අනවශ්‍ය රෝම ඉවත් කිරීම

සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීම මගින් ඔබේ සමේ පෙනුම වඩාත් ඔප් නංවා ගන්න පුළුවන් වගේම ඔබ ශරීරයට ආලේප කරන නිෂ්පාදනත් ඉතා හොඳින් උරා ගැනීමේ හැකියාව වැඩි කරනවා. සිරුරේ අනවශ්‍ය රෝම  ඉවත් කර ගැනීම සඳහා විවිධ ක්‍රම රාශියක් තිබුණත් ඒ අතරින් පහසුම ක්‍රමය වන්නේ ශේව් කර ගැනීමයි. නමුත් මේ ශේව් කිරීම ඔබ හරියාකාරව සිදු කළේ නැත්නම් සමේ ආසාදන ඇතිවීම , තුවාල සිදු වීම , සම රලු වීම සහ කැලැල් ඇතිවීම වැනි බොහෝ තත්ත්වයන් ඇති වන්නට පුළුවන්. මේ ලිපියෙන් අපි ඔබට ගෙන එන්නේ ඔබ දැන ගත යුතුම shaving tips කීපයක් ගැනයි.

හොඳ රේසර් එකක් තෝරා ගන්න 

ආසාදන සහ වෙනත් අතුරු ප්‍රතිඵල වලින් තොර රෝම ඉවත් කිරීමක් සඳහා ඔබ අනිවාර්යෙන්ම ඉතා හොඳ තත්ත්වයක රේසර් එකක් භාවිතා කළ යුතුමයි. වෙළඳපළේ විවිධ වර්ගයේ රේසර් මේ වන විට තිබුනත් ගුණාත්මක භාවයෙන් ඉහළ රේසර් එකක් සඳහා ආයෝජනය කිරීමේ වරදක් නැහැ. ඒ වගේම එහි තලය නිසි කලට මාරු කිරීමේ හැකියාවද ඇත්නම් එය ඉතා ඵලදායී වෙනවා.

ඔබේ සම පිරිසිදු කරගන්න

ශේව් කරන්න කලින් ඔබ මුලින්ම ඔබේ සම පිරිසිදු කරගත යුතුයි.මේ සඳහා ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන බොඩි වොශ් එකක් හෝ සබන් වර්ගයක් භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම මේ පිරිසිදු කිරීම සඳහා මද උණුසුම් ජලය භාවිතා කරනවා නම් වඩාත් සුදුසුයි. 

Exfoliate කරන්න

සමේ අනවශ්‍ය රෝම ඉවත් කර ගන්නට ප්‍රථම , සමේ මැරුණු සෛල ඉවත් කර ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා.මෙමගින් ඔබේ සමේ මතුපිට වඩාත් සිනිදු කරනවා වගේම ශේව් කිරීම පහසුවෙන් කර ගැනීම සඳහා සුමට වූ මතුපිටක් ද සකස් කරනවා. ඒ වගේම සමේ මැරුණු සෛල සහිතව ශේව් කිරීමෙන් අනතුරුව ඇතිවිය හැකි ආසාදන ඇතිවීමද මෙමගින් වළක්වනවා.

Shaving gel 

ඔබ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා සූදානම් වන ප්‍රදේශය පුරා shaving gel එකක් ආලේප කිරීම ඔබේ කාර්යය තවත් පහසු කරවනවා. ඒ වගේම අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී සම වියලී කැපීම් වලට සහ සීරීම් වලට ලක්වීමද , කැසීම් සහ ආසාදන තත්වයන් ඇතිවීම අවම කිරීමද මෙමගින් සිදු කරනවා. ඒ වගේම ඔබ රේසරයක් මගින් අනවශ්‍ය රෝම ඉවත් කරන විට හිසකෙස් ඇදීම් වලට ලක් වීමේ දී සම හානියට පත්වීමට වළක්වා ගැනීම සඳහා ආරක්ෂණ තට්ටුවක් ලෙසද මේ ශේවින් ජෙල් ක්‍රියා කරනවා.

නිවැරදි ක්‍රමය

අනවශ්‍ය රෝම ඉවත් කරන විට ඔබ ඒවා ඉවත් කරන ක්‍රමයද ඉතාම වැදගත් වෙනවා. සෑම විටම ඔබ රේසරයක් ආධාරයෙන් රෝම ඉවත් කරන විට රෝම වර්ධනය වන දිශාවට ප්‍රතිවිරුද්ධ දෙසට ඔබ රේසරය හැසිරවිය යුතුයි.

මොයිස්චරයිසර් යොදන්න

අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසුව ඔබ අමතක කළ යුතුම නැති පියවර තමයි මේ. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම සහ සම වියලීම වළක්වා ගැනීම සඳහා ඔබ ඉතා හොඳ මොයිස්චරයිසර් එකක් තෝරාගෙන භාවිතා කළ යුතුයි. මොයිස්චරයිසර් එකක් සමේ ආලේප කර මද වේලාවක් සම්බාහනය කළ හැකි නම් එය ඔබේ සමේ සුමුදු බව ආරක්ෂා කර ගැනීමට හේතු වෙනවා.

මේ ටිප්ස් කීපය අනුගමනය කරනවා නම් ඔබට සාර්ථක ලෙස, කැපීම්, සීරිම් සහ හානි වීම් වලින් තොරව ඔබේ ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කර ගන්නට පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles