වයසට යාම කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක්.ඔබ වයසට යන විට ඔබේ ශරීරයේ වෙනස්කම් සිදුවන අතර ඔබ ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලින් පවා මන්දගාමී වීමට පටන් ගන්නවා. ඔබේ සම සහ මුහුණ බොහෝ විට ඔබේ වයස්ගත වීමේ ලක්ෂණ ඉතා ඉක්මනින් පෙන්වනවා. වයසට යාමේ ක්‍රියාවලිය අපට නතර කරන්න බැරි වුණත් එය පාලනය කරන්න අපට පුළුවන්. විශේෂයෙන්ම බොහෝ දෙනාගේ වැරදි පුරුදු නිසා වයසට වඩා වයස්ගත පෙනුමක් දකින්නට ලැබෙනවා. මෙවැනි පුරුදු අවම කරගෙන ඉක්මනින් වයසට යාම වළක්වා ගන්නේ කොහොමද ?
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න

හේතු කිහිපයක් නිසාම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඔබ තරුණ වියේදී ලබා ගන්නා ආහාර පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදැක්වුවත් ඔබ වයසට යන විට ඔබේ ආහාර සහ පෝෂණ අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. ඔබේ ආහාර සහ ඔබේ සම අතර විශාල සම්බන්ධයක් පවතින බව බොහෝ පර්යේෂණ වලින් පෙන්වා දී තියෙනවා.දුර්වල ආහාර පුරුදු නිසා ඔබේ සම දුර්වල වීම , වියපත් පෙනුමක් ගැනීම ,රැලි වැටීම සහ කුරුලෑ ඇති වීම සිදුවනවා. මේ නිසා ඔබේ ආහාර පුරුදු පිළිබඳව සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත්.
සජළීයව සිටින්න
ඔබ අඩුවෙන් වතුර පානය කරන කෙනෙක් නම් එය ඔබේ සෞඛ්‍යයට වගේම සමටත් ඍජුවම බලපානවා. ඔබේ සමේ සෞඛ්‍යයට වතුර මඟින් සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කරන අතර සම රැළි වැටීම පාලනය කිරීම , සමේ අධික තෙල් නිෂ්පාදනය පාලනය කිරීම , සම නීරෝගීව තබා ගැනීම , සම වියලීමෙන් වැළැක්වීම සහ සමේ තෙතමනය ආරක්ෂා කිරීම වැනි කාර්යභාරයන් අවශ්‍ය ප්‍රමාණයට වතුර පානය කිරීමෙන් සිදු වෙනවා. වැඩිහිටි පිරිමි අය දිනකට වතුර ලීටර් තුනක ප්‍රමාණයකුත් ,වැඩිහිටි කාන්තා අය දිනකට වතුර ලීටර් දෙකක ප්‍රමාණයකුත් පානය කළ යුතුයි.
ඔබේ නින්දට ප්‍රමුඛත්වය දෙන්න

ගුණාත්මක සහ ප්‍රමාණවත් නින්දක් ඔබේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන අතර නිසි නින්දක් නොමැති වීම ඔබේ පෙනුමට විශාල ලෙස බලපෑම් එල්ල කරනවා. විශේෂයෙන්ම ඔබේ ඇස් වටා අව පැහැ ගැන්වීම සිදුවීම , ඇස් ගිලුනු ස්වභාවයක් ගැනීම , ඇස්වටා ඉදිමීම ,සම රැළි වැටීම සහ සම ඉක්මනින් වියපත් වීම නිසි නින්දක් නොලැබීම මගින් සිදුවනවා. මේ සියලු ලක්ෂණ මගින් ඔබේ සම්පූර්ණ පෙනුම වෙනස් වන අතර එය වඩාත් වියපත් පෙනුමක් බවට පත්වනවා. එම නිසා ඔබ කොතරම් කාර්ය බහුල කෙනෙක් වුවත් දිනකට අවම වශයෙන් පැය හතක හෝ අටක නින්දක් ලබා ගැනීමට සැලකිලිමත් වන්න.
ව්‍යායාම ඔබේ ජීවිතයේ කොටසක් කර ගන්න

ව්‍යායාම කිරීම ඔබේ සෞඛ්‍යයට හැම අතින්ම ප්‍රයෝජනවත් වන අතර එය වයසට යාම මන්දගාමී කිරීම සිදු කරනවා. ඔබ ව්‍යායාම කරන විට ඔබේ ශරීරය පුරා රුධිර ප්‍රවාහය හොඳින් සිදුවනවා.මෙහිදී ඔක්සිජන් සහ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඔබේ ශරීරය පුරා නිසි පරිදි ගමන් කිරීම සිදු වන අතර දහඩිය මගින් ඔබේ ශරීරයෙන් විෂ ඉවත් වීමද නිසි පරිදි සිදු වනවා. ඔබේ ශරීරයෙන් විෂ ඉවත් වීම මගින් ඔබේ සම නීරෝගී කරන අතර එමගින් ඔබේ වයසට වඩා වයස්ගත පෙනුමක් දිස්වීම මන්දගාමී කරනවා.
Sunscreen

