මනුජ ත්‍රී රෝද රියක් ගෙන්වාගෙන සාරතී පිටත් කලේ ඇයට කතා කරන්නට හෝ ඉඩක් නොදීය. හැකි ඉක්මනින් ඇය නිදහස් කර දියණිය රැක බලා ගන්නට වෙනෙකෙකු සොයා ගත යුතු බද ඔහු තීරණය කලේය. ඇය තමාට දෙවන මවක සේ දැනෙන කාන්තාවකි. එහෙවි ඇයට, තම නිවස තුළ දැනෙන්නේ අනාරක්ෂිත බවක් නම් එය සුලුවෙන් තැකිය හැකි නොවේය.
මනුජ දියණියට කවා පොවා ඇය නිදි කරවාගත්තේය. ඕ පහසුවෙන්ම නින්දට වැටුණාය. ඉන් පසුව ඔහු නැගණියගේ මඟ හැරුණු ඇමතුමට ඇමතුමක් ලබා දුන්නේය. ඇමතුම කෙටි විය
ඉන් පසුව මනුජ මිදුලට වී සිගැරට්ටුවක් අවසන් කලේය.
දැවී අවසන් වන සිගරට්ටුව ගැන මනුජට දැනෙන්නේ ඉරිසියාවකි. වේදනාව් සහ වින්දනය එක් වර විඳ සිගැරට්ටුව් නිවී යන්නේය. යලි විඳවමින් සිහි කරන්නට කරුනු කාරණා ඉතිරි වන්නේ නැත.
අතීතය සිතන පහසුවෙන් යට නොයන බව මනුජට වැටහෙන්නේය. කලකට පසු ඇමතුමක් දුන් මිතුරෙකු නිර්ධා සහ තමාගේ දික්කසාදය අදහා ගත නොහැකි තරමේ බව කීවේය. තමා එයට කිසිත් නොපවසා මුනිවත රැකි ආකාරය සිහි වෙත්ම මනුජට සුසුමක් හෙලුණි.
පසුදින උදෑසනම සාරතීතී පැමිණ තිබුණි. මනුජ සේවයට යෑම සඳහා සූදානම්ව උන්නේද නැත.
” මහත්තයා අද කෑම්ප් එකට යන්නේ නැද්ද ? “
” යන්නෝනි … තවම හිතට හරි නෑ…”
“අනේ මහත්තයෝ… මම ඒ කිව්ව කතාව ගැන හිතලා නම් විස්සෝප වෙන්න එපා ….. එවෙලේ කටට ආවාට එහෙම කිව්වා විතරයි නේ…”
” මං දරුවා බලන්න කෙනෙක් හොයාගන්නම්… මට ටික දවසක් දෙන්න … එතකල් වගකීම පැහැර අරින්නේපා ..”
මනුජ තමා සති දැඩි බව පෙන්වමින් උන්නේය. සාරතී බලා උන්නේ කඳුළු පිරි දෑසිනි. මනුජගේ නිවසේ රැකියාව සූදානම් කර දුන් අය පැවසූවක් සාරතීට සිහි විය.
” මනුජ මහත්තයා හොඳට හොඳයි ඇන්ටි .. සීයට දාහක් හොදයි … ප්‍රශ්න නෑ…. හැබැයි නරකට සීයට මිලියන වතාවක් නරකයි … උගේ හිතුවක්කාරකම ඌට වඩා උසයි .. හිතුවොත් හිතුවා .. ආං ඒ නිසා පරෙස්සම්මට වැඩ ටික කරගෙන ඉන්න තරමට ශේප්…. “
සාරතී සුසුමක් හෙලුවාය. මෙවෙලෙහි මනුජට කිසිවක් පහදන්නට උත්සාහ කිරිම පලක් නැත. ඇගේ නෙත් තෙත්ව ගියේ කුඩා කල අහිමිව ගිය දරුවන් සිහි වීමෙනි. ඔවුන්ද උස් මහත වූවා නම්, මනුජ මෙන් හිතුවක්කාරකම් පාන ඉළන්දාරීන් ය. සාරතී ගවුම් අතින් දෑස් පිසදාගන්නා අතරේ නිවසට ඇතුලු වූවාය. මනුජ මිදුලට බැස්සේය.
පෙරදා රැයේ මිතුරාට තැබූ පණිවිඩයට ඇමතුම ආවේ ඒත් එක්කය. ඒ සාරතීව සොයා දුන් මිතුරාය. ඔහුට කෙටි පණිවිඩය යැව්වේ සතියක් ඇතුලත දරුවා බලා ගැනීමේ පුරුද්දක් ඇති අයෙකු සොයා ගත යුතු බව පවසමිනි. මිතුරා කලබලව ඇති බවට සැකයක් නැත.
” මොකද්ද බං උඹ ඒ කියලා තියෙන හරුපේ ?
“උඹට ඒකෙන් වැඩක් නෑනේ …. කිව්ව එක කරහං…”
“ඇයි අර ඇන්ටිට මක් වුනාද ?”
“ඒ ඇන්ටිය වෙන ජොබ් එකක් සෙට් වෙලා යන්න ඕනි කිව්වා ..”
“මොකක්?”
“ඔව් ඔව්… ආයේ ආයේ ඒකෙ හාරා අවුස්සන්න දෙයක් නෑනේ.. උඹට කිව්වේ ඒ ඇන්ටි කීව එක තමා.. ආයේ උඹ මොකක් මොකක් ගාන්න දෙය්ක් නැහැ…”
“එහෙම වෙන් ජොබ් වලට යන්නේ නෑ යකෝ .. ඒ ඇන්ටි එහෙම මඟ වැඩ දාන කෙනෙක් නෙවී ..”
