නුරාන් වෙනදා නොවූ උද්යෝගයකින් සූදානම් වූයේය. අම්පාර නගරයට ගොස් බැංකුවෙන් රුපියල් ලක්ෂයක් ලබා ගත්තේය. දෙවරක් නොසිතා සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය වෙත ගියේය. අක්කා හෝ ධනුක අයියා මඟ හැරෙන්නට ඉසිනි හමුවීම සඳහා තමා කල යුත්තේ කුමක්දැයි ඔහු පැහැදිලිව සිතුවේ නැත. එහෙත් අද අයියා සහ අක්කාගේ කාර්යාලයිය දවසක් නොවන බව ඊයේ හමුවේදී ඉසිනි පැවසූ මතකයක් ඔහුගේ සිතෙහි විය.
නුරාන් මෝටර් රියෙ ගේට්ටුවෙන් පිටත නවතා, කාර්යාල පරිශ්‍රයට ඇතුලු වූයේය. මුරකරුගේ සිට බොහෝ දෙනා ඔහු දන්නා හඳුනන අයය.
” අප්පා .. මන්දිනු මහත්තයාට මේ පැත්ත මතක් වෙලා…”
“: විමලේ මාමලාට අපිව මතක් නොවුනට අපිට ඉතින් මතක් වෙනවා…”
මුරකරුගේ පිටට තට්ටුවක් දැමූ නුරාන් ඔහු සමඟ කෙටි කතාබහක නියැලුනේය.
” ඒඩී මිස් අද ඉන්නවාද ?…”
” අප්පා ඒ කොච්චි කරල හම්බෙන්නද ආවේ ?…”
විමලේ මාමාගේ ස්වරයෙහි වූ අමුතු බව නුරාන්ට ගෙන ආවේ අමුතුම හැඟීමකි. ඇය කෝප ගන්නා අයෙක්ද ?
” ඇයි .. කේස්ද අද ?…”
” මේ කාලෙකින් .. මුලදී ආව දවස් වල පොඩ්ඩක් නැට්ට ගිණි අරගෙන වගේ හිටියා .. පස්සේ ඉතින් මෙහෙ මහත්තුරු නෝනලාගේ කල්කිරියාවෙන් ඒ ගිණි නිවාගත්තා .. අද උදේ ඉඳන් ඉන්නේ නම්, මොකක් හරි ගින්නක් පත්තු කරගෙන .. ගේට්ටුව හරියට ඇරලා තිබුනේ ණෑ කියලා මටත් කෑ ගහගෙන ගියේ … අපේ පත්මේ මල්ලිටත් කෑ ගහලා …”
නුරාන් සිනහව ගිලගෙන, ඉසිනිගේ කැබිනය පෙන්වූ දෙසට ඇවිද ගියේය. ඇතුලු වෙන්නට පෙරම ඇගේ හඬ ඇසුණි.
” ඔයාලාට මාත් එක්ක වැඩ කරන්න බැරි නම් ඒක ඩීඩී සර්ට කියන්න සරණි මිස් .. කිසි ප්‍රශ්නයක් නෑ .. ඊයේ මම කිව්වානේ පැහැදිලිව ප්‍රසන්ටේශන් එක මට ෆයිනලයිස් කරලා ඕනි කියලා…”
” අනේ ඒඩී මිස් .. මම ඊයේ රෑ ඒඩී මිස්ට සෑහෙන වතාවක් කෝල් කරා ප්‍රසන්ටේශන් එක මේල් කරා කියන්න .. ඒඩී මිස්ගේ ෆෝන් එක ඕෆ් නේ තිබුනේ …”
” තමන් අතින් වුන අතපසුවීම පිළිගන්න සරණි මිස් . මගේ ෆෝන් එක කොහෙත්තම ඕෆ් වෙලා තිබුණා වෙන්න බෑ…”
ඉසිනිගේ ස්වරයේ සැර් බාර වී ඇති බව නුරාන් හඳුනාගත්තේය. ඔහුගේ මුවඟ වූයේ සිනා වැස්සකි.
” සොරි ඒ ඩී මිස් …මම ප්‍රින්ට් අවුට් ගේන්නම් ඒඩි මිස් .. ෆයිනලයිස් කරගමූ ….”
“: ඕකේ ..”
නුරාන් පසෙකට වී නිළධාරිනියට පිටව යන්නට ඉඩ දුන්නේය. ඉසිනි දෑස් පියාගෙන කෝපය පාලනය කරන්නට උත්සාහ කරන බව ඔහු ඇතුලු වෙද්දීම දුටුවේය.
” හැබැයි ඒඩී මිස්ගේ ෆෝන් එක ඕෆ් නම් තමයි තිබුනේ …”
නුරාන් සිත් සෝදිසියට එලෙසින් පවසාගෙන, අනාරාධිතවම අසුනේ හිඳගත්තේය. ඉසිනි බලා උන්නේ තමා ඉදිරියේ සිදු වන්නේ සැබෑ සිදුවීමක්දැයි වටහාගන්නට නොහැකිවය. ඕ අසුනේ හරි බරි ගැසී හිඳගන්නට උත්සාහ කලා වුවද, තමා ගල් ගැසී ඇති බව ඇයට දැනුනේය. ඕ මේසය මත වූ පෑන ගෙන එහි මෙහි කැරකෙව්වාය. කැබිනයෙන් පිටතද බැලුවාය. ඒ අතරේ ඇගේ අසුන මත හිඳ උන් ඉරියව්වද වෙනස් කරගත්තාය.
” ඒඩී මිස් බිසිද ?…”
නුරාන් ඇය සුව පහ්සු කරනවා වෙනුවට, වඩා කලබල කරවමින් අතිශය රාජකාරිමය ස්වරයකින් ඇසුවේය. ඉසිනි ඉන් සිදුවන්නේ කුමක්දැයි වහා අවබෝධ කරගත්තාය.
” නුරාන් .. යන්න ප්ලීස් … ධනුක මහත්තයා ඒවි තව ටිකකින් ප්‍රොජෙක්ට් එකක් කතා කරගන්න …”
නුරාන් ඇස් උස්සා ඇස් වලින්ම සිනාසුනේය.
” ධනුක මහත්තයා කියලාද කියන්නේ ඔයා ?…”
ඉසිනි ට ඔහු වෙත තරවටු බැල්මක් පා නොකර සිටින්නට හැකි වූයේ නැත. ඕ ඔහු දෙස බලා සිටිද්දී නුරාන් කලිසම් සාක්කුවේ වූ පන්දාහේ කොල මිටිය ගෙන මේසය මතින් තැබුවේය.
ඉසිනි ඔහු දෙස බැලුවේ කිසිවක් වටහා ගන්නට නොහැකිවය.
” ඊයේ ඇහුවානේ මම සල්ලි වලට ඔයාව ගන්නද යන්නේ කියලා ?…”
නුරාන් එලෙස විමසා අසුනේ සුව පහසු ඉරියව්වකට මාරු වූයේය. ඉසිනි ගේ දෑස් වික්ශිප්තව විසල්ව ගොස් තිබුණි.
” පස්සේ ඊයේ රෑ කියලා තිබුණා, සල්ලි වලට හරි මගේ ලගට එන්න තියෙනවා නම් ඒක කරන්නේ හරි සතුටින් කියලා …”
ඉසිනි නුරාන්ගේ හඬ අනෙකෙකුට ඇසේදැයි බියෙන් මෙන් වටපිට බැලුවේය. නුරාන් එය වටහා ගත්තාක් මෙන් රහස් හඬින් කතා කලේය.
” ලක්ශයක් තියෙනවා ඒඩී මිස් .. කොහොමද ඩීල් එක ඒ ගානට ?…”
නුරාන් විමසුවේ ඇය වෙත නැඹුරු වීගෙනය. ඉසිනි කෝපයෙන් ඇවිලුණාය. ඔහු මේ සූදානම් වන්නේ තමා කෝපයට පත් කරවීමට බවද ඒ සැනින් සිහියට ගත්තාය. ඔහුගේ ඇස් කියන්නේ තමා අවුස්සා ගන්නට ඔහු කෙතරම් සූදානම් ද යන්නට.
ඉසිනි මොහොතකට සිටින්නේ කොහිදැයි අමතක කලාය.
” ලක්ෂයක් ද ?…”
ඕ විමසුවාය.
