දෑත දරා – 27

0
1287

කෙටි කලිසමක් සහ අත් කැපූ සැහැල්ලු ස්කිනරයක් හැඳ මෝටර් රථයෙන් බසින මනුජ දෙස සින්දූපා බලා උන්නේ හිත උතුරා දමන ආහ්ලාදජනක හැඟීමෙනි. එහෙත්, දෑසින්වත්, මුහුණෙන්වත් කිසිඳු හැඟීමක් එළි නොදක්වා සිටීමේ වෙහෙසද ඕ ගත්තාය

” සාරතී නැන්දා අද ඉඳි ආප්ප හදලා… ඔයා කන්න ආසයි කියලා කිව්වා… මම මේ පැත්තට එන්න ලෑස්ති වෙලා උන්න නිසා අරගෙනම ආවා….”

මනුජ එක් අතක එල්ලාගෙන උන් පොලිතින් මල්ලක් සින්දූපා වෙත පාමින් කීවේය. සින්දූපා එය ගත්තේ කිසිත් නොපවසමිනි. ඔහු අන් කිසිවෙකු හමුවන මඟ තමා හමුවන්නට ආවාද , එසේත් නැති නම්තමා දකින්නට ආ ගමනට අනෙකකු හසු කරනවාද සිතා ගන්නට තරම් නිරවුල් මානසිකත්වයක් සින්දූපා ට වුයේද නැත.

” බය වෙලාද ?..”

“අහ්.. නෑ.. මම .. මේ… නිකන් …”

“හරි .. එහෙනම් මම යන්නම් …”

“දැන් … සනීපද ?…”

” ශේප්…”

“චැනල් එකක් දාලා හරි ආයෙම චෙක් කරගන්න, ක්ලිනික් එවෙන්නේ නැත්නම් …”.

” ඔව්.. විශ්ව එන්න කිව්වා   …”

සින්දූපා ගේ හදවත ඇවිලී ගියේය. විශ්ව අයියා තමාට පැහැදිලි කරන ලද කාර්‍යයයන් යම් යම් වෙනස්කම් සහිතවම ඔහුටද පැහැදිළි කරනා දවස වැඩි ඈතක නොවන බව ඇයට සිතුණි.

එවන් පැහැදිළි කිරීමකට පසු තවදුරටත් තමාට අවැසි කතන්දරය වෙනුවෙන් ඔහු කිසිඳු සූදානමක් නොදක්වන බවට සින්දූපා ට සැක නැත. ඔහු එතරමට දැඩි අයෙක්  වන්නට හැක.

” එහෙනම් මම යන්නම්..”

තමා මනුජට නිවෙස තුලට එන්නයැයි ඇරයුම් කිරීම කලයුතු බව සින්දූපා ගේ මනස එවෙලෙහි ග්‍රහණය කර ගත්තේ නැත. ඕ හිස සැලුවාය. මනුජ විමතිය යන්තමින් දවට ගත් මුහුනින් ආපසු හැරුනේය.සිතා උන්නේ ඇය යම් ප්‍රහර්ෂණීය හැඟුම් පිටදැමීමක් කරනු ඇති බවය.එහෙත් ඕ උන්නේ හිස් බවින් බව මනුජට සිතේ.

” නෝනේ කතා කලා …. එවෙලේ කලබලේට මහත්තයට හරි හැටි ස්තූතිකරගන්නත් බැරුව ගියා කියලා හරියට විස්සෝප වුනා..  රෑට බිස්කට් කාලා නිදාගන්නලු  හිටියේ… මං කිව්වේ මහත්තයට .., නෝනා ඉවිලි පිහිලි වලට කම්මැලිකාරි…”

මනුජ එය ගණනකට නොගෙන මෙන් ආහාර ගත්තේය.

” දෝණි ඇහැරුනොත් පොඩ්ඩක් බලන්න සාරතී නැන්දේ… මම විනාඩි දහයකට එලියට ගිහින් එන්නම්…”

මනුජ යලි පිටත් වූයේය. ඔහු ට නොවැටහෙන යම් උත්කර්ශවත් බව දැනීමක් සමඟය. එහෙත් සින්දූපා ගේ නිවෙස අසලට  ලඟා වෙත්ම ඒ උත්කර්ශවත් බව ගිලුණේය. දුර තියාම නවාතැනෙහි ගේට්ටුව අසල නවතා තිබූ මෝටර් රිය දැක මනුජගේ හදගැස්ම ඉහල නැග්ගේය. ඔහු මෝටර් රියේ විදුලි පහන් එලිය අඩු කර, වේගයද අඩු කලේය තිබූ මෝටර් රිය දැක මනුජගේ හදගැස්ම ඉහල නැග්ගේය. ඔහු මෝටර් රියේ විදුලි පහන් එලිය අඩු කර, වේගයද අඩු කලේය

නවතා තිබූ මෝටර් රිය හඳුනා ගන්නට මනුජට තවත් වේලා අවශ්‍ය වූයේනැත. එය විශ්වගේය. මනුජ  මෝටර් රිය පසු කලේ ඒ බව තහවුරු කරගනිමිනි.

” බල්ලෙක් තෝ  ..”

මනුජ මෝටර් රිය නවතගත්තේ නිවස ආසන්නයටම පැමිණය. ඔහු විශ්වගේ බිරිඳට ඇමතුමක් ගත්තේය

” මනුජ අය්යේ… අනේ ඔයා අසනීප උනා කිව්වා…”

“දැන් හොඳයි නංගී… අවුලක්ම නෑ…”

මනුජට ඇගේ විස්සෝප වීමට ඉඩ දෙන්නට කල් තිබුනේ නැත. ඔහු මෝටර් රියෙන් බැස්සේය්.

” විශ්වයා කෝ නංගී .. මං ඌට ගත්තා…ෆෝන් එක් වැඩ නෑ..”

“අද නයිට් එකනේ අය්යේ… හවස ගියා…..  ගියා කියලා මට කෝල් එකක් නම් දුන්නා හැබැයි …”

” හරි.. ගත්තොත් මට ගන්න කියන්නකෝ ….”

” මං කියන්නම් අය්යේ…”

මනුජ යළි මෝටර් රියට නැග්ගේය. හදවත තුළ ඉදිකටු තුඩු අනින බව මනුජට දැනෙන්නේය. වියළුණු කතරකට පොද වැස්සක් වැටිමේ සැහැල්ලුව වේදනාවක්ව අවසන්වන බව මනුජ වටහා ගත්තේය . ඔහු ජංගම දුරකතනය අනෙක් අසුනට විසි කලේය. නිවසට ගොස් , දියණිය විමසා බලා බෙහෙත් වේල බී නින්දට ගියේය.

” මට ඔය මොකියෙක්වත් ඕනි නෑ… විශ්වයා ඕකි සයිඩ් එකෙන් තියාගෙන ඉන්නවා නම්, මොන එකකටද ඒකි මට දීගෙන ආවේ…  විශ්ව ඉන්න වෙලාවට එන්න බැරි උනා කියලා නොකියා කිව්වේ ඕක තමයි එහෙනම් ….ශිට්….. මඟුලක් පටලවාගත්තානේ ඔලුවට..

එක අතකට විශ්වයා මෙහෙම ගේම් කාරයෙක් කියලා මම දැනගෙන උන්නේ නැති එකේ  ඒ ගෑණිගේ කතාව කොහොම වුනාම ඒක මම දැනගන්නේ කොහොමද ? ….. ඒකි ඒ ජාතියෙන් එන්න හිතන්න ඇත්තේ…

මම ඒ ජාති නොදන්න එකෙක් නෙවෙයි වෙලත්, කොහොමද මම මේම හිර වුනේ….. ශිට්…. ශිට් …”

මනුජ පසුදා කඳවුරට වාර්තා කලේය. මඟ හැරුණු රාජකාරී සහ පුහුණු කටයුතු කිහිපයක්ම වෙනුවෙන් ඉතා ඉක්මන් සැලසුම් සකස් කිරීමට සිදු විය. ඒ අතර වාරයේ සින්දූපා සිහිවූ වාර නොවූවා නොවේ. එහෙත් ඔහු අතැර දැම්මේය.

” විශ්වයාට මම කී වතාවක් කිව්වාද නංගිවත් එක්කන් අඩියක් ගහන්න එන්න කියලා… ඒක මඟාරිනවා.. බල්ලා… ඌට ඒකට වෙලාවක් නෑ….ඇයි රෑට රෑට අඟුපිල් ගානේ රිංගන්න එපැයු…”
කෙතරම්  උත්සාහ කලද, සිත එලෙසින් වන  අරගල වලින් වලක්වා ගැනීමට මනුජට හැකි වූයේ නැත.

විශ්වගෙන් වූ මඟ හැරුණු ඇමතුම් පහම මනුජ නොතකා උන්නේය.

” එක අතකට ඒක උගේ චොයිස් එක …. ඒක උගෙයි මගෙයි සහෝදරකමට බාධාවක් වෙන්නේ කොහොමද ?   බැණ බැණ වුනත්, ඌ මාව අල්ලන් උන්න එකා….. මං ගෑණු එක්ක තිබ්බ සම්බන්ධතා වලදි ඌ ඒවා  ප්‍රශ්න කලේ නෑ… එහෙව් එකේ…, ඇයි මම ඌව ප්‍රශ්න කරන්නේ…?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here