුලුවන්කමක් තාමත් තමන් සහ සමුද්‍ර අතර නෑ කියන එකත් ඒ අස්සෙම සප්තමී කල්පනා කරා.

“ඇයි මුකුත් කියන්නෙ නැත්තෙ? ම්ම්ම්ම් කියන්නකො ඇයි කිව්වෙ කියලා අම්මල මොනව හරි හිතාවි කියල. මට දැනගන්න ඕන මම ඔයා එක්ක කතාකරොත් ඔයාගෙ අම්මලා මොනවද හිතන්නෙ කියලා” 

“මුකුත් නෑ. මම නිකන් එහෙම දෙයක් කිව්වේ”

“නිකන් නම් නෙවෙයි.. බොරුනෙ ඉතින් කියන්නෙ. හිතේ එකක් තියාගෙන හිතලා හිතලා කටෙන් වෙන දෙයක් තමයි කියන්නෙ. මං අල්ලගන්නම්කො දවසක තනියෙන්. එදාට ඔය මට වචනෙන් බොරු කිව්වට හිත අස්සෙ තියෙන ඇත්ත මම දැනගන්නම්කො”

“අල්ල ගනීවි මගෙ නැට්ට” කියල තමන් කිව්ව දේට කටවහගෙන ඉන්නෙ නැතුව සප්තමී කියද්දි සමුද්‍රගෙ කටෙන් ඇත්තටම හිනාවක් පැන්නා.

“ඔයාට නැට්ටක් තියෙනවද? මං හිතුවෙ මට විතරයි නැට්ටක් තියෙන්නෙ කියලා”

“ඔයාට නැට්ටක් තියෙනවද?”

“ඔව් තියෙනවා”

“හරකෙක් වගේ වෙන්නැති එහෙනම්” කියල සප්තමී කියද්දි සමුද්‍රගෙ හිනා හඬත් ෆෝන් එක දිගේ ඇවිල්ල සප්තමීගේ හිත අස්සෙ හීනියට වගේ තැන්පත් උනේ පොඩ්ඩක් විතර හිතේ වයර් පොට්ටක් ගස්සල පද්දල ඇඟ දිගේ පොඩි කික් එකක් යවලා.

“හරකෙක් කියලා කිව්වනේ මට? ඕක නම් හොඳටම ශුවර් දවස් ගාණක් ප්ලෑන් කරගෙන ඉඳලා කිව්ව දෙයක් තමයි. ඒ උනාට මට තියෙන්නෙ හරකෙක්ට තියෙනව වගේ නැට්ටක් නම් නෙවෙයි”

“ඒ කිව්වේ?”

“හරක් ගෙ…නැට්ට….තියෙන්නෙ… පිටිපස්සෙන්නෙ” කියලා සමුද්‍ර නිකන් ඇදල පැදල කියද්දි උනත් සප්තමීට තේරුනේ නෑ සමුද්‍ර මොකද්ද මේ කියන්න හදන්නෙ කියලා.

“එහෙනම්?”

“මගේ නැට්ට තියෙන්නෙ ඉස්සරහින්” කියල සමුද්‍රගෙ හයියෙන් හිනාවෙන කටහඬ අහගෙනම තමයි සප්තමී ෆෝන් එක කට කරේ. හිනා යන හන්දයි ලැජ්ජාවටයි දෙකටම තමයි සප්තමී ෆෝන් එක පැත්තකට දාලා කොට්ටෙ අස්සෙ මූණ හංගගෙන හිනාව හිරකරගත්තෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here