මනුජ නිවසට අවශ්‍ය කලමණා ගෙනවිත් තැබුවේ පියා එලෙසින් අවශ්‍ය නොව්න බව තරයේ පවසද්දීය. පසුදා දහවල් පෙරලා දියතලාවේ යෑමට ඇති බව පැවසූ පසු දියණිය තවත් වේලා සිටීමට අවශ්‍ය බව පවසමින් හඬා වැටෙන්නට වූවාය. ඇය නින්දට යැව්වේ බොහෝ මුසාවන් වලට පසුවය.
” ආහ් ලොකූ ..”
“ම්ම්ම්…”
” මට තව ටිකක් සනීප වුනාම, මේවා වහලා දාලා තාත්තයි මායි එහේ එන්න හිතුවේ…”
“එහෙම ඕන් නැ අම්මේ…. මෙච්චරකල් උන්න තැන් දාලා එහෙම ඇවිල්ලා ඉන්න පුලුවන් ද ?”
” ඒක බලාගන්නම් අපි දෙන්නා …. පිටගෑණු එක්ක කෙල්ලෙක් උස් මහත් වෙන්න දෙන්න මගේ හිත වාවන්නේ නෑ…”
“සාරතී නැන්දා එහෙම ප්‍රශ්නයක් නහැ අම්මේ… මම කිව්වානේ…”
“ඒකෙන් කමක් නෑ කොහොම වුනත්…, ඒක හිතේ තියන් ඉන්න ඔයා…”
මනුජ එයට පිළිතුරු නොදී උන්නේය. අම්මා සහ තාත්තා දියතලාවේ පැමිණේ නම් සිත සැහැල්ලුව ගැන සැක නැත. එහෙත්, ඔවුන් දෙදෙනා මෙහි ගෙවන නිදහස් සමාජශීලි ජීවිතය එහි පහසු වන්නේ නැත. කාලගුණ වෙනසද යම් බලපෑමක් විය හැක. මනුජ ඒ පිලිබඳව වැඩිදුර කල්පනා නොකර අත් හැරියේය.
ඒත් සමඟම වෛද්‍යවරිය සිහි විය. හේතුවක් නොවූවත් තත්පර කිහිපයක් සිත තුල කරණම් ගහන්නට ඇයට ඉඩ හිමි විය.
මනුජ පසුදා දහවල් දෙක වන විට පිටවූයේය. ලබන සතියේද එන්නට උත්සාහ කරන බවට අම්මාට පොරොන්දු වූයේය.
” දරුවා ගැන සැලකිල්ලෙන් ලොකූ…”
අම්මා එවිටද එලෙසින් පැවසීම මනුජගේ සිතට තවත් බරක් එක් කලේය.
දරුවන් වදා, හදා අවසන් වූවාට පසුවත් ඔවුන්ගේ ජීවිත වල සැහැල්ලුව ඔවුනට හිමි නොවීම සැබැවින්ම අතිශය අසාධාරණ බව මනුජ කල්පනා කලේය. අම්මලා ජීවිතයම දිය කලේ තමා සහ නංගී වෙනුවෙන්මය. දැන් යලි තමා සහ දියනිය වෙනුවෙන් අම්මලාගේ ජීවිතවල දෙවෙනි ඉනිම දිග හරින්නට සිදුව ඇත.
මනුජ එදින් නින්දට ගියේ යලි හදවතෙහි වූ කැළඹීම සමඟය. සිත සේම ගතද පෙලන විඩාවක් ඔහු සතු විය.
” මහත්තයා .. ඇස් දෙක රතුවෙලා…”
පසුදා කඳවුරට වාර්තා කිරීමට සූදානම්වෙන අතරේ සාරතී එලෙසින් විමසුවාට පසු මනුජද යලි කණ්ණාඩිය වෙත ගොස් මුහුණ බැලුවේය. යම් විඩාවක් ඇත. මානසික පීඩාව වන්නටද ඇත.
“ගමන් මහන්සියට නින්ද ගියෙත් නෑ සාරතී නැන්දා ….”
“ආයේ යනකොට කෑම්ප් එකෙන් ඩ්‍රයිවට් කෙනෙක් අරන් ගියානම් අහවරයි නේ….”
“බලමු… බබා ඊයේ රෑ පොඩ්ඩමයි කෑවේ.. එක්ක ආවාට මාත් එක තරහෙන් හිටියේ.. උදේට නාවලා කන්න දෙන්න සාරතී නැන්දේ… “
“හොඳමයි මහත්තයා… ඒවා මං බලාගන්නන් … මහත්තයා සිහි කල්පනාවෙන් ඔය වැඩ කරගන්නකෝ…. “
මනුජ රාජකාරි සඳහා වාර්තා කලද, පැය කිහිපයක් ඉක්ම යද්දි ඔහු දැඩි උණ රෝගයෙන් පීඩා විඳින්නට විය. අවසානයේ කඳවුරේ වෛද්‍යවරයාඔහු පරික්ශා කර ඖෂධ ලබා දී , විවේක ගන්නට නිර්දේශ කලේය. කඳවුරේ සහායල රියැදුරෙකු සමඟ මනුජ නිවසට පිටත් වූයේය.
“මගේ කාර් එක හවස් වෙලා එවන්න …බබා ඉන්න නිසා වාහනේ ගෙදර තියෙන්නෝනා….”
මනුජ එලෙස පවසා ගේට්ටුවෙන් ඇතුලු වූයේය. මිදුලේ නවතාතිබූ මෝටර් රිය දැක ඔහු කිසිට් සිතා ගත නොහැකි ලෙසින් බලා උන්නේය. ගත පෙලා දමන වෙහෙස නිසා මනසටද වඩා වැඩි කල්පනාවන් දරාගන්නට නොහැක.
ඔහු මෝටර් රිය පසු කරමින් නිවස වෙතට ඇතුලු වූයේය. අම්මාගේ කියමන් සිහි විය. දියණිය සාරතී නැන්දා හමුවේම තැබිමට අම්මා අකමැති වීම මනුජට වැටහුණේය.
ඔහු නිවසට ඇතුලු වෙද්දීම ඇසුණේ දියණියගේ සිනහ හඬය. ඉන් සැනසීමක් දැනුනේය. මනුජ දොර උලුවස්ස අල්ලාගෙන නිවසට එබුණේය
දුටුවේ සිහිනෙකින්වත් බලාපොරොත්තු වූ දර්ශනයම් නොවේය. ඔහු යලි හිස දෙපසට ගසා බැලුවේය. දෑස් පිසදමා බැලුවේය.
ඒත් සමඟම දියණිය ඔහු දුටුවේය.
” යේ.. යේ.. අප්පච්චී ආවා.. අප්පච්චී ආවා..අප්පච්චී ..ඩොක්ටර් ආන්ටි ආවා…..”
ඔහු දියණියව තමා වෙත ඒමෙන් පසෙකට කරන්නට උත්සාහ කරමින් නිවසට ඇතුලු වූයේ විසිව යමිනි.
ඔහුට බොඳ වෙමින් පෙනුනේ වෛද්‍යවරිය විත් තමා අල්ලාගෙන අසුනක හිඳුවන අයුරුය.
” ආන්ටි මෙයාට උණ…. බබාව ගන්න පැත්තකට…”
එලෙස ඇසුනි.
දියණිය මහ හඬින් හඬා වැටෙනුද ඇසුණි. මනුජ එවර දියනිය ඉල්ලා අත දිගු කලේය.
එහෙත් වෛද්‍යවරිය සාරතී ට ඉඟි කලේ දියණියව රැගෙන යන්නටය.
මනුජ වෛද්‍යවරිය දෙස බැලුවේ ගිණි පුපුරු විසිව් යන දෑසිණි.
” තමු… සේ… මෙහෙ … ම..ගේ…ක්වාර්ටස් .. එකේ…මොක..ක්ද … කරන්නේ …?”
මනුජව එක්වරම දොරෙන් දකිද්දී සින්දූපා ද තිගැස්සුණාය. ඔහුට මුහුණ දිය යුත්තේ කෙලෙසින්දැයි ඇයටද වැටහුනේ නැත. එහෙත්, ඔහු අසනීපයෙන් බව වැටහෙද්දීම ඒ සැක සංකා පහ විය. තමා හා ගැටෙන්නට ඔහු උත්සාහ නොකරාවිය යන උපකල්පනය මත සිට ගත්තාය.
” කලබල වෙන්න එපා… මම බබාව බලන්න ආවේ…”
“අහ්…ආහ්… දියතලාව හොස්පිට්ල් එකේ ඩොක්ටර්ස්ලා හෝම් විසිටිනුත් යනවාද ..ආහ්හ්හ්..ඉන්න … ඉන්න මම අහලා බලන්න …”
මනුජ උස් හඬින් එලෙස පවසමින් , අසුනේ පසෙකට වී සාක්කුවේ වූ ජංගම දුරකතනය ගෙන වෛද්‍ය මිතුරාට ඇමතුමක් ගත්තේය.
” විශ්ව .. මේ…”
සින්දූපා ට වන්නට යන්නේ කුමක්දැයි වැටහුනේ ඉන් පසුවය. අද දින නිවාඩුව ලබා ගත්තේ අසනීප බව විශ්ව අය්යාටද පවසමිනි. ඔහු මේ බව දැනගැනීම …,
සින්දූපා වහා ජංගම දුරකතනය උදුරාගෙන විසන්ධි කලාය. එය පසෙකින්ම තැබුවාය. මනුජට ඇගේ එම ක්‍රියාව වටහා ගන්නට නොහැකි වූ නිසාම ඔහු උන්නේ වික්ශිප්තව යමිනි.
” ඒක මගේ ෆෝන් එක …”
මනුජ සින්දූපා වෙත දැඩි වන්නට උත්සාහ කරමින් කීවේය.
” දන්නවා … “
“එහෙනම් ඒක දෙනවා…”
“ඔයාට හොඳටම උන මිස්ටර් මනුජ…. මෙඩිසින් මොනවාහරි අරගෙනද ?”
“දොස්තර නේද ? මගෙන් අහන්නේ ? … බලන්නකෝ මෙඩිසින් අරගෙනද කියලා…”
මනුජ තුළ සැඟවී සිටින සාමකාමි, ප්‍රේමණීය , ලයාදර පිරිමිය මතුවීම් වලක්වාගන්නට තරම් සිහියක් ඔහු සතු වූයේ නැත.