ස්ක්‍රීන් එකේ දිග ඇරිච්ච ඒ කතන්දරේ එක්ක සමුද්‍ර ඔච්චරටම ආලවට්ටම් දදා, අයිසින් ගගා කිව්ව “හොඳම නිළිය වගේම හෙටානිද්දම ජනප්‍රියම නිළිය” වෙන එකත් ඔයාට එච්චර ලොකුවටම මහන්සි වෙන්න වෙන එකක් නෑ කියන එකේ ඇත්තම තේරුම මාලවීට වගේම පාටි එකට ඇවිල්ලා උන්න හැමෝටම වගේ තේරුම් ගන්න එච්චර අමාරු උනේ නෑ.
බයික් ඇක්සිඩන්ට් එක වෙච්ච විදිය, ඊටපස්සෙ මාලවී රොහාන්ට සල්ලි දාපු රිසීට් එක, පොලිසියෙදි අරවින්දලා ඉන්න තැනම මාලවීට රොහාන් ගත්ත කෝල් එක, රොහාන් දුන්න ස්ටේට්මන්ට් එකේ හඬ පටය වගේ ඔක්කොම දේවල් එක්කහු කරලා සමුද්‍ර හදලා තිබ්බ ඒ ස්ලයිඩ් ශෝ එක බලපු හැමෝගෙම ඇස් ඊලඟ තප්පරේ යොමුවුනේ මාලවී දිහාවට. මෙච්චර වෙලා ලඟටම වෙලා කතා කර කර උන්නු මිනිස්සුත් ටිකෙන් ටික තමන්ගෙ ඈත්වෙලා එහාට ගිහින් ඉන්නවා කියල තේරෙද්දිත්, දැන් තමන් මෙච්චර දවසක් හංගගෙන කරපු ඔක්කොම ඩ්‍රාමා මෙතනින් ඉවරයි කියල තේරෙද්දිත් දුවලා ගිහින් බේරෙන්න තැනක් තමන්ට නෑ කියලා තේරෙද්දිත් කරන්න තියෙන එකම දේ මේ රූෆ් ටොප් එකෙන් පල්ලෙහට පැනල මැරෙන එක කියල හිතුවත් මාලවී උන්නෙ එහෙම දෙයක් කරගන්නවත් බැරි තරම් හිත අස්සෙන් කෑලි කෑලිවලට කැඩිලා බිඳිලා යන ගමන්.
“මට අයිතිවෙන්න ඕන දෙයක් ඔයාට අයිතිකරගන්න මම කීයටවත් ඉඩ දෙන්නෙ නැ” කියල සප්තමීට කිව්ව දවසෙ ඉඳලා සමුද්‍රයි සප්තමියි යාලුවෙච්ච දවසෙ ඉඳල සප්තමීට දෙන්න පුලුවන් රිටර්න් එක මොකද්ද කියල ප්ලෑන් කරල, වත්තල ඉන්න ඔය වගේ පොඩි පොඩි කොන්ත්‍රාත් භාරගන්න වසන්තට කතා කරපු දවස වෙනකම් තමන් කරපු හැම දෙයක්ම මාලවීට ආයෙ ආයෙ මතක් උනා.
“මට ඒකිව මරන්න ඕන නෑ, ආයෙ රඟපාන්න බැරිවෙන්න වගේම කසාදයක් කරගන්නැ බැරිවෙන්න අතක් පයක් කඩල දානවා, එහෙම නැත්තම් මුලු ජීවිත කාලෙම ඇඳක් උඩ තැපලා ඉන්න වෙනව වගේ එකක් කරගන්න පුලුවන් නම් අයිඩියල්” කියල වසන්තට කියද්දි “ඕවද මිස් අපි කරේ, ඕව නතින්, අපි ලඟ ඉන්නව අලුත් කොල්ලෙක්” කියල වසන්ත කිව්වම සප්තමී හොස්පිටල් බෙඩ් එකකට වෙලා ඉන්න හැටිත් සමුද්‍ර එක්ක සෙට් වෙලා සප්තමීව බලන්න එන හැටිත්, පත්තර වලට තමන්ගෙ හොඳම යාලුවට අත්වෙච්ච ඉරණම ගැන කතාකරන හැටි පවා තමන් ප්ලෑන් කරලා තිබිච්ච විදිය මාලවීට ඒ විනාඩි ගාණට මතක් වීගෙන වීගෙන ගියා.
ඒ වගේම එදා අර ෆුස් සිටියෙදි හම්බුවෙච්ච වෙලාවෙදි තමන්ට නොතේරිච්ච සමුද්‍ර කිව්ව ස්පෙශල් ට්‍රීට්මන්ට් එක මෙන්න මේක වෙන්න ඇති කියල තේරුම්ගන්නත් මාලවීට බැරි උනේ නෑ.
