මේ ඒ වසන්තයයි – 32

0
2976

ඉසිනිගේ දෑතින්ම අල්ලා ගත් නුරාන් සෙමින් පිටි අල්ල මහපටැඟිල්ලෙන් පිරිමැද්දේය. ඕ පවසන සියල්ල අතීතයෙන් ඇසෙන ඉකි බිඳුම් ලෙසින් දැනෙන්නේය. ඇය තමා සොයා නොඒම ගැන පවා තරහක් හට ගන්නේ නැති වීම ප්‍රේමය වඩා විසිරිතව අර්ත දැක්වීමක් සේ සිතන්නට නුරාන් රුචි වූයේය. මේ හමුවීම, යලි වසන්තයක් උදා කර දෙමින් විශ්වය වෙතින්ම සිදු කර දුන්නාට සැක නැත.

” ඔය ඔක්කොම ඔයා මට කියන්නා තාරා … මම අනිවාර්‍යෙන්ම අහගෙන ඉන්නවා.. ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි මැණිකේ.. මෙවෙලේ ඔයා තීරනය කරන්න ඕනි එකම එක දෙයයි.. මගේ අතින් අල්ලගෙන, පුලුවන් තරම් කල් , මා එක්ක ඉන්න එනවාද කියනෙක විතරයි ..”

නුරාන් ඉවසීමෙන් විමසුවේය.

” කොහොමද නුරාන් ?… කොහොමද ?…”?..”

” අපි මුණ ගැහිලත් සතියක් ගෙවුනේ නෑ නුරාන් …”

” ඒත් අපි අවුරුදු දහයකට එහ ඉඳන් දන්නවා තාරා.. ඔයාට මාව ආයේ අඳුනගන්න දෙයක් නෑ …”

” අපි මෙහෙම ටිකක් ඉමු නුරාන් ..”

” ඉමු .. අනිවාර්‍යෙන්ම ඉමු.. ඒත් අපේ අයියා එක්ක මම මේක කතා කරන්නෝනි තාරා.. අයියා මේ කතන්දර අක්කට කියලා මොකක්ම හරි නාඩගමක් වෙන්න කලින් අපි මේක කතා කරන්නෝනි …”

” කොහෙන් බැලුවත් මමයි වැරදි නුරාන් .. එහෙව් එකේ මම කොහොමද ඔලුව උස්සගෙන ඒ අය ඉස්සරහට එන්නේ ?…”

” වැරැදි නෙවෙයි තාරා.. ඒ ඒ වෙලාවල හොඳයි, නිවැරදියි කියලා ගත්තු තීරණ ඒ ..  ඒත් ඒ තීරන වැරදුනා… ඔයාට ඒ තීරන වලින් යහපතක් වුනේ නෑ .. ඉතින්න් ඔයා ඒ තැන් වලින් එලියට ආවා… එහෙමයි කියලා හැමදාම ඔයා ඒ තීරන වලින් විඳවන්නෝනි නෑනේ කෙල්ල .. ඔයාට ඒක නොතේරෙනවා නෙවෙයිනේ …”

” මට තේරෙන්නේ නෑ නුරාන් ..”

” මම ඔයාට තවමත් ආදරේ බවවත් ඔයාට තේරෙන්නේ නෑද තාරා …”

අවන්හල් සේවකයා පැමිණ ආහාර පාන මේසය මතින් තැබුවේය. ඉසිනි නුරාන්ගේ අතින් මිදෙන්නට උත්සාහ කලද, නුරාන් ඉඩ දුන්නේ නැත.

” බය වෙන්න එපා තාරා … අපි මෙහෙම අල්ලගෙන ඉන්නකල් කවුරුත් අපිව ඈතට කරන්න එන්නේ නෑ … ආවත් මම අතාරින්නේ නැ …”

ඉසිනි සුසුම් හෙලුවාය. තෙත් නෙත් අස්සෙන් නුරාන් දැක්කාය.

” මාව විශ්වාස නැද්ද තාරා ?..”

” විශ්වාසයි නුරාන් … විශ්වාසයි ..”

” එහෙම නම්, හා නේද ?… හෙට හවස වුනත් අපි අත්සන් කරමු …”

” පිස්සුද නුරාන් .. ඔයාගේ අම්මලාට ඔයා ගැන කොච්චරක් හීන ඇතිද නුරාන් … කොහොමද අපි පයින් ගහන්නේ ඒ හීන වලට ….”

ඉසිනි විමසුවේ හඬ නොබිඳී යන්නට දෙමියි ඒකායනව සිතමිනි. අත්‍යාවශ්‍ය බව දැනෙන යමක් පවා අතැර දැමීමට සිදුවීම ඉසිනිට නුහුරු නැත. මේ අත් හැරීමෙන් පසු ජීවිතය නැවතේවියැයි දැනෙද්දී පවා ඕ අතැම් දේ අත් හැරියාය. ඒ ගැන ලෝකයේම අපහාස, අවලාද දරාගත්තාය. එහෙත් අද තත්වය වෙනස් ය. උගත් පාඩම් ජීවිතයේ අතීතයෙන් එබෙන්නේය.

” තාරා ..ඕක බීලා ඉන්න …”

නුරාන් ඇගේ අතින් මිදුනේය. ඉසිනි හිස සලා වීදුරුව ලං කර  ගත්තාය

” හවස් වෙලා ඔයා තනියෙන් ඩ්‍රයිව් කරන්න එපා .. වාහනේ මෙහෙ දාලා මා එක්ක යමූ .. මං උදෙන්ම වාහනේ ගෙනල්ලා  දාන්නම් …. “

නුරාන් එලෙසින් පවසද්දී ඉසිනි එයට එකඟ නොවන බව එක හෙලාම කීවාය

” මිනිස්සු දැන්ම මේ දේවල් දැනගන්න ඕනි නෑ නුරාන් ..”