” ඔව් …. ලක්ෂයක් …”
” පැයයි ….”
ඉසිනි උඩඟු ස්වරයකින් කීවාය. නුරාන්ගේ ඇහි බැම නළලට එසවුණේය. ඇය පිටියට බසින්නට සූදානම් වන්න් තමා සිතුවාට වඩා වේගවත් ගමනකිනි. ඉතින් තමා පසු බසින්නේ කෙලෙසින්ද ?….
” කොහෙදිද පැය ඔෆර් වෙන්නේ මට …”
” ඔයා සිලෙක්ට් කරගන්න ඒක ඉතින් …”
” ඕකේ එහෙනම් … අයි විල් ඉන්ෆෝර්ම් යූ .. බායි ….”
නුරාන් එක්වරම අසුනෙන් නැගිට්ටේ මුදල් මතින් මේසය මත වූ කුඩා පොතක් තබමිනි. ඔහු ආපසු හැරේවි යැයි ඉසිනි සිතුවා පමණි.
” හිතුවක්කාර, මනස්ගාත තියාගෙන ඔෆිස් එකේ උන්ගේ ඔලුව කන්නේ නැතුව සිහියෙන් වැඩ කරනවා තාරා … දවල්ට කාලා මට කෝල් එකක් නොදුන්නොත් දෙක පහු වෙද්දී මම මෙතන ඉන්න පුලුවන් බවත් මතක තියාගන්නවා … නුරාන් ගේ සමහර පුරුදු එලෙසින්මයි ….”
නුරාන් පහත් හඬින් එලෙස පවසා කැබිනයෙන් පිටතට ගියේය. ඉසිනිට පෙනෙන්නම කාර්යාලයේ නිළධාරිනියන් හා සමඟ කතා බහ කරමින්, සිනා සෙමින් උන්නේය. ඇගේ කෝලය ඒ නිළධාරිනියන් මතින් පිටව යෑමේ අවධානම නුරාන් අතැර දැම්මේය.
” උන්ගේ කතා උන්ට …”
ඔහු එලෙස සිතමින් , ඉසිනි වෙත දැඩි තරවටු බැල්මක්ද හෙලමින් කාර්යාලයෙන් පිටතට ගියේය.
නුරාන්ගේ මෝටර් රිය පිටව යනු, යතුරු පැදියේ පැමිණි ධනුක පැහැදිලිවම දුටුවේය. මුරකරු වෙතින් ඔහු එය තහවුරු කරගත්තේය.
” මේ ගෑණිට සිංහල තේරෙන්නේ නැති හැටි අම්මපා … අරාකාර පැහැදිලි කරලත්, ඔෆිස් එකටම මූ ගෙන්නගෙන රෙද්ද අස්සේ දාගන්නනේ හදන්නේ .. ශිට් .. අපේ එකාටත් ගෑණු නැතුවට ආයේ කොටන්න ලෑස්ති වෙන්නේ මේ පනුවෝ කාපු අඹේටමනේ …”
ධනුක උන්නේ සහෝදර ප්‍රේමය පමණක්ම හිස දරමිනි. ඉසිනි නිසා නුරාන්ගේ ජීවිතය කිනම් කලු කුහරයක් තුල සිරව තිබුනේදැයි ධනුක දන්නේය. ඔහු හඬා වැටුණු දවස් වල රාත්‍රීන් ධනුක ගත කලේ නිදි වර්ජිතවය. නුරාන් සිය දිවි නසා ගනීවියැයි සියලු දෙනා අතිරේක පීඩනයක් දරමින් උන් හ. නුරාන් ට ආහාර ගැන වගක් නැති වූ දවස් වල බත් ගුලි බලෙන් මුවට එබුවේ තමා සහ තම බිරිඳය. ඔහු බලෙන්ම නාන කාමරයට ඇද දමා පිරිසිදු කරෙ ඔහුගේ මිතුරන් සමඟ තමාය.
තමන් සියල්ලෝම එවන් අපහ්සු කාලයකට ඇද දැමූ චපල ස්ත්‍රිය ඇයය. ඉතින් ඇයට යලි මල්ලිගේ ජීවිතය තුළ පාපිස්නාවක්වත් වෙන්නට ඉඩ තැබිය යුතු නැත.
ReplyForwardAdd reaction |