බබාලා බලාගන්න Nanny වෙන්නෙ ආච්චියි සීයයිද?

“දැන් ඉතින් කවද්ද ඔයාලා අපිව ආච්චිල සීයලා කරන්නෙ?” කියන එක තමන්ගෙ දරුවො කසාද බැන්දට පස්සෙ ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අහනවනෙ. දරුවො හදන එකටත් වඩා දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ දරුවො හැදුවට පස්සෙ දරුවන්ව කාට බලාගන්න දීලද අපි අපේ වැඩ ටික කරගන්නෙ, රස්සාවට එහෙම යන්නෙ කොහොමද කියන එක?

ඔයාගේ බබාලාට nanny එකක් ඕන වෙලා තියෙනවද? වැඩට යනකොට, දෙන්නාටම වැඩ තියෙද්දී, බබාලාට හොඳ care එකක් ලැබෙන්න ඕනේනෙ. ඒ වෙලාවේ ගොඩක් අම්මලා තාත්තලා හිතනවා, “අපේ අම්ම තාත්ත ඉන්නව නෙ බබාලව බලාගන්න” කියලා.

හැබැයි මේක ඇත්තටම කරන්න හොඳ දෙයක්ද නැද්ද?

සමහර ආච්චිල සීයලා හරිම ආසයි තමන්ගෙ දරුවන්ගෙ දරුවන්ව බලාගන්න. ඒත් සමහර ආච්චිල සීයලා ඒකට අකමැති වෙන්න පුලුවන්. ඒත් අපේ රටේ ගොඩක් අය හිතාගෙන ඉන්නවනෙ මේ “වයසට ගියාට පස්සෙ එයාලට ඉතින් වෙන කරන්න දෙයක් නෑනෙ, එයාලට පුලුවන්නෙ අපේ දරුවන්ව බලාගන්න, nanny කෙනෙක්‍ට ගෙවන ගානත් ඉතුරුනෙ” කියලා. ඒත් මේකේ වැදගත්ම point එක තියෙන්නේ – ඇත්තටම ඔයාගේ අම්මා තාත්තා, බබා බලාගන්න කැමතියිද? ඔවුන් physically & mentally ඒකට ලෑස්සියිද? ඔවුන්ගෙ lifestyle එකට ඒ විදියෙ රාජකාරියක් adjust කරන්න පුළුවන්ද? කියන එක.

කෙටියෙන්ම කියනවා නම්, එයාලගෙ ආදරේ වෙනයි, responsibility එක වෙනයි. බබා බලන එක කියන්නෙ ලේසි පාඩු වැඩක් නෙවෙයි. කොටින්ම කියනවනම් තරුණ වයසෙ ඉන්න ඒ දරුවගෙ අම්මට සහ තාත්තට දරුවව බලාගන්න එක කොච්චර අමාරුද? එහෙම එකේ වයසට ගිය ආච්චිල සීයලා ට එහෙ මෙහෙ දුවන පොඩි එකෙක්ව බලාගන්න එක කොච්චර අමාරු වැඩක් වෙන්න ඕනද? දවසෙම බබා එක්ක ඉන්න එක, කන්න දෙන්න, නිදා ගන්න කියන එක – මේවා හරියටම වෙන්න ඕනේ දේවල්. එතකොට මේ රාජකාරිය කරන කෙනා ඒක හරියට කරන්න කැමති වගේම ඒක කරන්න පුලුවන් කෙනෙක් වෙන්නත් ඕන.

මුල් කාලෙ ඔයාගෙ අම්මා තාත්තා මේ role එක happily accept කරයි. හැබැයි දිගටම ඒක responsibility එකක් විදියට ගන්න එක ඔවුන්ට physically and emotionally බරක් වෙන්න පුළුවන්. ඒකෙන් sometimes misunderstanding, guilt, stress ඇති වෙන්නත් පුළුවන්.

“අම්මයි තාත්තයි nanny කෙනෙක් විදියට ද අපි දාලා තියෙන්නෙ? “එයාලට කියලා නිදහසක් තියෙනවද?” “මේක එයාලට දරන්න පුලුවන් responsibility එකක්ද?” කියලා ඔයා තමයි හිතන්න ඕන. ඒක කියනවා කියලා grandparentsලා ඔයාට කවදාවත් complain කරන්නෙ නෑ. ඒත් ඔවුන්ගෙ body එක, energy එක කියන්නෙ වෙනම කතාවක්.

