සවස තේ වේලාව රසවත් කරන පහසුවෙන් සාදා ගත හැකි කෑම වර්ග 4ක්

මේ දිනවල නිවසටම වෙලා ඉන්න ඔබට පවුලේ අයත් එක්ක සවස තේ වෙලාවට රසවිඳින්න පුළුවන් පහසුවෙන් හදා ගන්න පුළුවන් කෙටි කෑම කිහිපයක් ගැනයි අද අපි කියලා දෙන්න යන්නේ.

Bread Mini Pizza

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 8ක්

මොසරැල්ලා චීස් 250g

කොළ පාට සහ රතු පාට බෙල් පෙපර් 2ක්

ටොමැටෝ පේස්ට් ටිකක්

සාදන ආකාරය

බෙල්පෙපර් කුඩා කොටු වලට කපා ගන්න.

පාන් පෙති යන්තමට ටෝස්ට් කරගෙන

ටොමැටෝ පේස්ට් ස්වල්පය බැගින් ගා ගන්න

දැන් ඒ මත කොළපාට සහ රතු පාට බෙල් පෙපර් කැබැලි ස්වල්පයක් අසුරගන්න.

දැන් චීස් ගේට් කර පාන් පෙති වැසී යන ආකාරයට දමා, මධ්‍යම උෂ්ණත්වය සහිත උඳුනක දමා චීස් උණුවී යනතුරු බේක් කර ගන්න.

කැමති ආකාරයකට කපා රසවිදින්න

සමෝසා

අවශ්‍ය ද්‍රව්‍ය

චිකන් මීට් බෝල්ස් 250g

ලොකු ලූනු ගෙඩියකින් 1/2ක්

තෙල් මේස හැඳි 2

බිත්තර 1 ක්

සමෝසා ෂීට් හෝ ස්ප්‍රිං රෝල් අවශ්‍ය තරමට

ලුණු ස්වල්පයක්

සාදන ආකාරය

ලූනු ඉතාම සිහින්ව කපා ගන්න

මීට් බෝල්ස් අතින් කුඩු කර ගන්න

බිත්තරය බඳුනකට දමා සාරු සාදා ගන්න

දැන් තෙල් ටික ළිප තබා රත්වන විට කපාගත් ලූනු, මීට් බෝල්ස් දමන්න

ලූණු එකතු කර තෙම්පරාදු කරගන්න

දැන් සමෝසා ෂීට් හෝ ස්ප්‍රිං රෝල් කැබැල්ලක් ගෙන එයට තෙම්පරාදු කරගත් මීට් බෝල්ස් ටිකක් දමා තුන්හුලසට ඔතා අවසාන කොනට බිත්තර සාරු ගා අලවා ගෙන තැටියක මධ්‍යම උෂ්ණත්වයේ විනාඩි 15ක් පමණ බේක් කරගන්න.

Chocolate Doughnuts

අවශ්‍යය ද්‍රව්‍ය

පාන් පිටි 500g

බිත්තර 1

යීස්ට් 15g

කිරිපිටි 50g

සීනි 75g

වතුර 750ml

මාගරින් 50g

ලුණු අවශය පමණට (15g පමණ)

වැනිලා ස්වල්පයක්

Doughnuts සාදන ආකාරය

පිටි සහ මාගරින් එකට දමා හොදින් අ කලවම් කරන්න.


එයට සීනි ලුණු දමා නැවතත් කලවම් කරන්න.ය

යීස්ට් හා කඩාගත් බිත්තර 1 වැනිලා ස්වල්පයක් කිරිපිටි  දමන්න.හොදින් කලවම් කරන්න.

අවසානයේ වතුර දමමින් Dough එක හදාගන්න.හොදින් අනාගන්න.වතුර වැඩි කර ගන්න එපා.අතේ ඇලෙන් නැතිව තියෙන්න ඕන.

ඉන්පසු ලෑල්ලක පිටි තවරා Dough එක රෝලර් පින් එකකින් තුනී කර ගන්න.අගල් 1 පමණ ඝනකම සිටින සේ තුනී කරගන්න.

cutter එකකින් රවුම් කපා ගන්න.එම කපා ගත් රවුමේ මැදින් නැවතත් කුඩා රවුමක් කපා ඉවත් කර ගන්න.බොතල් පියනකින් උනත් පුඵවන්.

කපාගත් doughnuts විනාඩි 10ක් පමණ තියන්න.

පෑන් 1කට තෙල් දමා ගැඹුරැ තෙලේ බැදගන්න.

Sauce එක සාදන ආකරය්

Fresh milk 200ml

කුකින් චොකලට් 200g. සිහින් වන සේ ගාගන්න

සාදන ආකාරය

Fresh Milk පෑන් එකකට දමා උණු කරගන්න.එයට කුකින් චොකලට් දමා උකු වන තෙක් හැදි ගාන්න.ලිප නිවන්න.

 දැන් හදාගත් Doughnut එකක් අරන් උඩ කොටස chocolate sauce එකේ ඔබලා පැත්තකින් තියන්න.උඩම ඇති රෑපයේ ආකාරයට.

මදක් නිවුණු පසු පිළිගන්වන්න.

අල බොන්ඩා

අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි 100g

උඳුපිටි 100g

බේකින් පව්ඩර් තේ හැඳි 1/2

අල 500g

ළූණු ගෙඩියක්

අමුමිරිස් කරල් දෙකක්

කරපිංචා

මිරිස්කුඩු තේ හැඳි 2

කහකුඩු තේ හැඳි 1/2

ගරම් මසාලා තේ හැඳි 1/2

අබ තේ හැඳි 2ක්

සුදුළූණු බික් 3-4

සාදන ආකාරය

අල ටික තම්බා ගන්න.

පෑන් එකක් ලිපේ තියලා තෙල් දාලා රත්වෙනකොට ලියාගත් ළූණු, සුදුළූණු, අබ, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.

මිරිස්කුඩු, කහකුඩු, ගරම් මසාලා, ලුණු අවශ්‍ය ප්‍රමාණයෙන් දාලා ෆිලින් එක හදාගන්න. දැන් අල පොඩි කරලා මේකට එකතු කරන්න.

බැටර් එක හදාගන්න හාල්පිටි හා උඳු පිටිවලට මිරිස්කුඩු, කහකුඩු, බේකින් පව්ඩර් හා ලුණු දාලා වතුර ටික ටික එකතු කරලා උකු බැටර් එකක් හදාගන්න.

අල කරි එකෙන් බෝල හදලා මේ බැටර් එකේ දවටලා ගැඹුරු තෙලේ බැදගන්න.

Related Articles

Don't Miss


Latest Articles