සමහර දවස් හරි බරයි – හැබැයි That’s Okay!

“සමහර දවස්වලට මම උදේට නැගිටින්නෙ හැමදේම එපා වෙලා”

මේ වගේ කතන්දර කට්ටිය ඕන තරම් කියනවා. සමහරවිට මේ feeling එකම ඔයාටත් දැනිලා ඇති. ඇත්තටම ඒ වගේ low energy එකකින් නැගිටින්න වෙන දවස්, ඒ වගේ feel වෙන දවස් අපි භාරගන්න ඕන මොන වගේද?

අන්න ඒ ගැනයි අද අපි මේ ආටිකල් එකෙන් කතාකරන්න යන්නෙ.

1.කවුරුත් කියලා නෑනේ, හැම දවසම sunrise එකක් වගේ fresh වෙන්න ඕන කියලා.

සමහර දවස් ඇහැරෙන්නෙම weird බරකමක් එක්ක. ඔයාටම කියන්න තේරෙන්නෙ නෑ හේතුව. ඇඳෙන් නැගිටිනවා කියන්නටවත් motivation එකක් නෑ. ඒ හැඟීම sometimes sadness, sometimes restlessness, sometimes just emptiness. මේ හැමෝම face කරන feeling එකක් – හැබැයි බොහෝදෙනා ඒක ගැන කතා කරන්නෙ නෑ.

ඒ වගේම It’s Normal.

2. හේතුවක් නැතුවම mood එක “off” වෙලා ඉන්නව.

කවුරුත් hurt කරලා නෑ, office එකේ tension එකක් නෑ, ගෙදර කිසිම වැඩක් නෑ – ඒත් energy එකකුත් නෑ. phone එක අරින්නවත් interest එකක් නෑ. බොහෝ විට මේවා hormones, lack of sleep, burnout, mental overload වගේ දේවල් නිසා වෙන්න පුළුවන්. ඒ හැඟීම invalid කියලා හිතන්න එපා. හේතුවක් නැතිව නරක mood එකක් තියෙන්න පුළුවන්. ඒකට හේතුවක් හොයලා, තමන්ව නිකන් බොරුවට stress  කරන්න ඕනෙ නෑ.

3. Productivity එකක් නැති දවසකත්, වටිනාකමක් තියෙනව.

සමහර දවස් කිසිම දෙයක් achieve කරන්නෙ නැති දවසක් වගේ ඔයාට හිතේවි. social media වලම scroll කර කර උන්නු දවසක්, task list එකේ එකක්වත් tick කරලා නැතිව ගතවුන දවසක් වගේ කිසිම තේරුමක් තියෙන වැඩක් නොකරපු දවසක් වගේ හිතේවි. ඒත් ඒක වැරැද්දක් නෙවෙයි. rest කරන්න, reset වෙන්න, realign වෙන්න දවස් ඕන. ඒත් ඒ දවස් වල guilt එකෙන් ජීවත් වෙන්න එපා. “අද කිසිම දෙයක් කරලා නෑ” කියන එක sometimes “අද මට badly needed break එකක් ලැබුණා” කියන එකට සමානයි.

4. Comparison එකෙන් තමන්ව තවත් down කරගන්න එපා.

මේ දවස්වල විශේෂයෙන් TikTok, Instagram වගේ platform වල හැමෝම happy, productive, pretty, aesthetic life එකක් lead කරනවා වගේ පේනව. ඒත් ඒ screen එකෙන් එහා යන real life එක වෙනස්. ඔයා බලන ඒ highlight reel එකත්, ඔයාලා වගේම struggle කරන කෙනෙක්ගේ filter එකක්. ඔයාගේ “low day” එකක් ඔයාටම valid. ඒක “අපරාදෙ” කියලා හිතෙන්න ඕන දවසක් නෙවෙයි.

5.Small steps – big victories.

එහෙම දවස්වල, පොඩි පොඩි දෙවල්වත් කරලා බලන්න. ඇඳේ ඉඳලම පොඩි exercise එකක් කරන්න, පොතක් කියවන්න තේ කෝප්පයක් හදාගන්න, පොඩි walk එකක් යන්න. මේ දේවල් පොඩි වුනත්, ඒ දවසේ ඔයා ජය ගන්න තියෙන ලොකුම හේතුව එක්ක වෙන්න පුලුවන් sometimes. මේ පොඩි wins එකින් එක එකතු වෙලා, දවසේ end එකේ peaceful කරගන්න උදව් වෙනව.

6. Self-kindness කියන එක luxury එකක් නෙවෙයි – basic need එකක්.

දවසක් hard වුනා කියලා, ඔයාටම self-criticism කරන්න එපා. “මං මේ වගේ දෙයක්වත් කරගන්න බැරි කෙනෙක්ද?” “ඇයි මං මෙච්චර weak ද?” කියන ප්‍රශ්න අස්සෙම, “අද මට best ම විදියට මේ වැඩේ කරන්න බැරි වුණාට, හෙට තව පාරක try කරන්න පුළුවන්” කියන්නත් පුළුවන්. ඔයාට තව අවස්ථා තියෙනව. Rest කියන එක laziness නෙවෙයි. ඒක තමන්වම රැකගන්න tool එකක්. මේ world එකේ, especially hustle culture එකේ, rest එක revolutionary දෙයක්. ඒක අපි හැමෝම deserve කරන දෙයක්. ඒ නිසා rest එකක් ගන්න අමතක කරන්න එපා.

7. මෙහෙම දවසුත් තියෙනවා

සමහර දවස් තියෙනවා හරිම blank. ඒක හැබැයි හැමදාම එහෙමමයි කියලා හිතන්න එපා ඒක . ඒක change වෙලා යන දෙයක්.

ඉතින්, සමහර දවස් එපාවෙච්ච හැඟීමකින් පටන්ගත්තත්, ඒ දවස්වලටත් “feel” වෙන්න දෙන්න. Escape වෙන්න උත්සාහ කරන්න එපා. ඒ හැඟීම, ඔබවම ඔබට හඳුන්වන්න ආව subtle messenger එකක් වෙන්න පුළුවන්.

දවසකට පොඩ්ඩක් slow උනා කියලා, ඇඬුවා කියලා ප්‍රශ්නයක් නෑ.
ඔයා ඔයාටම rest වෙන්න permission එක දෙන්න. ඒ වගේ දවස්වලට තමයි අපිට ඇත්තටම අපිඅ තේරුම්ගන්න පුලුවන්කම ලැබෙන්නෙ.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles