නීරෝගී බව සහ සුන්දරත්වය රැකගන්න කාන්තාවන් ලබාගත යුතුම විටමින් වර්ග 6 ක්

පොදුවේ සෑම දෙනාටම අවශ්‍ය පෝෂ්‍යපදාර්ථ තිබෙනවා. නමුත් වයස, රෝගී තත්ත්වයන් වගේම ස්ත්‍රී පුරුෂ භාවය අනුවත් සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන යාමට විෂේශ පෝෂ්‍යපදාර්ථ අවශ්‍ය වෙනවා.අපි අද කථාකරන්නේ කාන්තා ඔබේ සෞඛ්‍ය වර්ධනයට අත්‍යාවශ්‍යම විටමින් වර්ග ගැන.

Vitamin B6

මනෝභාවයන් වෙනස්වීම, නින්ද සහ කෑම රුචිය පාලනය කරයි.

අඩංගු ස්වභාවික ආහාර

නිවුඩු සහල්, පිස්ටාෂියෝ සහ ටූනා (කෙලවල්ලා) මාළු නිතර කෑමෙන් වැඩියෙන් ගුණ ලැබෙනවා.

Vitamin B12

ඔබ නිතර තෙහෙට්ටුවට, විඩාවට පත්වෙනවා නම් මෙම පෝෂ්‍යපදාර්ථය පරීක්ෂාකාරී බව සහ අවධානය පවත්වාගෙන යාමට උපකාරී වේ.

අඩංගු ආහාර

ඉස්සන්, කකුළුවන්, කිරි ආශ්‍රිත නිශ්පාදන, බිත්තර සහ ටෝෆු වැනි සෝයා ආශ්‍රිත නිෂ්පාදන වලින් මෙම පෝෂණ අවශ්‍යතාව සපුරාගත හැකියි.

Folate

මූලික ගර්භනී අවස්ථාවේදී මොළ‍යට සහ ක‍ශේරුකාවට ඇති විය හැකි බලපෑම අවමකරන අතර බඩවැල් හා පියයුරු පිළිකා අවම කරයි.

අඩංගු ආහාර

බිත්තර, බෝංචි, සෝයා සහ ධාන්‍යවල මෙය වැඩිපුර අඩංගුයි.

Vitamin D3

අස්ථි, මස්පිඬු, සහ දත් සවිමත් කරයි. Osteoporosis සෑදීමේ අවධානම අවම කරයි. කුරුළෑ ඇතිවීම වළකයි. ඩිම්බ කෝෂ හා පියයුරැ පිළිකා ඇතිවීම හීන කරන අතර Autoimmune රෝග වලට ඇති ඉඩකඩ අසුරයි.

අඩංගු ආහාර

මෝරතෙල්, බිම්මල්, බිත්තර කහමද, කිරි, චීස්, කිවි පලතුර මෙම පෝෂණ අවශ්‍යතාවය ඉටුකරදෙයි

කැල්සියම් (Calcium)

PMS (ඔසප්වීමට ආසන්න සහලක්ෂණය) සහ රුධිර පීඩනය පාලනය කරයි. අස්ථි ශක්තිමත් වීම සදහා මෙන්ම හිසකෙස් , නියපොතු වල නීරෝගීමත් බවටද වැදගත් වේ.

අඩංගු ආහාර

කිරි, ධාන්‍ය, බ්ලූ බෙරි, චීස්, ලීක්ස්, ආමන්ඩ්, අලිගැටපේර කැල්සියම් වලින් අනූන ආහාර වේ.

යකඩ (Iron)

මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට, ශක්ති මට්ටම පවත්වාගෙන යාමට වගේම ලේ හිඟකම මැඩපවත්වන්න උපකාරී වේ.

අඩංගු ආහාර

නිවිති, ධාන්‍ය, අල, කඩල, රටඉඳි සහ රටකජු මෙම පෝෂණ අවශ්‍යතාව සම්බූර්ණ කරන්න කදිමයි.

මතක ඇතිව මෙම පෝෂණ අවශ්‍යතා බෙහෙත් පෙති ලෙස හෝ කෘතිම අතිරේක පෝෂණ සංඝටක ලෙස ශරීරයට එක් කර නොගෙන හැකිතාක් ස්බාවික ආහාරවලින්ම සපුරගන්න වගබලාගන්න.

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...