මනුජ සාලයේ සෙටියේ වැතිරී උන්නේය. කුසගින්න නිසා ගෙන්වාගත් ආහාර අඩක් ඉතුරුව තිබුණි. මනුජ යලි ජංගම දුරකතනය අතට ගෙන සින්දූපා අමතන්නට සිතුවේය. මනුර්‍යාගේ ඇමතුමෙන් පසුවද තවත් පැය දෙකක් ගෙවී ගොසිනි. එහෙත් කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නැත. දුරකතනයතනය අතට ගෙන සින්දූපා අමතන්නට සිතුවේය. මනුර්‍යාගේ ඇමතුමෙන් පසුවද තවත් පැය දෙකක් ගෙවී ගොසිනි. එහෙත් කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නැත.
බොහෝවිට විශ්ව දෝෂාරෝපණයට ලක් වෙමින් සිටිනවා විය යුතුය.
” සින්දූපා …”
ඇගේ නම, මනුජගේ ජංගම දුරකතන තිරය මතට වන විට මනුජට උන්නේ අඩ නින්දකය.
” මනුජ .. මනුජ….”
සින්දූපා ගේ හඬෙහි වන ස්වරය හඳුනා ගන්නට නොහැකිව මෙන් මනුජ විදුලියක් වැදුනාක් මෙන් අසුනෙන් නැගිට්ටුණේ.
” සින්දූ … හෙලෝ…”
“මනුජ … මනුජ…..අනේ මට බැ.. අනේ මට බෑ… මට බෑ…”
“අහන්නකෝ… මං කියන එක අහන්නකෝ… ඉස්සෙල්ලම රිලැක්ස් වෙන්නකෝ… මං ඉන්නවානේ… මොක වුනත්..”
මනුජ හැකි තරමින් සන්සුන්ව සිටිමින්, හැකි උපරිමයෙන්ම සින්දූපා ව සන්සුන් කරවන්නට උත්සාහ කලේය. විශ්වගේ ගමන නවතන්නට තිබුණා යැයි තත්පරයකය සිය වතාවක් ගානේ මනුජට සිතුනේය. තමාට අද සවසම, කොළඹ යන්නට තිබුණායැයි අනෙක් පසට සිතුනේය. තමා සින්දූපා ව අපහසුම අවස්ථාවක තනි කර, විසඳුම ඇය සොයා ගන්නා තුරු සැඟවුනායැයි අනෙක් පසට සිතෙන්ම වන දෝශාරෝපණයට නතු වූයේය.
” මනුජ…. මට බෑ.. අනේ ප්ලීස්.. එන්නකෝ…”
එවර සින්දූපා ගේ හඬෙහි වන හැඬුම, මනුජ පැහැදිළිවම හැඳින්නේය.
” සින්දූ … මගේ හොඳ කෙල්ල වගේ ඉස්සෙල්ලම අඬන එක නවත්තගන්න… ඊට පස්සේ, මම අහන දේට උත්තර දෙන්න.. මට පිස්සු හැදෙනවානේ සින්දූ ඔහොම වෙනකොට.. හරිද. ?? හරිද ???…”
සින්දූපා කාමරයේ දොර අඟුලු දමා ඇතිදැයි යළි බැලුවාය. යහන මත වැතිරුණාය. ජංගම දුරකතනය ලැම මත තබාගෙන, දෑතින්ම කඳුළු පිසඳා ගත්තාය. අනතුරුව යහනේ පසකට හැරුණාය. ජංගම දුරකතනය සවනට තබා ගත්තාය.
” සින්දූ …”
“ම්ම්ම්….”
“කොහෙද ඔයා ඉන්නේ ?..”
“කාමරේ ….”
“ඇඳේ…?”
“ඔව්…”
“හරි… සැහැල්ලුවෙන් හාන්සි වෙලා ඉන්න… හොඳට හුස්ම ගන්න …. ඔක්කොම අමතක කරලා, මනුජව විතරක්ම හිතන්නකෝ සින්දූ …හරිද ??..”
සින්දූපා හිස සැලුවාය. ඇගේ නිහඬ වීම තුළ මනුජ සන්සුන් බව හැඳින්නේය.
” සින්දූ ..”
“ම්ම්ම්…”
“,මොකක්ද සින්දූ උනේ ..?”
” විශ්ව අය්යා ආවානේ…”
“ඔව්… ඌ මට මැසේජ් එකක් දාලා තිබුණා .. යනවා කියලා…”
” ඒ ඇවිල්ලා නෝර්මල් කතා බහ කර කර හිටියා… තාත්තා කිව්වා එහෙ මෙහෙ ඉන්නෙ නැතුව දෙන්නා එක්ක අපේ ගෙදර ඇවිල්ලා ඉන්න කියලත්.. .. හරිම පීස්ෆුල් ඔක්කොම තිබුනේ…”
“හරි.. ඉතින්…”
“ඊට පස්සේ විශ්ව අය්යා කිව්වා එයා ආවේ මමයි, ඔයයි ගැන කතා කරන්න කියලා…”
“ඊට පස්සේ…”
“ඊට පස්සේත් කිසිම අවුලක් වුනේ නෑ… තාත්තා හෙමින් පැහැදිළි කලා.. මාව තාත්තාගේ යාලුවෙක්ගේ පුතෙකුට ප්‍රපෝස් කරලා තියෙන්නේ.. දෙන්නාට දෙන්නා අඳුනගන්න ගමන් ඉන්නේ.. ඒ නිසා ඒක වෙන්න දෙන්න… සිද්ද වෙච්ච දේවල් ගැන කිසිම කෙනෙක් එක්ක තරහක් නෑ.. ඔයාට වුනත් ඕනෑ දේකට උදව් කරන්නම් …එහෙම කිය කියා සෑහෙන්නම කිව්වා….”
මනුජ නිහඬවම අසා උන්නේය.
” පස්සේ විශ්ව අය්යා කිව්වනේ විමුක්ති කියන්නේ, මට ගැලපෙන කෙනෙක් නෙවී කියලා…”
” ඉන් පස්සේ ?”
“ඉන්පස්සේ තාත්තාට තරහ ගියා… විශ්ව අය්යට හොඳටම කෑ ගහලා.., අම්මටත් කෑ ගැහුවා.. ආයෙම අපේ මේ කතාව එයා එක්ක කතා කරන්න කවුරුත්ම එන්න ඕනි නෑ කිව්වා…. විශ්ව අය්යා ඒත් ඔය එයාගේ කොච්චරක් හොඳ , විශ්වාසම යාලුවෙක් ද කියලා.. ඔහොම විස්තර කිව්වා…”
සින්දූපා ගේ හැඬිම නැවතී තිබුණි. ඕ පියවි සිහිහේ හිඳිමින් සිදුවීම විස්තර කරමින් උන්නාය.
ඒ සිදුවීම කුමක් වුවද, එය මනුජ හා බෙදා හදා ගැනීමේදී ඇයට නොවූ ශක්තිමත් බවක් ආඩ්‍ය වන බව දැනෙන්නට ගෙන තිබුණි.
” ඊට පස්සේ. ..?”
” පැයක් ගියේ නෑ.. විමුක්ති අය්යව ඉස්සර කරගෙන රාජ් අංකල් ලා ආවා.. ඒ ඇවිල්ලා රාජ් අංකල් සිද්ද වෙලා තියෙන දේ කියලා..තාත්තාගෙන් සමාව ඉල්ලුවා..මම දැක්කා එව්ලේ තාත්තාගේ මූණ කොහොමද වෙනස් වුනේ කියලා.. ඒත්.. එයා ඒක පිටට පේන්න දුන්නේ නෑ…. රාජ් අංකල්ලා එක්ක සෑහෙන්නම හොඳින් කතා බහ කරලා, රෑ කෑමටත් බලෙන්ම නවත්තගෙන යන්න දුන්නේ…”
මනුජ සින්දූපා ගේ පියාගේ වෙස් පෙරලීම වටහා ගන්නට නොහැකිව මෙන් අසා උන්නේය.
” රාජ් අංකල්ලා ගියා විතරයි… තාත්තා මගෙන් ඇහුවා මොකක්ද ඒ කතාව කියලා…. මම කිව්වා මාත් දන්නේ ඊයේ කියලා… ඊට පස්සේ තාත්ත ඇහුවා, එත්කොට දියතලාවේ ගියේ වෙන ගෑණියෙක් බැඳපු මිනිහෙක් එක්කද කියලා… එතනදි මට කට උත්තර නැතුව ගියා මනුජ.. මම ලොක් වුනා.. තාත්තට හොඳටම තරහ ගියා… සමහරවිට, එයාට දුක හිතුනා වෙන්නත් ඇති.. මට කම්මුලට ගැහුවා… බොරුකාරි කිව්වා… විශ්වාස කලේ ඇස් වහන් කිව්වා මාව.. ඒත්…ඒ විශ්වාසේ මම කඩලා තියෙන්නේත් ඒ විදියෙන්ම කිව්වා…විශ්ව අය්යා මගේ පැත්තට කතා කරන්න ගත්තම, එයාලා දෙන්නටඑළියට බහින්න කිව්වා, එක වචනයක් නොකියා..
ඔයාට කියන්න මනුජ, අම්මා එහෙම කරන්නෙපා කිව්වම, අම්මටත් ඕනි නම් එලියට බහින්න කිව්වා….”
සින්දූපා ගේ හැඬුම් නැඟෙමින් තිබුණි. මනුජ පවා ඇයට නාඬා ඉන්නටයැයි කීවේ නැත.
” ඔක්කොමලා රන්ඩු වුනා.. තාත්තා කිව්වා තියෙන පලවෙනි ෆ්ලයිට් එකේම මාව ලොකු නැන්දා ලඟට යවනවා කියලා.. අම්මාටත් ලෑස්ති වෙන්න කිව්වා…. මට යන්න බෑ… මනුජ… මට යන්න බෑ…”
මනුජට හදවත මත දැඩි යකඩ බරුවකින් වන තැලීමක් සේ දැණුනි. මොහොතකට බාහිර සියල්ල අමතකව යනවා සේ දැනිණි.












