මේ ඒ වසන්තයයි – 66

0
5022

නුරාන් දැනෙන හැඟීම සඟවාගන්නට උත්සාහ කරමින් කියවන්නට ගත්තේය. 

” ඒකට කමක් නෑ නෑ. තවදුරටත් තාරා මගේ ජීවිතේ ඉන්න ඕන නෑ.මේ ඉන්න  මං වගේ මිනිහෙක්ගෙ බර මුළු ජීවිත කාලෙම දරාගෙන තාරා ඉස්සරහට යන්න ඕන නෑ ….. එයාට යන්න දෙන්න..

හැමදේම සිද්ධ වෙන්නේ හොඳ විදියට කියලා මම හිතාගන්නවා..වත්සලා ඔය නාඩගම නැටුවේ  මාව කසාද බැඳගන්න වුවමනාවට නම් ඒකත් ඒ විදිහට සලකලා බලමු….

ඒකි ට ආදරේ කරන්න මට බැරි වෙයි.. ඒත් සැනසීමෙන් ඉන්න ඉඩක් හදලා දෙන්නම් මම…”

නුරාන් එලෙසින් පැවසුවේ සැබවින්ම වත්සලා හා විවාහ වන්නට අදහසකින් නොව එවෙලෙහි ඉසිනි තමා මගහැර ගියා යැයි යන වේදනාව සඟවා ගන්නටය. වත්සලා සිදු කර ඇත්තේ තමා කිසිදිනෙක , කිනම් හේතුවක් නිසාවත් ඇයට  සමාව  දෙන ආකාරයේ වරදක් නොවේ.

ධනුක නුරාන්ගේ උරහිස රිදෙන්නට මිරිකුවේය.

නුරාන් ධනුක දෙස බලා සුසුමක් හෙළුවේය. අය්යාට තමා වටහා ගැනීම අපහසු, ඔහු සීමාව ඉක්මවා තමා ගැන  වගකීම් දරන නිසායැයි ඔහුට සිතුනි.

“තාර  දුක් විඳින්න ඕන නෑ . තාරාට  යන්න යන්න දෙන්න…….”

නුරාන් හදවතෙහි බිඳීම අතිශය දරුණු බව දැනෙද්දීම කීවේය. පැය විසි හතරකට පෙර තාරාගේ හිතුවක්කාරකම හැරෙන්නට අන් සියල්ල යහපත්ව තිබුණි. එහෙත්, මේ වනවිට සියල්ල කණපිට ගැසී ඇත.

“උඹට පිස්සුද මිනිහෝ..? මරු කියවන්නේ නැතුව හිටපං…”

ධනුක විමසුවේ ආපසු හැරී බලමිනි. අසිහියෙන් හෝ  නුරාන් මේ පවසන දේවල් ඉසිනිට ඇසීම එතරම් සුදුසු නැත. ඉන් සිදු වන්නේ   ඇය ද  තවත් බිඳ වැටේ. හිතා මතා ඉවසීමෙන් කටයුතු නොකිරීම තුළ ඇතිවී තිබෙන විපත් පමණටත් වැඩිය. ධනුක නුරාන් වෙත නැඹුරු වූවේය. .

” ඒකී  උඹේ  ඇඟේ  එක කෑල්ලකට විතරක් ආදරය කර ගෑනියෙක් නෙවෙයිනේ..එහෙනම් කට පියාගෙන හිටපං…”

” මගේ කකුල් දෙකම නැද්ද මම දන්නේ නෑ ඕයි…… ඒත්, මගේ කකුල් දෙකම නැත්තං තාරා  අබ්බගාත මිනිහෙක් අරගෙන තියාගෙන මුළු ජීවිත කාලෙම ඉස්සරහට යන්න ඕන නෑ අයියේ…

එයා ඒ තරතරම් බරක් දරන්න පුළුවන් ගෑනියෙක් නෙවෙයි. අනෙක් අතට  තාරාට දැන් ඕනේ එයාව සුවෙන් සැපෙන් තියන්න පුළුවන් මිනිහෙක් මිසක්, එයා නිසා සුවෙන් සැපෙන් ඉන්න බලාපොරොත්තු වෙන මිනිහෙක් නෙවෙයි….

