හවස තේ බොන්න- ක්‍රීම් ක්‍රැකර් කට්ලට්

හවසට තේ බොන්න දෙයක් හදාගන්න කල්පනා කරන ස්මාර්ට් ලේඩීස්ලාට බොහොම පහසුවෙන් සරලව හදා ගන්න පුලුවන් දෙයක් තමයි ක්‍රීම් ක්‍රැකර් කට්ලට්ස්.

කට්ලට් පිරවුම සඳහා අවශ්‍ය දේ:

  • ක්‍රීම් ක්‍රැකර් බිස්කට්
  • පාන් පිටි
  • බිත්තරයක්
  • ලුණු
  • වතුර
  • බිස්කට් කුඩු
  • තෙල්
සාදාගන්නා ආකාරය:
  1. සාමාන්‍ය කට්ලට්ස් පිරවුම සකස් කරගන්න.
  2. ඉන්පසු පාන් පිටි, බිත්තරයක්, ලුණු  සහ වතුර  කවලම් කර උකු මිශ්‍රණයක් සකසන්න.
  3. ක්‍රීම් කැකර් බිස්කට්  එකක් ගෙන පිරවුම අතුරා ගන්න . ඒ මතින් තවත් බිස්කට් එකක් තබන්න.
  4. එය බැටරයේ තවරාගන්න.
  5. බැදගන්න.
මේ සරල ක්‍රමයෙන් සාමාන්‍ය කට්ලට්ස් වලටත් වඩා රසවත් ක්‍රීම් ක්‍රැකර් කට්ලට්ස් ඔබට සුළු වේලාවකින් හදා ගන්න පුලුවන්.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles