දෑත දරා – 69

මනුර්‍යා උන්නේ උස් හඬින් අම්මා සමඟ අමනාප හඬින් කියවමිනි.  විවෘතව තිබූ ගේට්ටුවෙන්  විමුක්ති ලා ගේ මෝටර් රථය මිදුලට ඇතුලු වනු ඇයට ඇසුනද ඕ එය එතරම් ගණනකට ගත්තේ නැත.

” අනේ අම්මේ…. මට පිට්ටු කන්නම ඕනි.. සෝමා නැන්දේ.. හදන්න්කෝ…”

දොර අසලදී විමුක්ති අම්මා සහ තාත්තා දෙස බලා සිනාසුණේ  ඒ හඬ මනුර්‍යාගේ බවට ඉඟි කරමිනි.

” දැන් පුලුවන් ද පොඩී පිට්ටු හදන්න.. සෝමාට ආයේ බෑ … හෙට උදේ හදාවි…දැන් ඔය හදලා තියෙන දෙයක් දෙන්නා එක්ක කන්න..ඔයා තමයි දෝණිවත් අවුස්සන්නේ…”

ඒ මනුර්‍යාගේ අම්මාගේ හඬ බව, විමුක්ති හඬ නොනැඟෙන සේ අම්මා සහ තාත්තාට කීවේය. තිදෙනාම උන්නේ සිනා පිරි මුවිනි.

” එහෙනම් මට රෑට කන්න එපා…”

“නැන්දාට එපා නම්, බබාටත් එපා…”

ඒ මනුජගේ දියණියගේ හඳ බව විමුක්ති ගේ දෙමාපියන් වටහා ගත් සෙයින් විමුක්ති දෙස බැලුවෝය. විමුක්ති හිස සැලුවේය.

” අන්න බලන්නකෝ මහත්තයා.. මේ ළමයාගේ හිතුවක්කාරකම… අර දරුවාට ඉහ ගහගෙන ඉන්න වෙන්නේ නෑ මේ ගති එක්ක…… අහිංසකයා… පවු…”

” හා හා… එයා බෑණා හොඳේ.. මම තමයි ඔය දෙන්නාගේ දුව.. ඒක අමතක කරන්න එපා ..ඈ…. අහිංසකයා… අරයා මෙයා ගාලා එයාට ලකුණු දාන්න තියාගන්නත් එපා…”

“ඒ දරුවා හැදිච්ච කොල්ලෙක් බව පේනවා.. එහෙම නොවෙන්න, මේ පිළිවෙලට මේ ඔක්කොම පෙළ ගස්වගන්නේ නෑනේ..”

“හරි හරි.. හා… මට පිට්ටු එපා… අන්තිමේදි මම තමා වැරදි… ඒ පුතා මල්… මම වල්…”

විමුක්ති අම්මා සහ තාත්තා සමඟ නිවසට ඇතුලු වූයේත්, සෙටිය මත වැතිරි උන් මනුර්‍යා දඩි බිඩියේ බිමට බැස්සාය. ඇය හැඳ උන්නේ කෙටි කලිසමක් සහ ස්කිනයකි. මොහොතක් විමුක්ති සහ ඔහුගේ දෙමාපියන් දෙස  බලා උන් ඕ, සිහි එලවාගත්තාක් මෙන් ආපස්සට හැරී උඩු මහලට දිව්වාය. මනුජගේ දියණියද ඇය පසුපස දිව ගියාය.

විමුක්ති සිනාසෙමින් මනුර්‍යාගේ දෙමාපියන් වෙත  ඇවිද ආවේ ඔවුන් දෙදෙනාද විමතිය පිරුණු මුහුණු සමඟින්, විමුක්ති දෙස බලා සිටියදීය.

” සමාවෙන්න අම්මේ.. නොකියාම, අවේලාවේ ආවම… මම.. මේ අපි දෙන්නාගේ විස්තරේ කියලා ඉවර වෙන්නත් කලින් අපේ අම්මටයි, තාත්තාටයි , මෙහෙ එන්න ඕනි වුනා… එ මදිවට, එන්න කලින් කිසිම දෙයක් කියන්නෙප කියලා අපේ අම්මගේ එක රන්ඩුවයි… ඉතින්… ඔන්න ඔහේ කියලා ආවා මේ…”

” දෙය්යනේ… දරුවෝ….. මෙව්වා මේ මෙහෙම එන්න වටින ගමන්ද ??.. අනේ.. බලන්නකෝ මහත්තයෝ…..”

මනුර්‍යාගේ පියා විමුක්ති ගේ මව සහ  පියා පිලිගත්තේ අන් කිසිවක් නොවිසමිනි. සාරතී සහ සෝමා වහ වහා මුලුතැන්ගෙය සූදානම් කරන්නට සූදානම් වන බව සිතමින් විමුක්ති ඔවුන් අමතා උස් හඬින් කතා කලේය

”  අපි එළියෙන් පිට්ටු ඕර්ඩර් කරමූ සාරතී ආන්ටි … මුකුත්ම ආයේ අලුතින් හදන්නෙපා…. අර ඉන්දියම් රෙස්ටෝරන්ට් එකක් තිබ්බා මඟ… මම බලලා ගේන්නම්…”

මනුර්‍යාගේ අම්මා සහ තාත්තා එකිනෙකා දෙස බලා සිනාසුනෝය. එකිනෙකා අතරේ හුවමාරු වූයේ සුහද කතාබහකි. ඒ අතරේ විමුක්ති ගේ ජංගම දුරකතනය නාද විය. විමුක්ති සිනාව ගිලගනිමින්, අනෙක් අයට වෙනසක් නොපෙනෙන්නට මිදුලට ගියේය.සිනාසුනෝය. එකිනෙකා අතරේ හුවමාරු වූයේ සුහද කතාබහකි. ඒ අතරේ විමුක්ති ගේ ජංගම දුරකතනය නාද විය. විමුක්ති සිනාව ගිලගනිමින්, අනෙක් අයට වෙනසක් නොපෙනෙන්නට මිදුලට ගියේය.

” හෙලෝ…”

“පිස්සුද මනුස්සයෝ…. මොකක්ද මේ කලේ ??? මේ මනමාලියෝ බලන්න එන වෙලාවක්ද ?? හය්යෝ.. විමූ.. මම උන්න විදියඔයා දැක්කද ?? අනේ… මට නම් බෑ… එක්කෝ ඔයා මට එක කෝල් එකක් දෙන්න එපැය්…”

විමුක්ති සිනාසෙමින් ඇගේ නෝක්කාඩු අසා උන්නේය.

” හෝව් .. හෝව්… නැන්දම්මාගේ ඕර්ඩර්ස් මෙව්වා ඈ… ආයේ ඉතින් මට හැරෙන්නවත් ඉඩක් තිබුණේ නෑ….”

“හය්යෝ … හරිම නරකයි ඔයා … අනේ.. මට ලැජ්ජයි….” … හරිම නරකයි ඔයා … අනේ.. මට ලැජ්ජයි….”

“විකාර නැතුව ලෑස්ති වෙලා පහලට එන්න… එලියට ගිහින් පිට්ටු අරගෙන එමූ..”

“ඈ.. ඒකත් ඇහුනාද අනේ…..අනේ.. අම්මලාට ඇහුනද …?”

” ඔව් ඔව් ඉතින්…ඇහුනා…..”

“අනේ මට පහලට එන්න බෑ…”

“විකාර නැතුව ලෑස්ති වෙලා එනවා වදේ.. අපේ අම්මලා .. ඒ ප්‍රශ්නේ  නොහිතපුම විදියට විසඳුනා කෙල්ල…. ඔයාට කියන්න.. තාත්තා ඇඬුවා.. අම්මත්… ඒගොල්ලෝ මං ගැන එච්චරට ස්ට්‍රෙස් එකකින්  උන්නා කියලා මම දැනගෙන උන්නේ නෑ….ඇත්තටම..”

අවසානයේ මනුර්‍යා අම්මා ගේ බල කිරීමෙන් සූදානම් වී පහත මාලයට බැස්සාය. ඉන් පසුව එලැඹියේ සාද සමයය.

වීඩියෝ ඇමතුමට සම්බන්ධවූ මනුජ එය අවසන් කලේ අප්‍රමාණ සැනසීමකිනි.  එහෙත් මද වේලාවක් ගත වන්නට පෙර ඔහු යම් පීඩනයකට ඇද වැටුණේය.

ඒ අතරේ විශ්වගෙන් පැමිණි ඇමතුම නිආ යාලි මනුජගේ සිතුවිලි අන් අතකට වෙනස් වූයේය.

විශ්ව සහ ඔහුගේ බිරිඳ  පසුදා යළි කොළඹ සිට දියතලාවේ එන්නට බලාපොරොත්තු වන බවත්, ඊට පෙර සින්දූපා ගේ පියා හමුවන්නට යන බවත් විශ්ව පවසද්දී මනුජ හිස් වී අසා උන්නේය.

” තව එක පාරක් උඹ වෙනුවෙන් කතා කරලා එනවා..මම මනුර්‍යා යයි, විමුක්ති දෙන්නා එක්කම කතා කලා… උන් දෙන්නා ඇතිව හෝ නැතිව අපි දෙන්නා ගිහින් එනවා…උඹ ඕනි නම් සින්දූපා ට කියහං …නැත්නම් මං කියන්නම්…”

විශ්ව එලෙසින් පවසා ඇමතුම විසන්ධි කල පසු, මනුජ සින්දූපා ඇමතුවේය. පිළිතුරු ලැබුනේ නැත. තත්පර කිහිපයක පමාවෙන් යලි ඇමතුමක් ආවේය

” නින්දේද උන්නේ ..?”

“නින්ද යන්නේ නෑ …”

සින්දූපා හඬෙහි වූ වෙහෙස හැඳිනගත් මනුජ නිහඬ වූයේය. සුසුමක් හෙලුවේය.

” හෙලෝ..”

යලි සින්දූපා ගේ හඬ ඇසෙනතෙක් මනුජ කිසිත් කීවේ නැත

” හරි සින්දූ … මම තියන්නම්…කාලා, බෙහෙත් බීලා, එක්සයිස් කරලා නිදන්න……”

” මනුජ…”

“මං කතා කරන එක පවා ඔයාට කොච්චරක් වෙහෙසක්ද කියලා මට තේරෙනවා සින්දූ …. මට ඔයාව කොච්චරක් ඕනි කියල දැනුනත් , අනෙක් පැත්තට ඔයාට ඒක නොදැනෙන බව ….”

මනුජ කතාව නවතා සුසුමක් හෙලුවේය.

” ආඅහ්… ආයේම.. මං දැන් ඔයාට එහෙම දෙයක් කිව්වාද මනුජ ???..ආහ්… ඔයා මට කියනවා මම ඕවර්තින්කින් කියලා.. ඔයත් සේම් නේ…”

” මට තේරෙන්නේ නෑ සින්දූ ….”

“මට තේරෙන්නෙත් නෑ මනුජ… තිබුණ ප්‍රශ්න මදිවට, නිර්ධා ත් මේ කතාව මැදට ආව එක මට හරිම ආතතියයි… එයා අම්මනේ….”

“ඒ කතාව ඔලුවට නොගෙන ඉන්නවාකෝ සින්දූ … ආයේ නිර්ධා ආවේවත්, කතා කලේවත් නෑ….”

“එයා පලවෙනි සෙෂම් එකට හෙට හොස්පිට්ල් එකට එනවලූ…”

“ඔව්… නංගී කිව්වා….”

” එයා… මේ අසනීප වලින්.. ඔයාලට හර්ට් වේවි කියලා නම්දාලා ගියේ… එහෙම නම්…”

“සින්දූ… මගේ ආදරේ ඇතුලේ දාලා යන කැපකිරීම් නැහැ සින්දූ ..මැරෙන්න හරි අල්ලන් ඉන්න එකයි මට වටින්නේ…. එයා.. එච්චරට ප්‍රශ්නයක් තිබිලත්, මාව විශ්වාස නොකර, මට හොරෙන්, මාව අප්‍රමාණ වදේකට දාලා, අපේ අම්මලාගේ ජීවිත මහ බරකට දාලා…. ගියාට පස්සේ.. … මම ආයේ හැරෙන්නේ නෑ සින්දූ ….”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles