ළතෙත් ආදර හැඟුම් ගංගා – 7

0
1779

7

“මොඩ්ලින් කිව්වට එහෙම මේ එකපාර ඉතින් රෑම්ප් වෝල්ක් වල යන්න දාන්න බෑ. ඉස්සෙල්ලා ඔයාලා පුරුදු වෙන්නෝන මිනිස්සු අතරට යන්න. සෝශලයිස් වෙන්න.මේක මොඩ්ලින් ස්කූල් එකක් උනාට අපි අර ඔයාලගෙන් සල්ලි අරන් ට්‍රේන් කරන වැඩක් නෙවෙයි කරන්නෙ. ඉගෙන ගන්න අතරෙම ඔයාලටත් ගාණක් හොයාගන්න පුලුවන් විදියෙ එකක් තමයි කරන්නෙ. 

ඒකට තමයි අපි ඔයාලව ඔය පොඩි පොඩි ප්‍රමෝශනල් වැඩ වලට එහෙම යවන්නෙ. ඔයාගෙ කන්ෆිඩන්ස් හොඳ නම්, සෝශලයිස් වෙන්න පුලුවන් නම් ඔයාට වැඩියෙන් වැඩ එනවා. අතරෙම අපි ඔයාලට කොහොමද මොඩ්ලින් කරන්නෙ කියලා උගන්නනවා. හොඳම අයව පැජන්ට්ස්වලට යවනවා”

එහෙම කිව්වේ දිවානි ඉන්ට්‍රඩියුස් කරලා දුන්න එයාලගෙ මොඩ්ලින් ස්කූල් එකෙ ට්‍රේනර් වෙච්ච මන්දාරා. මන්දාරා කියන්නෙ ඒ වෙද්දිත් මේ මොඩ්ලින් ෆීල්ඩ් එකේ ප්‍රසිද්ධ චරිතයක්. සෝශල් මීඩියාවල පවා තමන්ගෙ මොඩ්ලින් කරියර් එක ගැන වගේම, තමන්ගෙන් ඉගෙන ගන්න ළමයි රට රටවල ගිහිල්ලා මොඩ්ලින් කරන එක ගැන කතාකරන මන්දාරාව සිංහපුත්‍රව නොදැන උන්න කෙනෙක් නෑ. සල්ලි ගෙවන්නෙත් නැතුව, එහෙම කෙනෙක් ලඟට ඇවිත් මොඩ්ල් කෙනෙක් විදියට ට්‍රේන් වෙන්න පුලුවන්කමක් ලැබිච්ච එක ගැන මම ඇත්තටම උන්නෙ සන්තෝසෙන්. මම හිතෙන් සෑහෙන දිවානිට පින් දුන්නා එයාට අත්වෙච්ච වාසනාවෙ මාත් පංගුකාරයෙක් කරගත්ත එක ගැන.

හැබැයි මන්දාරා කිව්ව විදියෙ ප්‍රමෝශනල් වැඩවලට යන්න සෙට් උනයින් පස්සෙ තමයි ඇත්තටම මට තේරුණේ මෙයාල මේ කියන මොඩ්ලින් වලට එහා ගිය දෙයක් මෙතන සිද්ද වෙනවා කියන එක. හැබැයි ඒක තේරෙන්නත් මට කල් ගියා. මුලින් මුලින් බ්‍රෑන්ඩ්ස් වල වැඩවලට එක එක ඉවෙන්ට්ස්, ඇක්ටිවේශන්ස් වලට යද්දිම මම දැක්කා සමහර මෙතන ඉන්න ගෑනු ළමයි ක්ලබ්ස් වල තියෙන ඉවෙන්ට්ස් වලටත් යනවා කියලා. ඒ කියලා එතන ඉන්න අඟර දඟර දාලා එතනට එන පිරිමි අයව කුලප්පු කරවලා උන් ලව්වා වැඩි ගානට ඩ්‍රින්ක්ස් එහෙම ඕඩර් කරවනවා කියලා. ඕඩර් එකේ තරමට තමන්ට ලැබෙන කමිශන් එක වැඩි බව මට කිව්වෙත් එහෙම යන එක කෙල්ලෙක්. ඒ වෙද්දිත් මම උන්නෙ බ්‍රෑන්ඩ් ප්‍රමෝශන්ස් කරන ගමන් විතරයි. ඒ හන්දා මම මාව දැක්කේ අනිත් ක්ලබ් ගානෙ යන කෙල්ලන්ට වඩා හොඳ චරිතවත් කෙනෙක් විදියට. 

“අපි ගිහිල්ලා ඔය කට්ටිය එක්ක කතාකරලා, බ්‍රෑන්ඩ්ස් වල විස්තර කියලා ආවට අනේ කාටවත් අපිව අතපත ගාන්න දෙන්නෙ නෑනෙ” කියලා මං හෙන උජාරුවෙන්, ක්ලබ් යන කෙල්ලො දිහා ජරා විදියට බලලා කිව්ව කතන්දර මටම වෙනස් කරගන්න පුළුවන් උනා මාස ගාණකට පස්සෙ.

ඒ බ්‍රෑන්ඩ් ප්‍රමෝශන් වලට යන කෙල්ලන්ට වඩා ක්ලබ් වලට යන කෙල්ලන්ට හොඳ ගාණක් හම්බුවෙද්දි වගේම, මාසෙ අන්තිමට මන්දාරා “මහන්සිවෙලා වැඩ කරන තරමට තමා හොඳේ පඩි” කියලා උන්ව උඩින් තියද්දි මට දරාගන්න බැරිවෙච්ච ඉරිසියාව හන්දා.

මං ඒ විදියට ක්ලබ් එකට ගිහින් මෙච්චර දවසක් “ක්ලබ් යන උන් හොඳ නෑ” කියලා කිව්ව මානසිකත්වෙ වෙනස් කරගත්තෙ “කට්ටිය ලඟ වාඩිවෙලා උන්නට අපි නිදාගන්න යන්නෙ නෑනෙ” කියලා.

ඇත්තටම ඒක කියන්න ලොකුම හේතුවක් උනේ මන්දාරා මට ඔය ක්ලබ් කතාව කියලා, මාවත් එතනට යවන්න මැනිපුලේට් කරපු වචන.

“මෙහෙමයි නාද්‍යා. ඔයා ඇත්තටම හරිම ලස්සනයි, ටැලන්ටඩ්. ඔයාව දැක්ක දවසෙම මට ඒත් හිතුණා ඔයාට නම් මේ ෆීල්ඩ් එකේ ලොකුම තැනකට යන්න පුලුවන් කියලා.ඒ උනාට සමහර වෙලාවට අපි කොච්චර ලස්සන උනත්, ටැලන්ටඩ් උනත් වැඩක් නෑ අපිට කන්ටැක්ට්ස් නැත්තම්.

කන්ටැක්ට්ස් තමයි නාද්‍යා ඉතින් ඇත්තටම අපිට උඩට යන්න සපෝට් කරන්නෙ. මේ මං උනත් ආවෙ ගමක ඉඳන් නෙ නාද්‍යා. ඔයා හිතන්නෙ මට අද මේ කොළඹ මෙහෙම මොඩ්ලින් ස්කූල් එකක් දාගෙන මෙච්චර වැඩ කරගෙන ඉන්න පුළුවන් වෙයිද හරියට කන්ටැක්ට්ස් තිබ්බෙ නැත්තම්?

කන්ටැක්ට්ස් තමයි නාද්‍යා ඉතින් ඕනම තැනක අපිට මුල් ඇදගන්න උදව් වෙන්නෙ. මං දන්නවා ඕනම කෙල්ලෙක් දෙපාරක් හිතනවා ඉතින් ක්ලබ් එකක වැඩට යද්දි. ඒ උනාට නාද්‍යා මං කියන්නෙ ඔයාට ඇත්තටම බය වෙන්න දෙයක් නෑ. මොකද මං කීයටවත් ඔයාලව නරක තැනකට යවන්නෙ නෑ කියලා ඔයාලා දැනටම දන්නවනෙ. අපේ ගර්ල්ස්ලගෙන් අහන්නකො මං එහෙම අනවශ්‍ය යෝජනාවක් කවදාවත් කරලා තියෙනවද කියලා.

මෙහෙමයි ඒ වගේ තැනකට ගියාම මිනිස්සු ඉතින් අත පත ගාන්න එනවා. ඒකට ඉතින් ඔයාට ක්ලබ් එකකටම යන්න උවමනාවක් නෑනෙ නාද්‍යා. ඔයාලා මේ බස්වල යද්දි එද්දිත් ඉතින් මිනිස්සු අතපත ගානවනෙ. හැබැයි කවුරු අතපතා ගාන්න ආවත් අපි තමයි දැනගන්න ඕන මොකද්ද ලිමිට් එක කියලා නාද්‍යා. ඒ ලිමිට් එක දැනගෙන ඉන්න තාක් කල් ඔයාලට බයවෙන්න දෙයක් නෑ” කියලා මන්දාරා කිව්වට මුල් දවස්වල නම් අරූ මූ එහෙම මෙහෙන් තට්ටු දාන්න, කරට අත දාන්න එහෙම එද්දි මං ඒත් කල්පනා කරා මේක මට හරියන වැඩක් ද කියලා. හැබැයි ඒ අදහස් එහෙමම ෆේඩ් වෙලා ගියේ මන්ත්ලි ලැබෙන ගාණට අමතරව ක්ලබ් යන දවස්වලට එතනදි සෙට් වෙන මිනිස්සුත් වෙනම කීයක් හරි අපේ අතේ මිට මොලවන්න අමතක කරේ නැති හන්දා. සල්ලි ළඟ ඕන කෙනෙක් නැවෙනවා කියන කතාව මටත් ඇත්තටම වැලිඩ් උනා.

“කට්ටිය ලඟ වාඩිවෙලා උන්නට අපි නිදාගන්න යන්නෙ නෑනෙ. ඔය පොඩ්ඩක් අත පත ගෑවා කියලා මොකෝ ඇඟේ ඇලෙනවද?”  කියලා ක්ලබ් ගිහින් එන හැම රෑකම මං ඒ විදියට මාව සාධාරණීකරණය කරගත්තා. 

සමහර වෙලාවට දැන දැනම වැරදි කරද්දි අපි අපිවම සාධාරණීකරණය කරගන්නවා, ඒක ඇත්ත. ඒක අපේ පුරුද්දක්.

අපි දන්නවා අපි කොච්චර දේවල් හංගන්න හැදුවත්, හිත ඇත්ත දන්නවා කියන එක. ඒක නිසා අපි කරන හැම වැරැද්දකටම, අපිම අපේ හිතට බොරු හේතු කියනවා.මාත් ඒක එහෙම කරා “මේක පොඩි දෙයක්, කාටවත් රිදෙන්නේ නැහැ. මං කාටවත් වරදක් කරන්නෙ නෑ” කියලා මං මගේ හිත හදාගත්තා.”මම මේක කරන්නේ වැරදි අරමුණකින් නෙවෙයි මගේ ගෝල් එකට යන්න මේ වගේ කැපකිරීම් කරන්න වෙනවා” කියලා මං මටම කියාගත්තා. “ගෙදරින් මට කොහෙත්ම මේකට සපෝට් එකක් දුන්නෙ නෑනෙ. ඒ නිසා මේක වරදක් නම් ඒ නිසා මට මේ වරද කරන්න අයිතියක් තියෙනවා” කියලා මං මටම කියාගත්තා.

ඒ හැම සාධාරණීකරණයක්ම තිබ්බෙ මගේම හිත ඇතුළෙන්. මං උන්නේ මගේ හිත එක්කම හරි වැරැද්ද දෙක අතරෙ ෆයිට් එකක. මේක මම මාවම රවට්ටන්න දරන උත්සාහයක් කියලා මට නොතේරුණා නෙවෙයි. මොකද මම දැනගෙන උන්නා අපි මොන තරම් මේ දේවල් හංගන්න හැදුවත්, මං කරපු දේ වැරදි කියලා. ඒත් එහෙම දැනගෙන උන්නත් මම, කීයටවත් මම කරන්න උන්න දේ වෙනස් කරන්න හිතුවෙ නෑ. හැම වැරැද්දකටම අලුත් සාධාරණීකරණයක් හද හද මං ඒකම කරා.

 ඒක හරියට, වැරදි පාරක යන බව දැන දැනත්, ඒ පාරෙම දිගටම යනවා වගේ දෙයක් කියන එක මං දැනගෙන උන්නා. වැරදි පාරක ගිහින් කීයටවත් හරි ගමනාන්තෙකට යන්න බැරි විත්තිය දැනගෙනත් මම දිගටම ඒ පාරෙම ගියා. පොඩි ගිල්ට් ෆීලින් එකක් තිබ්බත් ඊට වඩා සල්ලි බලේ, මොඩ්ලින් හීනෙ ලොකු උනා.

හැබැයි මේ හැම පාරක්ම කෙලවර වෙන තැනක් තියෙනවනේ. මටත් එහෙම කෙළවරක් හම්බුනා. 

ඒ තමයි ගයාන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here