සිල්වියා (Sylvia Plath) ඇමරිකාවේ ජනප්‍රිය කවි ලියන , නවකථා සහ කෙටි කතා ලියන බොහෝ දෙනා දන්නා කියන රචකයෙක් . ඇයගේ ලියවිලි වල තියෙන විශේෂත්වය තමයි, ඇගේ ලියවිලි ; විශේෂයෙන්ම කවි තුළින්, ඇයගේ ජීවිතයේ පුද්ගලික වේදනා, ආතතිය සහ ඇය මුහුන දුන්න මානසික සටන් අතිශය ශක්තිමත් ලෙසින් හෙලිදරව් කරලා තියෙන එක.
සිල්වියා 1932 ඔක්තෝම්බර් 27 දින ඇමරිකාවේ මැසාචූසට්ස් ප්‍රාන්තයේ උපදිනවා.. ඇය බාල වියේ ඉඳන්ම කවි කතා ලියන්න දැඩි කැමැත්තක් දක්වන කෙනෙක්බව අපි මුලදිත් සඳහන් කලා.. විශේෂයෙන් කවි, කෙටි කතා, එසේම දිනපොත් රචනා ඇගේ ජීවිතයේ නොවෙනස් ඉඩ හදාගෙන තිබුණා. ඇය හැම විටම නිවැරදි වචන තෝරාගෙන තමාගේ පුද්ගලික හැඟීම් ලියන්නට ජනප්‍රිය වෙලා උන්ම කෙනෙක්..
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන්නට යන සිල්වියාට එහිදී විවිධ සම්මාන පවාලැබෙන්නේ මේ කවවීත්වය නිසා. එහිදී ඇයට ටෙඩ් හියූස් හමුවෙනවා. ඔහුද ප්‍රකට කවියෙකි. ඔවුන් විවාහ වෙන්නේ ඉන් පස්සේ. ඒත් ඔහු සහ ඇය නොගැලපීම් ගලපාගන්නට සමත් වෙන යුවලක් වෙන්නේ නැහැ.
සිල්වියාගේ ජීවිත කතාව ගැන බලනකොට පැහැදිළි වෙන කාරණාවක් තමයි, ඇය කෙටි කාලයක් තුළ ජීවිතේ බොහෝ තැන් වලින් අභියෝගවලට මුහුණ දුන්නු කෙනෙක් කියන එක. ඇය තරුණ වියේ ඉඳන්ම මානසික ආතති සහ අවපීඩන තත්ව නිසා පීඩා වින්ඩා. විශේෂයෙන්ම විවාහය, කලාව පැත්තෙන් ඇයට තිබුණ හීන සහ පවුල තුළ ඇය දිහාවට තිබුණ ආතතියත් ඇයට දරාගන්න නොහැකි සීමාවේ වුන බව කියැවෙනවා.
1963 පෙබරවාරි 11 වෙනිදා, ඒ කියන්නේ ඇයට අවුරුදු 30ක් පමණ වෙද්දී ,ඇයගේම නිවසේ ගෑස් උදුනක හිස තබාගෙන ඇය තමාගේ ජීවිතය නිමා කරනවා. මේ මරණය සාමාන්‍යයෙන් ඇමරිකානු සාහිත්‍යයෙහි දුක්ජනක සිදුවීමක් ලෙස තමයි සලකන්නේ. ඇය මිය යන විට ඇගේ දරුවන් කුඩා වයස් වල උන්න අය වීම තවත් ඛේදණීයයි.
සිල්වියා මරණයට තද බලපෑමක් තිබුණේ ඇගේ මානසික තත්ත්වය, විවාහයේ බිඳ වැටීම සහ ආර්ථික අපහසුතා යන කරුණු බව ඉතිහාසයේ ඇයේ ජීවිත කතාව පිලිබඳව කල විශ්ලේෂණය වල කියැවෙනවා. ඇගේ සැමියා වූ ටෙඩ් හියූස් (Ted Hughes) සමඟ ඇයට සාමදානයෙන් සිටින්න අපහසු වුන් බවත්, ඔහු විවාහයෙන් පිටත අන් කාන්තාවක් සමඟ පවත්වාගෙන ගිය සම්බන්ධතාවත් ඇයගේ මානසික රෝග තත්ත්වයට බලපාලා තියෙන බවත් කියවෙනවා.
සිල්වියා මරණයෙන් පසු, ඇගේ කවි හා නිර්මාණ වැඩිපුර ජනප්‍රිය වෙනවා. ඇය ‘කන්ෆෙෂනල් පොට්රි’ (Confessional Poetry) වාදයේ ප්‍රබල නාමයකි. ඇගේ ප්‍රධාන කෘතීන් අතර ‘The Bell Jar’ නවකථාව හා ‘Ariel’ කවි ග්‍රන්ථය විශේෂ පිළිගැනීමකට ලක්වෙල තියෙනවා..
ඇයගේ කවිවල තේමාවන්
සිල්වියා කවි වලින් බොහෝ විට පෙන්වන්නේ ඇගේ තුළම තිබුණු වේදනාව, තනිකම, අසරණ බව සහ ජීවිතයේ අර්ථය සොයන ආකල්පයයි.
මරණය සහ නැවත උපත: ඇයගේ කවිවල මරණය තමා අළුත් ආකාරයකින් හඳුනාගන්නා අයුරින් දිගහැරේ. මරණය නැවත උපතකට දොරටුවක් ලෙසත් දැක්වෙනවා
මානසික පීඩා: ආතතිය, විශාදය, පීඩාකාරී සිහිවීම් ඇගේ කවිවලින් පිරිපුන්.
ස්ත්‍රී ජීවිතය: ඇය ස්ත්‍රීන්ගේ දුර්ලභ හැඟීම්, විවාහය, මව්භාවය ගැන නිවැරදිව කවියෙන් කියාලා තියෙනවා.
අභිප්‍රාය සහ විරෝධය: ඇයගේ කවි යම් විටකින් විරෝධාත්මක, විප්ලවීය ස්වරයන් පවා තියෙනවා.
‘Ariel’, ‘Daddy’, ‘Lady Lazarus’ වැනි කවි දැඩි හැඟීම් සහිත අතර, දැන් ඒවා ලෝක සාහිත්‍යයේ පැහැදිළි ලකුනු තියපු කවි බව කියැවෙනවා..
මේ තියෙන්නේ සිල්වියා ලියපු කවි කිහිපයක සිංහල කෙටි අදහස්.
Daddy
මෙය ඇයගේ ජනප්‍රියම කවි වලින් එකක්. මෙහිදී ඇය තමාගේ පියා ගැන දරුණු හැඟීම් විකල්ප රීතියකින් කියනවා.
“පියාණෙනි, මට ඔබ අමතක කරන්න ඕනේ,ඔබ මගේ හිස්කළේ සිහිනම තමයි.මට ඔබේ පාපන්දු සෙල්ලම් නැවත නවතන්න ඕනේ.
මෙහිදී ඇය පියාණන්ට තිබූ ආදරය, පියාගේ අහිමිවීම, ඔහු ගැන දැනෙන හැඟීම ගැන කියනවා.
Lady Lazarus (ලාසරුස් මහත්මිය)
මෙය ජීවිතයේ නැවත නැගී සිටීම ගැනත්, මරණය ගැනත් විකාශිත කවියක්.
“මම මැරෙනවා, නැවත උපදිනවා,යාලුවන් මාව බලන්න එනවා, බලන්න, මම නැවත ඉපදෙන හැටි.
මෙහිදී ඇය පෙන්වන්නේ තමන් මියගියත් නැවත නැගී සිටින තරමක් ශක්තිමත් බවයි. මෙය සංකේතයක් ලෙස දක්වනවා.
කොහොම වුනත්, ලෝක සාහිත්‍යය වෙනුවෙන් ඉතා අගනා මෙහෙයක්කරන්න තිබුණ ඇය ජීවිතේ ගත්ත වැරදි තීරණ එක්ක අවාසනාවන්ත විදියට මරණය කරා ගෙනියනවා
ඔබ අනිවාර්‍යෙන්ම මතක තියාගන්න, මනස ලෙඩ වෙලා බව දැනුනොත්, වෛද්‍ය උපදෙස් ගන්න දෙපාරක් නොහිතා ඉන්න අවශ්‍ය බව. මොකද අපි ජීවිතේ සමහර කාල පහු කරනකොට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලින් අපිව කුඩු පට්ටම් වෙලා යන්න පුලුවන්. ඒ කෑලි එකතු කරලා අපට අපිව හදාගන්න එක තනියෙන් කරගන්න බැරි වෙන්නත් පුලුවන්. ඒ නිසයි ඒකට උදව්වක් ඕනි වෙන්නේ. ඒ උදව්ව කියන්නේ ඔබ ඔබටත්, සමාජයටත් කරගන්නා උදව්වක්.