එදා තමන්ව ඩ්‍රොප් කරලා යද්දි “තේකක් බීල යන් පුතා” කියලා තාත්ත කිව්වට සමුද්‍ර ආවෙ නැත්තෙ මාලවී ඕක දැක්කොත් වෙන කේස් එකක් පත්තු වෙයි කියල තේරුම්ගන්න සප්තමීට බැරිඋනේ නෑ. ඒ උනාට සප්තමීට තිබිච්ච ලොකුම ප්‍රශ්නෙ “තේකක් බොන්න නෙවෙයි අංකල් දවසක කාලම යන්න එන්නම්” කියල සමුද්‍ර කිව්වම “එහෙනම් පුතා ඊලඟ සිකුරාදා රෑ එන්න” කියල තාත්ත කිව්ව එකයි සමුද්‍ර ඒ ආරාධනාව හිනාවෙලා භාරගත්ත එකයි.
“තාත්තා කන්න එන්න කිව්වම මං හිතුවෙ නෑ ඔයා කීයටවත් ඒකට කැමතිවෙයි කියලා” සප්තමී මැසේජ් එකක් සමුද්‍රට යැව්වෙ ඇත්තටම ඒක එයාට ප්‍රශ්නයක් වෙච්ච හන්දා.
“මමත් ඇත්තටම හිතුවා ඒත් පස්සෙ මම එහෙම එනවා කිව්ව එක කේස් එකක් වෙයිද කියලා. ඒ උනාට ආයෙම මං ගෙදර ඇවිල්ලත් හිතුවෙ මං එහෙම කිව්ව එක එකාතකින් හොඳයි කියලා. මොකද කවද වෙනකම් ඕක මාලවීගෙන් හංගගෙන ඉන්නද?කවදා හරි එයා දැනගන්නවනෙ. අනික කවදහරි මට ඔයාලගෙ ගෙදර එන්න වෙනවනෙ නේද?”
“ඒ මොකටද?”
“ඇයි මම ඔයාව ඔයාගෙ අම්මල තාත්තලගෙන් ඉල්ලගන්න ඕන නැද්ද?”
“අම්මල තාත්තලගෙන් ඉල්ල ගන්න කලින් ඉතින් ඔයාමගෙන් අහන්න ඕනනෙ” කියල සප්තමී හුරතල් තාලෙට කියද්දි ලඟ උන්න නම් ඒ හුරතල් කට මිරිකල තොල්, කම්මුල් රතු කරවන්න තිබුණා නේද කියලාත් සමුද්‍ර ඒ කටහඬ ඇහෙද්දි හිතුවා.
“ඔව් මාත් ඒක කල්පනා කරා. ඒ උනාට ඒක ෆෝන් එකෙන් අහන්න මං ආස නෑ සප්තමී. ඒ වගේ දෙයක් අහන්න ඕන පට්ටම රොමෑන්ටික් සෙට් අප් එකක කියල තමයි මං හිතන්නෙ, මං දන්නෙ නෑ ඉතින් මගේ වයසට ඒ වගේ හිතන එක ගොං ද කියල. ඒ උනාට ඔයාගෙ වයසෙ ඉන්න ගොඩක් කෙල්ලො තමන්ට ලැබෙන ඒ වගේ ප්‍රපෝසල් වල ෆොටෝ එහෙම සෝශල් මීඩියා දාලා ලෝකෙටම කියන්න ආස එකේ මම මගේ වයසයි අරව මේවයි හිතලා ඔයාට ඒ චාන්ස් එක නොදී ඉන්න එක වැරදියි කියල මං හිතනවා”
“මං එහෙම හිතන්නෙ නෑ”
“අපි තව දවසක් දෙකක් බලමුකො, හදිසියේ හරි ඇත්තටම අපිට තනියෙන් මීට් වෙන්නම බෑ කියල තේරිච්ච දවසක් ආවොත් මිසක මම ඔයාගෙන් ෆෝන් එකෙන් හරි ඔයාගෙන් ඒ කතාව අහන්නම්කො. එතකන් ඔයා එහෙම දෙයක් අපි දෙන්න අතර නෑ වගේ ඉන්නකො. ඒක නෙවෙයි දැන් මං ඔයාලගෙ ගෙදර ආවම ඔයා මොනවද මට දෙන්නෙ?”
“කන්න තමයි දෙන්නෙ”
“කට ද?” කියල සමුද්‍ර හයියෙන් හිනාවෙද්දි ඒ හිනාවට එකතුවෙන්න හිත කිව්වට සප්තමී නෝක්කාඩුවට වගේ තමයි කිව්වෙ “කට කන්න දෙන්නෙ මොකටද? අම්මා බත් උයාවි කන්න දෙන්න ඔයාට” කියලා.
“ආ අම්මා කන ඒව කන්න බලන් නෙවෙයි මම එන්නෙ. ඔයාට උයන්න පුලුවන්ද කියල බලන්න. උයන්න බැරි කෙනෙක්ව අපේ ගෙදර එක්කරගෙන ගිහිල්ල වැඩක් නෑනෙ ඉතින්”
“ආහ් ඒ කියන්නෙ ඔයා මේ මාව එක්කරගෙන යන්න හදන්නෙ උයන්න දාන්නද?”
“ඔව් ගෑණියෙක් ගන්නෙ ඒකටනෙ. උයන්න රෙදි හෝදන්න, ගේ අස්කරන්න,මට අසනීපයක් හැදුනම ඔලුව පොඩ්ඩක් අතගාන්න වගේ පුලුවන්ද කියල බලන්න ඕනනෙ ගෙනියන්න කලින්”
“අපරාදෙනෙ මාව එක්කරගෙන යන්නෙ ඔය ඔක්කොම කරගන්න ඔයා සර්වන්ට් කෙනෙක්ව ගන්න ඕනනෙ”
“අපෝ බෑ සර්වන්ට් කෙනෙක්ව ගත්තොත් මට පාඩුනෙ”
“මොකද්ද පාඩුව?”
“පඩියක් දෙන්න ඕනනෙ”
“ආ ඒ කියන්නෙ මේ මට පඩි නොදී වැඩ කරගන්න තමා ප්ලෑන් එක නේද? හනේ හනේ. මං හිතුවෙ නෑ ඔයා ඔය වගේ කියලා” සප්තමී කියල හිනාවෙච්ච හන්දා මිසක් සමුද්‍ර නැත්තම් ඇත්තටම හිතන්නෙ සප්තමී තමන් එක්ක තරහයි කියලා .
“ඒක නෙවෙයි මම අහන්නමයි හිටියෙ, එදා අපි දෙන්න කතා කරපු එකයි, මම ඔයාගෙ අතෙන් අල්ලපු එකයි අම්මයි තාත්තයි දැකලා නෑ නේද?”
“දැක්කද දන්නෙ නෑ මට මුකුත් කිව්වෙ නම් නෑ හැබැයි”
“දැක්ක නම් විතරද අම්මල මුකුත් කියන්නෙ? එහෙම නැත්තම් සද්ද නැතුව ඉඳල මම ගෙදර ආවට පස්සෙ දෙන්නටම අල්ලගෙන දොස් තියාවිද?”
“අනේ නෑ එහෙමනම් දෙයක් වෙන්නෙ නෑ. ඔයා බයද එන්න අපේ ගෙදර?”
“මං සාමාන්‍යයෙන් කාටවත් එහෙම බයක් නෑ. බය වෙන්න ඔන වරදක් කරොත් නෙ.ඒ උනාට මේ වතාවෙ පොඩ්ඩක් මට බය හිතුනා මං හින්දා ඔයාට ගෙදරින් ප්‍රශ්නයක් වේද කියල. අනික එදා මතක් කරද්දි මං ඕනවට වඩා ඔයාට ලංවෙලා උන්නු එක ඔයාගෙ අම්මල තාත්තල දැක්ක නම් ඒක ඔයාට ප්‍රශ්නයක් කරදරයක් වේවි කියල”
“ඔයයි මමයි එහෙම ඉන්නවා දැක්ක නම් කලබල වෙන්නෙ ඉතින් අපේ අම්මල නෙවෙයි මාලවී”
“ඒක නම් අනෙ මන්දා ලෝක නඩුවක් නේද? මමත් මේ විහින් පෙරලගත්ත බාල්දියක්නෙ ඒක. මට ඇත්තටම හිතාගන්න බෑ අප්පා ඒකට මොකද කරන්නෙ කියල. මට ගැටලුවක් නෑ ඒ ළමයා මාත් එක්ක මොන විදියෙ තරහක් තියාගත්තත් මට කිසිම බයක් නැ ඔයා එක්ක එලිපිට කතා බස් කරන්න. ඒ උනාට ඔයාලා දෙන්න ඉන්නෙ එක ලඟ ගෙවල දෙකක වෙච්ච එකේ මං හින්දා මාලවී ඔයා එක්ක තරහ බැඳ ගත්තොත් ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයි. අනික කෝ ස්ටාර් කෙනෙක් එක්ක ප්‍රශ්න දාගන්න එක ඔයාට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට යද්දි ලොකු ප්‍රශ්නයක් වෙයි”
“එහෙම වෙන්නෙ මම මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට යන්න හිටියොත්. මං ඇත්තටම ආස නෑ රඟපාන්න. ඔයා එදා අපිව ගෙන්නල මේකට එන්නම කියල කිව්ව මිසක්කා මම එන්නවත් නෙවෙයි හිටියෙ. මාලවී හන්ද නෙවෙයි ඇත්තටම මම ආස උනේ නෑ. මට බයයි ජනප්‍රිය වෙන්න. මම ඉස්සර ඉඳලම ආස නැති දෙයක් තමා මිනිස්සු ඔය මාව දැනගන්න එක. කරදරයිනෙ එහෙම ගොඩක් කට්ටිය අපිව දැනගෙන ඉද්දි ජීවත් වෙන්න. එතකොට අපිට කොච්චර අපි විදියට ඉන්න උවමනා උනත් මිනිස්සු අපි දිහාව බලාගෙන ඉන්නවනෙ කියල හිතල මිනිස්සුන්ගෙන් මුකුත් කතාවක් අහගන්නෙ නැතුව ජීවත් වෙන්නනෙ අපි ට්‍රයි කරන්නෙ. එහෙම ඉන්න එක කරදරයි. ඉන්නෙත් ටික කාලයයි ඒ ටික කාලෙත් නිකන් මොකටද අනිත් අයට ඕන විදියට ඉන්නෙ”
“ඒ කියන්නෙ මේකෙන් පස්සෙ ඔයා ආයෙ රඟපාන්නෙ නැද්ද?”
“නෑ මට එහෙම අදහසක් නෑ. මේ රඟපාන එක එද්දි මං හිටියෙ මොකක් හරි කෝස් එකක් කරන්න යන්න කියලා. කැම්පස් යන්න ලකුණු මදිවෙච්ච හන්දා ප්‍රයිවට් දෙයක් කරන්න කියල හිටියෙ. මේකයි ඒකයි දෙකක පටලව ගත්තොත් එකක්වත් කරන්න වෙන්නෙ නෑනෙ. ඒ හන්දා තමා ඒක අතරමග නතර කලේ. මේකෙන් පස්සෙ මං ඒක කරන්න තමයි ඉන්නෙ”
“හ්ම්ම්, මම කරන ෆිල්ම් එකකට හරි ටෙලි ඩ්‍රාමා එකකට හරි කතා කරොත් එන්නෙත් නැද්ද?”
“ඔයා කතාකරොත් නෑවිත් ඉන්න බැරිකමක් තියෙනම් අනිවාර්යෙන්ම එන්න වෙනවා නේද?”
“බයවෙන්න එපා, මං ඔයා අකමැති කිසිම දෙයක් කරන්න කියල වද දෙන්නෙ නෑ. මං එහෙම කරන්නෙ නෑ ප්‍රොමිස්. මං ඇත්තටම මේකටත් ඔයාට රඟපාන්න එන්න කියල බලකලේ මට ඔයාව බලන්න ඕන හන්දා. අනෙ මන්දා ඕන තරම් ඔඩිශන් අරවා මෙව්වයිද්දි කෙල්ලන්ව දැකල තිබ්බට ඔයාව වගේ මට එයාලව එහෙම මතක තිබ්බෙ නෑ. හරි ඒ කතා දැන් වැඩක් නෑ, දැන් කියන්නකො ඔයා මොනවද මට කන්න දෙන්නෙ මං ගෙදර එන දවසට?”
‘මං දන්නෙ නෑනෙ ඉතින් ඔයා කන්න ආස දේවල්”
“මං මාරම ආසයි සොසේජස් තෙල් දාලා කන්න. ගෙදර ගියාම අපේ අම්ම මට හදල දෙනවා සුදු බතුයි පරිප්පුයි එක්ක සොසේජස් තෙල් දාලා. ලූණු එහෙම ගොඩක් දාල කොච්චි දාලා සැරට හැදුවම මාර රසයි. බයිට් එකටත් හොඳයි” කියල සමුද්ර හිනාවෙද්දි තමයි සප්තමී ඊලඟ ප්‍රශ්නෙ ඇහුවෙ.
“ඔයා බොනවද?”
“බොනවද කියන්නෙ මම එහෙම බේබද්ද වගේ බොන්නෙ නෑ හරිද? ඇත්තමයි. හැබැයි යාලුවො එක්ක ඉඳල හිටල සෙට් උනාම රෑට ඔය ෆිල්ම් එකක් එහෙම බලද්දි පොඩි විස්කි ශොට් එකක් බියර් එකක් වගේ බොනවා. ඔයා අකමැතිද මං බොනවට?”
“මං අකමැති නම් ඔයා බොන එක නතර කරනවද?”
“මම බේබද්ද වගේ බොන්නෙත් නැත්තම්, මං ඔයාට මගේ පණ….ටත් වඩා ආදරේ නම් ඉඳල හිටල පොඩි ශොට් එකක් දාන එක වැරදිද?