මනුර්‍යා තමා විහිලුවක් කරන්නට උත්සාහ කල බවත්, සින්දූපා එලෙසින් මුසාවන් පවසන්නට එකඟ වූයේ තම නිසා බවත් කීයමින් යලි යලි දොරට ගැසුවාය.
” හා… හරි හරි… තමුසෙලා ඔක්කොමලා මාව එච්චරට ජෝක් එකක් එතකොට… හා…”
මනුජ දැවෙමින් තිබූ හදවත පිරිමදිමින්, කෝපය ඇති පදමට දවටා කෑ ගසා කීවේය. එවෙලෙහි තමාගේ හැසිරීම සීමාව ඉක්මවා ගියා නොවේදැයි මනුජ සිතුවේය. මනුර්‍යාගේ පෙම්වතා පවුලේ එකම පිරිමි දරුවා බව තමා දැන උන්නා නොවේදැයි ඔහු කල්පනා කලේය.
හදවත ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලුව යන්නට ගත්තේය. සිනහ මල් වැටෙන්නට ගත්තේය. සින්දූපා, ඇය තම වහල යටය. එසේනම්, සින්දූපා ට නිවැසියන් යෝජනා කර ඇත්තේ නැගණියගේ පෙම්වතා? සින්දූපා ව ඔහු සමඟ දියතලාවේ එවන්නට තරම් ඔහු පිළිබඳව සින්දූපා ගේ දෙමාපියන්ට ඇති විශ්වාසය; මනුජට රිදුමක් නොතැනුවා නොවේය.
එහෙත් ඕ දැන් තම හුස්ම වැටෙන මානයේය.
” අනේ අයියේ.. බබත් ඇහැරිලා.. මෙන්න සාරතී නැන්දා ත් බයවෙලා.. එලියට එන්නකෝ.. සොරි..සොරි..”
අවසානයේ මනුර්‍යා එවැනි තුරුම්පුද උත්සාහ කලාය. එහෙත් මනුර්‍යාගේ පෙම්වතා වූ විමුක්ති නිහඬ වෘතම පිරුවේය.
” ඔයත් කතා කරන්නකෝ..”
මනුර්‍යා ඔහුගෙන් කිහිප වතාවක්ම ඉල්ලා සිටියද, විමුක්ති එය නෑසුනා සේ අත් වැටට හේත්තු ව උන්නේය.
” විමූ..”
” අනේ මේ .. මස්සිනා කාරයා කොහොමටත් මා එක්ක ඇරියස්.. එහෙව් එකාට මේම විහිලුවක් කරලා මම මගේ මිනී වල කපා ගත්තා… දැන් ඔයාට ඕනි සමාදානේ සැතපෙන්නත් නැතුව මට උන් හිටි තැන් නැති කරන්නද හදන්නේ ? මාත් ගොනා වගේ ඇත්තමයි මනූ, තමුසේගේ මේ මොන්ටිසෝරි වැඩේට කර ගැහුවනේ.. අර කෙල්ලට යන්තමට මොලේ තිබ්බා…අඩුම ..බෑ බෑ කියලා හරි කිව්වා.. බලනවා දැන් තමුසේ හින්දා වෙච්ච දේ..”
“හරි අනේ….. අයියේ එහෙම අවුලක් නෑ.. එයා ශොක් වුනා සුට්ටක්.. ඒකයි ඔය රිංගගත්තේ කටුවට….. ටික වෙලාවක් යනකොට එයාටම තේරෙනවා ප්‍රෑන්ක් එකක ගොදුරක් වෙලා කියලා එයා.. කලබල නොවි ඉන්නකෝ…”
“කෝකටත් මට රෑට නවතින්න රූම් එකක් බලලා තියාගන්නම්… මේ කමාන්ඩර් කාරයාමාව බෙල්ලෙන් අල්ලලා එලියට නොදාවී හිතන්න අමාරුයි… මොකෝ අර වෙලෙත් බැලුවේ මාව පුච්චන්න ඔන්න මෙන්න …”
“ඊක් විමූ…අපේ අයියේ ඔච්චරට බයද ? ඔයා කිව්වේ නම් කොහොමද ?..”
මනුර්‍යා සිනාසුනාය.
” එහෙම කිව්වේ ඉතින් එහෙදි නේ.. ඒ එංගලන්තේ නේ.. මේ ලංකාවේ කමාන්ඩර් මනුජ නිම්නෙත් ප්‍රේමනාථ ගේ ගෙදර නේ….මඟුලක් කියනවා මෙතන…”
“බය නොවී ඉන්නකෝ… මගේ අය්යනේ එයා… මගේ පිස්සුවම තියෙන්නේ…”
” අර සින්දූපා බයවෙලා බලන් ඉන්නේ.. පහලට යං… කෝමත්, මස්සිනා දැන්ම එලියට එන එකක් නෑ…”
අවසානයේ මනුජ පිටතට පැමිණියේ පැය තුනකට පසුවය. එතෙක් වේලා පහල සාලයට වී බලා සිටීම හැර අන් කරන්නට යමක් නොවූයේ, තමාට පාඩුවේ සිටින්නට ඉඩ නොදෙනවා නම් මේ මොහොතේම දියණියවද රැගෙන නිවසින් පිටව යන බවට තර්ජනය කල නිසාය.
මනුර්‍යා නිහඬව බලා උන්නාය. මනුජ සියල්ලන් දෙසම යන්තම්, නොරිස්සුම් ගණනකට නොගන්න බැල්මක් හෙලුවේය. සින්දූපා සහ මනුර්‍යා ගේ ඇස් රතුව ඇති බව පැහැදිළිය. තම හදවත එවෙලෙහි ඇවිලී ගියද , මේ වෙද්දී ඒ ගිණි නිවී අවසන් ය.
“සාරතී නැන්දේ.. දරුවා ?…”
“ඔන්න දොස්තර නෝනේ අතින්ම කාලා, නෝනේ ගේ උකුලෙම නිදාගත්තා… මේ මම කාමරෙන් තියලා අහවරක් කරා විතරයි…”
“කාලා බීල අස් කරලා නිදාගන්න සාරතී නැන්දා …”
“අනේ.. මෙ පොඩි ළමයි නොතේරුම්කමට කරන දේවල් වලට ඔහොම ලේ පුච්චගන්න එපා අපේ මහත්තයෝ…. අනෙක, මේ මහත්‍තයත් මේ සුලුපටු අවධානමක් අරගෙනද මේ දෙයක් කරන්නෙ ? මේවා නොකර ඉන්න බැරි කමක්වත්, අපේ නෝනේට නරකක් වෙන විදියකින් මෙව්වා අහවර කරන්නවත් බැරුව නෙවිනේ… මහත්තයාගේ නංගී එක්ක ආර්‍රොව වෙනයි…දොස්තර නෝනා එක්ක ආරෝව වෙනයි… ඒත් මේ ඉස් ඉස්සෙල්ලම , මහත්තයාගේ ජීවිතේ වටිනාම වස්තුවක් රැකගෙන, ඉස්සරහට නියම්ත නරක නාම ගෝණි පිටින් උර තියාගෙන ඉන්න මේ මහත්තයා පිටින් එව්වා යවන එක හොද නෑ… මෙව්වා මට වචන තියන්න හොඳ තැන් නෙවෙයි… ඒ වුනත්, මහත්තයාට මේ ටික නොදොඬා උන්නොත් ඒක මගේ හිතට හරි නැ…”
විමුක්ති අපහසුවෙන් මෙන් ඉවත බලමින් සන්සුන් වන්නට උත්සාහ කලේය. මනුර්‍යා දෙස බලා එරෙව්වේය.
මනුර්‍යා ඇසක් වසා සිනාසුනාය.