ඕ ඒ අතරට අවධාරනය කලාය.

” මිනිස්සු දැනගන්න එක නැති එකේ වෙනස මොකද්ද තාරා .. වැඩියෙන් වැදගත් වෙන්නේ අපි දෙන්නා නෙවෙයිද ?…”

නුරාන්ගේ ඒත්තු ගැන්වීම් හා හා වෙන්නට ඉසිනි කිසිලෙසකින්වත් සූදානම් නොවීම උන්නාය. ඕ සිතුවේම තීරණයක් ගැනීම තවත් පසු කල යුතු බවය. මෙවෙලෙහි හැඟීම් ඉස්සර කරගෙන තමා මේ ගමන පැමිණියා වුවද,  නිස්කලංකව සිතා බලද්දී මේ ගමන නාවානම් කියා තමාට සිතෙනු ඇතැයි ඕ සිතුවාය.

එහෙත් නුරාන් ඔහුගේ තීරණය මදකින්වත් වෙනස් නොකර උන්නේය.

” රෑට අර නැන්දා උයලා යනවද ?…”

” අද එන්නෙපා කිව්වා මම ..”

” ඇයි ඒ ?…”

” මට ගෙදර ගිහින් තනියෙන් ඉන්නෝනි හිතුනා දවල් …”

නුරාන් ඉසිනිට රාත්‍රී ආහාර පාර්සලයක්ද ඇණවුම් කලේය. ඉසිනි ඔහු දෙස බලා උන්නේ කඳුලු පිරී ගිය දෑසිනි.

” ජීවිතේ කඳුලු මතක අප්‍රමානයි තමා තාරා .. ඒත් අපි තේරුම් ගන්න ඕනි ඒ මතක මත්තේම නැහි නැහි, කඳුලු වල ඒ මතක දිය කරන්න අපි උත්සාහ කරන වාරයක් ගානේ දියවෙලා යන්නේ අපේ අනාගත ජීවිතේ බව.. ඒක අපරාදයක් තාරා…. කඳුලු ඕනි .. වෙන මොකටවත් නෙවෙයි, අපිට සැනසීමෙන් බෝට්ටු පදින වැවක් වගේ පුරවගන්න .. එතකොට ඇති තරම් අඬල කඳුලු දෙන්න …”

නුරාන් ඇය වෙත එබී කීවේ වීදුරු දෙකම ගෙන පසෙකට කරමිනි. ඉසිනි යන්තම් සිනාසුනාය.

” නරක දවස්, නරක මතක, නරක මිනිස්සු කියලා දේවල් ඇත්තටම මේ ලෝකේ නැහැ තාරා … ඒ හැමදේම , කාලය සහ අවස්තාව මත රඳා පවතිනවා… ඒ හැමදේම අපි ඒ දේවල් දිහා බලන විදිය අනුව වෙනස් වෙනවා… ඔය හැම නරක බව දැනෙන තැනකම තියෙන හොඳ කෑල්ල එක්ස්ට්‍රැක් කරගන්න බලමු තාරා.. ජීවිතේ මාරම ලේසි වෙනවා …”

“ඔයා හරියන්නේ අම්පාරට නෙවෙයි නුරාන් ….”

” ඔව් … මටත් ඒක දැනෙනවා..පියාඹමු තාරා … දෙන්නා එක්කම…”

ඉසිනි සුසුමක් හෙලුවාය.

” ඔයාට විශ්වාසයිද නුරාන් ?.. මම ඉන්න ඕනි කියලා .. මේ හැමදේකටම පස්සේ.. ඉස්සරහින් පේන මහ ගින්දර වලලු වලටත් පස්සේ ?…”

” ඔව් …  එක වතාවට සිය දහස් වතාවක් විශ්වාසයි …”

නුරාන් ඉසිනිට කිසිවක් ඉතිරි නොකරම කීවාය. ඉසිනිට ඉන් එහා කිසිත් පවසා ගත හැකි වූයේ නැත.

 ධනුක උන්නේ කෝපයෙනි. ඉසිනි සහ නුරාන් දෙදෙනාගේ සේයාරුව එවා තිබුනේ මිතුරෙකි. නුරාන් ඉසිනිව පඩිපෙල දිගේ බස්සවාගෙන විත් ඇත්තේ අතින්ද අල්ලාගෙන බව මිතුරා තහවුරු කලේය.

” කේලමක් ගින්නක් කියලා කිව්වා නෙවෙයි බං … මේ සිද්දිය දන්න හින්දාම මේක දැකලත් නොදැක්ක ගානට යන්න බැරි කමයි, නුරානයා ගොඩ ගන්න උඹලා කාපු කට්ටේ අයි විට්නස් තියෙන හින්දයි මේ …”

මිතුරා එහෙමද කියා එවා තිබුණු බව නුරාන් සිහි කලේය. මේ පිළිබඳව පැහැසරා සම්ඟින් කතා බහ කිරීම තවත් කල් දෑම කල යුතු නොහේය. ඕ මේ ගැන දැන ගත්තාට පසු කල යුතු දේ දෙදෙනාටම කතා බහ කරගත හැක.

ධනුක ගත දොවාගෙන මුලුතැන්ගෙය වෙත ගියාය. පැහැසරා අම්මා සමඟ රාත්‍රී ආහාරය සකසමින් උන්නාය. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here