ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ආසයි තමන්ගෙ දරුවන්ට ඉහළට උගන්නන්න. ඒ නිසාම ගොඩක් දෙමව්පියො තමන්ගෙ දරුවන්ව රට රටවල යවලා හරි උගන්නනවා. ඒක ඇත්තටම හරිම ලොකු බරපතල වගකීමක් නෙ.
ඕනම parent කෙනෙක් බයයි නොදන්න රටකට තමන්ගෙ දරුවන්ව යවන්න. මොකද ඕන දෙමව්පියෙක් හිතන්නෙ තමන්ගෙ ඇස් ඉස්සරහ තමයි තමන්ගෙ දරුවො හොඳටම පරිස්සම් කියලා.
චීන ජාතික ශිෂ්‍යාවක් වුණු මෙන්ග්මී ලෙන්ග්ටත් තමන්ගෙ අනාගතේ ගැන, ඉගෙනීම ගැන මෙන්න මේ වගේ ලොකුම ලොකු හීන තිබ්බා. ඒ හින්දා තමයි එයා ඔස්ට්‍රේලියාවට එන්නෙ වැඩිදුර ඉගෙන ගන්න හිතාගෙන. මෙන්ග්මීට ඕස්ට්‍රේලියාවේදි කවුරුත් කිව්වේ මිෂෙල් කියලා. එයා චීනයේ හැදී වැඩුණේ එයාගෙ තාත්තා මැරිච්ච හන්දා අම්මා එක්ක. මෙන්ග්මී හරිම බුද්ධිමත්, විදේශයක ව්‍යාපාර ගැන ඉගෙන ගන්න හීන ගොඩක් තිබුණ කෙල්ලෙක්. එයාගෙ අම්මා එයාට ඒ වෙනුවෙන් ලොකු සහයෝගයක් දුන්නා. මිෂෙල්ගේ නැන්දා කෙනෙක් ඒ වෙනකොටත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණු නිසා අම්මාගේ හිතට ලොකු සහනයක් තිබුණා බයක් නැතුව කෙල්ලව ඔස්ට්‍රේලියාවට යවන්න. නැන්දා කසාද බැඳලා හිටියේ තමන්ට වඩා අවුරුදු දහයක් විතර බාල ඩෙරෙක් බැරට් කියන ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් එක්ක.
2011 වසරේදී මිෂෙල් සිඩ්නි විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා තමන්ගෙ උසස් අධ්‍යාපනය පටන් ගන්නවා. එයාගෙ අම්මා, දරුවා නැන්දගේ ආරක්ෂාව යටතේ ඉන්නවා කියන සැනසීමෙන් ආපහු චීනයට යනවා. මිෂෙල්ගේ නැන්දට එයාගෙ පළමු විවාහයෙන් දුවෙක් හිටිය නිසා මිෂෙල්ට තනිකමක් දැනෙන්නේ නැහැ කියලා අම්මා හිතනවා.
මිෂෙල් ඕස්ට්‍රේලියාවේ ජීවිතයට හොඳින්ම හුරු වෙනවා. එයා හොඳට ඉගෙන ගන්නවා, යාළුවෝ එක්ක සතුටින් ඉන්නවා. හැමෝම දැනගෙන හිටියේ මිෂෙල්ව, හරිම කරුණාවන්ත, අරමුණක් තියෙන කෙල්ලෙක් විදිහට.
හැබැයි නැන්දගේ ගෙදර ඇතුළේ වෙනම අඳුරු කතාවක් හැංගිලා තිබුණා. ඒක කවුරුවත් දැනගෙන උන්නෙ නෑ. නැන්දගේ මහත්තයා, ඩෙරෙක් උන්නෙ, රැකියාව නැති වුණු නිසා ආර්ථික වශයෙන් තමන්ගේ බිරිඳ මත ඩිපෙන්ඩ් වෙලා. එළියෙන් බැලුවම නම් එයා හරිම නිහඬ, සාමකාමී කෙනෙක්. හැබැයි Don’t judge a book by it’s cover කියනවා වගේ ඇත්තටම ඩෙරෙක් කියන්නේ අසහනකාරී, අමුතු ලිංගික ආශාවන් තිබුණු කෙනෙක් බව කවුරුවත් දැනන් උන්නෙ නෑ. තමන් ගෙදර තනියම ඉන්නකොට වැසිකිලි කාමරවල, නිදන කාමරවල, මිෂෙල්ගේ කාමරේ ඇතුළේ, එයාගේම දුවගේ කාමරේ පවා හොරෙන් කැමරා සවිකරලා ඒ වීඩියෝ බලන විකෘති ආසාවක් මේ ඩෙරෙක්ට තිබුණා. එයා ඒ වීඩියෝ බලලා තමන්ගේ විකෘති ආශාවන් තෘප්තිමත් කරගත්තා.
2016 වසරේදී මිෂෙල්ගේ නැන්දට රැස්වීමකට යන්න සිද්ධ වෙන්නෙ ඔන්න ඔය අතරෙ. නැන්දගේ දුවත් එදා ගෙදර හිටියේ නැහැ. ඒ නිසා මිෂෙල් ඩෙරෙක් එක්ක ගෙදර තනි වෙනවා. ඒ වෙද්දිත් මිෂෙල් හිතන්නෙ නෑ තමන්ට මෙහෙම වෙයි කියලා.
එක දවසක් රාත්‍රියේ, ඩෙරෙක් මිෂෙල්ට කැමරා හයි කරලා තිබුණු කාමරේකට එන්න කියනවා. ඒ වෙලාවෙ එතනට යන මිෂෙල් “ඇයි මේ කැමරා හයි කරලා තියෙන්නෙ?” කියලා පුදුමෙන් අහනවා. ඒත් මිෂෙල්ගෙ ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට ඩෙරෙක් කරන්නෙ හිතාගන්නවත් බැරි දෙයක්.
උත්තරයක් දෙනවා වෙනුවට ඩෙරෙක් මිෂෙල්ව අල්ලාගෙන, එයාගෙ අත් සහ කකුල් බැඳලා, කට වහනවා කෑගහන්න බැරි වෙන්න. ඉන්පස්සෙ මිෂෙල්ව නිරුවත් කරලා වීඩියෝ සහ ඡායාරූප ගන්නවා. පැය ගණනාවක් තිස්සේ මිෂෙල්ට අමානුෂික විදිහට පහර දෙනවා. මිෂෙල් ඇඬුවත්, දැඟලුවත්, තමන්ව ගැටගහපු ලණුවලින් හම කැපුණත් එයාට කිසිම දෙයක් කරගන්න පුළුවන් වෙන්නෙ නෑ.
මේ දරුණු වධ හිංසා දවස් දෙකක් පුරා සිද්ධ වෙනවා. දවස් දෙකකට පස්සෙ නැන්ද ගෙදරට ආවම ඩෙරෙක් බය වෙනවා.තමන්ට බේරෙන්න මිෂෙල්ව සදහටම නිහඬ කරන්න ඕන නිසා ඩෙරෙක් මිෂෙල්ව හිරකරලා උන්න කාමරේට ගිහින් එයාගෙ මූණට කොට්ටයක් තියලා පිහියෙන් 30 වතාවක් විතර ඇනල මරනවා. මැරුවට පස්සේ මිෂෙල්ගෙ ඇඟ ප්ලාස්ටික් බෑග් වලින් ඔතලා තමන්ගේ කාර් එකේ හංගනවා.
මිෂෙල්ගෙ මළසිරුර dump කරන්න යන අතරමගදි ඩෙරෙක් කිසිම දෙයක් වුණේ නැති ගානට කඩයකින් කෑම ගන්නත් නතර කරනවා. අන්තිමට, එයා නිව් සවුත් වේල්ස් වල කඳු පල්ලමක් ළඟට ගිහින් මිෂෙල්ගෙ මළසිරුර මුහුදට දානවා.
හැබැයි ඉරණමට නම් වෙනම ප්ලෑන් එකක් තිබුණා. දවස් කීපයකට පස්සේ සංචාරකයින්ට ප්ලාස්ටික් වලින් ඔතපු මළසිරුරක් හම්බවෙලා පොලිසියට දැනුම් දෙනවා. මුලින්ම ඒ මළසිරුර හඳුනාගන්න බැරි උනත් පස්සෙ පරිගණක තාක්ෂණයෙන් හදපු රූප සහ මිෂෙල්ගේ දත්බුරුසුවෙන් හා කෙස් බුරුසුවෙන් ගත්තු DNA පරීක්ෂණ වලින් ඒ මිෂෙල් ලෙන්ග් බව හොයාගන්න පුළුවන් වෙනවා.
මේ විස්තර දැනගන්න මිෂෙල්ගෙ අම්මා දුක දරාගන්න බැරිව ඕස්ට්‍රේලියාවට දුවගෙන එනවා.

පොලිසිය ඩෙරෙක්ගෙන් මේ ගැන ප්‍රශ්න කරද්දී එයා කිසිම දෙයක් දන්නේ නැති ගානට බොරුවට ඉන්නවා. මිෂෙල් social media වලින් දැනගෙන හිටපු කොල්ලෙක්ව හම්බවෙන්න ගිහින් ආපහු ආවේ නෑ කියලා ඩෙරෙක් පොලිසියට කියනවා. හැබැයි CCTV කැමරාවල තිබුණු දර්ශනවලින් පෙන්නුම් කළේ ඩෙරෙක්ගේ කාර් එක මිෂෙල්ගේ මළසිරුර හම්බවුණු තැනට ආසන්නව තිබුණු බව. ඒ වගේම එයාගේ දුරකථනයේ GPS දත්තත් ඒ තැනට ඩෙරෙක් ගිය බව පෙන්නුවා. පොලිසිය එයාගේ උපාංග පරීක්ෂා කරද්දී, ගැටගහලා දූෂණයට ලක් කරපු මිෂෙල්ගේ ඡායාරූප හම්බවවෙනවා. ඒ ඡායාරූප වලින් මේ හැමදෙයක්ම පිටිපස්සෙ ඩෙරෙක් ඉන්නව කියලා තේරුම්ගන්න පොලිසියට පුලුවන් වෙනවා.
2016 අප්‍රේල් මාසයේදී මිෂෙල්ව මරපු චෝදනාවට ඩෙරෙක්ව අත්අඩංගුවට ගන්නවා. එයා සමහර දේවල් පාපොච්චාරණය කළත් පස්සේ කියනවා, තමන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටපු නිසා ඒ දේවල් මතක නෑ කියලා. එයා මිෂෙල්ගේ අම්මාට ලියුමක් ලියලා තමන්ගේ වැරැද්ද ගැන පසුතැවෙනවා කියලා කියනවා. හැබැයි අධිකරණය ඩෙරෙක් කිව්ව නිදහසට කරුණු පිළිගත්තේ නැහැ.
2017 වසරේදී ඩෙරෙක්ට මිෂෙල්ව දූෂණය කරලා මරපු චෝදනාවට අවුරුදු 36ක සිර දඬුවමක් නියම වෙනවා.
මේ අතරෙ තව අමුතු දෙයක් වෙනවා.
ඒ පස්සේ කාලෙක ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙමින් හිටපු ඩෙරෙක්ගේ අම්මාව බලන්න ආපු වැඩිහිටි කාන්තාවක්, ගෙදර හැංගිලා තිබුණු USB ඩ්‍රයිව් එකක් හොයාගන්න එක. ඒක ඇතුළේ තිබුණේ ඩෙරෙක්ගේ අමානුෂික පහරදීම්වල වීඩියෝ. මිෂෙල්ගේ අවසාන මොහොත පවා ඒකේ තිබුණා. මේක එයාට විරුද්ධව අමතර සාක්ෂියක් බවට පත් වෙනවා. කොහොම වුණත් ඩෙරෙක් තමන්ට මතක නැහැ කියලා දිගටම කිව්වා මිසක් තමන් කරපු දේ සම්පූර්ණයෙන් පිළිගත්තේ නැහැ.
මිෂෙල්ගේ අම්මාට මේ වෙච්ච පාඩුව දරාගන්න බැරි වුණා. හීන ගොඩක් එක්ක අධ්‍යාපනයට පිටරටට යවපු තමන්ගේ එකම දුව, හිතාගන්නවත් බැරි විදියට මැරුණා කියන එක එයාට දරාගන්න අමාරු නෑ.
කේස් එක විසඳිලා ඩෙරෙක්ට දඬුවම් ලැබුණත් අදටත් එක ප්‍රශ්නයක් විසඳිලා නැහැ, ඒ තමයි අර USB ඩ්‍රයිව් එක අර වැඩිහිටි කාන්තාවට හම්බ වුණේ කොහොමද? කියන එක
ඒකට උත්තරේ කවුරුත් හරියටම දන්නේ නැහැ.