මනුජ විමුක්ති වෙත ඇවිද ආවේය. විමුක්ති ඉන් පත් වූයේ අපහසුවටය. මිනිසුන්ගේ සංවේදීම කලාප වල කෙනිත්තිම් තැනීම කල නොයුත්තක් බව ඔහු යලි යලි වටහා ගත්තේය.
” අයියේ….”
“ඒකට කමක් නෑ බං…. උඹලා අපි ඔක්කොම මුංගේ මායම් ඉස්සරහ ඔටෝ බ්ලයින්ඩ් වෙනවා…. මීට පස්සෙවත්, මේකි මොක කිව්වත් කරන්න කලින් ආයේ හිතපං… උඹේ වෙලාවට, මේ හොස්පිට්ල් බෙඩ් එකක ඉන්න තියෙන වෙලාවක් උඹට මිස් වෙලා තියෙන්නේ.. .. මගේ ඉවසීම පොඩ්ඩක් විතර තිබුණ නිසා…”
මනුර සිනාසෙමින් එලෙස පවසා අවසන් කලේය. දෙදෙනා වැළඳගත්තෝය
මනුර්‍යා උඩ පනින අඩි තබමින් ඔවුන් වෙත ඇවිද ආවාය
” මගේ අයියේ…. ගෲප් කමාන්ඩර් මනුජ නිම්නෙත් ප්‍රේමනාථ … මගේ මහත්තයා.. විමුක්ති සංදේශ් කොඩිකාර… “
ඇය දෙදෙනා දෙපසට හඳුන්වා දුන්නාය. මනුජ විමසිල්ලෙන් දෙන්නා දෙසම බැලුවේය
” මහත්තයා කිව්වේ ?”
“අපි ලෑන්ඩ් කරලා සතියක් අයියේ…. මෙයාගේ අඳුනන යාලුවෙක් මාර්ගෙන් පෙරේදා අපි මැරි කලා….. හැමදේම තියෙන්නේ කොහෙට පෙරලේද හිතාගන්න බැරි සිටුවේශන් වල අය්යෙ…”
“මොන … බැන්දා ? යකෝ… මොන මඟුලක්ද කියන්නේ ??.. ඕයි… අම්මලා….ශිට්…”
“ඔයාව අල්ලන්නේ නෑ අයියේ… මමම අම්මලට පහදන්නම් …. අම්මලා මේක තේරුම් ගන්නවා…. “
මනුජ අසල වූ අසුනකට වැටුනේය. නංගී පොඩි කෙල්ලක්ව උන්නාය. ඒත් දැන් ඇය….
” හරි.. අපි දෙන්නා ඩිනර් ලෑස්ති කරන්නම්.. එකොලහටත් කිට්ටුයි… . ඔය දෙන්නා චුට්ටක් මූව් වෙන්න …”
මනුර්‍යා අමුතු හඬකින් එලෙස පවසමින් නික්මුණාය.
සින්දූපා උන්නේ හිඳගෙනය.
මනුජ උන්නේ හිස තුළ නූල් බෝලයක් පටලවාගෙනය. නැගණිය එතරම් නොබිය ලෙසින් ඇගේ ජීවිතය වෙනුවෙන් සටන් වැදීම ගැන මනුජ ගේ පපුව ආඩම්බරයෙන් පිරෙන්නට ගත්තේ ඒ සමඟය. අම්මා සහ තාත්තා මේ සියල්ල වටහා ගන්නවාය යන නංගිගේ විශ්වාසය ඒ සටනට ඇයට ශක්තිය දෙන්නය ඇත.
විමුක්ති ගේ දෙමාපියන් , සින්දූපා ව ඔහුට විවාහ කර දෙන්නට සිතනවානම්, ඒ දෙමාපියමන්ගේ කැමැත්තද පහසු නොවනු ඇතැයි මනුජ සිතුවේය. එහෙත්, ඒ එදිරිවන්නන් කවුරුන් වුවද, නංගී වෙනුවෙන් තමා සිටින්නේය










