කිලෝ සීයකටත් වැඩි බර ලෝකයේ ලොකුම බර්ගර් එක

ලෝකයේ බොහෝ දෙනා මේ වන විට සම්පූර්ණයෙන් ම නිර්මාංශ වීමට නැඹුරුවක් දක්වනවා. පසුගිය දාක එංගලන්තයේ දවස් 31ක් කිසිදු මාංශ ආහාරයකින් තොර ව ගෙවීමේ වැඩසටහනක් ද පැවැත්වුණා. ආහාර නිෂ්පාදනයක් වන Finnebrogue Artisan ලොව ලොකුම එළවලු බර්ගර් එක හදමින් ගිනස් වාර්තාවක් තබන්නේ මේ අතර. 

Finnebrogue Artisan එංගලන්තයේ ප්‍රමුඛතම මාංශ නිෂ්පාදන සමාගමක්. ඔවුන් මේ වන විටත් , විකල්ප නිර්මාංශ ආහාර ද සෑහෙන ප්‍රමාණයක් හඳුන්වා දී තිබෙනවා. 

මෙම ගිනස් වාර්තාව තැබීමේ අරමුණ වී ඇත්තේ නිර්මාංශ විකල්ප ආහාරත් මාංශ ආහාර තරමට ම රසවත් සහ සෞඛ්‍ය සම්පන්න බව පෙන්වීමයි.

ගිය වසරේ නොවැම්බර් මස, ඔවුන්ගේ එක් ආහාර නිෂ්පාදනාගාරයක මෙම බර්ගර් එක සකසනු ලැබුවා. මෙහිදී එම වසරේ සැප්තැම්බර් මස එළි දැක්වූ “Naked Evolution burger” නම් රෙසිපිය භාවිත කොට තිබුණා. 

මේ ගිනස් වාර්තාවේදී ඔවුන් මේ සඳහා යොදා ගන්නා සියලු අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන් ම නිර්මාංශයෙන් තොර බවට සහතික කළ යුතු ව තිබුණා.

මේ සඳහා තක්කාලි කිලෝ 10ක්, සලාද කොළ කිලෝ 4.5ක්, චීස් කිලෝ 7ක්, ලූණු කිලෝ 2ක්, ගර්කින් කිලෝ 5ක්, “Naked without the oink බේකන් කිලෝ 5ක් සහ බර්ගර් සෝස් කිලෝ 5ක් යොදා ගනු ලැබුවා. 

ඒ අනුව බර්ගර් පැටී එක සඳහා ඔවුන් සාමාන්‍ය බර්ගර් 1274 කට යොදාගන්නා අමුද්‍රව්‍ය යොදාගෙන තිබුණා. පැය නවයක් පැටී එක බේක් කර තිබුණා. දේශීය බේකරිකරුවෙකු වන Irwins සම්පූර්ණයෙන් ම නිර්මාංශ බර්ගර් බනිස් ගෙඩිය ලබා දී තිබුණා. 

ඔවුන් මුලින් ඇස්තමේන්තු ගත කර තිබුණේ 100kg ක බර්ගර් එකක් සෑදීමටයි. නමුත් එහි බර 40%කින් පමණ ඉහළ ගොස් තිබීම විශේෂ කරුණක්.

“අපට ඉලක්කගත කර තිබූ බර කිලෝග්‍රෑම් 100 ක්.  නමුත් එය ඉක්මවා යාමට වැඩි ඉඩක් ඇති බව මුල සිටම අපි දැන සිටියා. අපේ මේ කණ්ඩායමට  අලෙවිකරණය, නිෂ්පාදනය සහ ඉංජිනේරු විද්‍යාවට අදාළ විශේෂඥයින් ඇතුළත් වූවා. අපි එක්ව තමයි සියල්ල සැලසුම් කළේ. වාර්තාවේ වඩාත්ම අභියෝගාත්මක කොටස වූයේ ඉවුම් පිහුම් අතර තුර වරින්වර ප්‍රවේශමෙන් පැටී එක පෙරළීමයි. මොකද අපට කොහෙත් ම මේ වෙලාවේදී පැටී එක කඩාගන්නට වුවමනා වුණේ නෑ.” – Sean Kearney, Finnebrogue Artisan’s Innovation Process Manager

ගිනස් වාර්තා සම්මතයන්ට අනුව, කිසිදු ආහාරයක් නිකරුණේ ඉවත ලා දැමිය නොහැක. එබැවින් මේ කිලෝ 160කටත් අධික බර බර්ගර් එක එරට නිවාස අහිමිවූවන් සිටින ස්ථානයකට බෙදා හරින ලදී. 

Related Articles

Don't Miss


Latest Articles