ඔබේ සම නිතරම තෙල් ගතියෙන් යුක්ත නම් සහ නිතරම ඔබේ මුහුණේ කුරුලෑ ඇති වනවා නම් ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් බව ඔබ දන්නවා. තෙල් සහිත සමක් ඇති වීමට බලපාන හේතු සාධක කිහිපයක් තිබෙනවා. එම හේතු සහ තෙල් සහිත සමකට සුදුසු Skin care routine එකක් ගැනයි අද අපි කතා කරන්නේ.
තෙල් සහිත සමක් ඇති වීමට හේතු මොනවාද ?
පාරිසරික සාධක
ඔබ අවට පරිසරයේ ඇති ආර්ද්‍රතාවය තෙල් සහිත සමක් ඇතිවීමට එක් හේතුවක් විය හැකියි.ආර්ද්‍රතාව වැඩි ස්ථාන ඔබේ ටී කලාපය වටා තෙල් සහ සෙබන් ස්‍රාවය වැඩි කිරීමට වනවා.ඒ නිසා බොහෝවිට ඔබේ නාසය , නිකට සහ නළල ප්‍රදේශය අවට අධික තෙල් සහිත සමක් ඇති විය හැකියි.
මුහුණ අධික ලෙස සේදීම
තෙල් සහිත සමක් ඇති අය කරන ප්‍රධාන වැරැද්දක් ලෙස මුහුණ නිතර සේදීම හඳුන්වන්නට පුළුවන්. මෙමගින් අධික ලෙස තෙල් සහ සෙබන් නිපදවීම සිදු වනවා.තෙල් සහිත සමක් ඇති අය තෙල් පාලනය කිරීමේ අපේක්ෂාවෙන් රළු පිරිසිදු කිරීම් භාවිත කරන අතර මේවා මගින් තවත් වැඩිපුර කුරුලෑ ඇති වීමේ හැකියාව පවතිනවා.
සමේ තෙතමනය නොමැති වීම
තෙල් සහිත සම පිළිබඳව වඩාත් පොදු මිත්‍යාව නම් එයට තෙතමනය අවශ්‍ය නොවන බවයි.කෙසේ වෙතත් සජලනය නොමැති වීම තෙල් සහිත සමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙනවා.ඔබේ සම ප්‍රමාණවත් ලෙස තෙතමනය වී නොමැති නම් එම වියළි බව නැති කිරීම සඳහා වඩාත් වැඩිපුර තෙල් නිෂ්පාදනය කිරීම සිදු වනවා.
දුර්වල ආහාර වේල
ඔබේ ආහාර වේලද තෙල් සහිත සමක් ඇති වීමට හේතු වනවා. ක්ෂණික ආහාර , තෙල් අධික ආහාර සහ සැකසූ ආහාර ඇතුළු ආහාර වර්ග සහිත සමක් ඇති වීම සඳහා බලපානවා.ඔබේ ශරීරය සහ සම නීරෝගීව තබා ගැනීම සඳහා එළවළු සහ පළතුරු ඇතුළත් සමබල ආහාර වේලක් ලබා ගත යුතු වනවා.
නිසි සම රැකවරණයක් නොමැති වීම
විශේෂයෙන්ම තෙල් සහිත සමක් සඳහා සම රැකවරණ ක්‍රියාවලියක් අවශ්‍ය වනවා. මෙමගින් තෙල් සහිත සම මත කුරුලෑ , ලප කැලැල් සහ රැළි ඇති වීම බොහෝ දුරට පාලනය කර ගැනීමට හැකි වනවා. මේ නිසා තෙල් සහිත සමකට සුදුසු නිෂ්පාදන ඇතුළත් කරගෙන නිසි සම රැකවරණ ක්‍රියාවලියක් අනුගමනය කිරීම අතිශයින්ම වැදගත්.
තෙල් සහිත සමකට ගැලපෙන Skin care routine එක මොකද්ද ?
Cleanser කිරීම

Deep cleansing කිරීම සහිත සමක් ඇති අයෙකුට අතිශයින්ම වැදගත් වන අතර එමගින් සමේ ඇති කුණු , දූවිලි සහ බැක්ටීරියා හොඳින් ඉවත් වීම සිදු කෙරෙනවා. ඔබ තෙල් සහිත සමක් ඇති අයෙක් නම් ඔබේ මුහුණ පිරිසිදු කිරීම සඳහා තෙල් සහිත සමකට සුදුසු , නිෂ්පාදන තෝරා ගන්න. එවැනි නිෂ්පාදනයක් මගින් උදේ සහ රාත්‍රී කාලයේදී ඉතා මෘදු ලෙස සම හොඳින් පිරිසුදු කර ගන්න.
Exfoliate කරන්න
මෙය සතියකට වතාවක් හෝ දෙවතාවක් පමණ කළ යුතු පියවරක්. Exfoliate කිරීම මගින් සම මත ඇති මැරුණු සෛල හොඳින් ඉවත් කර සම දීප්තිමත් සහ නැවුම්ව තබා ගැනීමට උපකාරී වනවා. නමුත් exfoliate කිරීමේදී ඇඟිලි තුඩු වලින් ඉතා මෘදු ලෙස exfoliate කිරීමට වග බලා ගන්න.
Toner කිරීම

මුහුණ පිරිසිදු කිරීමෙන් අනතුරුව තෙල් සහිත සමකට ගැලපෙන ටෝනර් එකක් භාවිතා කිරීමෙන් ඔබට සම පිරිසිදුව සහ නැවුම්ව තබා ගැනීමට හැකියාව ලැබෙනවා. මීට අමතරව ටෝනර් එකක් මගින් සම තුළට කුණු සහ දුහුවිලි ඇතුළු වීම වළක්වන අතර සම පෝෂණය කිරීමට සිදු කරනවා.
සීරම් එකක් භාවිතා කිරීම
සම මත තෙල් නිෂ්පාදනය පාලනය කිරීමට සහ අධික තෙල් සහිත වැළැක්වීමට ඔබට ගත හැකි හොඳම පියවරක් ලෙස සීරම් එකක් භාවිතා කිරීම හඳුන්වන්නට පුළුවන්.මේ සඳහා Glycolic acid , Lactic acid ,Vitamin C,Hyloronic acid හෝ Salicylic acid ඇතුළත් සීරම් වර්ග තෝරා ගැනීම මගින් ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා
Moisturizer ආලේප කිරීම

තෙල් සහිත සමකට වුවත් තෙතමනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොමැති වූ විට සම මත අධික ලෙස තෙල් නිෂ්පාදනය වීම සිදුවනවා. ඒ නිසා තෙල් සහිත සමකට ගැලපෙන හොඳ තත්වයේ moisturizer ආලේප කිරීමත් අතිශයින්ම වැදගත්.
Sunscreen
තෙල් සහිත සමක් හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් වන අතර පිටතට යන සෑම අවස්ථාවකදීම ඔබේ සමට ගැලපෙන හොඳ Sunscreen එකක් භාවිතා කරන්න. දිගින් දිගටම පිටත සිටිනවා නම් පැය දෙකකට වරක් එය අලුත් කිරීමට වග බලා ගන්න.
Face mask
මෙය ඔබ සතියකට වරක් හෝ දෙවරක් කළ යුතු පියවරක්.මේ සඳහා ඔබට තෙල් සහිත සමකට නිෂ්පාදනය කළ මාස්ක් වර්ග හෝ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සකස් කරගන්නා ලද මාස්ක් වර්ග භාවිතා කරන්නට පුළුවන්. මේවා මගින් සම මත අතිරේක තෙල් නිෂ්පාදනය පාලනය කිරීම , සම මත කුරුලෑ ඇතිවීම පාලනය කිරීම සහ සම පෝෂණය කිරීම සිදු කරනවා.
මෙවැනි ස්කින් කෙයා රූටින් එකක් අනුගමනය කිරීම මගින් ඔබට තෙල් සහිත සම නිසා ඇතිවන අපහසුතාවයන් බොහොමයක් මග හරවා ගැනීමට හැකියාව තියෙනවා.