ඔබ උදෑසන සිදු කරන සාමාන්‍ය සම රැකවරණ ක්‍රියාවලියෙන් පසුව අනිවාර්යයෙන්ම සම හිරු කිරණින් ආරක්ෂා කර ගැනීම සඳහා Sunscreen භාවිතා කිරීම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්කර ගන්න. සම සඳහා විටමින් D අත්‍යවශ්‍ය වන නමුත් හිරුගෙන් ලැබෙන සමහර අහිතකර කිරණ මගින් ඔබේ සමට හානි පැමිණෙන්නට පුළුවන්. හිරු කිරණට සම පිලිස්සීමෙන් සම මත රැළි ඇති වීම , සම රතු වීම, ආසාධන ඇතිවීම , සම පිළිසුණු ස්වභාවයක් ගැනීම සහ සම ඉතා ඉක්මනින් වියපත් වීම සිදුවිය හැකියි. මේ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඔබ පිටතට යන සෑම අවස්ථාවකදීම Sunscreen එකක් භාවිතා කිරීමට වග බලා ගන්න.
දිනපතා ඔබේ සම හොඳින් පිරිසිදු කරන්න
ඔබ වයසට යාම ඉතා හොඳින් පිළිබිඹු වන ප්‍රධානතම අංගය වන්නේ ඔබේ සමයි.එම නිසා ඔබ විශේෂයෙන් රැක බලා ගත යුතු වන්නේ ද ඔබේ සමයි. ඔබ ඔබේ සම සඳහා සම රැකවරණ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු වන අතර ඔබේ සම දිනපතා ඉතා හොඳින් පිරිසිදු කිරීම, සතියකට වරක් හෝ දෙවරක් සමේ මැරුණු සෛල ඉවත් කිරීම සිදු කළ යුතුයි. සම පිරිසිදු කිරීම සඳහා ඉතා මෘදු පිරිසිදු කාරකයක් භාවිතා කළ යුතු වන අතර සැර සුවඳ සහිත සබන් වර්ග හෝ සේදුම් කාරක සම සඳහා භාවිතා නොකළ යුතුයි.
Moisturizer

ඔබ වයසට යාම පෙන්වන තවත් ප්‍රධාන ලක්ෂණයක් තමයි ඔබේ සම එල්ලා වැටීම. මේ බොහෝ විට ඔබේ සම ඉතාම වියළි ස්වභාවයක් ගැනීම සහ සම ට අවශ්‍ය සජලනය නොමැති වීම නිසා සිදුවනවා. දෛනිකව අවශ්‍ය වන වතුර ප්‍රමාණය ඔබ ලබාගත යුතු ආකාරය අප ඉහත සඳහන් කළා. ඒ ශරීරය අභ්‍යන්තරයෙන් ඔබ ලබා ගත යුතු සත්කාරයයි. නමුත් ඔබ ශරීරයට බාහිරින්ද ඔබේ සමට අවශ්‍ය සත්කාරය ලබා දිය යුතුයි.ඒ සඳහා ඔබ අනුගමනය කළ යුතු අත්‍යවශ්‍යම පියවර වන්නේ හොඳ මොයිස්චරයිසර් එකක් භාවිතා කිරීමයි. ඔබේ සම පිරිසුදු කිරීමෙන් පසුව ඉතා හොඳ තෙතමන කාරකයක් සමට භාවිතා ඔබේ සම වියලීම වළක්වනවා වගේම වියලීම නිසා ඇතිවන වෙනත් ගැටලුකාරී තත්ත්වයන්ද වළක්වනවා.
වයසට යාම කියන සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය යම් තරමකින් හෝ මන්දගාමී ඔබට මේ පියවරවල් අනුගමනය කිරීමෙන් හැකියාව ලැබෙනවා. මීට අමතරව ඔබේ මානසික සුවතාවය පිළිබඳව සැලකිලිමත් වීම, නිතර කෝපයට පත්වීම සහ කලබලයට පත්වීම වළක්වා ගැනීම , මත්පැන් පානයෙන් සහ දුම් පානයෙන් වැළකීම , අධික ලෙස කැෆේන් භාවිතයෙන් වැළකීම වැනි දේවල් කෙරෙහිත් ඔබ සැලකිලිමත් විය යුතුයි.