තාරානාත් දහම් වංශනායක
ලන්ච් ක්ලබ් එකට අපි පළවෙනියටම කරන ටීවීසී එකේ ශූට් එක ශෙඩුල් වෙලා තිබ්බෙ ෆ්‍රයිඩේ දවසක උදේ.
“ඒජන්සි එකේ ක්‍රියේටිව් ටීම් එකත් එනවා මිස්ට වංශනායක. අපි පීපීම් එකේදි මිස්ටට ඉන්ට්‍රඩියුස් කරලා දුන්න ඩිරෙක්ටර් බ්‍රයන් වීරසිංහයි එයාගේ කෲ එකයිත් එනවා. ඊට අමතරව අපේ ප්‍රඩියුසර්ත් සමහරවිට ඇවිත් යන්න ඒවි” කියලා ඒජන්සි එකෙන් කතා කරලා කිව්ව බව මම නාද්‍යාට කෝල් කරලා කිව්වෙ පොඩ්ඩව නිදි කරලා එයාට ඕන කරන කෑම බීම එහෙම රෙඩි කරලා එන්න එතකොට මැනේජ් කරගන්න පුළුවන් හන්දා. මේ ශූට් එකෙන් පස්සෙ, මට තාත්තව අරගෙන ඉන්ග්ලන්ඩ් යන්න දවස තිබ්බෙ හරියටම දවස් තුනකින්. ඒ නිසාම මේ දවස් ටිකේම අපි උන්නෙ හරිම බිසී ශෙඩුල් එකක් අස්සෙ හිරවෙලා හන්දා අපි දෙන්නගෙ ආදරේ, මැරේජ් එක එහෙම නැත්තම් අපි තුන්දෙනාගෙ ෆියුචර් එක කියන ටොපික් එක කතා කරන එක අපි චුට්ටක් විතර පස්සට දාලායි තිබ්බේ.
“ඔයා ගිහින් එද්දි ශුවර් මම ඔයාට දෙන්න උත්තරයක් රෙඩි කරගෙන ඉන්නම්” කියලා නාද්‍යා කියද්දි මං හිතුවෙත් ඔව් ඒක තමයි අපිට මේ වෙලාවෙ කරන්න තියෙන හොඳම දේ කියලා. මේ වෙලාවෙ බොරු කියන්නෝන නෑනෙ හැමදේටම උඩින් මගෙ ඔලුවෙ තිබ්බෙ තාත්තට මෙඩිකල් ට්‍රීට්මන්ට්ස් අරගෙන ඒ මනුස්සයව ආයෙ ඇවිදින්න පුලුවන් ලෙවල් එකකට ගේන්නෝන කියන එක. ඒක තේරුම් අරගෙන උන්න හන්දම නාද්‍යා බිස්නස් එකේ ඔක්කොම වැඩ එයාගෙ කර උඩට අරගෙන තිබ්බා. බොරු කියන්නෝන නෑනෙ ඒක මට මාරම ලොකු දෙයක් උනා ඒ වෙලාවෙ. මට වඩා වයසින් බාල කෙල්ලෙක් උනත් නාද්‍යා ඉහිලුවෙ ඇත්තටම මට උහුලන්න බැරි තරමෙ වැඩ, බර කන්දක්. ඒ හන්දම දාහක් වැඩ තිබුණත් මගෙ උරහිසට දැනුනෙ තාත්තගෙ ප්‍රශ්නෙ සම්බන්ධ බර විතරයි. අනික් හැම බරක්ම තනියෙන් ඉහිලුවෙ නාද්‍යා. මට ගැලපෙන්නෙ මට හම්බෙන්නෝනත් අන්න ඒ වගේ හිත හයිය ගෑනියෙක් කියන එක මම තේරුම්ගත්තෙත් එවෙලෙ.
“ඒ උත්තරේ පොසිටිව් උත්තරයක් වෙයි නේද?” කියලා මම ඇහුවෙ මගෙ ඉස්සරහින් හිටගෙන උන්න කෙල්ලව මගෙ පපුවට හිරකරගෙන. මේ වෙද්දි නාද්‍යා මට කොච්චර පුරුදු වෙලා උන්නද, එයා කොච්චර මං ලඟ කම්ෆටබල් වෙලා උන්නද කියන්නේ මං එයාව ඒ විදියටම තුරුලු කරගන්න හැම වෙලාවකම එයා එයාගෙ එක කකුලක් මගේ කකුල වටේ දාන්න පුරුදු වෙලා උන්නා. ඒ නිසාම එහෙම ඉන්න වෙලාවට එයාව උස්සල අරගෙන එයාගෙ ඔක්කොම බර මගේ ඉණට දීලා, එයාට අත් දෙක මගේ බෙල්ල වටේ දාගන්න දීලා එයාව වඩාගෙන කිස් කරන්න මට පුලුවන් කම තිබ්බා.
“ඔයාට ඕන පොසිටිව් උත්තරයක් නම් පොසිටිව් උත්තරයක් ලැබෙයි” කියලා නාද්‍යා කිව්වෙ මං ප්‍රශ්නෙ අහලා ඉවර වෙලා විනාඩියක් විතර එයාගෙ රෝස පාට තොල් මගෙ සිගරට් බීලා දුඹුරු පාට තොල්වලින් අල්ලගෙන ඉඳලා අතෑරියට පස්සේ.
“මට විතරද එතකොට පොසිටිව් උත්තරයක් ඕන? ඔයාට ඕන නැද්ද අනේ මාත් එක්ක ඉන්න හැමදාම?’ කියලා අහද්දිත් මං උන්නෙ එයාව වඩාගෙන. මගෙ මූණට උඩින් පාත්වෙලා උන්න එයාගෙ කෙස් තිබ්බේ මගෙ මූණට වැටිලා මූන එක්ක සෙල්ලම් කර කර.
“විහිලුවක් අනේ කරේ” කියලා එයා කිව්වට මොකෝ මම මගේ මූනෙ තිබිච්ච සීරියස් ලුක් එක නම් වෙනස් කරගත්තෙ නෑ.
“විහිලු වෙනයි මේවා වෙනයි”
“මොනවද ඔය මේවා කියන්නේ?”
“මං කියලා දෙන්නම්කො බැන්දට පස්සෙ”
“බඳිනකම්ම ඉන්නෝනද?”
“මොකටද?”
“ඒක කියලා දෙන්න” කියලා නාද්‍යා අහද්දි එයාගෙ ඇස්වල තිබ්බෙ මං කවදාවත් එයාගෙ ඇස්වලින් නොදැක්ක විදියෙ බැල්මක් කියන එක මට තේරුම් ගියේ නැත්තෙ නෑ. ලස්ට් කියන්නෙ මම ඕන තරම් නිදාගත්ත ගෑනුන්ගෙ ඇස් අස්සෙ දැකලා තිබ්බ දෙයක් උනත් ආදරේ කියන හැඟීම එක්ක එක්කහු උනාම සරාගය කියන ෆීලින් එකේ තියෙන්නෙත් අමුතුම රහක් කියන මම අඳුරගත්තෙ නාද්‍යාගෙ ඒ ඇස් අස්සෙ ඒ ෆීලින් එක දැක්කයින් පස්සෙ.
රාගය කියන්නෙ මට තේරෙනවා කියලා මම හිතපු දෙයක්. මම ගොඩක් ගෑනු ළමයි දිහා බලපු වෙලාවට එයාලගෙ ඇස්වලින් මම ඒක දැකලා තිබුණා. ඒ බැල්ම හරියට බඩගින්නක් වගේ දෙයක්නෙ. ඒක කුස පුරවගන්න බලාපොරොත්තුවෙන් නැගෙන ගින්නක් නෙවෙයි හිත සහ මනස පුරවගන්න අරමුණෙන් නැගිච්ච ගින්නක්. ඒක එන්නෙත් යන්නෙත් හරියට කුණාටුවක් වගේ. ැඑ මොහොතෙදි ඒ ගින්නෙ පිච්චි පිච්චි ඇඟයි හිතයි නිවාගන්න උවමනාවක් ආවත් ආය ආය ඒ එකම කෙනා එක්කම ඒ ගින්නෙ පිච්චෙන්න උවමනාවක් මට කවදාවත් ඇවිල්ලා නෑ. එක කෙල්ලෙක් එක්ක ඉඳියා ඒ ආතල් එක එතනින් ඉවරයි. ආයෙ ගන්නවනම් ගන්නෝන අලුත් ආතල් එකක් කියලා හිතුව මනුස්සයෙක් තමයි මම. ගින්නක් උනාට උවර වුනාට පස්සෙ ඒකෙ දුම, අලු එහෙම ඉතුරුවෙන්න ඕන උනාට කවදාවත් ඒ කෙල්ලො එක්ක තිබ්බ සම්බන්ධකම් වලදි එහෙම ගින්නකින් පස්සෙ දුමක් වත් ඉතුරු වුණේ නැති තරම්. නාද්‍යාව හම්බෙනකම් මම හිතාගෙන උන්නෙ ජීවිතේ කියන්නෙම, ජීවිතේ තියෙන්නම ඒ වගේ අහම්බෙන් අපිට හම්බෙන මෝමන්ට්ස් විතරයි කියලා තමයි.
මගේ ඇතුළෙ තිබුන යම් කිසි හැඟීමක් වගේ දෙයක් වෙනස් වෙන්න පටන් ගත්තෙ නාද්‍යාගෙ හමුවීමත් එක්ක. ඒකත් අහම්බෙන් වෙච්ච හමුවීමක් උනාට කාලෙ එක්ක මං උන්නෙ ඒ අහම්බය මගෙ මුලු ජීවිතේම කරගෙන.
පළවෙනි වතාවට, රාගයයි ආදරෙයි කියන්නෙ එකම දේ නෙවෙයි, ඒත් ඒ දෙකටම එකම වෙලාවෙ එකම තැනක ඉන්න පුළුවන් කියලා මං දැක්කෙ ඒ වෙලාවෙ නාද්‍යාගෙ ඇස් අස්සේ. රාගය කියන්නෙ හරි ඉක්මනට, හයියෙන් සහ පිස්සුවෙන් වගේ දැවෙන හැඟීමක්. හැබැයි ආදරේ කියන්නෙ මහ වැස්සකින් පස්සෙ තෙමිච්ච පොළොව, ගහ කොළ වලින් එන වැස්සෙ සුවඳ වගේ පවතින දෙයක්. ඒ පැවතීම අස්සෙ තමයි අර දැවෙන පිච්චෙන හැඟීමෙ හැබෑම රසය අපිට විඳින්න පුළුවන් වෙන්නෙ.
සමහර විට ආදරේ කියන්නෙ එහෙම දෙයක් වෙන්නැති. රාගයෙන් පිච්චිලා අහවර වෙද්දි වැස්සකින් නාවලා සනීපෙට නිදිකරවන හැඟීමක් වෙන්නැති.
“මට දැන් උනත් ඒක කියලා දෙන්න පුළුවන්. ඒ උනාට මං ඒක කරන්නෙ නෑ” කියලා මම නාද්‍යාට උත්තර දුන්නෙ එයා මගෙන් ප්‍රශ්නෙ අහපු ගැඹුරු කටහඬෙන්ම තමයි. ඒ ගැඹුරු කම තිබ්බෙ හරිම මන්දගාමීව රහසක් කියනවා වගේ හරිම තාලෙකට අපි දෙන්නගෙ තොල් අස්සෙන් එළියට පනින ගමන්. අපි උන්න තැන වටේ තිබ්බ සයිලන්ස් එකත් අස්සෙ ඒ කටහඬ මැව්වෙ අමුතුම විදියෙ පිච්චෙන ෆීලින් එකක්.
“ඇයි ඒ? ඔයා අකමැතිද මාත් එක්ක ඉන්න?”
“අකමැතිනම් මෙහෙම ළඟ තියන් ඉන්නවද?” කියලා අහද්දිත් මගෙ මූණ තිබ්බෙ නාද්‍යාගෙ බෙල්ල මුල හැංගිලා එයාගෙ සුවඳ පපුව පිරෙනකම් ඉඹින ගමන්.
“එහෙනම්?”
“මට ඕන නෑ කෙල්ලෙ ආයෙ ඔයාට රිද්දන්න. මම පිරිමියෙක්. මගෙ නහර හොඳට තාම පණ ගහනවා. ඊලඟ තප්පරේ ඔයාව මේ ඇඳක් උඩට දාගෙන ඔක්කොම ඇඳුම් ගලවලා, මුලු ඇඟම ඉඹලා, ඔයාව මගේ කරගන්න මට බැරිත් නෑ, මට ආසාවක් නැත්තෙත් නෑ. ඒ උනාට මට ඕන ඔයාව ශරීරෙන් විතරක් අයිති කරගන්න නෙවෙයි. මට ඕන හැම විදියකටම අපි අපේ වෙන්න.
මට බයයි එහෙම දේකට හදිස්සි වෙලා, අන්තිමේ ඒ හදිස්සියෙන්ම ඔයාට මාව එපාවෙලා මට ඔයාව නැතිවෙයි කියලා.
මම මේ ඉවසන්නෙ මම එහෙම ඉවසන්න පුළුවන් පිරිමියෙක් හන්දා නෙවෙයි. මට ඔයාට රිද්දන්න ඕන නැති හන්දා.
නැත්තම් ඔයා දන්නෙ නෑ…” කියලා මම කතාව නතර කරේ ඉතුරු ටික කියනවද නැද්ද කියලා හිතාගන්න බැරුව.
“මොකද්ද?”
“ම්ම්ම්”
“මොකද්ද මම දන්නෙ නැත්තෙ?”
“මම හීනෙන් හැම රෑකම කී පාරක් මේ ලස්සන කෙල්ලව මගේ කරගන්නවද කියන එක”












