තාදී-21

0
1476

තාදී ගෝල්ෆේස් වෙත පැමිණියේ බොහෝ කාලයකට පසුව ය. සුපුරුදු පරිදි බැම්ම මත වාඩි වී ඉර බසින අතරේ රන්වන් පැහැ ගැන්වී ඇති මුහුද දෙස බලාගෙන තාදී බොහෝ වේලාවක් ගත කළා ය. දුරකථනය නාද වූයේ ඔය අතර ය.

” ධීර ” 

” කොහෙද මගේ තාදී ඉන්නේ? ” 

” ගෝල්ෆේස් එකේ . වෙනදා ඉන්න තැනම ”  

” මට පොඩි වෙලාවක් දෙන්න මං එනවා ” 

තාදී පිළිතුරු දෙන්නටත් මත්තෙන් ධීර දුරකථන ඇමතුම අවසන් කළ අතර ඔහු අනිවාර්යයෙන්ම පැමිණෙන බව දන්නා නිසා තාදී බලා උන්නා ය. පැය භාගයක් පමණ ගත වන විට ධීර පැමිණි අතර ඒ වන විට අඳුර වැටෙමින් තිබුණි.

” අද ගොඩක් බිසී උනා තාදී.සොරි. මං ඔයාව අමතක කළා නෙමෙයි  ” 

ධීර කීවේ බැම්ම මතින් ඉඳ ගෙන තාදීගේ උකුල මත වූ අත මතින් අත තබමිනි.

” මං දන්නවා ඉතින්. ඔයා මට කලින්ම කිව්වනේ. අනික ගෙදර අය හැමෝම ඉද්දි මට කතා කරන්න වෙලාවක් නෑ කියල මං දන්නවා ” 

තාදී කීවේ මදහසක් ඇතිව ය. එය කිසිසේත්ම තරහකින් හෝ දුකකින් කීවක් නොවන ධීර තේරුම් ගත්තේ ය.

” ඉතින් කොහොමද ඔයාගේ මනමාලි ? ” 

තාදී ඇසුවේ ධීර දෙස උනන්දුවෙන් බලන අතරේ ය.

” මගේ මනමාලි ඔයානේ ” 

ධීර පිළිතුරු දුන්නේ තාදී ගේ කර වටා අතක් දමා ගෙන ඇයව තුරුලට ගන්නා අතරේ ය. මේ මොහොතේ දැනෙන සැනසීම ජීවිත කාලයටම තිබිය යුතු බව ධීර යටි සිතින් සිතමින් උන්නේ ය.

” හරි හරි ඒක මං දන්නවා. මට කියන්නකො ඉතින් එයා කොහොමද කියලා ? ” 

” තනිකරම පවුඩර් බබෙක් අනේ. කොට ගවුම් කෑල්ලකුත් ඇඳගෙන ආවේ ඔය ” 

ධීර එය කියූ ආකාරයට තාදී ට මහ හඬින් සිනහවක් ගිය අතර ධීර ඇය දෙස බැලුවේ පුදුමය මුසු දෑස් වලිනි.

” ඇයි අනේ ඔහොම හිනා වෙන්නේ ? වෙන කෙල්ලෙක් වගේ නම් මෙලහට මගේ ඔලුව කාලා ” 

” ඒ වෙන කෙල්ලෙක් නම් නේ. මේ මම ” 

තාදී පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි. ඒ තරමටම ඇය තමාව විශ්වාස කරනා බව ධීර සිතුවේ ය.

” මං දැන් කල්පනා කරන්නේ ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියල තාදී. තාත්තා යි රූපසිංහ අන්කලුයි මේ ගැන ගොඩක් බලාපොරොත්තු තියා ගෙන ඉන්නේ” 

” ඉතිං ඒ ගෑණු ළමයා ඔයාට කැමති ද ? ” 

තාදී විමසූ පැනය හමුවේ ධීර මොහොතකට නිහඬ විය. ඒ නිහඬ බව තුළ ගැබ් වී ඇති පිළිතුර තාදී තේරුම් ගත්තා ය.

” මිෂෙල් කියන්නේ වෙස්ටන් ටයිප් ගර්ල් කෙනෙක්. හරිම ෆෝවඩ්. මාත් එක්ක හොඳට කතා කළා. මීට් වෙමුද කියලත් ඇහුවා ” 

ධීර එසේ පිළිතුරු දී බැලුවේ තාදී ගේ මුහුණ දෙසය. එහෙත් බැල්මකින් හෝ ඇගේ මුහුණේ ඉරියව් වෙනස් වූයේ නැත.

” ඔයාට පොඩ්ඩක් වත් බය හිතෙන්නෙ නැද්ද තාදී ? අඩුම ගානේ ඉරිසියා හිතෙන්නෙ වත් නැද්ද  ” 

” දැන් මං මොකටද බයවෙන්න ඕනේ ? මොකටද ඉරිසියා කරන්න ඕනේ ” 

ධීර පිළිතුරු දුන්නේ නැත. මුහුදේ රළ බිඳෙන ආකාරය දෙස බලා සිටියා පමණි.

” මං බයවෙන්න ඕනේ ඔයාව මට නැති වෙයි කියලද ? ” 

” ඔයාට නිකමට වත් එහෙම හිතෙන්නෙ නැද්ද ඇත්තටම ? “

” නෑ ” 

තාදී කීවේ ස්ථීර ලෙස ය.

” මට බයක් දැනෙන්නේ නෑ ධීර. මං එහෙම බය වෙන්න ඕනේ මට ඔයාව විශ්වාස නැත්තං. ඔයාගේ ආදරේ මට විශ්වාස නැත්තං.ඒත් මට ඒ දෙකම විශ්වාසයි ” 

ධීර තාදී ගේ නළල මත හාදුවක් සටහන් කලේ ඉතා මෘදු ලෙස ය. මේ මොහොතේ තමාව ජීවත් කරවන මේ ආදරය ලොව ඇති සුව පහසුම තැන බව තාදී විශ්වාස කළා ය.

” දැන් අපි ඊළඟට මොකක්ද කරන්නේ ධීර ? ” 

” අපි ඒක පස්සේ හිතමු. දැන්ම කලබල වෙන්න ඕනේ නෑ. එහෙම කලබල වෙන්න ගියොත් අපි දෙන්නට ආදරය කරන්න තියෙන මේ මොහොත නැති වෙනවා තාදී  ” 

ධීර ගේ සාක්කුවේ බොහෝ දුරකථනයේ නාද වන්නට පටන් ගත්තේ ය. ධීර එය ඉවතට ගත් අතර දුරකථන තිරයේ සටහන් වූයේ ” මිෂෙල් ” ලෙස ය. ධීර ට ඉබේටම බැලුනේ තාදී ගේ මුහුණ ය.

” මෙච්චර ඉක්මනට ” 

ධීර මොහොතක් දුරකථනය දෙස බලා සිට එය නැවත සාක්කුවට දමා ගැනීමට සූදානම් වූයේ ය.

” ඕක ආන්සර් කරන්නකෝ ” 

තාදී කීවා ය. ධීර ඇමතුම ක්‍රියාත්මක කළේ අකැමැත්තෙනි.

” හෙලෝ ” 

” හෙලෝ ධීර. ඔයා කොහෙද ඉන්නේ? ” 

” මං පොඩ්ඩක් එළියට ආවා ” 

” වැඩකට ද? ” 

” නෑ. යාළුවෙක්ව හම්බ වෙන්න ” 

ධීර පිළිතුරු දුන්නේ තාදී දෙස බලමිනි. තාදී උන්නේ මුහුද දෙස බලා ගෙන ය.

” කවුද යාලුවා ? ” 

මිෂෙල් එසේ අසන විට ධීර ට ඇති වූයේ අපැහැදීමකි. මෙය තමාගේ මව වත් අසන ආකාරයේ ප්‍රශ්නයක් නොවේ.