ඒ ඔක්කොම අස්සෙ රූෆ් ටොප් එකට එන ලිෆ්ට් එකේ දොර ඕපන් වෙනවත් මෙච්චර වෙලා ඩිම් වෙච්ච ලයිට් ඔක්කොම ආයෙ වතාවක් පත්තු වෙද්දිත් හැමෝගෙම ඇස් මාලවී දිහාවෙ ඉඳලා ලිෆ්ට් එක දිහාවට මාරුවුනා. ඒ ලයිට් එලිය මැද්දෙ හිටගෙන උන්න, පොලිස් නිල ඇඳුමෙන් උන්න අරවින්දව වගේම එහා පැත්තෙන් උන්න පොලිස් කොස්තාපල් වරිය දැක්කම හැම ඩ්‍රාමා එකක්ම මෙතනින් ඉවරයි බව තේරුම්ගන්න හැමෝටම පුලුවන් උනා.
ඒත් අරවින්ද පිටිපස්සෙ තමන් මේ වෙලාවෙ කීයටවත් දකින්න බලාපොරොත්තු වෙච්ච නැති කෙනෙක් ඉන්න විත්තිය තව තප්පර කීපයක් යනකම් කවුරුත් දැනගෙන උන්නෙ නෑ.
ටෙලි ඩ්‍රාමා එකේ ඇඩ් එක යනකම් එක එක ඒවා කල්පනා කර කර උන්නු නන්දා වාඩිවෙලා උන්නු තැනින් නැගිට්ටෙ දොර සීනුව නාද වෙච්ච සද්දෙට ඇවිත් ඉන්නෙ කවුද කියල හිතන ගමන්.
මේ වෙලාවෙ එන්න ඉන්නෙ ජයබාහු විතරක් උනාට මොකෝ එයා සාමාන්‍යයෙන් ගෙදර සීනුව නාද කරන්නෙ නෑ නේද කියන එකම හිතන ගමන් තමයි නන්දා දොර අරින්න ගියේ.
නන්දා දොර අරිනවත් එක්කම තමයි හීනියට වගේ පිරිමි කටහඬක් “ස්ස් කෑගහන්න එපා” කියලා කිව්වේ.
ජයබාහු එච්චර හෙමින් කතාකරන්නෙ ඇයි කියන එකත් ජයබාහුට පිටිපස්සෙන් ඔසරියක් ඇඳගෙන උන්නු මින් ඉස්සර කවදාවත් දැකලා නැති ගෑණු පරානෙකුත් දිහා බලපු නන්දාට කලන්තෙ හැදෙන්න ආවෙ ඒ දෙන්නටම මුවා වෙලා ඉඳල හීන් සැරේ එබිකම් කරපු, ශෝල් එකකින් මූණ වහන් උන්නු සප්තමීව දැක්කම.
දරුවා දැක්කම නන්දා පිස්සි වගේ කෑගහවි කියල හිතලාම තමයි ජයබාහු නන්දගෙ කට තමන්ගෙ අතෙන් වහගෙන කවුරුවත් දකින්න කලින් හනික ගෙට ආවේ. සෑහෙන දවසකින් දැක්ක තමන්ගෙ දරුවව අල්ලල බලලා කිසි හානියක් නැ කියලා තේරුම් අරගෙන අඬල දොඩල ඔක්කොම කරල ඉවර උනාට පස්සෙ තමයි නන්දට මතක් උනේ මෙතන පිට ගෑණියෙක් ඉන්නව වගේම ජයබාහුට සප්තමීව කොහෙන්ද හම්බුනේ කියල තමන්ට අහන්න අමතක උනා නේද කියන එක.
“ඔයාට සෑහෙන්න මගෙන් අහන්න ප්‍රශ්න තියෙනව කියල මං දන්නවා නන්දා. දරුවා උන්නේ කොහෙද කියන එක වගේම දරුවව ඒ උන්නු තැනට යවන්න සැලැස්සුවෙත් මමයි සමුද්‍ර පුතයි. අපි දෙන්නා ඒක කතාකරගත්තෙ දරුවව බයිසිකල් එකකින් ඇවිල්ල හප්පල දාන්න සැලසුම් කරලා තිබ්බෙ වෙන කවුරුවත් නෙවෙයි අර මාලවී කියල දැනගත්ත වෙලාවෙ.
අරවින්ද මහත්තය අපි නොහිතුවට සැහෙන දුර යනකම් සීසිටීව් බලපු එකෙන් තමයි දැකලා තියෙන්නෙ නම්බර් ප්ලේට් එකක් නැතුව ආව ඒ බයික් කාරයා සෑහෙන දුරක් ගිහිල්ලා බයිසිකලේ නම්බර් ප්ලේට් එක අල්ලගන්නවා. එතනින් තමයි අපිට ඇත්තටම ඔක්කොම විස්තර හොයාගන්න පුලුවන් උනේ. ඒ ඇක්සිඩන්ට් එකෙන් ඒ මනුස්සය හිතල තියෙන්නෙ අපෙ දරුවගෙ අතක් පයක් කැඩේවි හරි දරුව ජීවිත කාලෙම ඇඳට වෙලා ඉඳිවි කියල හිතුවට මොකෝ එහෙම වාසනාවකට නොවිච්ච හන්දා ඒ මිනිස්සු ඉඳල තියෙන්නෙ ආයෙ මොකක් හරි කරදරයක් කරන්න බලාගෙන.
ඒ විස්තර දැනගත්තම තමයි සමුද්‍ර පුතා කිව්වේ සාක්කි එක්කම ඒ මනුස්සයව අල්ලගන්න හිතාගෙන අපි මෙන්න මේ වගෙ දෙයක් කරමු කියල. ඔයා දරුව නැති සාංකාවෙන් පිස්සුවෙන් වගේ නොකා නොබී ඉද්දි තමයි දරුවම හිතලා ඔයාට කෝල් කරල තිබ්බේ. අපි කීයටවත් නොහිතුවට ඔයා මේ විත්තිය අපි කියන්න එපා කිව්වට පස්සෙත් කාන්ති එක්ක කියයි කියල අන්න ඒ හන්දමයි මෙච්චර දවසක් මේ හැමදේම අපි ඔයාගෙනුත් හංගලා තියාගත්තෙ. මොකක් හරි වෙලා වචනයක් වැරදිලා ඔයාගෙ පැත්තෙන් මොකක් හරි විස්තරයක් ඒ පැත්තට ගිහින් ඒක මාලවීට අපෙ දරුවට කරන්න ඉන්න කරදරයක් ඉක්මන් කරන්න හේතුවෙයි කියල බයවෙච්ච හන්දා.
මේ නෝනගෙ ගෙදර තමයි සප්තමී නතර වෙලා උන්නේ. මේ වෙන කවුරුවත් නෙවෙයි අපෙ සමුද්‍ර පුතාගේ අම්මා” කියල ජයබාහු ඒ නෝන දිහාව බලද්දි තමයි ඒ ඔසරිය ඇඳන් උන්නු මනුස්සය ඇවිල්ලා නන්දාගෙ අතෙන් අල්ලගත්තෙ.
“අපි ඇත්තටම මෙහෙම නෙවෙයිනෙ හම්බුවෙන්න ඕන හරිනම් නේද සප්තමීලගෙ අම්මේ? මං ඒත් සප්තමීට කිව්වා දැන් කොහොමත් ඒ දරුව අපෙ ගෙදර දවස් කීපයක් ඇවිත් උන්නු එකේ මේ ප්‍රශ්න ඉක්මනට ඉවර කරගත්තයින් පස්සෙ දිගටම අපෙ අහම නතරවෙලා ඉන්න එන්න කියලා.
මටත් හරි පාලුයි වලව්වට වෙලා තනියෙන් ඉන්න. කොච්චර ඉතින් වැඩට මිනිස්සු උන්නත් මගේ කියල කවුරුවත් එහෙ නෑනෙ. සමුද්‍රත් වැඩි හරිය ඉන්නෙ කොළඹනෙ.
අනික සප්තමීලගෙ තාත්තා මාව මේ වැරදියටනෙ අඳුන්නල දුන්නෙ. මං ඇත්තටම සමුද්‍රගෙ අම්මා නෙවෙයි. මං එයාගෙ කුඩම්මා. සමුද්‍ර ඉපදෙද්දිමනෙ එයාගෙ අම්මා නැතිවෙල තිබ්බේ. ඉන්පස්සෙ එයාගෙ තාත්තව බැඳල තමා මං වලව්වට ආවේ.
සමුද්‍ර ඒත් හරි බයෙන් ඉඳලා තියෙන්නෙ ඒ විත්තිය දැනගත්තම ඔයාලා මේ කසාදෙට උනත් විරුද්ධ වෙයි කියලා. මං ඒත් කිව්වා කසාද බඳින්නෙ ඔය දෙන්න මිසක්ක මොකො අපිද කියලා.
නැද්ද අනේ?” කියාගෙන සමුද්‍රගෙ කුඩම්මා කිව්ව මනුස්සය හරිම හිතවත් විදියට තමන්ගෙයි සප්තමීගෙයි දෙන්නගෙම අතෙන් අල්ලගද්දිත් නන්දා උන්නේ මොනවා කියන්නද කියල හිතාගන්න බැරුව.