එහෙත් ඇයට පිටත්ව යන්නට ඉඩක් ලැබුණේ නැත . නුරාන් ගේ සුරත ඇගේ අත වටා වෙලී තිබුණි. ඔහු ඒ අල්ලා ගත්තේ ඉසිනිගේ අතින් පමණක් නොවේ. එතරම් කල් දෙදෙනාම දෙදෙනා අතර පවත්වා ගත් දුරස්ථ භාවය නැත්තටම නැතිව ගියේය. නුරාන් ඉසිනිගේ ආත්මය තුළටම රිංගා ගත්තේය.
” තාරා ඔය සිට එක උස්සලා බලන්න…. මට කියන්න …බලලා…
එක්කෝ මගේ කකුලක් කපලා…. එහෙම නැත්නම් මගේ කකුල් දෙකම කපල… මට මතකයි එහෙම කිව්වා..
මට දැනෙන්නේ නෑ. ඔයාට ලේසි වෙන්නෙ නෑ මාව ජීවිතයේ දරාගන්න එක මං හම්බ කරලා තියෙන සල්ලි වලින් මුළු ජීවිත කාලයක් ජීවත් වෙන්න බෑ.. ණය වෙලා තියෙනවා. ඒ ණය ගෙවෙන්න ඕනේ ….
සමහරවිට වත්සලාගේ ප්‍රශ්න හැදුනයින් පස්සේ අපිට අම්පාරේ ඉන්න බැරි වෙයි…මගේ කම්පැනි ෆැක්ට්‍රී වැහිලා යයි.. එක්ස්පෝර්ට් ඕර්ඩර්ස් කැන්සල් වෙලා යයි…ඒ මිනිස්සුන්ට මට වන්දි ගෙවන්න වෙයි..”
නුරාන් කීවේය.
” ඔයාට විශ්වාස ද ඒ වීඩියෝ එකේ ඉන්නේ නුරාන් මන්දිනු සමරකෝන් නෙවෙයි කියලා…?”
ඉසිනි දිගු කතාවටම සවන් දී අවසන එලෙසින් විමසුවාය.
” තාරා??”
” එහෙනම් ආයෙ ඒ ගැන සැක තියාගන්න එපා නුරාන් … ඒ කෙල්ල මොන සැලැස්ම හදලා ඔයාව සෙටිය උඩට අරගෙන …. ඔයාගේ උඩට නැග්ගත්….. ඔයාව ඇඟ උඩට ගත්තාත් ඇත්ත එලි වෙන එක කාටවත් නවත්තන්න බැහැ. ඒක ඊළඟ තත්පරේද , ඊළඟ විනාඩියේද, ඊළඟ දවසේද , ඊළඟ සතියේද, ඊළඟ මාසෙද , ඊළඟ අවුරුද්දෙද මම දන්නේ නැහැ…
ඒත් ඒ තත්පරේ, විනාඩිය , සතිය ,මාසේ, අවුරුද්ද පහු වෙනකල් අපි සටන් කරමු……. අපි දේවල් අල්ලගෙන ඉමු.. ඔය වගේ බොරුවක් ජීවිත කාලයක් රැකගෙන ඉන්න න බැහැ නුරාන් ….
කොහෙන් හරි එලියට එනවා. අනිත් එක සිටීටීවී වල ප්‍රශ්න එක්ක වත්සලාගෙන් ඔයාටම දේවල් අහන්න පුළුවන් සමහර විට…. එතකොටම එයා ගේ කටින් දේවල් පිට වේවි.. ගොඩනගා ගත්ත දේවල් ඉක්මනින් කුඩු වෙන්න දෙන්න සූදානම් වෙන්න එපා නුරාන් …”
ඉසිනි නුරාන් ගේ අත තවත් තද කර අල්ලා ගනිමින් එලෙසින් පැවසුවාය. තමා වඩාත්ම පෙම් කරන ගැහැණියගේ හෝ ඒ පෙම් කරන මිනිසාගේ වචනවල ඇත්තේ එතරම් ශක්තියකි , එතරම් ඖෂධීය ගුණයකි.
” මගේ කකුල් දෙකම කපලද තාරා ??”
නුරාන් ඉසිනි ගේ අත තවත් ඉහලට වන්නට පිරිමදින්නට උත්සාහ කරමින් එලෙසින් විමසුවේය.
” මං දන්නෑ….”
” බොරූ.. ඔය දන්න්වා.. දන්නේ නැත්නම් බලලා කියන්න තාරා…. ඇත්තටම ඔයාට වාරු වෙලා එක කකුලකින් හරි පොළොවේ අඩි තියල ඇවිදලා යන්න මට පුලුවන් ද ….??”
“දැන් ඔයා හිතන්න ඕන හොස්පිට්ල් එකෙන් එළියට ගිහිල්ලා මේ වත්සලගේ ප්‍රශ්නේ විසඳගන්න විදිය මිසක් අනිත් කිසි දෙයක් නෙවෙයි නුරාන්…”
ඉසිනි සම්පූර්ණයෙන්ම නුරාන් වෙතට හැරී එලෙසින් අවධාරණය කළාය. නුරාන් ගේ පාදයෙහි අඩක් අහිමිවීමේ වේදනාව දැන් ඉසිනි තුළින් යටපත් වී සැඟවී ඇත. වඩා වැදගත් වන්නේ නුරාන් මේ ආකාරයෙන් හෝ සුවපත්ව නැගී සිටීම බව එසේ තමාටම අවධාරණය කරගෙන සිටියාය.
” අබ්බගාත මිනිහෙක් එක්ක ජීවිතය ලේසි වෙන්නේ නැහැ තාරා..”
“ඒත් උන්මත්තක දොස්තර කෙනෙක් එක්ක ජීවිතේට වඩා ඒ ජීවිතය ලේසි වෙයි..”
ඉසිනි ට එලෙසින් කියවුනේ ඉබේටම . නුරාන් එයට පිළිතුරු නොදී ඇය දෙස බලා උන්නේය. .
” කකුලක් , කකුල් දෙකම විතරක් නෙවෙයි අතක් , අත් දෙකම නැති වුණත් මට දාලා යන්න නම් කියන්න එපා නුරාන් … එහෙම වුනොත් මට තියන එකම විසඳුම මේ හැමදේම දාලා යන එක විතරයි.
සත්තයි….මම ජීවත් වෙන්නේ නැහැ. හැම තත්පරයක් තත්පරයක් ගානෙම ඔයා එක්ක ජීවිතයක් වෙනුවෙන් හීන දකින්න පටන් අරගෙනයි තියෙන්නේ. මට ඒක නැති කරගන්න උවමනා නැහැ. මට ඒක නැති කරගන්න කියන්නත් එපා පින් සිද්ධ සිද්ධවෙයි… “
අවේලාවේ වුව ඉසිනි එලෙසින් පැවසුවේ සැබැවින්ම ඇයට දින ගණනක සිට පවසා පවසන්නට අවශ්‍යව තිබූ යමකි . තමා නිසා නුරාන් ගේ ජීවිතයට අවැඩක් වේ යැයි සිතා ඔහුගෙන් ඉවත්ව යන්නට සිතූ දවස් නොතිබුණා නොවේ. එහෙත් ඒ හැම දවසකම අවසාන තත්පරය හෝ යළි නුරාන් වෙත හැරී විත් ඔහු වැලද ගන්නට අප්‍රමාණ වූ හේතු ඉසිනි සතුව තිබුණි.
රෝහලේ කටයුතු අවසාන කර ගැනීමෙන් පසුව නුරාන් ව කොළඹ පෞද්ගලික රෝහලකට මාරු කෙරුණි.
ධනුකගේ හිතවත් පොලිස් නිලධාරියෙකු වෙතින් ධනුකට ඇමතුමක් පැමිණියේ ඒ අතරවාරයේ.
” ඒ ධනුකයා….. මේක නිකං ෆිල්ම් එක කතාවක් වගේ බං… ඒ උනාට මේක මේ වෙලේ උඹට කියන එක වැදගත් කියලා හිතුනා….ඕ අයි සී මහත්තයා තමයි මාත් එක්ක මේක කිව්වේ උඹ මගේ ෆිට් එක කියල දන්න නිසා…”
“”මොකක්ද බං ..? පොඩි කරදරයක් වෙලා හොස්පිට්ල් ඇවිල්ලා ඉන්නේ…..”
“දන්නවා දන්නවා… දැන් නුරානයාට අවුලක් නෑ නේ?”
නෑ දැන් සෑහෙන දුරට ….ඒත් මල්ලිගේ කකුල් එක කකුලක් අයින් කරලා බං දනහිසෙන් ටිකකට පහලින්…”
” අප්පා ! හැබැයි වෙන්නත් ඇති ..
වාහනේ කුඩු පට්ටම් වෙලා තිබුණු හැටියට ඕකා ඔය මට්ටමෙන් හරි බේරිච්ච එක ලොකු දෙයක්… මූ එහෙම පිස්සුවෙන් වාහනේ ගෙනියන එකෙකුත් නෙවෙයිනේ බං… අනේ මන්දා වෙලාව තමයි…”
“ඒක හරි බං… හැමෝම කියන්නේ ඒක…
” මං දැක්කේ ෆොටෝ වලින් විතරයි සීන් එක..”
“අපිත් එහෙමට වාහනය දැක්කේ නෑ බං…. ෆොටෝ වලින් විතරයි දැක්කේ…බලන්නත් බෑ බං….. හරි ඒක නෙවෙයි… කියපන්කෝ මොකක්ද කාරණාව?”
” අර බං නුරාන් ගේ ඔෆිස් එකේ වැඩ කරන සුදු පොඩි කෑල්ලක් ඉන්නේ කොන්ඩේ ස්ට්‍රේට් කරපු….. අර තුම්මංහන්දියෙන් එහා ….”
“”කවුද බං”
” අර බං තාත්තා අලිය ගහලද කොහෙද නැති උනේ පොඩි කාලෙදිම…. අඩෝ බං මට නම මතක නෑ ….මේ කැම්පස් ගියපු කෙල්ලෙක් හිටියේ බං අර… ..අවුරුදු උත්සවේ නිවේදන කරරෙ…”
“කවුද වත්සලාද”
“අන්න හරි ඒ සලා තමයි … උදේ මරු වැඩක් වෙලා…. ඒකිගේ නෑදැය කෙනෙක් කියන කෙල්ලෙක් ඇවිල්ලා පොලිසියට කට උත්තරයක් දීලා ගිහින් තියෙනවා නුරාන්ගේ කැබින් ඒකෙ වීඩියෝ එකක් කරන්න වත්සලා ඒ කෙල්ලට ගානක් දුන්නා කියලා.
හොස්පිට්ල් එකේ වැඩ කරන ඒකිගෙම යාළුවෙක්ට කියලා තමයිලු වත්සලා නුරාන් සිහිය නැති වෙන්න දෙන්න මොනවද මන්ද වගයක් ගෙන්න ගෙන තියෙන්නේ…
කෝමින් හරි ඒ වීඩියෝ එක කරලා ඒකෙන් නුරාන් වයි, උඹලවයි බය කරගෙන නුරාන් එක්ක සෙට් වෙන්න තමයි ඔය වත්සලා කියන කෙල්ලගේ ප්ලෑන් එක තිබිල තියෙන්නෙ අර කෙල්ල කියන විදියට…..අපි දන්නේ නෑ ඉතින් ඇත්ත කතාව… ඒකි ඒක පොලිසියට ඇවිල්ලා කියලා….
ධනුක කෝපය ඉවසාගන්නට නොහැකිව ඉන්නේ කොහේදැයිත් නොසිතාම මහා හඬින් කෑ ගැසුවේය
” උඹ කෑගැහුවා කියල වෙච්ච දේවල් වෙනසක් වෙන් නෑ ධනුක.. උඹ කොයි වෙලත් කුලප්පු වෙච්ච හරකා වගේ එහෙට මෙහෙට පයින එකනේ බං කරන්නේ…. සිහිකල්පනාවෙන් වැඩක් කරපන්කො…
. අර නුරාණය අසනීප වෙලා හිටපු දවස් වල උඹ ගානට ගේම ගැහුවේ……. සිහි කල්පනාවෙන් හිටපං බං…උඹලා තාත්තලානේ…
දැන් වෙන්න ඕනෙ උඹලා කවුරුහරි ඇවිල්ලා පොලිසියේ කම්ප්ලේන් එකක් දාන් ඕනි ආපහු මෙන්න මෙහෙම සිදුවීමක් වෙලා තියෙනවා ….. මේම ඔෆිස් එකේ සිය සිටීවී ඕෆ් කරලා තියෙනවා….. මෙන්න මේ වගේ වීඩියෝ එකකින් මේ වගේ ගෑණු ළමයෙක් බ්ලක්මේල්ල් කරන්න උත්සාහ කරනවා කියලා..
.ඊට පස්සේ වත්සලා පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කරයි. ඉස්සරහට කරන්නේ මොකද්ද කියලා බලමු…
අඩෝ මං දන්න තරමින් නම් ඒකි එහෙම නරක කෙල්ලක් නෙවෙයි බං … හෙනම අහිංසක කෙල්ලක්….. ඕක කතාබහ කරලා විසඳගන්න පුළුවන් මට්ටමෙන් ඉවරයක් කරගන්න බලහං…”
” මං ඕකිව ම්රලා දානවා බණ්ඩාර…. සත්තයි මං ඕකි මරලා හිරේ යනවා…. අද මල්ලි අරහෙම ඇඳට වැටිලා ඉන්නේ ඒකි හින්දා කියලා උඹ දන්නවාද යකෝ… ඒකිද ඇරෙස්ට් කරපල්ලා….. උඹලා..”
ReplyForwardAdd reaction |