“උඹෙන් මම කැරැක්ටර් සෙර්ටිෆිකේට්ද ඉල්ලුවේ ?”
” මනුජයා.. වුනේ මොකක්ද කියාං…”
” වෙච්ච එකනේ කිව්වේ බං…”
“මේ සිරාවට උදේ පාන්දර ඔලුව කන්නේ නැතුව කියාංකෝ ….”
” හොස්පිට්ල් එකට අලුතින් ඩොකෙක් ඇවිල්ලා…..”
“ඉතින්..?”
” සාරතී නැන්දාට එහෙ ඒ ඩොකාගේ තනියට ඉන්න කියලා..”
“ඉතින් ….?”
“ඉතින් ඒක තම්‍යි කිව්වේ මට වෙන කෙනෙක් හොයලා දීහං කියල…”
“අනේ කුණුහරුප අහගන්නේ නැතුව හිටහං බං…. ඒ ගෑණි ඩොකාගේ තනිවට යන්නේ රෑ මිසක් මහ දවාලේ නෙවිනේ.. අනෙක හැමදාම යන්නේත් නෑනේ… උඹ මේ හිතුවක්කාරකමට නඩගම් නටන්ම තියාගන්න එපා මචං… එහෙම විශ්වාසවන්ත ගෑණු හොයන එක ලේසි නා හු *&…. ඒ අහිංසක ගෑණු…තොගේ ඔය මකර දුම ඒ ගෑණුන්ට පෙන්නන්න තියාගන්නෙපා…ලෑස්ති වෙලා කෑම්ප එකට වරෙං… ම්ඟුලක් කියවනවා උදේ පාන්දර…”
මනුජ ගේ සිත් තැවුල පහව ගොස් තිබුණේ නැත. සවස ඔහු නිවසට යද්දී දියණිය වෙනුවෙන් ආහාර මල්ලක්ම රැගෙන ගියාය. සාරතී ඔහු නිවසට පැමිණීමෙන් පසුව නික්මුණාය.
” බබා දව්ල් බඩ පිරෙන්න කාලා ඉන්නේ මහත්තයා…තුන පහු වෙලා කෑවේ..ඒ හින්දා මම පහට පිටි දුන්නෙ නෑ… හයට විතර පිටි එක දෙන්න .. මම් හදල ෆ්ලාස්ක් එකේ තිබ්බා..”
මනුජ හිස සැලුවේ අමනාපය පෙන්වමිනි. සාරතීද කිසිත් නොපැවසුවාය.
දියණිය හා සෙල්ල්ම් කිරීමෙන් පසු මනුජගේ සිත් තැවුල් කොහෙදෝ සැඟවුනා සේ විය. ඔහු කුඩා කොල්ලෙකු සේ වෙමින් දියණිය හා සෙල්ලම් කලේය.
” අප්පච්චි බෝලේ දාන්නකෝ..දාන්නකො..”
දියණිය ප්‍රිය කලේම, පන්දුවට් පහර දෙන්නටය.
රාත්‍රී හත වනතුරුත් මිදුලේ සෙල්ලම නැවතුනේ නැත. මනුජ දියණියව සෝදා, සැහැල්ලු ඇඳුමක් අන්දවා ඇය සාලයේ හිඳුවා ඔහුද ගත දොවා පිරිසිදු වූයේය. පසුව දෙදෙනාම එක්ව රාත්‍රී ආහාරය ගත්තෝය. අතුරුපස සඳහා දියණියට පලතුරු සලාද අවැසි බව පැවසූ පසු මනුජ ඒ වෙනුවෙන් ඇණවුමක් තැබුවේය.
” සැලඩ් ගේනකල් අපි තරු බලමූ ….”
දියනියව තම ගත මත වන සේ තමාගත් මනුජ කොන්ක්‍රීට් අසුනේ වැතිරුනේය. අහසේ තරු පලසකි. දියණියට තවම ඒ ගන වගක් නැත. ඕ බලා ඉන්නේ අඩ සඳ දෙසය
” අප්පච්චී …”
“ම්ම්ම්ම්ම්ම්ම්ම්…”
“කෝ හඳේ හාවා බබාට පේන්නේ නෑනේ….”
ම්නුජද එවර සඳ දෙස බැලුවේය. අඩ සඳක් ඇත. හාවා ගේ අඩක්වත් පෙනෙන්නේ නැත.
“මනුජට දියණිය වෙනුවෙන් එය පැහැදිය හැකි ක්‍රමයක් වැටහුනේ නැත. ඔහු කල්පනා කරමින් කතාවක් ගැල්පුවේය.
” හාවා දැන් හඳෙන් පැනලා ගිහින් නේ.. ඒකයි පේන්න නැත්තේ…”
“ඇයි හාවා හඳෙන් පැනලා තියෙන්නේ ?”
දියණිය යලිවිමසුවය.
” හාවාට හඳේ ඉන්න ඉඩ නෑනේ.. ඒකයි…”
“එතකොට හා පැටවි ..?”
” හා පැටවුත් අරගෙනම තමා යන්න ඇත්තේ ….අම්මලා තාත්තලා පැටවු දාලා යන්නේ නෑනේ…?”
“අප්පච්චී …?”
“ම්ම්ම්…”
“කෝ අම්මා ?…. අම්මත් පැනලාගිහුන්ද ?”
මනුජගේ හදවත ගිණි ඇවිලුනේය. දියණිය ඒවා එහෙම ගලපාගනීවියැයි සිතුවේ නැත.