ඉසිනි තම දුරකථනය ක්‍රියාත්මක කරේ නුරාන් කොළඹ රැගෙන ඇවිත් අදාළ වැඩකටයුතු සිදු කර අවසානයේය. දින දෙකක නිවාඩුව අවසන්ව තිබූ නමුත් ඇය වෛද්‍ය හේතුන් ඉදිරිපත් කර ඉතිරි දින දෙක සඳහාද නිවාඩු ලබා ගත්තාය. නැවත සේවයට වාර්තා කරන්නේ ලබන සතියේ බව ඕ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට දැනුම් දුන්නාය. කාර්‍යාලයේ පරිපාලන නිළධාරීනිය අමතා අවශ්‍යතාවයක් වුවහොත් තමා අමතන මෙන්ද දැනුම් දුන්නාය.
ඇය දුරකථනය ක්‍රියාත්මක කර අන්තර්ජාලයට සම්බන්ධ වූ වහාම අක්කාගෙන් මඟ ඇරුණු ඇමතුම් රැසක් ඇති බව දුටුවාය. ඒ තරමටම කෙටි පණිවිඩ ද විය. අක්කාට ඇමතුමක් ගනිමියි සිතු ඇසිල්ලේම අක්කාගෙන් ඇමතුමක් ඇගේ ජංගම දුරකථන තිරය මතට වැටුණේය.
“අක්කේ…”
” කොහෙද ඉන්නේ චූටි ..?”
” කොළඹ…”
” කොළඹ කොහෙද? මොකටද කොළඹ ආවේ? හදිස්සියෙම… අනිත් එක අද වැඩ කරන දවසක් නේ….?”
” අක්කේ…. කලබල නොවී කතා කරමුකෝ…. නුරාන් ගමනක් යන ගමන් ඇක්සිඩන්ට් වෙලා… හම්බන්තොටින් දැන් අපි එයාව කොළඹ අරන් ආවා…..”
” කවුරු කියලද ඔයා කිව්වේ චූටි ?”
” නුරාන්….. අක්කේ …නුරාන් … නුරාන් මන්දිනු සමරකෝන්….”
ඉන් පසුව දෙදෙනා අතරම වූයේ නිහඬියාවකි. ඉසිනි යළිත් කිසිවක් පැහැදිලි නොකර ඇය පැවසූ අදහසම මත හිඳිමින් නිහඬවම උන්නාය. ඉසිනි ගේ අක්කා වුන්නේ කුමක් විමසන්නට දැයි සිතා ගන්නට නොහැකිවය.
” මං අම්මලාට තාම මුකුත් කිව්වේ නෑ …. අයියටවත් කිව්වේ නෑ…. තමුසේ මට මැසේජ් එකක් දාලා ෆෝන් එක ඕෆ් කරගත්තහම එන්න පුළුවන් දුරකද කියල හිතනවා ඉසිනි…..කවදා ඉඳන්ද එච්චරට හිතුවක්කාර වුණේ ?”
“අක්කේ…. මං ඔයාට මැසේජ් එක දැම්මේ ඇක්සිඩන්ට් එකෙන් සර්ජරි එකක් කරලා නුරාන්ගේ දකුණු කකුල දණහිසට පහළින් කොටසක් අයින් කරලා කියලා දැනගත්ත වෙලාවේ….
අක්කේ… මට නුරානව මුණගැහුනට මං නුරාන් ව මැරි කරනවාද කියලා මට අදහසක් තිබුණේ නැහැ….. ජීවිත කාලෙම නුරාන් එක්ක ඉන්නවද කියලා මම තීරණය කරලා තිබුණේ නෑ.. මම බයෙන් හිටියේ… පහු බැස්ස…. ඒත් මේ ආරංචිය දැනගත්තහම මම තීරණය කරා මම නුරාන් එක්ක හැමදාම ඉන්නවා කියලා. ….එයා කැමති වුණත් නැතත්…. එයා මාව බැන්දත් නැතත්… මට එයාට හය්යක් වෙලා ඉන්නයි ඕනි….” .
” මොනවද චූටි මේ කියන කතා… ඒ මනුස්සයා බැදලාද ….නැද්ද ….දරුවෝ ඉන්නවද….. මේ කිසිම දෙයක් නොදැන ඔයා හදාගන්න හීන මාළිගාව ලොකු වැඩි නැද්ද..? අනේ මගේ නංගී… දුක් විඳින්න සූදානම් වෙන්න නම් එපා මගේ නංගී ….”
