අපි කවදාවත් හිතලා බලන්නේ නැහැ නේද, හිත අස්සෙ විතරක් ජීවත් වෙන කෙනෙක්ට අපි කොච්චර නම් පිස්සුවෙන් වගේ ආදරය කරනවාද කියලා?
සමහර වෙලාවට ඒක අර අපි ආදරේ කරන මනුස්සයාට කිසිම දවසක දැනෙන්නේ නැති වෙන්නත් පුලුවන්.
අපි සමහර වෙලාවට “අනේ ඒක crush එකක් විතරයි” කියලා sugarcoat කරාට මේකත් ආදරේම එක විදියක් තමයි. හැබැයි හිතේ විතරක් තියෙන ආදරයක්. ඒක හරියට හිස් බවක් වගේ දෙයක් හැබැයි, නිස්කලංකයි. ඒත් එක්කම හදවත හූරගෙන කන, හීනෙනුත් ඇවිත් හොල්මන් කරන අමුතුම ෆීලින්ග් එකක් දෙන විදියෙ දෙයක්.
හිතෙන් එයාට ආදරේ කරනවා, එයාව හීනෙන් දකිනවා, එයාව දකින හැම වෙලාවකම හිත වේගෙන් වේගෙන් ගැහෙනවා. ඒත් ඔයාගෙ හිත අස්සෙ තියන ආදරේ කවදාවත් වචන වෙලා එලියට එන්නෙ නෑ. ඒත් එක්කම, “එයාට දැනටමත් කෙනෙක් ඇති”, “මම කිව්වොත් මට හිනාවෙයි”, “අපේ කනෙක්ෂන් එක ෆ්‍රෙන්ඩ්ෂිප් විතරයි” වගේ දේවල් දාහක් අපි අපේ ඔලුව අස්සෙ හදාගෙන තියෙනව ඒ හැඟීම සාධාරණීකරණය කරන්න. මේ හැම රීසන් එකක්ම, හැම සාධාරණීකරණයක්ම, අර ආදරේ තව තවත් අපේ හිතේ ලොක් කරගෙන තියාගන්න හේතු වෙනවා. “මේක දැන් නොකිව්වොත් ලයිෆ් ටයිම් එකම රිග්‍රෙට් වෙන්න වෙයි” කියලා හිත හිතා ඉන්නවා. ඒත් කියන්නත් බයයි. මොකද ඒ පොඩි වචන ටිකෙන් ඔයාගේ මුළු වර්ල්ඩ් එකම උඩු යටිකුරු වෙන්න පුළුවන්. හොඳටත් වෙන්න පුළුවන්, නරකටත් වෙන්න පුළුවන්. ඒ ෆියර් එකත් හිතට කොච්චර නම් බරක්ද නේද?
එයා ඔන්ලයින් ආවම, ඔයා ගිහින් එයාව බලලා එනවා. “මම දැන් මැසේජ් එකක් දැම්මොත් අයියෝ එයා මං ගැන වැරදි විදියට හිතාවිද?”, “මගේ මැසේජ් එක දැක්කේ නැහැ වගේ ඉඳීවිද?”, “මම ඕනවට වඩා හිතනවා වගේ පෙනෙයිද?” කියලා, ඔයාගෙ හිත ඔයාටම ඩවුට් කරනවා. තමන්ගේම ෆීලින්ග්ස් ගැන තමන්ටම විශ්වාසයක් නැති වෙනවා.
එයා ලස්සන ෆොටෝ එකක් දානකොට, ඔයා සූම් කර කර, හැම අඟලක්ම බලනවා. “මේ ෆොටෝ එක එයා මට පර්සනලි එවලා තිබුණා නම් කොච්චර ශෝක්ද?” වගේ අමුතු අයිඩියාස් හිතට එනවා. ස්ටෝරි එකකට වීව් එකක් දානවා. එයා දන්නෙ නැති උනාට එයා ගැන හැම ඩීටේල් එකක්ම ඔයාගෙ හදවතේ පතුලේම සේව් වෙලා තියෙනවා. එයාව හම්බුවුන මෝමන්ට්ස් එයාට කැෂුවල් මෙමරීස් වුණත්, ඔයාට ඒවා ලයිෆ් ටයිම් මෙමරීස් වෙන්න පුලුවන්. හැබැයි මේ හැම සීක්රට් එකක්ම තියෙන්නේ අපේ හිතේ විතරයි.