මං දන්නවා මට මොකක් හරි වෙලා කියලා… කකුලක් නැති උනත් කකුල් දෙකම නැති වුණත් ජීවිතය ඉස්සර විදියට ගෙවන්න මට බැහැ කියලත් මම දන්නවා…කාටම හරි බරක් ව්න්න වෙන බවත් මම දන්නවා…….”

” කුණුහරුප  කියන්න තියාගන්න එපා නුරාන්… දැන් ලෝකෙ උඹ හිතනවාට වඩා දියුණුයි මේ තරමින් හරි මේ දේවල් විසඳිච්ච එක් ගැන සතුටු වෙමු එක අතකට මේක මගෙත් වැරැද්ද…. ඔක්කොමලා කුලප්පු වුණා විතරයි….”.

“උඹ මොනා කරන්නද ? හැප්පෙන්නම වැදෙන්නම කුඩු වෙන්නම බලාගෙන  මම වාහනේට නැග්ගේ…… මටයි ඉවසීමක් තිබ්බේ නැත්තේ …. මං නොකළ වරදක් නම් මට කරන්න තිබුණේ උඹලගේ අස්සට වෙලා ඒ නොකළ වරද ඔප්පු කරන එක මිසක් කඩාගෙන කූඩු පට කරගෙන   අපේ කූඩුවෙන් එළියට පනින එක නෙවෙයි…..”

දෙදෙනාම සංවේදීව යමින් උන්නෝය.

” දැන් ඔය කතා වලින් තේරුමක් නැහැ…. ලොකු ගිහින් බලන්න මල්ලිව කොළඹට අරන් යන්න මොනවද කෙරෙන්න තියෙන දේවල් කියල… නැත්නම් අද දවසත් මෙහෙම ගෙවන්න වෙනවා…”

නුරාන්ගේ පියා කතාවට මැදින් එකතු වූයේය.  පැහැසරා ද එයට එකඟ වූවා. නුරාන් ගේ අම්මා ඔහුගේ  හිස පිරිමදින්නට ධනුක පසු කරමින්  නුරාන්  අසලට ලං වූවාය.

නුරාන් අම්මා දෙස බලා විශ්වසනීය සහ කිසිදා නොවෙනස් වූ ඔහු සතු සිනහව  පෑවේය. අම්මාගේ අතින් අල්ලා ගන්නට ඇතිරිල්ලට යටින් යට වී තිබූ අත උඩට ගත්තේය.

” අඬන්න එපා අම්මේ… මං ඉන්නවනේ….”

” මං අඬ්න් නෑ……. පොඩී… අපිට මයේ රත්තරන් බරක් නෙවෙයි…. මගේ පුතා පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා…”

“මං කලබල වෙන්නෑ අම්මේ.. මං දන්නවා මං තනි වෙන්නේ නැති බව ……අම්මා , තාත්තා,  මූ  පැහැසරා අක්කා,  මට ඒ ඇති..”

නුරාන්  එලෙසින් පවසා අවසන් වූවා පමණි. අම්මාට පසෙකින් ඉකි හඬක් ඇසිනි. නුරාන්ට ඒ ස්වරතානය හඳුනාගන්නට අපහසු වූයේ නැත. ඔහු  මදක් එසවෙමින්  ඒ දෙස බලන්නට උත්සාහ  කළේය. එපායැයි අනවශ්‍ය යැයි සිතුවාට පපුවෙහි වඩාත්ම වැදගත් සහ ආදරණීය  අර්ධය ගැලවී යන්නට ඉඩ දෙන්නේ කෙලෙසද.?

” තාරා….”

නුරාන්ට එලෙස කියවිණි. ඇගේ  වත මත ඇති දැඩි වෙහෙස නුරාන්ට පෙනෙන්නේය. ඇගේ ඇස් ඉතා වෙහෙසුණු ලකුණු සඟවාගන්නටවත් ඇය උත්සාහ කර නැත. . ඒ ඇස්  නොකඩවා හැඬූ සලකුනු දරන්නේය.  නුරන්ගේ තාත්තා අනෙක් තිදෙනාට යමක් පවසනු ඔහුට  ඇසෙන නමුත් ඒ පැවසුවේ කුමක්දැයි ඔහුට පැහැදිලි වූයේ නැත.

ඉන්පසුව ඉසිනි හැරෙන්නට ඉතුරු දෙනා තමාගේ ඇස් මානෙන් ඉවත්ව යනු නුරාන් දුටුවේය.

ඉසිනි  කිසිවක් පැවසුවේ නැත. සිත ශක්තිමත් කරගෙන සිටින්නට දැරූ  උත්සාහය දියවී ගොස් ඇති බවව දැනෙන්නේය.

නුරාන් ට තමා ඔහුගේ ජීවිතය තුළ සිටීමේ වටිනාකමක් නැත. සිතුවේ එලෙසය. සිතෙන්නේ එලෙසය.

සැබැවින්ම  නුරාන් එලෙසින් පැවසුවේ  ඔහු නිසාවෙන් තම ජීවිතය   යම් අඳුරකට නොවැටිය යුතු යැයි යන විශ්වාසයෙන් වුවද ඕ එය  අනෙක් පැත්ත හරවා තේරුම් ගත්තාය.

” තාරා කොයි වෙලේද ආවේ?”

නුරාන්  විමසුවේ  රෝහලෙහි විවිධ උපකරණවලින් නැගෙන නැගෙන හඬ ඇරෙන්නට එවෙලෙහි අවට තිබූ නිශ්ශබ්දතාවය දරාගන්නටම නොහැකි වූ තැනය.

” මං කොයි වෙලාවේ , කොහොම ආවත් ඒක ඔයාට වැඩක් නෑනේ නුරාන් … ඔයාගේ ජීවිතේට අම්මයි ,  තාත්තයි  ,  දනුක මහත්තයයි , පැහැසරා මිසුයි… ඉන්නවානේ..”

ඉසිනි පහත්, එහෙත් දැඩි ස්වරයකින් කීවාය.

“හ්ම්ම්ම්… ඔව්ව්.ඒක හරි …”

නුරාන් ද හිතුවක්කාර වෙමින් පිළිතුරු දුන්නේය. ඇය හා ගැටිය යුතුය. ඇය   තම ජීවිතයෙන් ඉවත්ව යන තැනට සියල්ල සකස් කළ යුතුය.  නුරාන් මේ සියල්ල සිද කලේ එවේලෙට ශි  සිතුවිලි වලට අනුවය.

එහෙත් සැනින්  ඉසිනි ගේ  ජීවිතය තුළ ඇති බිඳීම්   ඔහුට සිහිවූයේය.  අරුණෝද  ඇයට නිස්කාංන්සුවේ සිටින්නට ඉඩ දෙන මිනිසෙක් නොවන බව ඇයම පැවසූ බව සිහි වූයේය.

දික්කසාදයෙන් පසුව මෑත වර්තමානයේ ද  වෙනත් දුරකථන අංක භාවිතයෙන් ඈ අමතා යම් යම් බලපෑම් කරවූ බව පසුගිය දිනක ඉසිනි හඬමින් ආකාරය ඔහුට සිහි විය.

ඇයට සවිමත් කඳක් මත  වැලක්ව  වෙලෙන්නට මේ ජීවිත  කාලය  තුළ  හිම  නොවීම තුළ ඇගේ ජීවිතය තවත් බිඳී යාවිදැයි එක්වරම ඔහුට සිහි විය.

තම ජීවිතයේ වේදනාව ,  බිඳීම් සහ කුඩු පට්ටම් වී යෑම පරදවමින් ඔසිනිගේ ජීවිතය ගැන නුරාන් ගේ  සිත තුළ ප්‍රශ්නාර්ථයක් හටගත්තේය. එහෙත් තමා පත්ව ඇති තත්ත්වය හරි හැටිම දැන නොගෙන ,  ඉසිනි ව තම ජීවිතයේ නවතා ගන්නට තීරණය කිරීම ඇගේ  ජීවිතයට කරන අසාධාරණයක් යැයි නුරාන් අනෙක්  පසට සාධාරණීකරණය කරගත්තේය.

” කොහොමද නුරාන් ඔයා කතා කරන්නේ ඔහොම ?”

ඉසිනි  කඳුළු සඟවාගෙන දැඩි සහ ප්‍රශ්නාර්ථය තවරා ගත් ස්වරයකින් විමසුවාය.

” ඔයා ඒවා හිතන්න එපා…. අයියල මාද  කොළඹ අරන් යන්න හදන්නේ. එක්කෝ ඔයා තුෂාරා  පුංචිලට කතා කරලා එහේ ගිහින් බිනර එක්ක  ටිකක් කතාබහ කරලා රිලැක්ස් වෙලා ආයේ ඔෆිස් යන්න……. ඔෆිස් එකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයා ගැන චුට්ටක්වත් බය වෙන්න එපා…

සංජීව මහත්තයාට මම හැමදේම කියලා තියෙන්නේ. ඉස්සරහට වෙන දේවල් ගැනත් මම වගකීම ගන්නවා… මම ඒ දේවල් බලාගන්නවා. ඔයා ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්නෙ ඕනි තාරා….  ඔයා මං වගේ අබ්බගාත මිනිහෙක් ළඟින් ඔයාගේ ජීවිතේ නවත්තගන්න ඕන ගෑනියෙක් නෙවෙයි..”

ඉසිනි කෝපය දරාගත නොහැකිව නුරාන් වෙතට ළං වූවාය. නුරාන් ගේ සවන අසලින් නැවතුනාය. හිස වටා  අත දමාගෙන තවත් ඔහුට ළං වූවාය.සිටින්නේ රජයේ රෝලක බව ඇයට මොහොතකට අමතක ව ගොස් තිබුණි

” ඇයි මාව යවාගන්න එච්චර හදිසි….අර වස්සලාව කසාද බැඳ ගන්නද?”

ඇයගේ ස්වරයෙහි වූයේ උන්මත්තකභාවයකි. නුරාන් ඉන් තිගැස්සුනේ‍ය. ඔහු යන්තමින්  හිස හරවා ඇය දෙස බැලූවේය . ඇය උන්නේ  දෑස් පියාගෙන ය. ඇගේ ඇසිපිය සැලෙමින් තිබුණි. ඇගේ කොපුල් රත් පහැව ඇත්තේ කඳුළින්ම පෙඟී බව නුරාන් ට විශ්වාසය.

” තාරා…..”

නුරාන්  ඉතා අසීරුවෙන් නමුත් ඉසිනි ගේ  උන්මත්තක ස්වරයට යට නොවී සිටින්න උත්සාහ කරමින් එලෙසින් පැවසුවේය.

” ඕව්ව්… තාරා තමයි ….යන්න නම් කියන්නේ මම යන්නම් නුරාන් ….. හැබැයි මං ඔයාට වත්සලාව  බඳින්න ඉඩ  තියන්නේ ණම  නැහැ කියටවත්…. මම ඉඩ තියන්නෙ නැහැ. මං මැරිලා හොල්මනක් වෙලා ඇවිල්ලා හරි ඔය දෙන්නගේ මැදින් ඉන්නවා….ඉන්නවාමයි..”

අය තවත් තවත් උන්මත්තක ස්වරයක් සහ උන්මත්තක වැකිද ගලපා ගනිමින් එලෙස පවසා කෙලින් වූවාය. පසුව නුරාන් අසලින් පිටත්ව යන්නට ආපසු හැරුණාය. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here