සාමාන්‍ය පවුලක ඉපදුණු දැරිය
ඉතිහාසයේ නව පරිවර්තන සිදු කළ පුද්ගලයන් අතර, කාන්තා නායකත්වය පෙන්වූ විශිෂ්ට චරිතයක් විදියට Elena cornaro piscopia හැඳින්විය හැක. විද්‍යාත්මක හා දාර්ශනික අධ්‍යාපනය පිළිබඳව කාන්තාවන්ට විවෘත නොවූ සමාජයකදි, ඇය ලෝකයේ පළමු කාන්තා විශ්වවිද්‍යාල මහාචාර්‍යවරිය ලෙස ඉතිහාස ගත වී ඇත. . ඇගේ ජීවිතය, අද කාන්තා අධ්‍යාපන ගවේශණය හා සමාජගත සමානාත්මතාව සඳහා අත්දැකීම් ගැනීමට භාවිතා කල හැකි උදාහරණයකි.
Elena Lucrezia Cornaro Piscopia යනු ලෝක ඉතිහාසයේ විශිෂ්ටතම කාන්තා බුද්ධිමත් ව්‍යාක්තයන්ගෙන් අයෙකු බව සැක නැතිවම හඳුන්වාදිය හැකි චරිතයකි. . ඇය 1646 ජූනි 5 වනදා ඉතාලියේ වෙනිස් (Venice) නගරයේ පිහිටි සම්ප්‍රදායික උසස් පවුලක උපත ලැබීය. ඇයගේ පියා වූයේ වාණිජ රාජකාරීවල නිරත වූ ජියොන්කෝන කොර්නාරෝ (Giovanni Baptista Cornaro) ය. ඇගේ මව, සොන්තා ග්‍රාමීය පවුලකින් පැමිණි සොන්තා සන්තා (Zanetta Giovanna Boni) නම් කාන්තාවක් විය.
භාෂා රැසක ප්‍රවීණත්වය සමඟ ඉදිරියට
ඇලේනාගේ බුද්ධිමය හැකියාවන් ඉතා කුඩා වියේදීම පැහැදිලිව විද්‍යාමාන විය.ඇගේ දෙමාපියන් ඇගේ දක්ශතා නිසාවෙන්ම ඇයට වඩා උසස් අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් කටයුතු සූද්ගානම් කලහ. ඇය කුඩා කාලයේ සිටම ග්‍රීක, ලතින්, හීබ්‍රේව්, අරාබි, ස්පාඤ්ඤ හා ප්‍රංශ භාෂා ඉගෙන ගත් අතර, එම භාෂා තුළ ගැඹුරු ලේඛන කියවීම හා ලිවීමේ හැකියාවනද ප්‍රගුණ කලාය. මේවාට අමතරව ඇය ගණිතය, දර්ශනය, තාර්කිකය, සංගීතය, විද්‍යාව හා ආගමික අධ්‍යයනවලද දැඩි උනන්දුවක් දැක්වූවාය. . මෙවැනි විෂය පථයන් ඉගෙනීම සහ සහ ඒවායේ ප්‍රවීණත්වයට පත් වීමට උත්සාහ කිරීම පවා කාන්තාවකට විශාල අභියෝගයක් වූ සමයක ඇයගේ පවුල, විශේෂයෙන්ම පියා, ඇගේ අධ්‍යාපන කැමැත්තට වෙනුවෙන් ඉතා ඉහලින් සහයෝගය ලබා දුන් හ.
පලමු උපාධිදාරිනිය
ඇයගේ විශේෂත්වය වන්නේ, එවකට කාන්තා අධ්‍යාපනය සීමාකළ සමාජයකින් පැන නැඟී ආ ලෝකයේ පළමු කාන්තාව ලෙස විශ්වවිද්‍යාලයකින් උපාධියක් (Doctor of Philosophy) ලබාගත් වීමයි. 1678 වසරේදී ඉතාලියේ පදුවා විශ්වවිද්‍යාලය (University of Padua) විසින් ඇයට මෙම උපාධිය පිරිනැමුණි. ඇගේ අධ්‍යාපන කුසලතා හේතුවෙන්, ඇය එවකට සිටි බුද්ධිමත් පිරිස අතර විශිෂ්ටත්වයකින් හැඳින්වුණාය
ඇයගේ මෙම උපාධි පිරිනැමීම සංකේතාත්මක උත්සවයක් විය. පදුවා විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී, බොහෝ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවතුන මෙම උත්සවය පුරාවටම ඇය ඇය විශිෂ්ටතම මතවාදයන් දැක්වූ අතර, විශිෂ්ට භාෂාවෙන් සාකච්ඡා කළාය. මෙම අවස්ථාව ලේඛනගත කරමින් එය ඉතාලියේ කාන්තා අධ්‍යාපනයේ නව යුගයක ආරම්භයක් බවට පත්කිර එවකට පාලකයන් කටයුතු කරන ලද බවද කියැවේ.
