ලප කැලැල් නැති, දීප්තිමත් සමක් සදහා ඉවත දමන සහල් වතුරින් කල හැකි සත්කාර

ඕනෑම තරුණියක් කැමතියි තමන්ගේ සම ලස්සනට පවත්වාගෙන යන්න. ඒ වගේම පැහැපත් සමක් ලබාගන්නත් හැමෝම කැමතියි.සම පැහැපත් කරගන්න මේ වෙනකොට වෙළෙඳපොළේ ඕනෑ තරම් නිශ්පාදන තියනවා.ඒවා මිලෙන් අධිකයි වගේම සමහර නිශ්පාදන වලින් පසුකාලීනව අතුරු ආබාධ  පවා ඇතිවන්නට පුලුවන් .
නමුත් අද අපි මේ කියන්නේ සහල් වතුර භාවිතා කරලා ස්වභාවික ලෙස ,ලේසියෙන්ම සම පැහැපත් කරගන්නා ක්‍රම කිහිපයක් ගැනයි.

ඒවගේම  ඔබේ සමේ ඇති වන ගැටලු බොහොමයක් නිරාකරණය කරගන්න පුලුවන් සත්කාර කිහිපයක් ගැනත් ඔබට දැනුවත් වෙන්න පුලුවන් .

මුලින්ම බලමු මේ සහල් වතුර වල තියන ගුණ මොනවද කියලා.

සහල් වතුර වල සමට අවශ්‍ය කරන පෝශ්‍ය පදාර්ථ රැසක් අඩංගු වෙනවා. විටමින් B, C  සහ E , ඛනිජ වර්ග සහ ඇමයිනෝ අම්ල මේ සහල් වතුර වල අඩංගු වෙලා තියනවා.

සහල් වතුර වලින් සමට ලැබෙන ප්‍රතිලාභ

  • සම පැහැපත් කර දීප්තිමත් කරයි.
  • සමෙහි ඇති තෙල් ගතිය පාලනය කරයි.
  • කුරුලෑ ඇතිවීම වලක්වයි
  • කුරුලෑ නිසා සම මතුපිට ඇතිවන ලප කැලැල් අවම කරයි.
  • හිරු එළියෙන් ඇතිවුන පිලිස්සීම් සුවපත් කරයි
  • අධික වියළි සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි
  • බ්ලැක්හෙඩ්ස් ඇතිවීම අවම කරයි
  • සම වියපත් වීම්, රැලි වැටීම් පාලනය කරයි

සත්කාර සදහා සහල් වතුර සකසා ගන්නා ආකාරය

  • මේ සඳහා ඔබ කැමති සුදු සහල් වර්ගයක් ( සුදු කැකුළු, සම්බා, භාස්මති ඇතුලු ඕනෑම වර්ගයක්)  භාවිතා කරන්න පුලුවන්.
  • මුලින්ම සහල් මේස හැඳි කීපයක් ගෙන දෙවරක් හෝ තුන්වරක් හොඳින් සෝදා පිරිසිදු කරගන්න.
  • ඉන්පසු පිරිසිදු භාජනයක් ගෙන සෝදාගත් සහල් ටික භාජනයට දමා සහල් ටික වැසෙන ප්‍රමාණයට වඩා මදක් වැඩිපුර පිරිසිදු ජලය පුරවන්න.
  • පසුව එම භාජනය වසා පැය කීපයක් සහල් ටික පෙගෙන්නට තබන්න.( පැය 5- 6 අතර කාලයක් )
  • පැය කීපයට පසු එම සහල් වතුර පෙරාගන්න.පසුව එම වතුර පිරිසිදු බෝතලයකට දමා පහත සඳහන් ආකාර වලින් ඔබ කැමති ආකාරයකට භාවිතයට ගන්න. මෙය  ඔබට සතියක් පමණ කාලයක් ශීතකරණයේ ගබඩා කරල පාවිච්චියට ගන්න පුලුවන් .

සහල් වතුර භාවිතයට ගත හැකි ක්‍රම

“ෆෙස් මිස්ට් ” එකක් ලෙස ( Face mist )

  • ස්ප්‍රේ බෝතලයකට සහල් වතුර දමා ” ෆේස් මිස්ට් ” එකක් ආකාරයෙන් ඔබට සහල් වතුර භාවිතා කල හැකියි.
  • මෙමගින් ඔබේ සමේ ඇති වියලි ගතිය පාලනය කරන අතර සමෙහි ඇතිවන අඳුරු ලප කැලැල් ක්‍රමයෙන් අඩු කරයි.

“ටෝනර් ” එකක් ලෙස

පුලුන් කැබැල්ලකට සහල් වතුර ගෙන  මුහුන පුරා ආලේප කර සම්භාහනය කරන්න. ඉන්පසු මිනිත්තු විස්සක් හෝ තිහක් තබා සාමාන්‍ය වතුරෙන් සෝදන්න.

ඔබ එදිනෙදා ජීවිතයේදි ක්ලෙන්සර් කිරීම හෝ ෆේස් පැක් භාවිතා කිරීමෙන් අනතුරුව මෙය ටෝනර් එකක් ලෙස භාවිතා කිරීමෙන් සමෙහි විවෘත වන සිදුරු වසා දමා , කුණු දුවිලි ඇතුල් වීම වලක්වන අතර කුරුලෑ ඇතිවීමේ ප්‍රවණතාවයද අඩු කරයි. තවද සමෙහි ඇති තෙතමනය ආරක්ශා කරයි.

අයිස් කියුබ් ” ලෙස

අයිස් කැට දමන ට්‍රේ එකකට සහල් වතුර දමා අයිස් කැට සකසා ගෙන “අයිස් කියුබ් ” සත්කාරය සඳහා සහල් වතුර භාවිතා කල හැකිය.

කුරුලෑ නිසා ඇතිවන ලප කැලැල් අවම කිරීමටද සමෙහි තෙතමනය ආරාක්ශා කර පෝශණය කිරීමටද මෙම සත්කාරය උපකාරී වෙයි

ෆේස් පැක් වර්ග වලට

ඔබ නිවසේදී සකසා ගන්නා ෆේස් පැක් ( Face pack ) වර්ග මිශ්‍ර කිරීමට ඔබට මේ සහල් වතුර භාවිතා කල හැකිය.

ඔබ භාවිතා කරන ස්වභාවික ෆේස් පැක් ( face pack ) වර්ග මිශ්‍ර කිරීමට සාමාන්‍ය වතුර වෙනුවට සහල් වතුර භාවිතා කිරීමෙන් වඩා වැඩි ප්‍රතිඵල ලබා ගත හැකිය

මෙම සත්කාර ක්‍රම වලින් කැමති එකක් ඔබට භාවිතා කරන්න පුලුවන් .නමුත් ප්‍රතිඵල සදහා ඔබට සති කීපයක් මේ සත්කාර කරන්න නම් වෙනවා.
ටෝනර් එකක් ලෙස භාවිතා කරනවා නම් ඔබට දිනකට දෙවරක් වුවත් භාවිතා කරන්න පුලුවන්.    

එමෙන්ම එක වරක් පිළියෙල කරන  සහල් වතුර සතියක් පමණ ශීතකරණයේ කල් තබා ගෙන භාවිතා කරන්නත් ඔබට හැකියාව තියනවා.

රුව වඩවන සහල් වතුර සමට අමතරව හිසකෙස් වලටත් භාවිතා කල හැකියි. මේ ලිපියෙන් ඔබට සහල් වතුරෙන් කල හැකි තවත් ස්වභාවික සත්කාර ගැන දැනුවත් වෙන්න පුලුවන්.

හිසකෙස් ශක්තිමත් කර සුසිනිඳු බව ලබාදීම,හිසකෙස් වර්ධනය වේගවත් කිරීම සහ කන්ඩිශනර් එකක් ලෙසත් භාවිතා කල හැකි බවත් අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

Related Articles

Don't Miss


Latest Articles