*තාරානාත් දහම් වංශනායක*
හඳ එළිය වැටිච්ච කෙල්ලෙක්ගෙ මූණෙ ඇස් දෙක ලොකු බෝල ගෙඩි දෙකක් වගේ ලොකු කරගෙන තමන් දිහාව බලාගෙන ඉද්දි පිස්සුවෙන් වගේ කිස් කරගෙන යන්න හිතෙන එක මං හිතන්නේ ඕන නහරවලට පණ තියෙන පිරිමියෙක් එකඟ වෙන කතාවක්.
ඒ වෙලාවෙ මං එහෙම කරේ ඒකයි. මට ඇත්තටම ඕන උනේ නාද්‍යාව චුට්ටක් බය කරලා ගොඩක් සන්තෝස කරන්න. ඒකයි මම එහෙම දෙයක් කරේ. පණ බයේ ඇස් දෙක වහගෙන, වැහිලා තියෙන කටෙන් එක එක සද්ද දදා ඉද්දි තමයි මට තේරුණෙ මං පොඩ්ඩක් බය කරන්න හිතුවට මේකි ගොඩක් බයවෙලා කියන එක.
“මොකද ඇස් දෙක වහගෙන, මං දිහා බලන්න බයද?” කියලා මං අහද්දි නාද්‍යා ඇරපු ඇස් වලින් කම්මුල් දිගේ වැක්කෙරෙන්න ගත්ත කඳුළු කැට දෙකක් මං මගේ අතෙන් පිහිදාලා දැම්මා.
“ඇයි අනේ මේ පිස්සු වැඩ කරන්නෙ, මං හොඳටම බය වුණා ඔයාට මොකක් හරි කරදරයක් කියලා” නාද්‍යා මගෙ පපුවට අතෙන් ගහලා යන්න හැදුවට මං එයාගේ ඉණ වටේ අත දාලා හයියෙන් අල්ලගෙන උන්න හන්දා එයාට ඒක කරන්න උනේ නෑ.
“මට මොනා හරි කරදරයක් උනොත් මොකද කරන්නෙ ඔයා?” කියලා මං ආයෙ අහද්දි නාද්‍යා කතාකරේ මගෙ අත් දෙකෙන් ගැලවෙන්න උනාට එයා ඒක කරේ නිකන් බොරුවට පෙන්නන්න වගේ කියන එක මම නොදන්නවය? ඒ හන්දා මම පොඩ්ඩක්වත් ලූස් කරේ නෑ මගේ ග්‍රිප් එක.
“මොනා කරන්නද ඉතින්? කරදරයක් වෙන්න කළින් නෙ වලක්වාගන්න ඕන. උනාට පස්සෙ ඉතින් මොනා කරන්නද?
අනික ඇයි ඔයා මේ කරදර වෙන කතාවක් කියන්නේ? කවුරුහරි ඔයාට කරදර කරයි කියලා ඔයාට බයද?”
“එහෙම කවුරුවත් නෑ ඒ උනාට මං ආසයි ඉතින් කවුරුහරි මටත් ඔය පොඩි පොඩි කරදර කරනකම්?”
“මොන වගේ කරදරද?”
“ඔය උදේට ළඟට ඇවිත් තුරුල් වෙලා ඉන්න කරදර, එහෙ මෙහෙ යන් කියක කරදර, අරහෙම රැව්ල කපන්න මෙහෙම කොණ්ඩෙ කපන්න කියන්න කරදර වගේ ඒවා”
“ආහ් එහෙනම් ඒවට ඔයා කෙල්ලෙක්ව හොයාගන්න”
“හොයන් තමයි ඉන්නේ?”
“කොහෙද?”
“මේ ඉන්නෙ මගෙ ඉස්සරහා එයා තමයි”
“අනේ මේ මං කවද්ද ඔයාගෙ කෙල්ල වුණේ?”
“මගේ වෙලා නම් ගොඩක් දවස් හැබැයි මං එයාගෙ උනේ නම් අද තමයි. මේ දැන් ටිකකට කළින් හිමින් සැරේ මී ටූ දහම් කියලා කිව්වම. මං ආසයි ඔයා මට දහම් කිව්වට. හැමෝම මට කතාකරන්න තාරානාත් හරි තාරා හරි කියලනෙ, ඔයාත් එහෙම කිව්වනම් මට ඒක නෝමල් වෙන්න තිබ්බා. මේක ස්පෙශල්” කියලා මං කිව්වට පස්සෙ නම් නාද්‍යා මගේ තුරුලෙන් ගැලවෙන්න උත්සහා කරේවත්, මගේ පපුවට ගැහුවෙවත් නෑ. එයා උන්නෙ ඇස් බිමට හරවගෙන උනාට එයා හිතෙන් මං කිව්ව දේවල් පිළිගත්තා.
“තරහද?” කියලා මං ඇහුවේ එයාගේ මූණ නිකටෙන් අල්ලලා මගෙ දිහාවට හරවගන්න ගමන්, හැබැයි එයාගෙ ඇස් තිබ්බෙම පල්ලෙහට බරවෙන්න බලාගෙන වගේ.
“නෑ” කියලා කිව්වට ඒ වචන එයාගෙ කටෙන් එළියට පැන්නේ නෑ. අනික මම තරහද ඇහුවෙ මොකටද කියන එකවත් එයා නෑ කියලා උත්තර දුන්නෙ මොනවා හිතාගෙනද කියන එකවත් මට ඒ වෙලාවෙ වැදගත් උනේ නෑ. මගෙ හිත තිබ්බේ සෑහෙන කාලෙකට පස්සෙ ආදරේ කියන දේ එක්ස්පීරියන්ස් කරන ගමන්. ඉස්සර මෙහෙම දේවල් ෆිල්ම් වල දැක්කමත් “ක්‍රින්ජ්” කියලා හිතපු මම අද ජීවිතෙ පළවෙනි පාරට කෙල්ලෙක්ව මගේ ඇඟට හිරකරගෙන ඒ කෙල්ලගෙ, ලයිට් එළිය වැටිච්ච මූණ දිහා බලාගෙන “ආදරේ කොච්චර ශෝක් ද?” කියලා කල්පනා කරන ගමන් උන්නෙ.
ආදරේ කියන්නෙ අපි කොච්චර වයසට ගියත් එන්න එන්න බොළඳ වෙන දෙයක් මිසක්කා, කවදාවත් ඕනවට වඩා ප්‍රොෆෙශනල් වෙලා, සීරියස් වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක ඉගෙන ගනිද්දි මම අවුරුදු තිහ පැන්න නාකි මිනිහෙක් වෙච්ච එක ගැන මට එච්චර ලොකු අවුලක් තිබුනෙ නෑ.
“ආදරේ බොලඳ බව දැනගනිද්දී ඔබේ වයස කීයද?” කියලා අර ෆේස්බුක් මීම් එකක වගේ ඇහුවනම් ගැම්මට “30” කියලා කියන ආතල් එකක තමයි මම ඒ වෙලාවෙ උන්නේ. අවෝඩ් සෙරමනි එක ඉවර වෙන්න තව ගොඩක් වෙලා තියෙන හන්දත්, දැන්ම මිනිස්සු මේ හරියට එන්නෙ නෑ කියලා දන්න හන්දත්, අපි උන්න තැන තිබ්බෙ ටිකක් එහාට වෙන්න, පොඩ්ඩක් අනිත් තැන්වලට වඩා කලුවර තැනක, ගහක් කිට්ටුව හන්දා කවුරුවත් දකින එකක් නෑ කියන එකත් මගෙ හිතට දුන්නෙ පුදුම කන්ෆිඩන්ස් එකයි.
ඉතින් මොකටද තව පරක්කු වෙන්නෙ නේද? කියලා හිත කියද්දි තමයි මම නාද්‍යාගේ හීනි දිග ලස්සන ලිප්ස් වලට බර වුණේ.
ඒ තමයි මම කෙල්ලෙක්ව හරියටම කිස් කරපු පළවෙනි වතාව.
ඔව් ඇත්ත එහෙම කිව්වම මං නටපු නාඩගම් දන්න එකෙක් නම් “උඹ එතකොට කලින් නිදාගත්ත ගෑනුන්ගෙ කොහෙද ඉම්බෙ?” කියලා අහන්න ලොකු ඉඩක් තිබ්බ එක ඇත්ත. ඒත් මං කිව්වෙ බොරුවක් නෙවෙයි. මේ තමයි පළවෙනි වතාව මම ආදරේ කරන අදහසෙන් කෙල්ලෙක්ව ඉම්බ. කළින් ඇඳුම් ගලවන හදිසියෙන් ඕන තරම් කෙල්ලන්ගෙ තොල් මගේ තොල්වලින් අල්ල ගත්තට, උන්ට රිදෙනවද, දැනෙනවද කියන විදියෙ ෆීලින් එකක් මට කවදාවත් තිබිලා නැ. හැබැයි අද මං ඒ ගැන හිතුවා. පරිස්සම් උනා.මට ඕන උනේ නෑ කිස් එකක තරමෙන්වත් නාද්‍යාට රිද්දන්න.
මං උන්නෙ තාලෙකට වගේ එයාව කිස් කරන ගමන්. හිමින් හිමින් හිමින්.මාරුවෙන් මාරුවට. තප්පර කීපයකට එයාව රිලීස් කරත් ආයෙ මං එයාගෙ ලිප්ස් අල්ල ගනිද්දි මුලින් තිගැස්සිච්ච නාද්‍යා හීන් සැරේ එයාගෙ දෙපතුල් වලින් ඉස්සිලා මගේ කර වටේ අත දැම්මා. මම තව හයියෙන් එයාගෙ සාරි ජැකට් එකයි සාරියයි අතරෙ හිස් වෙලා තිබ්බ ඉණ වටේ අත දාලා එයාව තුරුලු කරගත්තා.
කිස් එකකින් සෑහෙන්න අපි දෙන්නටම බැරි බව මම වගේම නාද්‍යාත් දැනගෙන හිටියා. මගේ කර වටේ එතිලා තිබිච්ච එයාගෙ අත්, හීන් සැරේ මගේ ලූස් කරපු ශර්ට් එක යටින් ගිහින් මගේ පිට දිගේ එහෙ මෙහෙ යද්දි මම කරේ හුස්ම ගන්න බැරි තරම් තදට එයාව මගෙ ඇඟට හිරකරගත්ත එක. එයාගේ ඒ ඇඟිලි කෙලවරක කරන්ට් එකක් තියෙනවා කියලා හිතෙන තරම් මං උන්නේ ඒ ටච් එකට පිස්සු වැටිලා. මට ඕන උනා ඒ කිස් එක තව දුරට දුරට අරගෙන යන්න.
ඒත් මට මතක තිබ්බා, “ගිනි පෙල්ලෙන් බැට කාපු මනුස්සයා කණා මැදිරි එළියටත් බයයි” කියන එක.
මට හදිස්සියක් තිබ්බෙ නෑ නාද්‍යාව අයිති කරගන්න. මට ඕන උනේ එයාට හෙමින් හෙමින් ආදරේ කරන්න. හදිස්සියේ අයිතිකරගන්න දේවල් අපෙන් ඈත්වෙන්නෙත් හරිම හදිස්සියෙන් කියන එක මම දැනගෙන හිටියා.
ඒ නිසාම විනාඩි ගාණකට පස්සෙ මම ඒ කිස් එක නතර කලේ මගේ හිත කන්ට්‍රෝල් කරගන්න උවමනා වෙච්ච හන්දමයි.
“තරහද?” කියලා මං ආයෙ ඇහුවේ නාද්‍යාව මගේ පපුවට තුරුලු කරගෙන. හිමින් සැරේ මගේ ශර්ට් එකේ බොත්තම් දෙකක් ඇරපු නාද්‍යා, මගේ රෝම පිරිච්ච පපුවට එයාගෙ මූණ තද කරගෙන “හ්ම්” කියලා කිව්වා.
මට මතක් වුනේ යසස්ගෙ සිංදුවක වචන
“නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා
ඒවි ඇදී ඈ සැරසීලා
තාම ඇගේ ස්නේහ ගගේ නෑ කිමිදීලා
ප්‍රේම සිනා නෑ ඇය දීලා”
ප්‍රේම සිනා දැන් මට ඕන නෑ නාද්‍යා.
ඔයා හිනාවෙලා උන්නොත් ඇති මං දිහාව නොබලා හරි කමක් නෑ. මට ඕන ඔයයි පුතයි හිනාවෙලා ඉන්න විතරයි.
ආදරෙයි ආදරෙයි ආදරෙයි
පිරිමියෙක් තමයි හැබැයි මමත් ආදරේ ළඟදි හරිම බොළඳයි තමයි.