” ඔයා කතා කළේ හදිසියකටද ? ” 

ධීර පිළිතුරු දුන්නේ මිෂෙල් ඇසූ ප්‍රශ්නයට නොවේ. එහෙත් මේ ඇමතුම ඉක්මණින් අවසන් කළ යුතුය. නැතහොත් අහිමි වී යන්නේ තාදී හා ගත කරන මේ සුන්දර මොහොතය.

” නෑ අනේ. හදිසියකට නෙමෙයි. ඒත් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න හිතුනා. ගෙදරදි හරියට කතා කරන්න බැරි වුණා නේ ” 

” මං හිතුවා මෙච්චර ඉක්මනට කෝල් කරේ හදිසියක් කියලා. ” 

” හදිසියක් වෙන්න ඕනෙ ද අනේ මට ඔයාට කෝල් කරන්න ? අපි දෙන්නට කොච්චර නම් දේවල් තියෙනවද දැන් කතා කර ගන්න ” 

මිෂෙල් එසේ පවසන විට ධීර ගේ සිතට දැනුනේ බරකි. 

” මං ඔයාට පස්සේ ගන්න ද ? මම දැන් ටිකක් බිසී ” 

” එහෙනම් මං මට රෑ වෙලා කෝල් කරන්නද ධීර ? ” 

මිෂෙල් පරාජය භාර ගන්නට සූදානම් වන බවක් පෙනුණේ නැත. 

” බලමු. මම ගෙදර යනකොට කීය වෙයිද දන්නේ නෑ  “

” එහෙනම් මට මැසේජ් එකක් හරි දානවද ? ” 

” ඕකේ. මං තියන්නම් මිෂෙල්  “

” බායි ධීර ” 

ධීර ඇමතුම අවසන් කළ පසු දුරකථනය සාක්කුවට දමා ගත්තේ සුසුමක් හෙළමිනි. එය බොහෝ බරැති එකක් බව නිහඬව උන් තාදී තේරුම් ගත්තා ය.

” මට ගැලවෙන්න ලේසි වෙන එකක් නෑ වගේ තාදී ” 

ධීර කීවේ කම්පාවෙනි. 

” ඇයි ? ” 

” මුකුත් නෑ. බලමුකො ” 

ධීර තාදී ගේ අතින් අල්ලා ගත්තේ තදිනි. ඒ බියෙන් බව තාදී ඒ ස්පර්ශයෙන්ම තේරුම් ගත්තා ය. ඒත් කුමක් හෝ හේතුවකට තාදී ට බියක් හෝ සැකයක් ඒ මොහොතේ දැනුනේ නැත.ඇයට දැනුනේ ධීර ගේ ආදරය පිළිබඳව අසීමිත විශ්වාසයක් පමණි. එය ජීවිත කාලයටම නොසන්සිඳෙන එකක් බව තාදී දැන උන්නා ය.

” ඔයා සද්ද නැති වුණා තාදී. ඔයා බයද මං මිෂෙල් එක්ක කතා කරනවට ? ” 

” අපෝ නෑ ” 

” එහෙනම් ? ” 

” මුකුත් නෑ ” 

” මට බය අපේ තාත්තා ගැන විතරයි. මං උත්සහ කරනවා. කරන්නම දෙයක් නැති උනොත් මං තීරණයක් ගන්නවා තාදී ” 

” ඒ කිව්වේ ? ” 

” ඔයා වෙනුවෙන් මං ඕනෙම දෙයක් කරනවා ” 

ධීර එසේ කීවේ ඉවත බලාගෙන ය. එහෙත් තමා වෙනුවෙන් ඔහු කිසිවක් නැති කර ගත යුතු නැති බව තාදී සිතුවා ය. එවැන්නකට කිසිදා ඉඩ දිය යුතු නැත.

” ඔයා මට එක පොරොන්දුවක් වෙනවද ධීර ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here