ගර්භාෂයේ හැදෙන අසාමාන්‍ය ගෙඩි

“එයාට බබාලා නැහැ, බඩේ ගෙඩියක් ලු …” කාන්තාවක් විදියට මේ වගේ කතා ඔබට ආගන්තුක නොමැති බව අප දන්නවා. මොනවද මේ ගෙඩි? ඇයි ඒවා හැදෙන්නේ? වගේ ගැටලු රාශියක් ඔබට ඇති. සමහර විට නව යොවුන් තරුණියක නම් ඔබ මේ ගැන දැන ගන්නා පළමු අවස්ථාව වියහැකියි.

ෆයිබ්‍රොයිඩ්

  • ෆයිබ්‍රොයිඩ් කියන්නෙ ගර්භාෂයේ තිබෙන මාංශ පේශීන් වලින් ඇතිවන ප්‍රදාහ තත්වයක්. ඒ නිසා මෙම ගෙඩි කිසිම විටෙක පිළිකා බවට පත්වන්නේ නැහැ. ඒ මෙය මාංස පේශී ප්‍රදාහයක් නිසා.
  • ලෝකයේ ඒ ඒ රටවල් අනුව කාන්තාවන්ට ෆයිබ්‍රොයිඩ් සෑදීම වෙනස් බව සොයාගෙන තිබෙනවා. වැඩියෙන්ම ෆයිබ්‍රොයිඩ් තර්ජනයට ලක්වන්නේ අප්‍රිකානු කාන්තාවයි. ආසියාතික කාන්තාවන්ට ඊට වඩා අඩු ප්‍රතිශතයක් වන අතර යුරෝපීය කාන්තාවන් සම්බන්ධයෙන් එය බෙහෙවින්ම අඩු වනවා.
  • ෆයිබ්‍රොයිඩ් සෑදීමට හේතු මෙතෙක් විද්‍යාත්මකව සොයාගෙන නැහැ. එහෙත් එය ආරයට යන බවක් පෙන්නුම් කරනවා.
  • ඒ වගේම මේ ගෙඩි තියෙන කාන්තාවන්ට කිසිදු රෝග ලක්ෂණයක් පහළ වෙන්නේ නැහැ. මේ රෝගය හඳුනා ගන්නේ වෙනත් රෝග ලක්ෂණයක ප්‍රධාන එකක් විදියටයි.
  • රෝග ලක්ෂණ ෆයිබ්‍රොයිඩ් ගෙඩිය කාන්තාවන්ගේ ගර්භාෂයේ ඇතුලු බිත්තියට වඩාත් ආසන්නව සෑදී ඇත්නම් එම කාන්තාවට මාසික ඔසප් වන දිනයේදී සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් රුධිරය පිටවෙනවා. ගර්භාෂයේ තිබෙන ෆයිබ්‍රොයිඩ් වඩාත් විශාල නම් එහි තෙරපුම නිසා මුත්‍ර මාර්ගය ආශ්‍රිත රෝග ලක්ෂණ පහළ වනවා. එනම් නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය, මුත්‍රා අඩස්සිය වගේ දේවල්. ගර්භාෂයේ පිටුපස බිත්තියට ආසන්නව ගෙඩිය වර්ධනය වන්නේ නම් මල බද්ධය ඇතිවනවා. මෙහිදී වඩාත් ලොකු ගෙඩියක් ඇත්නම් එය වෛද්‍යවරයා ඇල්ලූ විගසම අතට දැනෙනවා.
  • ඊට අමතරව යෝනි මාර්ග පරීක්ෂාවක් සහ ස්කෑන් පරීක්ෂාවක් කිරීමෙන් රෝගය නිවැරදිවම හඳුනා ගැනීමට හැකියි.
  • අධික ලෙස රුධිරය පහවන්නේ නම් එය පාලනය කිරීම සඳහා ඖෂධ ලබාදෙනවා. එහෙත් වඩාත්ම සාර්ථක වන්නේ ශල්‍යකර්මයක් කිරීමයි.
  • ශල්‍යකර්මය ක්‍රම දෙකකට සිදුකළ හැකියි. එකක් නම් ලැපරස්කොපි මාර්ගයෙන් පෙකනිය ලගින් කුඩා කැපුමක් දමා ගෙඩිය ඉවත් කිරීම මෙන්ම ගර්භාෂයේ කැපුමක් දමා ගෙඩිය ඉවත්කිරීම යි.
  • මීට අමතරව කාන්තාවගේ වයස අනුව ගර්භාෂය ඉවත් කිරීමද සිදුකරනවා. ඉතින් දැන් අප යම් තරමක අවබෝධයකින් ඉන්නෙ මේ ගැන. ඉතින් නීතිය වගේම සෞඛ්‍යයත් ගැන නිසි අවබෝධයක් තිබීම ඔබට පමණක් නෙවේ බුද්ධිමත් කාන්තාවක ලෙස පවුලටත්, රටටත් සම්පතක්.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles