වතුර වැරදි විදියට පානයෙන් ඔබ නොදැනුවත්ම රෝගී වෙන්නත් පුලුවන්!

අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යාමට නම් ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.සෑම දිනකම වතුර වීදුරු අටක් හෝ දහයක් පානය කිරීමට විශේෂඥයන් උපදෙස් දී තිබෙනවා. නමුත් ඔබේ පානීය ජලය පුරුදු නිවැරදි නොවේ නම් සිදුවිය හැකි දේවල් ඔබ දන්නවාද ? අද අපි කතා කරන්නේ ඒ ගැනයි 

හිටගෙන වතුර බොන්න එපා

මේ පුරුද්ද නතර කරන ලෙස ඔබේ වැඩිහිටියන් එක් දිනක් හෝ ඔබට උපදෙස් දී ඇති.නමුත් ඔබ අපි හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නේ කරාමයකින් හෝ ෆිල්ටර් එකකින් වතුර වීදුරුවක් පුරවාගෙන හිටගෙනම වතුර පානය කරන්නයි.නමුත් විශේෂඥයන් පවසන්නේ ඔබ හිටගෙන වතුර පානය කරන විට ඔබේ ස්නායු ආතතියට පත් වෙන බවයි.එමගින් අජීර්ණයක් වැනි තත්ත්වයන් ද ඇතිවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව බොහෝ වෛද්‍යවරුන් පවසන්නේ හිටගෙන වතුර පානය කිරීම මගින් ආමාශයේ පහළ කොටසට වතුර ගමන් කරන නිසා අපට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන බවයි

එක හුස්මට වතුර බොන්න එපා

ඔබ වෙහෙසට පත් වෙලා ඉන්න වෙලාවක හෝ අධික පිපාසයෙන් ඉන්න වෙලාවක ඔබ අනිවාර්යයෙන්ම මේ වැරද්ද කරනවා ඇති.නමුත් එය ඔබේ ශරීරයට බෙහෙවින් හානිකරයි.ඔබ වේගයෙන් වතුර පානය කරන විට වකුගඩුවල සහ මුත්‍රාශයේ පහලින් අපද්‍රව්‍ය එකතු විය හැකියි.එම නිසා සෙමෙන් වතුර පානය කිරීම සුදුසු බවත් , ආහාර ගැනීමෙන් අනතුරුව ආහාර දිරවීම සඳහා කුඩා වතුර උගුරක් පානය කිරීම සුදුසු බවත් විශේෂඥයන් පෙන්වා දෙනවා

කෑමට පෙර වතුර බොන්න එපා

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පැවසෙන ආකාරයට ආහාර දිරවීමේ ක්‍රියාවලිය සඳහා ඔබේ උදරයෙන් 50% ක් ආහාර , 25% ක් වතුර සහ 25 % ක් හිස්ව තැබිය යුතුයි.එම නිසා ආහාර වේලකට පෙර වතුර පානය කිරීම එතරම් සුදුසු වන්නේ නැහැ. එසේ කිරීම මගින් ඔබට පරිපූර්ණ බවක් දැනෙන නිසා ඔබ ප්‍රමාණවත් තරම් ආහාර ලබා ගන්නෙ නැති වන්නට පුළුවන් .ඒ හේතුව නිසා ඔබට නිසි පෝෂණයක් නොලැබෙන අතර ආහාර දිරවීමට පවා ගැටලු ඇති කරනවා.ඒවායේ අතුරු ප්‍රතිඵල ලෙස ඔක්කාරය සහ මලබද්ධය වැනි තත්ත්වයන් ද ඇතිවිය හැකියි.

කෑම කන විට වතුර බොන්න එපා 

ඔබ බොහෝ වෙලාවට ඉක්මනින් ආහාර ගැනීම සඳහා වතුර පානය කරමින් ආහාර ගන්නවා ඇති.එය ඉතාම නරක පුරුද්දක්.එමඟින් ආහාර ජීර්ණ යුෂ තනුක කරවනවා.ඒවා ආහාර දිරවීමේ ක්‍රියාවලියට පවා බාධා ඇති කරනවා.ආහාර වේලකට පෙර හෝ ආහාර වේලක් අතරතුර වතුර පානය නොකරන ලෙස බොහෝ විශේෂඥයන් උපදෙස් දෙන්නේ ඒ නිසයි.ආහාර ගැනීමේදී වතුර පානය කිරීම මගින් ඔබේ ආමාශයෙන් දිරවා නොගත් ආහාර තැන්පත් වී තිබීමට හේතු විය හැකි අතර එමගින් ගැස්ට්‍රයිටිස් සහ අජීර්ණයන් වැනි තත්ත්වයන් ද ඇතිවිය හැකියි.ඔබේ ආහාර ජීර්ණ යුෂ සහ එන්සයිමවල සාන්ද්‍රණය සාමාන්‍ය පරාසයක තබා ගැනීම සඳහා ආහාර වේලකට මිනිත්තු 30කට පෙර සහ ආහාර ගැනීමෙන් විනාඩි 60 සිට 90 දක්වා කාලය තුළ ජලය පානය කිරීම සුදුසු වනවා

පිපාසයක් නැත්තම් වතුර බොන්න එපා 

දිනකට වතුර වීදුරු අටත් දහයත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බව සත්‍යයක් බව ඔබ දැනටමත් දන්නවා. නමුත් ඔබ එලෙස වතුර පානය කළ යුත්තේ ඔබට පිපාසයක් ඇති විට පමණි.පිපාසයක් නොමැති විට වතුර පානය කිරීමට උත්සාහ කිරීම වතුර පානය  තුන් ගුණයකින් අපහසු කරවන අතර එම අනවශ්‍ය වතුර ප්‍රමාණය මගින් ඔබේ ආහාර ජීරණ පද්ධතියට පවා බලපෑම් ඇති කළ හැකියි.

සිසිල් කළ වතුර පානය කරන්න එපා 

දවස පුරා වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසුව සිසිල් වතුර පානය කිරීම බොහෝ දෙනාගේ පුරුද්දක්. නමුත් එයින් ඇති විය හැකි හානිය පිළිබඳව ඔබ දන්නවාද ? ශීතකළ ජලය ආහාර ජීර්ණ උෂ්ණත්වය සහ ආමායිශික යුශ වලට බාධා පමුණුවන නිසා ශරීර උෂ්ණත්වය නියාමනය කිරීමේ දී අමතර ශක්තියක් වැය කිරීමට ශරීරයට සිදු වෙනවා.එවිට එවිට ආහාර දිරවීමට තරම් ශක්තියක් ශරීරයෙන් ලබා ගත හැකි වන්නෙ නැහැ.එපමනක් නොවෙයි ශීතකළ ජලය නිසා රුධිර වාහිනී සංකෝචනය වන බැවින් එය ඔබේ හෘද ස්පන්දනය අඩු කිරීමට හේතු වන ස්නායු උත්තේජනය කරනවා.එම නිසා පමණට වඩා සිසිල් කළ වතුර පානය කිරීම ශරීරයට එතරම් සුදුසු වන්නේ නැහැ 

වතුර ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්.නමුත් එය නිසි ලෙස පරිභෝජනය නොකළහොත් දරුණු ආහාර ජීරණ ගැටලු සහ වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති වීමට හැකියාව තියෙනවා. එම නිසා නිවැරදිව වතුර පානය කිරීම පිළිබඳව ඔබ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

Related Articles

Don't Miss


Latest Articles