” නුරාන් කාවවත් මැරි කරලා නෑ අක්කේ… තනියෙන් ඉන්නේ….. අම්මයි තාත්තයි අක්කයි නෑනයි බබයි එක්ක…”
ඉසිනි විශ්වාසයෙන් සහ ආදරය මුසු හඬින් කීවාය. ඇයගේ සිත තුළ වූයේ තමා වෙනුවෙන් බලා උන් පිරිමියකු වෙනුවෙන් ඇගේ හදවතින් නැගෙන ප්‍රේමයේ උණුහුමය.
” කොහොමද හරියටම දන්නේ?”
” මං….මං….. දවස් දෙක තුනක් එහේ හිටියා. ඒ අම්මලා එක්ක…..”
” මොකක් … එහෙ..? කොහෙද ???එතකොට ඒ අම්මලා කැමතිද???”
” දන්නෑ අක්කේ…… අයියයි නෑනයි දෙන්න නම් මට චුට්ටක්වත් කැමති වෙලා හිටියේ නෑ … ඒම කියලා මම දැනගත්තා හරි ඉක්මනට….. ..ඒ දෙන්නා මගෙත් එක්ක වැඩ කරන ඔෆිසර්ස්ලා දෙන්නෙක්……
ඒ අයිලා දෙන්නෙක්….. ඒ දෙන්න මට කෙලින්ම කිව්වා නුරාන්ගෙන් අයින් වෙන්න කියලා….. ඒ නිසා කොහොමටත් මම නුරාන් ගේ ජීවිතෙන් අයින් වෙන්න කියලා හිතපු දවස් තිබුණා…
… ඒත් මං දන්නෑ කොහොමද කියලා නුරාන් කොහොමම හරි බලෙන් මාව එයාලගේ ගෙදර ඇතුලට එකකරගෙන ගියා. …. ඒ එක් කරගෙන ගිය දවසේ ඉඳන් එයාගේ අම්මයි තාත්තයි අයියයි නෑනයි ඔක්කොමලා මාව පිළිගත්තා. ඒක විශ්වාස කරගන්න අමාරුයි … අක්කේ ඇත්තටමඅමාරුයි…
. මම නුරාන් ව අතහැරලා දාලා මගේ ජීවිතය හොයාගෙන ගියාට පස්සේ එයාගේ ජීවිතේ මාරම අපායක් වෙලා තිබිලා තියෙන්නේ….. ඇත්තටම එයා දුක් විඳපු තරමින් මං තාම සියයට එකක් දෙකක්වත් දන්නේේ නැහැ..
. ඒත් ඒක සෑහෙනම දුකක් කියලා දන්නවා… එහෙම වෙලා තියෙද්දි නුරාන්ගේ අම්මලා තාත්තල මාව පිළිගන්න එක මට ඇත්තටම හිතාගන්න බෑ….. “
“එතකොට නුරාන් මොකක්ද කියන්නේ ?”
” මේ ඇක්සිඩන්ට් එක වෙන්න කලින් නම් එයා මොනම තත්ත්වයක් නිසා වත් මාව අතාරින්නෙ නෑ නෑමයි කිය කියා හිටියේ…. එයා ජීවිතේ ජීවත් වුණා එකම බලාපොරොත්තුව කවදහරි දවසක මැරෙන්න කලින් අපි දෙන්නාට සැනසීමෙන් දවසක් ඉන්න ලැබෙව් කියන බලාපොරොත්තුව කියලා එයා කිව්වේ….ඒත් මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ එයා පස්ස ගහනවා. එයා මාව මගහරින්න හදනවා ….”
“කකුලක් නෑ කියන්නේ ජීවත් වෙන්න බාධාවක් නෙවෙයි චූටි… අනික දැන් තාක්ෂණය මාරම ඉස්සරහට ඇවිල්ලා… තාක්ෂණය මාර දියුණුය්යි… අයියලගේ හොස්පිටල් වල ඕන තරම් ඔය වගේ ඔපරේෂන් කෙරෙනවා…”
ඉසිනි ගේ අක්කා එලෙසින් කීවේ ඇයිදැයි ඇයම දැන උන්නේ නැත.
” ඒක මං දන්නවා… මං ඒක මම ඒ ගැන හිතලා හිත හදා ගත්තා…. ඒ මං ගැන , මං වෙනුවෙන් නෙවෙයි…. නුරාන් හයියෙන් අල්ලන් ඉන්න ඕන කියන විශ්වාසේ වෙනුවෙන්….. ඒත් නුරාන් එක විශ්වාස කරන්න ලෑස්ති නැහැ….
එයා කියන්නේ මම එයා එක්ක ඉන්න එකෙන් මගේ ජීවිතයට අවැඩක් වෙනවා… කියලා…. මගේ ජීවිතය ආපස්සට යනවා කියලා ..අබ්බගාතයෙක්ට උරහිස දෙන්න නවතින්න එපා කියලා එයා කියනවා…”
ඉසිනි සහ අක්කා පැය එකහමාරක් පමණම ඇමතුමේ උන්හ. ඉසිනි අක්කාගෙන් ඉල්ලා සිටියේ අම්මාට තාත්තාට සහ අයියාට නුරාන් පිළිබඳව පවසන ලෙය. ඕ තම දුරකථනයෙ වූ දෙදෙනාගේ ඡායාරූප කිහිපයක්ද අක්කාට යැව්වාය.
” චූටි නෙක්ස්ට් මන්ත් මුල් සති දෙක අයියටත් නිවාඩු ගන්න පුළුවන් පුළුවන්…… අපි කොහොමත් ලංකාවට එනවද නැද්ද දෙගිඩියාවෙන් හිටියේ. මායි අයියයි අම්මයි තාත්තයි එන වග ඔයා නුරාන් ට් කියන්න… ෆයිට් කරන්න .. මං ඔයා එක්ක ඉන්නවා…! “
“මං දන්නෑ අක්කේ… අම්මටයි තාත්තට එයාට මුහුණ දෙන්න පුලුවන් වෙයිද කියලා….. නුරාන් ඉස්සරහා අම්මවයි තාත්තවයි අපහසුතාවයට ලක් කරන්න මට උවමනා නෑ, ඔයා ගැලපෙනවා කියලා හිතෙන දෙයක් අම්මයි තාත්තයි එක්ක කතා කරලා බලලා කරන්න… ඒත්, මං ගැන බය වෙන්න එපා. මං මෙහේ තනිවෙලා නැහැ..”
ඉසිනි ඉතා විශ්වාසයෙන් අක්කාගේ සිත සැදුවාය.
රෝහලේ සිට ඉසිනිලා නවාතැන් ගෙන සිටි නවාතැනට වූයේ පයින් ඇවිද යන්න දුරකි.. ඕ නවාතැනින් පිටත් වී රෝහල වෙතට පිටත් වූවාය.
ධනුක සහ පැහැසරාත් නුරාන් ගේ දෙමාපියනුත් වුණේ නුරාන්ගේ කාමරය තුළය . ඉසිනි පැමිණියාට පසු ඔවුන් නිවසට ගොස් පැමිණෙන්නම් යැයි පවසා දෙදෙනාට සමු දුන් හ.
” අපේ අක්කා යි අම්මයි තාත්තයි අයියයි ලබන මාසේ මුල මෙහෙ එනවා කිව්වා නුරාන් ..”
ඉසිනි නුරන් අසලට ගොස් යහනට දෑත තබා මදක් නැවී නුරාන් ට පැවසුවාය. නුරාන් තිගැස්සී යනු ඕ දුටුවාය. එහෙත් ඇගේ ඇස් කැල්ම ඇ වෙනස් කළේ නැත. නොවෙනස්ව බලා උන්නාය. තිගැස්සුනේ කිනම් කාරණයක් නිසාදැයි ඉසිනි ට වැටහුනේ නැත.
” ඒ මොකටද හදිසියේම මෙහෙ එන්නෙ…?”
නුරාන් විම්සද්දී ඔහුගේ හඬෙහිද තිගැස්මක් විය.
” ඔයාව අරගෙන යන්නද ? …”
නුරාන් ඇගේ ඇස් වලින් ගැලවෙන්නෙ නැතිවම එලෙස විමසුවේය. ඉසිනි ගේ කොපුල් පුරා සිනහව තැවරුණි.
එහෙත් ඕ ඒ සිනහව නුරාන් ට නොපෙනෙන්නට සඟවා ගත්තාය. මදක් හිතුවක්කාරව පොඩි ගිනිදැල්ලක් නැගෙන්නට දුන්නාට කම් නැතැයි සිතුවාය. ඕ හිස සැලුවාය. ගිනිදැල්ලක් නොව නුරාන් ගේ හදවත තුළ මහා ගින්නක් ඇවිළුණි.
තත්ත්වය මෙලෙසින් නොවූවානම් ලෝකය හා සේම ඇගේ දෙමාපියන් හා සටන් කොට හෝ ඈ ලබා ගන්නා බව නුරාන් ට විශ්වාසය… එහෙත්…….,
ReplyForwardAdd reaction |