රාත්‍රී ආහාරයට සුප් එකක් – Carrot & Ginger Soup

අවශ්‍ය දේවල්:

  • තෙල් මේස හැදි 1
  • කුඩාවට කපාගත් ළූණු ගෙඩි 1
  • ගාගත් ඉගුරු මේස හැදි 2
  • කපාගත් සුදු ළූණු බික් 2
  • සාදික්කා කුඩු මේස හැදි 1/2
  • එළවළු ස්ටොක් මිලි ලීටර් 850 (එළවළු වර්ග කිහිපයක් තැම්බූ වතුර)
  • කුඩාවට කපාගත් කැරට් ග්‍රෑම් 500
  • බෝංචි ග්‍රෑම් 400
  • කපාගත් ආමන්ඩ් මේස හැදි 4

සාදාගන්නා අකාරය:

  • භාජනයක් ගෙන තෙල් දමා රත්කර ගන්න.
  • ඉඟුරු, සුදු ළූණු සහ ළූණු දමා විනාඩි 5ක් බැදගන්න.
  • සාදික්කා කුඩු ද එක් කරන්න.

    කලින් සැකසූ එළවළු ස්ටොක් එක භාජනයට එකතු කරන්න.

  • කපාගත් කැරට් සහ බෝංචි එයටම එකතු කරන්න.
  • භාජනය වසා මිනිත්තු 20-25ක් පමණ තැම්බෙන්න හරින්න .
  • මෘදු ලෙස තැම්බුණු කැරට් හා බෝංචි මිශ්‍රණය බ්ලෙන්ඩ් කර ගන්න.
  • නැවත එළවළු ස්ටොක් එක ඇති භාජනයට දමා තම්බන්න.
  • තැම්බුණු පසු සාදික්කා කුඩු සහ ආමන්ඩ් එකතු කරන්න.

Related Articles

Don't Miss


Latest Articles