හිතෙන් විතරක් කරන ආදරේ කියන්නේ, පොඩි දෙයකින් ලොකු සෆරින් එකක් විඳින්න හේතුවෙන දෙයක් කියන එක අපි හැමෝම දන්නවා. ඒකේ ස්ටාර්ට් එකක් නැහැ, මැදක් නැහැ, සමහර වෙලාවට එන්ඩ් එකක් වත් එන්නේ නැහැ. ඒක එක්ස්ප්ලේන් කරන්න බැහැ.
අපි ඒ කෙනාව දැක්කොත් හරි, එයාගේ නම ඇහුණම හරි, අපේ හිත නිකන් රේස් යනවා වගේ ගැහෙනවා. අපි එයා ගැන තනියම හිතනවා:
“ඔයා කොච්චර හොඳ කෙයාරින් කෙනෙක්ද කියලා ඔයා දන්නවද?”
“ඔයාට කොච්චර ඩීප් දේවල් කතා කරන්න පුළුවන්ද කියලා ඔයාටම තේරෙන්නේ නැහැ.”
“ඔයා හිනාවෙද්දි කොච්චර ලස්සනද කියල ඔයා දන්නෙ නෑ.”
මේ වගේ එයාට කියන්න ඕන වුණ හැම දෙයක්ම, හැමදාම අන්තිමට “නෙක්ස්ට් ටයිම්” කියලා ඔයා කල් දානවා. ඒ “නෙක්ස්ට් ටයිම්” කියන එක ෆොරෙවර් සයිලන්ස් එකක් වෙනකම්ම ඔයා කරන්නෙ ඒක කල් දාන එක.
කවදාවත් කෙනෙකුට නොකියපු ආදරේකට තියෙන්නේ ඔයා විතරක් ජීවත්වෙන ලෝකයක් විතරයි. ඒක හරියට ඩ්‍රීම් එකක් වගේ. සමහර වෙලාවට ඒකේ එන්ඩ් එක හාර්ට්බ්රේක් එකක් නෙවෙයි. ඒක තියෙන්නේ කවදාවත් උත්තරයක් නොලැබුන ප්‍රශ්නයක් ඔයාගෙ හිතට අරගෙන එන හැඟීමක් වගේ දෙයක්. අනිත් අය ඒ ෆීලින්ග්ස් ගැන දන්නේ නැහැ. ඔයා පවා, “මට පිස්සුද?” කියලා හිතනවා.
හැබැයි ඒ හැඟීම අස්සෙම තියෙනවා, කවදා හරි දවසක “අපි අපේ” වුණොත් කොච්චර ලස්සන වෙයිද කියන විෂ් එකක්.
දවසක එයා කියන්න පුලුවන්: “මම වෙන කෙනෙක්ට ආදරේ කරනවා.” හෝ “මට කවදාවත් ඔයාව ඒ විදියට ෆීල් වෙලා නැහැ” වගේ දෙයක්. ඒ වෙලාවට හිතට දැනෙන ෆීලින් එක ගැන කියන්න වචන නෑ. ඒක දුකක් විතරක්ම නෙවෙයි, පොඩි කණස්සල්ලක්, ලැබිය යුතුම දෙයක් නොලැබුන හැඟීමක් එක්කහු වුන මිශ්‍ර හැඟීමක්.
එතකොට මොකද කරන්නේ? අන්න ඒක තමා වැදගත්ම දේ. අමතක නොකල යුතුම දේ මේ මෝමන්ට් එකේදි, හරිම ස්ලෝලි, ඒ හැඟීම ෆේඩ් වෙනවා. සයිලන්ට් වෙලා ඒ හැඟීම හිතේ සේෆ් ප්ලේස් එකක ලොක් කරනවා.
ඉතින් මේ වෙලාවෙ අයිතිකරගන්න බැරි කෙනෙක්ට ඔයා ආදරේ වෙනවනම්, කියාගන්න බැරි ආදරේක හිරවෙලා ඉන්නවනම් අමතක කරන්න එපා,
“අපි කවදාවත් අපේ නොවුණත් ඔයා මට හරිම ලස්සන මෙමරීස් දුන්නා.” කියලා, හැමෝම නොදන්නා සීක්රට් ලව් ලෙටර් එකක් වගේ ඒ ආදරේ හිතේ තියාගෙන, දිගටම ලයිෆ් එක ලීඩ් කරන්න ඔයාට පුලුවන් වෙනවා
එහෙම නැත්තම් “ඕන බම්බුවක් වෙද්දෙන් කියලා අනේ ඔන්න එයාට ආදරේ” බව කියලා එන්නත් පුලුවන්!