විශ්ව ඇගේ දෙමාපියන් හමුවීමට පැමිණෙන බව මනුජ පැවසුවේ සින්දූපා ට කලබල නොවී සිටින මෙන්ද පවසමිනි. එහෙත් ඕ කිසිඳු කලබලයක් පෙන්වූයේ නැත. ඒ වෙනුවට වයසින් වැඩුණු මිනිසුන් සතුවන අයිතිවාසිකම් ගැන කීවාය
” අපි මේක අම්මලාගෙන් හංගන්න හංගන්න, මේක ප්‍රශ්නයක් විදියට බැරෑරුම් වෙනවා මනුජ…. අනෙක් අතට මොක සිද්ද වුනත්, දෝණිගේ මෙන්ටල් හෙල්ත් එක අංක එක වෙන්න ඕනි… ඒ හින්දා අපි දෙන්නා එකිනෙකාට ඈතින් ඉඳන්, අපි වෙනුවෙන් මේ ප්‍රශ්නේ ලෙහන්න පුලුවන් අයට ඉඩ දෙමූ…”
“හෙට අනිද්දාට විමුක්ති ලාගේ අම්මලා ඔයාලෑ තාත්තාව මුණ ගැහිලා එහෙ විස්තරේ කියාවී..”
මනුජ ඉන් පසුව එලෙස යමක් පැවසීම වෙනුවෙන් පිවිසුම ගත්තේය.
” තේරුන් නෑ…”
“දැන් මම නංගිලා එක්ක කෝල් එකක උන්නේ සින්දූ ….”
“ඉතින්…”
” මස්සිනාගේ අම්මලා අපේ නංගිටයි ඌටයි ඉහලින්ම ආශිර්වාද කරලා… විමුක්ති හවස සිද්දිය කිව්වට පස්සේ ඒ ගමන්ම සූදානම් වෙලා, අපෙර් ගෙදරත් ගිහිල්ලා… එහෙ අම්මයි , තාත්තයි මටත් කතා කලා මේ ටිකකට කලින්… ඒ මිනිස්සු අප්‍රමාණ සතුටින්… මට හිතෙන්නේ අපේ අම්මලට හිතාගන්න බැරුව ඉන්නේ….”
” දෙය්යනේ…”
කිරිල්ලියකගේ ප්‍රීති උන්මාදයෙන් වන කෑ ගැසිල්ලක් තරම් මිහිරිව සින්දූපා ගේ හඬ නැඟුනේය. විමුක්ති සහ මනුර්‍යාගේ ජීවිතවල වසත් සමය එළඹී ඇත්තේ කෙතරම් නම්, සෞම්යවද ? ඔවුන් විශ්වාස කල ප්‍රේමය ජීවත්කරවීමට තරම් ශක්තිමත් වූවා නොවේද ?එකිනෙකා සමඟ වූ අනෝන්‍ය විශ්වාසය මතම හිඳිමින් සියළු බාධක ජය ගත්තා නොවේද ?
එහෙත් තමා සහ මනුජ , දෙදෙනාම යම් යම් මොහොතවලදී, එකිනෙකා අත් හැර දමන්නට උත්සාහ කරන්නේ බාහිර සමාජ කාරණා වල පීඩනය හිස මතට ගනිමින් නොවේද ? එකිනෙකා කෙරෙහි වන හැඟීම් එපරිද්දෙන්ම විවරණය කරගෙන තිබියදී පවා, එවැන්නක් නැතිවාක් මෙන්, එකිනෙකා කෙරෙන් මුවා වී සැඟවී සිටින්නට උත්සාහ කරන්නේද, තමන් දෙදෙනා නොවේද ?
එහෙත්, මනුර්‍යා සහ විමුක්ති ඔවුන් දෙදෙනා, සැලසුම් සහගතව සියල්ල ජය ගන්නා තරක් එකිනෙකා විස්වාස කලෝය.
සින්දූපා සුසුමක් හෙලුවාය. මනුජට ඒ සුසුමේ බර දැනුණි.
” සින්දූ …. මම තීරණයක් ගන්න එක මෙච්චර වැනි වැනි ඉන්නේ දෝණි නිසා… එහෙම නොවෙන්න, මම ඔයාව උස්සන් ගිහින්…. මං දන්නවා, මම දෝණිට හොද අප්පච්චී කෙනෙක් වුනේ නෑ… එයා.. දැන් මගේත් එක්ක දැවටි දැවටි ඉන්නකොට මට ඒක දැනෙනවා… මුලදි මං දෝණිව දරාගත්තේ හරි ආයාසෙන්….. මට .. මට ඒක වදයක් වුනා.. ඒත් .. ඒත් මට කෙල්ලව අතෑරගන්න බෑ සින්දූ…”
“මොනවාද මනුජ ඔයා මේ කියන්නේ…? මට තේරෙන්නේ නැතුවද ?..”
” විමුක්ති එක හිතින්, ගැම්මට තීරණය අරන් නංගිව බැඳලා… ඉන් පස්සේ ඔක්කොම විසඳගත්තා කියලා ඔයාට නොහිතෙන්න විදියක් නෑ…”
” ඔයා එහෙම තීරණයක් ගන්න හැදුවත්, මට ඒකට හිත හදාගන්න බැරි බව මම දන්නවානේ මනුජ… ඉන් එහා මොන කතාද ? අපේ තාත්තට හරි අමාරුවෙයි ඒම දෙයක් දරාගන්න…”
” මට තේරෙනවා සින්දූ … ඉවසමූ…”
” විශ්ව අය්යලා එන්න කලින්, විමුක්ති අය්යලා ගේ අම්මලා ඇවිලා ගියා නම් හොඳයි කියලා හිතෙනවා…”
“ඔපීනියන් නොදී ඉමූ සින්දූ … කෙරෙන දෙයක් වෙනකල් චුට්ටක් බලන් ඉමූ..”
“හ්ම්ම්…. “
” ඔයාගේ ලීව් තත්වේ කොහොමද ?..”
“මෙඩිකල් ඉවරයි සිකුරාදයින් . අර ඔයාගේ පිස්සු යාලුවා සති තුනටනේ ලීවේ… ඒත් තාත්තා කියන්නෙම රිසයින් වෙලා ඉන්න කියලා … දැන් කෝමත් ඩියුටි රිපෝර්ට් කරලා ඉන්නෝනි සඳුදාට…”
” මං එන්නම්…”
” ඔයා එහෙටයි මෙහෙටයි හැමතිස්සෙම යන්න තියා ගන්නත් එපා මනුජ… මහන්සිත් නේ… අනෙක ඔයා එන්නෙත් කලුවරම වෙලාවට අල්ලලා…”
මනුජ එයට කිසිත් නොපවසා උන්නේය.
මනුජ පසුදින රාජකාරි කටයුතු සමඟ කාර්යබහුල වූයේය. දියණිය සමඟ වීඩියෝ ඇමතුමක් හා සම්බන්ධව කතා බස් කිරීම්ව්න් පසු ඔහු යම් නැවුම් බවකින් අනෙක් වැඩ කටයුතු හා සම්බන්ධ වූයේය. සමඟ කාර්යබහුල වූයේය. දියණිය සමඟ වීඩියෝ ඇමතුමක් හා සම්බන්ධව කතා බස් කිරීම්ව්න් පසු ඔහු යම් නැවුම් බවකින් අනෙක් වැඩ කටයුතු හා සම්බන්ධ වූයේය.
සවස නිවසට යන අතරවාරයේදී ඔහුට නොදන්නා අංකයකින් ආ ඇමතුමේ අනෙක් පස උන්නේ නිර්ධාය.
” හෙලෝ…”
“මනුජ… මට ඔයාව හම්බෙන්න ඕනි…”
“මම කොළඹ නෙවෙයි ඉන්නේ…”
“වීකෙන්ඩ් ඔයා එනවා ඇතිනේ…”
“ආයේ අපිට කතා කරන්න දෙයක් ඉතුරුද නිර්ධා ? ….”
