ආයෙ කීයටවත් ගෙදර වුවමනාවල් වලට වියදම් කරන්නේ නැහැ කියලත් තරින්දි හිතා ගත්තා. තමන්ට පුළුවන් විදියට දේවල් කරාට පස්සෙත් හිත රිදෙන කතන්දරම අහන්න සිද්ධ වෙනවා නම් තමන් අමාරුවෙන් උපයා ගන්න මුදල් නිරපරාදේ වියදම් කරන එක තේරුමක් නැහැ කියලා තරින්දි තමන්ටම ඒත්තු ගන්වගන්න උත්සාහ කලා.
තරින්දි කසුන් එක්ක විවාහ වෙලා වෙලා, කසුන්ගේ නිවෙසේ පදිංචියට ආවේ මීට මාස හතරකට කලින්. ආපු මුල් දවස්වල දෙන්නට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. කසුන් රැකියාවට ගිහින් එනකන් තරින්දි නිවසේ ඉඳන් ඇගේ රැකියා කටයුතු කරා. තරින්දි සේවය කරේ විදෙස් ආයතනයකට අනුබද්ධ ශ්‍රී ලාංකික ශාඛාවක නිසා ඇයට නිවසේ ඉදන් සේවය කරන පහසුකම සපයලා තිබුණා.
උදේ නැගිටලා ගෙදර අයටත් එකම කෑම ලෑස්ති කරලා, කසුන් සූදානම් වෙලා ගෙදරින් ගියාට පස්සේ, කාමරය ඇතුලට යන්න තරින්දි ආයෙම දවල් කෑම වෙනකම්ම කාර්යබහුලව ඇගේ රාජකාරීමය කටයුතු ඉටු කළා. දවල් කෑමෙන් පස්සෙ පැය දෙකක් විතර රාජකාරී කටයුතුවල යෙදිලා සමයේ ඇය කාමරයෙන් එළියට එන්නේ.
මුලදී මුලදි කසුන්ගේ අම්මලා මේ ගැන මුකුත් ඇහුවේ නැති වුණාට පස්සේ පස්සේ ඇනුම් පද එහෙන් මෙහෙන් ඇහෙන්න ගත්තා.
” ඈ පුතා….. අර ළමයා ඔයා ගියාම කාමරය ඇතුලට රිංගගන්නව , රිංගගන්නවමයි ආයෙ එලියට එන්නෙ දවල්ට කන්න නේ. ඒ කාලත් ආයි ඉබ්බා කට්ටට රිංගන්නා සේ කාමරය ඇතුලට රිංග ගන්නවා…”
“ඉතින් එයා වැඩනේ අම්මා “
“ඉතිං ඔය කරන වැඩක් එළිපහලියේ නම් කරන්න පුළුවන්නේ”
” එහෙම කරන්නේ කොහොමද අම්මා? වැඩක් කරනකොට සද්ද බද්ද නැතුව හිතේ නිදහසින් වැඩේ කරන්න ඕන නේ. අනික ඒ තරින්ඳි කැමති විදිය… එයා පුරුදු වෙලා තියෙන්නේ නිහඬ තැන්වලට වෙලා පාඩුවේ වැඩ කරන්න….”
“අනේ මං දන්නෑ … අන්තිමේදී ඉතින් කාමර ඇතුලට වෙලා මොනවා මොනවා කරනවද කියලා කවුද දන්නේ?…”
!අනේ මොනවද අම්මා මේ..?”
දවසක් තරින්දිටත් අහම්බෙන් මේ කතාව ඇහුනා. ඒ කතාව ඇහුන දවසේ ඉඳන් තරින්දි උන්නේ පීඩනයෙන්.
කාමරේට වෙලා වැඩ කරන අතරෙදිත් ඇයට හිතුනේ අම්මා ඒ ගැන මොනවා හිතනවද දන්නේ නැහැ කියලා. ඒ වගේ ම කසුන්ගේ ඔලුවට අම්මා මොන මොන කතාව දාවිද දන්නේ නැහැ කියලත් ඇයට හිතුනා.
ඒ හින්දම සැරින් සැරේ කාමරයෙන් එළියට ඇවිල්ලා අම්ම එක වචනයක් දෙකක් කතා කරලා යන්න ආයාසයෙන් උනත් ඇය පුරුදු වුනා. ඒකෙන් වුණේ තරින්දි ගේ වැඩ කරන සීඝ්‍රතාවයට බාධා වෙන එක.
” මෙච්චර කල් ඉබ්බ කටු අතුලට රිංග ගන්නවා වගේ කාමරය අස්සට වෙලා හිටපු ළමයා ඕන් සැරින් සැරේ එළියට ඇවිල්ලා මාත් එක්ක වචන දෙක තුන කතා කරන්න පටන් අරන්….අනේ මට නම් තේරෙන්නෑ මේවා කොහෙන් ඉවරවෙයිද කියල…. එක අතකට අපේ කොල්ලටත් මේවා ගැන හොයලා බලන්න වෙලාවක් නැහැනේ…..”
කසුන්ගෙ අම්මා එහෙමත් හිතන්න පටන් ගත්තා. ඒ අතර වාරයේ තමයි කසුන්ගේ නංගිව බලන්න මනමාලයෙක් කසුන්ලා ගේ ගෙදර ආවේ.
තරින්දි ඒ එදා දවසට උවමනා කරන දේවල් ඇයට පුළුවන් මට්ටමෙන් අරගෙන ආවා. අම්මගෙ ඇනුම් පද තිබුණේ ඒවට.
” අපට ඉතිං එහෙමට කියලා අඩුවක් පාඩුවක් නෑනේ…. ඔය ළමයි මොකටද ඕව ගේන්න හදිස්සි වුනේ?…. ඒ සල්ලි ඔය ළමයා තියාගන්න…”
කසුන්ගේ අම්මා තරින්දි ට කෙලින්ම එහෙම කිව්වා. ඊට පස්සේ ඇයට ඇහුන අම්මා කසුන්ගේ තාත්තත් එක්ක මෙහෙමත් කියනවා
” මේ හදිසියේ ඔච්චර බඩු කන්දරාවක් උස්සගෙන ආවේ නිකං වෙන්න බෑ මහත්තයා….. එකත් එකටම හිතේ මොකක් හරි එකක්ඇති…..”
“අනේ මං දන්නෑ ඔයත් හිතෙන ඒව මාලනී. අන්තිමේදී ඔයාගේ හිතලු හින්දා ළමයි දෙන්නගේ ජීවිතය තමයි කඩාකප්පල් වෙන්නේ. ඔන්න මං කිව්වා කියලා ලියල තියාගන්න….”
කසුන්ගේ තාත්තා එහෙම කියනවා තරින්දි ට ඇහුනේ නැහැ
ඊට පස්සේ තරින්දි තීරණය කරා අනිත් අය හිතන විදිය ගැන ඔළුවට ගන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න.
” අපරාදේ මුලදිම තීරණය කරන්න තිබ්බේ තනියෙන් ගෙදරක ජීවත් වෙනවා කියලා…..මමමයි වැඩෙ කා ගත්තේ… එහෙමවුණා නම් මේ ප්‍රශ්න මොකුත් හිතේ සැනසීමෙන් වැඩ ජොබ් එක කරගෙන පාඩුවේ ඉන්න තිබුණ..”
තරින්ඳි එහෙම කිව්වේ කසුනුත් දවල දවස තිස්සෙම අධික කාර්යබහුල වෙලා හිත වෙහෙසවාගෙන හිටපු දවසක.ඒකෙන් කසුන්ගෙ තරහත් ඇවිස්සුනා.
“ඔයා හැම එකටම අපේ අම්මට දොස් කියන්න තියාගන්න එපා තරින්දි….. ඔයත් චුට්ටක් ෆ්ලෙක්සිබල් වෙලා ඉන්න බලන්න ……අම්මලා දැන් වයසට ගියපු මිනිස්සුනේ…..
” මොකක්ද මීට වඩා ෆ්ලෙක්සිබල් වෙන්න තියෙනවා කියන්නේ එකක්. ඔයාලාගේ අම්මා හැමතිස්සෙම මං දිහා බලන්න මං නිකන් වෙන මිනිහෙක් එක්ක යනවා ගාණට දාලනෙ..”
” හරි ඉතින් ඔයාගේ හැසිරීම් වලින් අම්මට එහෙම දෙයක් හිතෙන්න ඇති. නැත්නම් අම්මට ඉබේම නිකන්ම එහෙම හිතෙන්නේ නැහැනේ”
එච්චර හිතන්නෙ නැතුව කසුන් එහෙම කිව්වත් තරින්දට දැනුනේ තමන්ගේ හිස මත අකුණු ගානක් පුපුරලා ගියා වගේ. ඇය නිහඬවම ඇඳේ අනෙක් පැත්තට හැරුණා. ඇස් දෙක රිදෙන්න කඳුළු බේරෙනවා ඇයට දැනෙනවා
පහුවෙනිදා උදේ කසුන් කිසිම දෙයක් සිදුවුණු නෑ වගේ කතා කළත් තරින්දි කසුන්ගෙ පෙර දවසෙහි වචන අමතක කරන්න පුළුවන් වුණේ නැහැ. ඇය කසුන්ට වෙනසක් දැනෙන්න නොදී උන්නා.
දවස් දෙක තුනක් ගෙවුනා. එතකොට කසුන්ට තරින්දි ගේ යම් වෙනසක් තේරෙන්න ගත්තා
“ඔයාමොකක් හරි අවුලකින්ද ?”
” නෑ…” එහෙම ප්‍රශ්නයක් නෑ!”
” නැති වෙන්න විදියක් නෑ ……පහුගිය දවස් දෙක තුනෙන් මේ වගේ මූනත් හරි නෑ. මම බලාගෙන හිටියේ හරියට මට මුහුණ දීලා කතා කරන්නෙත් නෑ…..”
“ඉතින් ඔයාටත් හිතන්න පුළුවන් නම්, මම වෙන කාත් එක්ක හරි සම්බන්ධතාවයක් තියාගෙන යන නිසා තමයි මේ ඔයාට මොන හරවන්නේ හරවලා ඉන්නේ කියලා….”
තරින්දි එහෙම කිව්වම කසුන් ඒ කියපු කතාවේ අගක් මුලක් හිතාගන්න බැරුව තරින්දි දිහා බලාගෙන හිටියා
” ඇයි බලාගෙමන ඉන්නේ? ඔයාත් මං ගැන එහෙම හිතන්න කසුන් ..”
“මොකද ඔයාට වෙලා තියෙන්නේ ? මොනවද මේ කියන්නේ?”
“මං කියන්නේ මොනවද කියලා හොඳටම දන්නවා ..අම්මට මාව සැක එක මට කමක් නෑ…. මොකද මං මැරී කරේ අම්මව නෙවෙයිනේ. ඒත් ඔයාටත් මම ගැන එහෙම සැකයක් තියෙනවා නම් කසුන් අපි මේක කතා කරලා ඉවරයක් කර කරගමු. මොකද මට අවශ්‍ය නෑ මාව විශ්වාස නැති කෙනෙක් එක්ක බලෙන් ඉන්න…”
කසුන් දිගින් දිගටම තරින්දි කියවන්නේ මොනවාද කියලා හාර අවුස්සලා ඇහුවා. එතකොට තමයි තරින්දි ගෙවුණු දවසක කසුන්ගේ කටින් පිටවුණු වචන කිව්වේ. ඒත් එක්කම කසුන්ගේ අම්මා කිසිම තේරුමක් නැතුව එකම කාර්යයක් වෙනුවෙන් තමන් සැක කරපු එක දැන් තමන්ට මහා වදයක් වෙලා බව කිවුවේ
. ඒ සැකෙන් මිදෙන්න සැරින් සැරේ කරපු දේවල් වලින් සිද්ධ වෙලා තියෙන්නේ ඒ සැකය තවත් වැඩිවෙන එක කියලා කියනකොට තරින්දි ට ඇඬුණා
කසුන් එක වචනයක්වත් කිව්වේ නැහැ. ඇත්තටම කසුන්ට කියන්න කිසිම දෙයක් තිබුණේ නැහැ
අවුරුදු අටක් යාළු වෙලා ඉඳලා විවාහ කරගත්ත තරින්දි තමන්ට කොයිතරම් විශ්වාසද කියන්න කසුන් දන්නවා. ඇය කවදාවත් තමන්ගේ විශ්වාසය බිඳපු කිසිම දෙයක්වත් නොකළ බවත් කසුන්ට මතකයි . ඒත් දිගින් දිගටම අම්ම කියපු කතන්දර අහලා තමන්ගේ අතින් තරින්දි මරලා දාන්න පුළුවන් තරමේ සැර වචන කිහිපයක් පිටවෙලා බව දැන් කසුන්ට වැටහෙනවා
කසුන් අම්මව මුණගැහෙන්න ගියා . තරින්දිව තමන්ට මුණගැහුණු දවස ඉඳන් අම්මා දන්න නොදන්න කතා වලින් එහෙන් මෙහෙන් තිබුණු කතා කිහිපයක් අම්මට කිව්වා . ඊටත් පස්සේ තමන් වෙනම ගෙයක් අරගෙන පදිංචි වෙමු කියද්දිත්, අම්මලා එක්ක ඉන්නත්, එයාලව බලාගන්නත් එක්ක මෙහ නවතින්නේ යෝජනා කළේ ඇය කියලත් මතක් කලා.
අම්මගේ හිතලු කතන්දර නිසා ඇයගේ රාජකාරී ජීවිතය ඇතුළෙත් පීඩන පීඩාවට පත්වෙලා බව මතක් කළා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ඔලුවත් කුරුවල් වෙලා බව කිව්ව.
කසුන්ගේ අම්මා කිසිම දෙයක් නොකියා අහගෙන උන්නා.
” පුතාට ඩිංගක් සිහිය තිබුනායින් හොඳට ගියා.. එහෙම නොවෙන්න කසාදේ, දුක් කසාදේ වෙලා ඊටත් පස්සේ දික් කසාදේ වෙලයි න්වතින්නේ…”
කසුන්ගේ තාත්තාගේ හඬ අම්මට ඈතින් ඇහුණා.
ReplyForwardAdd reaction |