ලස්සන කියන දේ වෙනුවෙන් මිනිස්සු ඕන තරම් දේවල් කරනවනේ.
පොඩ්ඩක් සෝෂල් මීඩියා පැත්තෙ වටයක් ගියොත්, ඉන්නවට වඩා ලස්සන වෙන්න පුළුවන් කියලා විකුණන Product Ads කොච්චර නම් වදිනවද? ඉතින් ලස්සන වෙන්න කියන අරමුණ අද ඊයේ ආපු එකක් නෙවෙයි.
ඇත්තටම කිව්වොත්, ලෝකේ ඉතිහාසය පුරාම මිනිස්සු ලස්සන වෙන්න සෑහෙන කැපකිරීම් කරලා තියෙනවා. ඒ අතරෙ සමහරු තමන්ගේ ඇඟවල්වල තීන්ත ගෑවා, බෙල්ලට වලලු දැම්මා, නියපොතු වැව්වා සහ තව සමහරු කැමැත්තෙන්ම ඇටකටු කඬලා බිඳලා දාන වේදනාවන් වින්දා.
ඒ කාලේ එක රටක් ලස්සනයි කියපු දේ, තවත් රටක මිනිස්සු දැක්කෙ පිස්සුවක් වගේ. ඒත් හැම කාලෙකදිම මිනිස්සු, තියෙන ලස්සන වැඩිකරගන්න එක වෙනුවෙන් හිතාගන්න බැරි තරම් කැපකිරීම් කළා.
අද අපිට හිතන්නවත් බැරි, ඒත් ලස්සන වෙන්න කියලා මිනිස්සු ඉතිහාසයේ කරපු වඩාත්ම අමුතු දේවල් 10ක් ගැන කතාකරන්න හිතුවෙ අන්න ඒ නිසාමයි.
1. පටපණු ඩයට් එක
1900 ගණන්වල මුල් කාලේ බර අඩු කරගන්න කියලා ආපු භයානකම ට්‍රෙන්ඩ් එක තමයි මේක.
මිනිස්සු පටපණුවාගේ බිත්තර තියෙන පෙති ගිලින්න ගත්තා. එයාලා හිතුවා පටපණුවා බඩ ඇතුළේ ලොකු වෙලා, තමන් කන කෑම ‘කයි’ කියලා. ඊට පස්සේ බර අඩු වුණාම, තව පෙත්තක් අරගෙන පටපණුවාව මරලා එළියට දානවා.
පට පණුවෝ අඩි 30ක් වුණත් දික් වෙන්න පුළුවන්. මේක කොච්චර සෞඛ්‍යයට නරක වුණත්, කෙට්ටු වෙන්න තියෙන ආසාව ඒ කාලේ මිනිස්සුන්ට සෞඛ්‍යයට වඩා ලොකු වුණා.
2. ලොකු නළලක් තිබ්බ පුනරුද සමය
පුනරුද සමයේ යුරෝපයේ beauty standards අදට වඩා වෙනස්. ඒ කාලෙ ලොකු නළලක් තියෙනවා කියන්නේ බුද්ධිය සහ උසස් බව පෙන්නන symbol එකක් වුණා.
ගෑණු අය ඒ කාලේ තමන්ගේ නළල තවත් ලොකු වෙලා පෙනෙන්න ඉස්සරහා තියෙන හිසකෙස් පවා උදුරලා දාලා තියෙනවා. සුදුමැලි සම එක්ක මේ නළල තිබුණම ඒක හරිම ආකර්ෂණීයයි කියලා තමයි එයාලා සැලකුවේ.
3. දිග බෙල්ල
මියන්මාරයේ සහ තායිලන්තයේ කායන් ගෝත්‍ර අතර, ගෑණු අය තමන්ගේ බෙල්ල දිගයි කියලා පෙන්නන්න පිත්තල මුදු පැළඳගෙන හිටියා. පොඩි කාලේ ඉඳන් මේ මුදු දානවා. ඒක ලස්සන, සල්ලි, සහ ශක්තිය පෙන්නන symbol එකක් වුණා.
4. මායාවරුන්ගේ දික් වුණු ඔළුව
පුරාණ මායාවරුන් අතර නම් තිබ්බෙ වෙනම ලෙවල් එකක beauty standards. ඒ අය හිතුවා ඇල වෙච්ච, සාමාන්‍ය ප්‍රමාණයට වඩා දික් වුණු ඔළුව තමයි perfect කියලා.
ළමයි ඉපදුණාම එයාලගේ ඔළුවලට මේ හැඩය දෙන්න ලී ලෑලි දෙකක් අතරේ තද කරලා බැන්දා. ඒක උසස් කුලය සහ දෙවියන්ට සමීප බව පෙන්නුම් කරන්නත් හේතු උනා.