” ඒ කියන්නේ… ඔයාට … මාව මුණ ගැහෙන්න ඕනි නැද්ද ??..”
මනුජ මොහොතකට නැවතුණේය. හදවත තුළ යම් රිදුමක් පෑරුන බව දැනුනේය.
” මම කොළඹ ආවම කෝල් එකක් දෙන්නම් …”
” ඕකේ.. තෑන්ක්ස්…”
මනුජ මෝටර් රථය පසෙකට කර නැවැත්වූයේය. ඇගේ හඬ එතරමට ආගන්තුක වී ඇත. කලකට පෙර හුස්මක් පවා එක්ව බෙදාගන්නට තරමේ ලඟින් උන් ඇය, නන්නාඳුනන තරමින් වෙනතක ඇත
ජීවිතය එලෙස බව සිතන්නට මනුජ උත්සාහ කලේ ඉන් පසුවය. හමුවීම්, වෙන්වීම්, සමුගැනීම්, හැර යෑම් සිදු වන්නේය.
මෙතෙක් කල් නොසිතා උන්නා උවද, නිර්ධා ගේ අසනීපය සහ ඇය හැරයෑම පිළිබඳ තවදුරටත් නොසිතා සිටීමට නොහැකි බව මනුජට වැටහුණේ ඉන් පසුවය. ඇය සැබැවින්ම අසනීපය නිසා තමා සහ දරුවා ගෙන් වෙන්වීම තීරණය කලාද ?
නිවසට යන්නට මනුජ සෑහෙන්න වෙලා ගත්තේය. ගත දොවා ගන්නට වෙනදාටවඩා කල් ගත විය. නිර්ධා ගේ හඬට පසු, ඇය පිළිබඳව වූ මතක රිදුම් ලෙසින් ඇවිස්සී ඇති බව මනුජට පිළිගන්නට සිදු වූයේය. සියල්ලටම වඩා වද දුන් හැඟීම වූයේ ඇය පිළිකා තත්වයකින් පීඩා වින්දාද යන සැකයය
මනුජ සිතුවේම ඇගේ රෝගි තත්වයන්, ප්‍රතිකාර, මේ සියල්ලම සින්දූපා ගේ පියාගේ සැලසුම් කතන්දර බවමය. එහෙත් නිර්ධා ගේ ඇමතුමට පසු, ඒ සිතුවිල්ල ඔහුට විශ්වාස නැති බවක් ඉතාම තදින් දැනී තිබුණේය.
” වෙන්න තියෙන දෙයක් තිබුනොතින්, බලලා කරන්නවා.. ඒ ඇරෙන්න මෙවෙලේ මට කරන්න පුලුවන් දෙයක් නෑ.. මට එහෙම මුකුත්ම කරන්න ඕනිත් නෑ…. මං මේක හිතන්න හිතන්න මගේ ඔලුව් පිස්සු වැටෙන එක ඇරෙන්න අනෙක් මුකුත්ම දෙයක් වෙන්නේ නෑ… මං නිර්ධා ගේ කතා වල හිරකාරයෙක් වෙන්නේ නෑ කීයටවත්….. එයා ගෙවිච්ච අතීතයක් විතරයි…”
මනුජ ඒ වෙද්දී නිආ දැමුවේ නිව්සට ආවාට ප්සු දැල්වූ හයවෙනි සිගැරට්ටුවය.
” ඔයා සිගරට් පාවිච්චි කරනෙක දරුවාට බලපානවා…”
එවෙලේ සින්දූපා ගේ හඬ ට පෑහෙන හඬකින් නිර්ධා ගේ හඬද මනුජට ඇසුණේය.
ජංගම දුරකතනය අතට ගත් මනුජ කා අමතන්නටදැයි නොහැකිව මෙන් මොහොතක් උන්නේය. විශ්ව සින්දූපා ගේ පියා හමුවන්නට යන බව පවසා පණිවිඩයක් එවා ඇති බව මනුජ දැක්කේ ඒ මොහොතේය. පණිවිඩය පැයකට පෙරය. දැන් ඔවුන් එහි වන්නට ඇත.











