මට මතක්වෙනවා 1979 ආව සරුංගලේ චිත්‍රපටයේ එන ගීතයක්.
“කුල කතකගෙ සුරතුර බඳු සුරත ලබන්ඩයි
තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි
පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්ඩයි
පෝරුව පිට සිටුවා කර මාල බඳින්ඩයි”
මේ සිංදුව කියන්නේ නිරංජලා සරෝජිනී මහත්මිය එක්ක අබේවර්ධන බාලසූරිය මහත්මයා.
මේ සිංදුවෙන් මේ ආටිකල් එක පටන් ගන්න ඇත්තටම මට හේතු වුනේ මේ කතාව දෑවැද්ද නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙච්ච තවත් අසරණ ගැහැනියකගෙ කතාවක් හන්දා.
“මට ඔයාව විතරයි ඕන, වෙන කිසිම දෙයක් එපා” කියන ප්‍රේමවන්තයින් අපිට අදටත් ඇත්ත ජීවිතේ වගේම කතා පොත්වල, චිත්‍රපටවල හම්බ වෙනවා. ආදරේ කරලනෙ බඳින්නේ, දෑවැද්ද එපා කියන පවුල්වලට වාසනාවන්ත ගෑනු ළමයින් විවාහයෙන් පස්සෙ පිවිසෙනවා.
ඒත් එහෙම ලෝකෙක දෑවැද්ද නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන අසරණ ගෑණු දරුවොත් ඕන තරම් ඉන්නවා.
ඉන්දියාවෙ බහුතරයක් පවුල් තවම ජීවත්වෙන්නෙ කාන්තාවකගේ වටිනාකම තීරණය වෙන්නේ ඇයගේ සැමියාගේ පවුලට ගෙනියන දෑවැද්ද මත කියලා හිතාගෙන.
නොයිඩා නගරයේ වෙච්ච අපි අද කතාකරන්න යන සිද්ධිය මේ කතාවට හොඳම උදාහරණයක්.

එයා මගෙ දූව පුච්චලා මරලා
නොයිඩා වල පොලිසියට භිකාරි සිං එන්නේ අඬ අඬ.
“මගෙ දුවව එයාගෙ සැමියයි නැන්දම්මයි එක්කහු වෙලා ගිනි තියලා මරලා දාලා” කියාගෙන අඬාගෙන එන තාත්තා කෙනෙක්ව දකින පොලිසියටත් හිතාගන්න බැරිවෙනවා මොකද්ද වෙලා තියෙන්නෙ කියන එක.
ඒ අනුව තමයි පොලිසිය මේ සිදුවීම වුනා කියන විපින් බාති ගෙ ගෙදරට යන්නේ.
සිද්දිය ඇත්තටම පටන් ගන්නේ ඊටත් සෑහෙන කාලෙකට කලින්. ඒ නිකී social media වලට හදන content හේතු කරගෙන.
“මේ වීඩියෝ කරන එක නවත්තන්න,” එක සවස් වරුවක විපින් තමන්ගේ බිරිඳට තර්ජනය කරනවා.
හැබැයි නිකී ඒකට එකඟ වෙන්නෙ නැහැ.
“මම මේක නවත්වන්නේ නැහැ. ඉක්මනටම මම මගේ අක්කා එක්ක අපේ ස්ටුඩියෝ එක ආපහු පටන් ගන්නවා.”
මේක සාමාන්‍ය ගෘහස්ථ ආරවුලක්, ගණන් කරන්න බැරි තරම් ජෝඩු අතර සිදුවෙන දෙයක් විදියට අහන දකින කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි නිකී භාතීට නම්, ඒ වචන තමන්ගෙ ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වෙච්ච ආරවුලක් උනා. අගෝස්තු 21 වෙනිදා, උත්තර ප්‍රදේශ්වල අලිගාර්වල හිටිය 26 හැවිරිදි නිකීගෙ ජීවිතය නැති වෙන්නෙ හිතාගන්නවත් බැරි භයානක විදියකට.
ඒ එයාගෙ සැමියා සහ නැන්දම්මා අවුලුවපු ගින්නකින් පිච්චිලා.
හිරයක් නෙවෙයි හිරගෙයක්
නිකීගේ විවාහය කියන්නේ ගොඩක් කෙල්ලො කසාදෙන් පස්සෙ බලාපොරොත්තු වෙනවා වගේ සුරංගනා හීනවලින් පිරිච්ච එකක් නම් නෙවෙයි. මාස ගණනාවක් තිස්සේ මේ දෙන්නා ඉඳලා තියෙන්නෙ ප්‍රශ්න ගොඩක. මතුපිටින් බැලුවම, මේවා පොඩි පොඩි දේවල් කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ගොඩක් ප්‍රශ්න වලට හේතුවෙලා තිබ්බෙ සල්ලි, ගෙදර දොරේ ප්‍රශ්න, නැන්දම්මා, මාමණ්ඩිය එක්ක තියෙන ගැටුම්. හැබැයි ඒ යටින් සමාජ මාධ්‍යවලට කොන්ටෙන්ට් හදන්න නිකීට තිබ්බ ආශාව සහ එයාගෙ අක්කා එක්ක ව්‍යාපාරයක්, එහෙම නැත්තම් ස්ටුඩියො එකක් පටන් ගන්න තිබුණු හීනෙ නිකීගෙ කසාදෙට ලොකුවටම ප්‍රශ්න ඇති කරලා තිබුණා.
ඒත් සමහර සැමියො වගේ විපින් නම් මේකට එච්චර කැමති වුණේ නෑ.
නිකී ඉන්ස්ටග්‍රෑම් රීල්ස් හදන එක, ඒවා අප්ලෝඩ් කරන එක තමන්ගෙ කසාදෙට ප්‍රශ්නයක් විදියට තමයි විපින් දැක්කෙ.ඒ වගේම එයාගෙ අක්කා වෙච්ච කංචන් එක්ක කරගෙන ගිය ගොඩක් successful වෙච්ච ව්‍යාපාරය ආයෙම මේ දෙන්න පටන් ගන්න හිතාගෙන උන්න එකටත් විපින් එච්චර කැමති උනේ නෑ.
මේ වෙලාවේ නිකීගේ නැන්දම්මාත් මේ ප්‍රශ්නවලට එකතු වෙනවා.
“ඔය වීඩියෝ කරන එකයි, බිස්නස් පටන් ගන්න එකයි නවත්තලා, අපිට වාහනයකුයි, සල්ලි ටිකකුයි අරගෙන එන්න බලන්න. ඒක තමයි මේ ගෙදරට ගැලපෙන දෑවැද්ද.”
මේ විදියට නැන්දම්මා දෑවැද්ද ඉල්ලද්දී විපින් ඒකට ෆුල් සපෝට් එක දෙනවා.
රීල්ස් හදන එක නවත්වන්න කියලා විපින් නිකිට ගොඩක් වතාවක් කියලා තියෙනවා. හැබැයි නිකී ඒක දිගටම කරනවා කියලා තදින්ම කියලා තියෙනවා “මම කවදවත් ඒක නතර කරන්නෙ නෑ. ඒ වගේම මම ආපහු ස්ටුඩියෝ එක පටන් ගන්නවා” කියලා.
මේ වචන විපින් ගෙ හිත අස්සේ පුදුමාකාර විදියෙ ගින්නක් අවුලුවන්න හේතුවෙනවා. එකින් එක ගිනි පුපුරු එක්කහු කරගත්ත විපින් ගින්න ඇත්තටම පත්තු කරන්නෙ 2005 අගෝස්තු 21 වෙනිදා.
පුච්චලා දැම්මෙ මෙන්න මෙදා
ඒ අගෝස්තු 21 වෙනිදා නිකීයි එයාගෙ අක්කා වෙච්ච කාංචනුයි ගෙදර ඇතුළේ රීල් එකක් ශූට් කරන ගමන් තමයි හිටියේ. මේ වතාවෙ නම් ගින්න පත්තු කරේ නිකීගෙ නැන්දම්මා.
සුපුරුදු නැන්දම්මා විදියට “ඕක නවත්තන්න” කියලා කෑගහගෙන ආව නැන්දම්මා එක්ක නිකී රණ්ඩුවෙන්න පටන් ගන්නෙ තවදුරටත් මේක ඉවසන්න බෑ කියලා හිතලා. මේ රණ්ඩුව කලින් වතාවල්වලට වඩා ගොඩක් සැරට වගේම දිගට ඇදිලා යන එකක් වෙනවා.
මේ රණ්ඩුව මැද්දට විපින් එන්නෙ කොහොමත් හිත අස්සේ තිබිච්ච ගින්න පත්තු කරගෙනමයි.
ඒ තරහටම තමයි විපින් නිකීගෙ ඇඟට භූමිතෙල් වක් කරන්නේ.
කාංචන් විසින් පටිගත කළා කියලා කියන වීඩියෝවලින් ඉන්පස්සෙ වෙච්ච දේ දකින්න පුලුවන් වෙනවා. විපින් නිකීගේ කොණ්ඩෙන් ඇදගෙන, වීඩියෝ කරන එක ගැන නිකීට හරිම නරක විදියට බණිනවා. ඒ විතරක් නෙවෙයි භූමිතෙල් වක්කරලා, ඉන්පස්සෙ ගිනි තිබ්බ ඇඟෙන් නිකී ගිනි දැල් පත්තු කරගෙන පඩිපෙළ බැහැගෙන බැහැගෙන ගිහින් මිනිස්සුන්ගෙන් තමන්ව බේරගන්න කියලා උදව් ඉල්ලනවා.
ඒත් කාටවත් නිකීව බේරගන්න පුළුවන් වෙන්නෙ නෑ.
ඒ වගේම මෙතන හිත රිදෙනම කතාව තමයි විපින් නිකීට ගිනි තියන්නේ ඒ දෙන්නගෙම දරුවා ඉස්සරහා වෙච්ච එක.
Social Media වලට Content හදපු වරදට නිකීට මිය යන්න උනා කියලා හිතුවට නිකීට ඊට කළිනුත් මේ ගේ අස්සේ සෑහෙන ප්‍රශ්න වලට මූණ දෙන්න උනා කියන එක කට්ටියම දැනගන්නේ මේ කේස් එක වෙනුවෙන් ක්‍රියාත්මක වෙන පොලිස් පරීක්ෂණයකදි.
“නිකීට ඔය ගේ අස්සේ සෑහෙන කරදර වලට මූණ දෙන්න සිද්ද උනා. එයාගෙ දෑවැද්ද ප්‍රශ්නයක් නිසා ඔය අම්මයි පුතයි නිකීට හරියට කරදර කරලා තියෙනවා” කියලා කියන්නේ නිකීගෙ තාත්තා.
නිකීට දෑවැද්ද ඉල්ලලා කරදර කරපු, ඒ වගේම මේ කොන්ටෙන්ට් හදන්න එපා කියලා ගුටි බැට දුන්න විපින් කියන්නෙත් සමාජ සම්මතේට අනුව ජීවත්වෙච්ච කෙනෙක් නම් නෙවෙයි. විපින්ට තව තැන් කීපෙකම අනියම් සබඳතා තිබිලත් තියෙනවා. ඒකත් මේ දෙන්නගෙ කසාදෙ අස්සට ප්‍රශ්න අරගෙන එන්න හේතුවෙලා තියෙනවා.
නිකීගේ තාත්තා, භිකාරි සිං, මේ හැම දේකටම හේතුව දෑවැදි ඉල්ලීම් කියලා පොලිසියට කියනවා. එයා කියනවා විපින් සහ එයාගේ පවුලේ අය සල්ලි සහ කාර් එකක් ඉල්ලලා නිකීට නිතරම හරියට කරදර කරා කියලා.
මේ හැමදේම අහන පොලිසිය වෙලාව නාස්ති කරන්නෙ නැහැ.වෙච්ච දේ වෙලා තියෙන විත්තිය ඇත්ත. ඒත් ආයෙ එහෙම දෙයක් නොවෙන්න පැය කිහිපයක් ඇතුළත, විපින්ව අත්අඩංගුවට ගන්න පොලිසියට පුළුවන් වෙනවා. හැබැයි එතකොටත්, විපින් ඉඳලා තියෙන්නෙ පැනලා ගිහින් බේරෙන්න. ඒ වගේම අපරාධ ස්තානයට පොලිසිය ආවම මිනිහා පොලිසියේ තුවක්කුත් උදුරලා ගන්නත් උත්සහා කරලා තියෙනවා. එතනදි කකුලට වෙඩි වැදෙන එකෙන් තමයි මිනිහව අල්ලගන්න පොලිසියට පුලුවන් වෙන්නෙ.
මේ සිද්දියට විපින්ගේ අම්මා වෙන දයා වගේම මස්සිනා වෙන රෝහිත් කියන කෙනත් තව නෑ වෙන කෙනෙක් වෙන සත්‍යවීර්වත් අත්අඩංගුවට ගන්නවා.
“ඒගොල්ලෝ මස් කපන මිනිස්සු වගේ, මුන් ජීවත් වෙන්න සුදුසු නැහැ. මට මගේ දුවට මුන් ඔක්කොම එක්කහු වෙලා කරපු අපරාධෙට යුක්තිය ඕනේ.” කියලා නිකීගෙ තාත්තා අඬ අඬ ඉල්ලද්දි විපින් නම් කියන්නෙ වෙන කතාවක්. මේ මනුස්සයා ඉස්පිරිතාලෙ ඇඳේ ඉඳන් Social Media වලට විඩියෝ දාලා කියනවා,
විපින් මොකද කියන්නේ?
“මට කිසිම දුකක් නැ. මොකද මම නිකීව මැරුවෙ නෑ” කියලා.
මේ කතාවට විපින්ගේ cousin කෙනෙක් වෙන දේවේන්ද්‍ර කියන මනුස්සයත් සපෝට් කරනවා “ගෙදර තිබිච්ච සිලින්ඩරයක් පිපිරිලා තමා නිකී පිච්චිලා මැරුණේ. අපි හැමෝම එයාව ඉස්පිරිතාලෙට එක්කරගෙන ගියා, මේක විපින් කර දෙයක් නෙවෙයි” කියලා.
ඒත් කංචන්ගෙ ෆෝන් එකේ රෙකෝඩ් වෙච්ච වීඩියෝ වලින් වගේම නිකී සහ විපින්ගෙ අවුරුදු හයක් වයස දරුවා කියන විදියටත් “තාත්තා මං ඉස්සරහම තමයි අම්මට ගිනි තිබ්බේ” කියන කතාව විපින්ට පොලිසියෙන් ගැලවෙන්න නම් ඉඩක් තියන්නෙ නෑ.
නිකී භාතීගේ ජීවිතය කෙටි වුණත්, එයාගෙ මරණෙ අපිට විවාහය ගැන ලොකු කතාවක් කියලා දෙනවා.
විවාහයක් කිසිම වෙලාවක කාන්තාවකගේ නිදහස, ආරක්ෂාව, නැත්නම් එයාගෙ ජීවිතය නැති කරන්න හේතුවෙන දෙයක් වෙන්න බැහැ කියලා ඒක අපිට මතක් කර දෙනවා. ඒ ඇත්ත යථාර්ථයක් වෙනකම්ම, ගණන් කරන්න බැරි තරම් තවත් කාන්තාවන් දුක් විඳින්න පුළුවන්.
ඒ වගේම තමයි මේ කතාව ලියද්දි මට තව දෙයක් මතක් වෙනවා.
ඒ මේ දවස්වල ටික්ටොක් එකේ ට්‍රෙන්ඩ් වෙන My Boyfriend Rules Trend එක. ටොක්සික් මතවාද වලින් තමන්ගෙ ප්‍රේමවන්තියව හිර කරලා තියන්න හදන “සුදු මහත්තුරු” එහෙම නැත්තම් “අයියලා” තමයි කවදහරි විපින්ලා වගේ සැමියො වෙන්නෙ කියන එක අපේ ආදර “දෝණිලට” මේ කතාව කියවද්දිවත් තේරුණොත් හොඳයි කියලා හිතන ගමන් කතාව මං මෙතනින් නතර කරනවා.