5. ජපානයේ කළු දත් ට්‍රෙන්ඩ් එක
ජපානයේ එක කාලෙක කළු කරපු දත් කියන්නේ ලස්සන සහ වැඩිහිටි බවේ සංකේතයක් පෙන්නන්න හේතු වෙච්ච ට්‍රෙන්ඩ් එකක්. ඔහගුරෝ කියලා කියපු මේ ක්‍රමයෙන් තේ, යකඩ, සහ විනාකිරි මිශ්‍රණයකින් දත් කළු කළා.
ගේෂාවරුන්ගේ සුදු කරපු මුහුණට සාපේක්ෂව මේ කළු දත් හරිම ආකර්ෂණීයයි කියලා තමයි එයාලා දැක්කේ.
6. චීනයේ පාද බැඳීම (Foot Binding)

ඉතිහාසයේ වඩාත්ම වේදනාකාරී beauty ritual එකක් තමයි චීනයේ තිබ්බ මේ පාද බැඳීම. අවුරුදු දාහකටත් වඩා තිබ්බ මේ සිරිතේදී, පොඩි කෙල්ලන්ගේ පාද තදට ඔතලා අස්ථි කැඩෙන්න සැලැස්සුවා.
අඟල් හතරකට වඩා ලොකු නැති “නෙළුම් පාදය” ලබාගන්න එක තමයි මේ ritual එකේ goal එක වුණේ. ඒක ලස්සනයි කියලා හැමෝම පිළිගන්න දෙයක් උනත්, ගෑණු අයට ජීවිත කාලෙටම වේදනා විඳින්න සිද්ධ වෙච්ච වැඩක්.
7. මුර්සි ගෝත්‍රයේ තොල් තහඩු
ඉතියෝපියාවේ මුර්සි ගෝත්‍රයේ මේ beauty standard එකත් ටිකක් අමුතුම තාලෙ එකක්. එහේ ගෑණු ළමයි තමන්ගේ lower lips වලට ලොකු මැටි හෝ ලී තහඩු දානවා. මේක එයාලා ගෑණූ ළමයෙක්ගෙ ඉඳලා වැඩිහිටි ගැහැණියක් බවට පත් වුණා කියලා පෙන්නන beauty standard එකක් කියලා තමයි කියන්නේ.
8. සුදු හම
සමේ පාට කියන්නේ හැමදාම ලස්සන ගැන තිබ්බ විවාදාත්මක මාතෘකාවක් නෙ.
යුරෝපයේ, සුදුමැලි සම කියන්නේ පොහොසත් බව. මොකද එතකොට එයාලට ගෙවල් ඇතුළේ ඉන්න පුළුවන් එළියට ගිහින් වැඩපල කරන්නෝන නෑ කියලා අඟවන්න හේතුවෙච්ච සාධකයක් හන්දා. හැබැයි 1960 ගණන්වලින් පස්සේ, හිරු එළියට පිච්චුණු සම විලාසිතාවක් වුණේ vacation එකක් යන්න තරම් සල්ලි තමන්ට තියෙනවා කියල පෙන්නන ට්‍රෙන්ඩ් එකක් මතුවෙච්ච හන්දා.
ජපානයේ වගේ රටවල්වලත්, අපේ වගේ “සුදු නම් තමා ලස්සන” කියලා හිතන රටවල අයත් තාම ඒ ට්‍රෙන්ඩ් එක follow කරනවා.
9. දිග නියපොතු
පුරාණ ඊජිප්තුවේ සහ චීනයේ, දිගු නියපොතු කියන්නේ ධනවත් කියලා පෙන්නන symbol එකක්. ඒ කියන්නේ ඒ කෙනාට අතින් වැඩ කරන්න ඕන නැහැ කියන එකයි කියන්නේ. රජ පවුලේ අය රත්තරන් වගේ දේවල් වලින් නියපොතු සරසලා තිබුණාලු.
අද මේක විලාසිතාවක් විදියට ලෝකෙම ව්‍යාප්ත වෙලා තියෙනවා.
10. ඇඟ හිර කළ කෝසෙට් (Corset)

වික්ටෝරියානු යුගයේ යුරෝපයේ, කෝසෙට් එක ඇන්දේ ඉණ සිහින් කරලා ඇඟට හැඩයක් දෙන්නයි. මේක සමහර වෙලාවට ඉළ ඇට පොඩි කරන තරමට තද කළා. ඒක කාන්තාවන්ගේ පීඩනය සංකේතවත් කරපු beauty trend එකක්.
හැබැයි අද මේවා ආයෙත් ඇවිත් තියෙනවා. දැන් නම් අපි කෝසෙට් අඳින්නෙ විලාසිතාවක් විදියටයි.
මේවා අපිට මතක් කරන්නේ ලස්සන කියන දේ හැමදාම සංස්කෘතිය, කාලය, සහ විශ්වාසයන් එක්ක වෙනස් වුණා කියන එකයි.
ඔයාගේ ඇඟට සුවපහසු වෙන එක තමයි වඩාත්ම ලස්සන වෙන්න තියෙන ලේසිම ක්‍රමය. ඒක කිසිම කාලෙක වෙනස් වෙන්නේ නැති ට්‍රෙන්ඩ් එකක්!











