වෙනදා වගේ රාත්‍රී රස්තියාදු ගහන්න ගෙදර අය රටේ අලුත් තත්වයත් එක්ක දැන් ඒ තරම් කැමති නැහැ. ඉතින් ඒ වගේ ගමන් වලදී නිතරම ඔබට හමු වුණු කොත්තු ගෙදරදීම හදා ගන්න විදියයි මේ..
අවශ්‍ය දේවල්:
- කටු ඉවත් කර කැබලි වලට කපාගත් කුකුල් මස් 250g
- කුකුල් මස් හොදි කප් 1
- ගෝදම්බ රොටි හෝ පාන් පෙති කිහිපයක්
- සිහින්ව කපා ගත් කැරට්, ලොකු ළූණු, තක්කාලි, ළූණු කොළ
- බිත්තර දෙකක්
- චිලි සෝස් සහ තක්කාලි සෝස් සහ සෝයා සෝස් අවශ්‍ය ප්‍රමාණයට.
- තක්කාලි සෝස් කප් 1/4
- බටර් ටිකක්
- චිකන් බැදගැනීමට තෙල්
- ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු සහ කෑලි මිරිස්
සාදාගන්නේ මෙහෙමයි:
- මුලින්ම චිකන් හොඳින් බැදගන්න.
- එයට ලුණු ටිකක්, ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු දමා ඉන්පසු සෝයා සෝස් මිශ්‍ර කර ඉන්පසු නැවත ගැඹුරු තෙලේ බැදගන්න.
- ඉන්පසු චිකන් කුඩා කැබලි වලට කඩා ගන්න.
- ලොකු සාස්පානක් ලිප තබා බටර් ටිකක් එයට එක් කරන්න. එයට බිත්තර ද එක් කරන්න. බිත්තර ස්ක්‍රැම්බල් වූ පසු බඳුනින් ඉවත් කරගන්න.
- බටර් බාජනයට ළූණු, කැරට් එක් කරන්න, ඉන්පසු ලුණු , ගම්මිරිස් සහ කෑලි මිරිස් ද එකතු කරගන්න.
- කුකුල් මස්,හොදි, සෝයා සෝස් චිලි සෝස් සහ තක්කාලි සෝස් එකතු කරන්න.
- මිශ්‍රණය විනාඩි දෙකක් පමණ හොඳින් කලවම් කරන්න. ඉන්පසු තක්කාලි එක්කර ගන්න.
- ඉන්පසු කුඩාවට කපා ගත් පාන් කැබලි හෝ ගෝදම්බ රොටී එයට එකතු කරන්න.
- විනාඩි තුනක් පමණ කලවම් කර ගන්න. බිත්තර එකතු කර ළූණු කොළ උඩින් ඉස ගන්න.
කඩේ රසටම චිකන් කොත්තුවක් ඔබට මේ විදියට හදා ගන්න පුලුවන් . ඉතින් වැඩිය රෑ ගමන් බිමන් ගිහින් කොත්තු කන එක මඟ ඇරුණට තවත් දුක් වෙන්න කාරණාවක් නැහැ.
-නිබන්ධිකා-