ඒ නිසා, if you’re choosing your parents as your nanny, ඒක mutual understanding එකක් විදියට කරන්න. ඔවුන්ට නිවැරදි rest, freedom, එක එක වැඩ කරන්න ඉඩ, ඔවුන්ට හරි support එක දෙන්න. ඔයාලට assistant help එකක්, maid support එකක් තියෙනවද කියලාත් බලන්න.

ඉතින්, grandparentsලාගේ ආදරේ කියන්නෙ priceless දෙයක්. ඒ ආදරේ බබාලට අත්විදින්න ලැබෙන එක ලොකු ආශිර්වාදයක්. ඒත් nanny වුණා කියලා ඔවුන්ගෙ entire life එක sacrifice වෙන්න දෙන්න එපා. ඔයාගේ තාත්තලා ආදරේ දෙන grandparents කියන තැන තියාගෙන, nanny විදියට වෙනම කෙනෙක්ව අරගන්න පුලුවන් නම් ඒක ඇත්තටම ඔයාට සහ අම්මල තාත්තල කියන දෙපාර්ශ්වයටම හොඳක් වෙන දෙයක් කියලා කියන්න පුලුවන්.

ඔයාලා තුන්දෙනාටම – ඔයාට, බබාට, ඔයාගේ අම්මට තාත්ත ට – peaceful, loving connection එකක් තියෙන්න ඕනනෙ.

1. අම්මල තාත්තල එක්ක කතාකරන්න – මුලින්ම සරලව ඔයාගේ අම්මා තාත්ත ලා බබාලාව බලාගන්න කැමතිද කියලා ඔවුන්ගෙන් විවෘතව අහන්න. ඔවුන්ගේ true feelings, limitations සහ expectation ගැන දැනගන්න.

2. duty එකක් විදියට impose කරන්න එපා. අපේ දරුවව ඔයාලා බලාගන්න කියල ඒක රාජකාරියක් විදියට අම්මලා තාත්තලට කියන්න එපා. හැබැයි ඔවුන්ට ඒක අනිවාර්ය duty එකක් විදියට දාලා burden එකක් කරන්න එපා.

3. boundaries හදන්න: උදාහරණයක් විදියට – ඔවුන්ට අවශ්‍ය break times, outings, friendsලා එක්ක යාමට ඉඩ, rest periods කියලා clear limits establish කරන්න.

4. ඔයාගෙ gratitude එක පෙන්වන්න: ඔවුන් උදව් කරන එකට “අපේ අම්මා තාත්ත නේ!” කියලා ignore කරන්න එපා. Thank you කියන්න, appreciation පේන්න දෙන එක ඔවුන්ට energy එකක්.

5. support system එකක් create කරන්න: එකම දවසේ full responsibility ඔවුන්ට දීලා burnout වෙන්න දෙන්න එපා. Maid help, nanny assistant වගේ උදව්වක් consider කරන්න.

6. regular check-ins කරන්න: ඔවුන්ට අමාරුද? ඔවුන්ට rest ඕනද? ඕනෙම වෙලාවෙ call එකක්, small talk එකක්, “කොහොමද?” කියලා අහලා ඔවුන්ට support වෙන්න.

7. respect කරන්න: ඔවුන්ට තමන්ගෙ interest තියෙනව, දවසේ routine එකක් තියෙනව. ඒක disrupt වෙන්න දෙන්න එපා. ඔවුන්ගේ personal time වලට space එක දෙන්න.

8. guilt එකෙන් බබාත් affected වෙන්න ඉඩ නෙදෙන්න: “අම්මා තාත්තා කියන්නෙ බබාගෙ nanny කියලා කියන්න එපා. ඒකෙන් බබාට පවා emotional confusion එකක් එන්න පුළුවන්.

9.  control එකක් දෙන්න: බබාලාට කන්න දෙන්නේ මොනවද, නින්ද යන්නෙ මොන වෙලාවටද කියන විදියට guidelines දෙන්න. එහෙම නැත්තං clash වෙනවා.

10. last but not least – backup plan එකක් always තියෙන්න ඕන: අපේ අම්මා තත්තා අසනීප වෙන්න පුළුවන්. travel කරන්න පුළුවන්. ඒ වෙලාවට plan B එකක් ready වෙන්න ඕන.

Related Articles

Don't Miss


Latest Articles