ආගමික මතවාද ඔස්සේ ඉදිරියටම
එලෙසම විවාහ වීමකට හො නව බැඳීම් ඇති කර ගැනීමට අකමැත්ත පල කර ඇලේනා තමාගේ ජීවිතය ආගමිකත්වයෙහි යෙදවීමට කැමැත්ත දැක්වූ බව කියැවේ. ඇය දේව ආශ්‍රිත ජීවිතයක් ජීවත් වීමට උත්සාහ කළාය, තමාගේ අධ්‍යාපනික ව්‍යාපාරික හැකියාවන් ඔස්සේ සමාජයේ වෙනසක් සිදු කිරීමටද ඇය උත්සාහ කලාය. ඇය භෞතික සැප සම්පත් සම්පත් පමණක් නොව, ආත්මීය වටිනාකම්ද සෙවූවාය. විශේශයෙන්ම ස්ත්‍රීත්වය නිසා මුලුගැන්වී සිටීම නොකල යුතු බවත්, හැකි සෑම අවස්තාවකින්ම ප්‍රයෝජන ගෙන අධ්‍යාපනයේ යෙදීම කල යුතු බවත් ඇය නිතරම අනෙක් කාන්තාවන්ට ඒත්තු ගන්වන්නට උත්සාහ කලාය. එලෙසින් බොහෝ විට ඇය කාන්තාවන්ට පවතින සාමාජික සීමා අභිබවා යමින් කරුණු ඉදිරිපත් කලද, ක්‍රිස්තියානි අග්‍රාමාත්‍ය මණ්ඩලය ඇයට තවත් උපාධි ලබාදීම සීමා කරන ලද බවද කියැවේ.
ඉතා ඉක්මන් සමුගැනීම
මෙලෙසින් සමාජය තුළ නවමු මං මාවතක් එලි කරමින්, කාන්තාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාධනීය අත්දැකීම් සමඟ උපදෙස් දෙමින් උන් ඇයගේ ඇයගේ ජීවිතය ඉතා කෙටි කාලයකින් අවසන් වූයේ මුලුමහත් සමාජයටම දැනෙන පාඩුවක් සනිටුවහන් කරමිනි. 1684 ජූලි 26 වනදා, ඇය 38 හැවිරිදි වියේදී ඕ ආසාත්මිකතාවයකින් මිය ගියාය. ඇයගේ අවසන් කටයුතු ඉතා සරලව සිදු කර අවසන් කර ඇත්තේ ඇගේ ඉල්ලීමක් ලියා තිබූ පරිද්දෙන්ම බව කියැවේ. එවකට ඇය ලබාදුන් සෙරින, දේශන හා ලිඛිත ග්‍රන්ථ සටහන් බොහෝ කාන්තාවන්ට ආදර්ශයක් වන ලෙස ප්‍රකාශයට පත් කරන්නද විද්වතුන් කටයුතු කර ඇති බව කියැවේ.
ඇය මියගිය දින සිටම ඇයට ගරු කිරීම සඳහා විවිධ විශ්වවිද්‍යාල, සංගම්, හා කාන්තා අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක සංවිධාන ඇයගේ නම ඉතා ගෞරවණීය ලෙස පවත්වාගෙන යෑමට කටයුතු කර ඇත. ඇගේ මනා ලිවීමේ හැකියාවන්, ගැඹුරු දාර්ශනික අවබෝධය, සහ ඉතා විනීත ආකල්පය ඇය විශේෂ ගෞරවයකට පාත්‍ර කරවමින් ඉතිහාසය තුල නොමැකෙන නාමයක් ලෙස ඇය ඔසවා තබන්නාට ඇත.
අනාගතය ලියූ අතීතයක්
අද අපි කාන්තා අධ්‍යාපනය පිළිබඳව සාමාන්‍යයකින් කතා කරන අවස්ථාවක සිටින බව ඔබද දන්නේය. . නමුත් එය ලැබීම සඳහා පුරෝගාමී වූ කාන්තාවන් අතර Elena cornaro piscopia වැනි අයවලුන්ද සිටින ලද බව ඔබ අනිවාර්‍යන්ම මතක තබා ගත යුතුය. ඇය කාන්තාවන්ට අධ්‍යාපනය, පර්යේෂණ හා ආචාර්ය භූමිකාවන් හිමිකර ගැනීමට පිවිසුමක් විවෘත කළාය. ඇයගේ ජීවිතය තුළින් අපට දැක්වෙන්නේ, බුද්ධියට ස්ත්‍රී පුරුෂ භේදයක් නැති බවත්, අවස්ථා ලැබුනහොත් කාන්තාවන් ද ලෝකය වෙනස් කළ හැකි බවත් යි.
ReplyForwardAdd reaction |