ඔෆිස් එකේ අවුරුදු මේසයට කෙටි කෑම වර්ග

අලුත් අවුරුද්දේ ගෙදරට එන අයට සංග්‍රහ කරන්න වගේම ඔෆිස් එකේ අලුත් අවුරුදු මේසයට අරන් යන්න සරල පහසු රෙසිපි හොයන ඔයාලට තමයි මේ රෙසිපි අරගෙන ආවේ.ඉක්මනින් පහසුවෙන් හදලා බලන්න.

Tuna patties

මේ සඳහා ටූනා මාළුම අත්‍යවශ්‍ය නැහැ.සැමන් හෝ මාළු ගන්න පුලුවන්.සාමාන්‍ය පැටිස් එකට වඩා වෙනස් රසයක් සහ වෙනස් හැඩයක් තමයි මේ පැටිස් එකට තියෙන්නේ.

අවශ්‍ය දේවල්:

  • සැමන්/ටූනා/මාළු ග්‍රෑම් 150
  • බිත්තර 2
  • දෙහි යුෂ තේ හැදි 2
  • සිහින්ව ගාගත්පාර්ම්සන් චීස් මේස හැදි
  • පාන්/බිස්කට් මේස හැදි 10
  • සිහින්ව ලියාගත් ළූනු මේස හැදි 3
  • තෙල් මේස හැදි 3
  • ගම්මිරිස් සහ ලුණු රස අනුව

සාදාගන්නා ආකාරය:

  • භාජනයකට බිත්තර සහ දෙහි යුෂ එක් කර බීට් කරන්න.
  • චීස් සහ පාන් කුඩු එයට එක් කර කලවම් කරන්න
  • ළූණු,ගම්මිරිස්,ලුණුසහ සැමන් එයට එක් කර කලවම් කරන්න.
  • මිශ්‍රණයෙන් කොටසක් වශයෙන් ගෙන කුඩා රොටි සේ සකසන්න.
  • භාජනයක් ගෙන තෙල් එකතු කර රත් කරන්න
  • සකසා ගත් පැටිස් එයට දමා බැද ගන්න.

ලෙමන් කුකීස්

අවශ්‍ය දේවල්

  • පිටි කෝප්ප කාලක්
  • කෝන්ෆ්ලවර් ග්‍රෑම් 50
  • ලෙමන් ගෙඩියක යුෂ
  • ලුණු තේ හැඳි බාගයක්
  • බටර් ග්‍රෑම් 175
  • අයිසිං සීනි ග්‍රෑම් හැටක්
  • ලෙමන් යුෂ මේස හැඳි තුනක්
  • අයිසිං සීනි ග්‍රෑම් 180

සාදන ක්‍රමය

  • හලා ගත් පිටි වලට ලුණු කෝන්ෆ්ලවර් කලවම් කරන්න.
  • වෙනත් බඳුනකට සීනි බටර් එකතු කර බීට් කර ගන්න.
  • හොඳින් බීට් කර ගත් පසු පිටි මිශ්‍රණයෙන් බාගයක් සහ ලෙමන් යුෂ එකතු කර ලී හැන්දකින් කලවම් කරන්න.
  • එම මිශ්‍රණය ඇලෙන සුළු නම් අමතර පිටි මේස හැඳි එකක් දෙකක් එකතු කරගන්න.
  • පිටි මිශ්‍රණය තෙල් කඩදාසියක දමා රෝල් කරන්න.
  • ඉන් පසු පැයක් තබන්න.
  • පැයකට පසු ඉවතට ගෙන අඟල් බාගයක් ඝනකමට පෙති කපා එම පෙති වටා පිටි ඉස තැටියක තබා නැවතත් මිනිත්තු විස්සක් ශීතකරණයේ තබන්න . සෙන්ටිග්‍රේඩ් 120ක උෂ්ණත්වයෙන් මිනිත්තු දහයක් බේක් කරගන්න. උෂ්ණත්වය 180 ට වැඩි කර මිනිත්තු දහයක් නැවතත් රන්වන් පාට වනතෙක් තෙක් බේක් කරන්න.
  • ඉවතට ගෙන නිවුණු පසු එම බිස්කට් මතුපිට අයිසින් සීනි සහ ලෙමන් යුෂ මිශ්‍ර කර සකස් කර ගත් ලෙමන් මිශ්‍රණය තවරා ගන්න .

පනීර් බ්‍රෙඩ් රෝල්ස්

අවශ්‍ය දේවල්:

  • පනීර් කප් 1
  • පාන් පෙති 6
  • ග්‍රීන් පීස් අහුරක්
  • තලාගත් ඉඟුරු සුදු ළූණු තේ හැන්දක්
  • කහ චුට්ටක්
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • ගරම් මසාලා තේ හැඳි 1/2
  • සූදුරු තේ හැඳි 1/2
  • රස අනුව ලුණු
  • පොඩියට කපාගත් ළූණු ගෙඩි භාගයක්

සාදාගන්නා ආකාරය:

  • පාන් පෙති වල වාටි කපා රෝලින් පින් එකකින් තරමක් තලා ගන්න.
  • තෙල් ස්වල්පයක් ලිපේ රත් වෙන්න හැර එයට සූදුරු ටික එක් කර ඒ සමඟම ඉඟුරු, සුදු ළූණු සහ ළූණු එක් කර තෙම්පරාදු කරගන්න.
  • එයට පනීර් හැර අනෙක් සියල්ල එක් කර හොඳින් මිශ්‍රකර ලිප නිවාගන්න. පනීර් ටික පොඩි කර මිශ්‍රණයට එකතු කරගන්න.
  • මිශ්‍රණය කොටස් හයකට වෙන් කර පාන් පෙති වල කෙලවරට තබා රෝල් කර ගන්න.
  • ඉන්පසු ඒවාගේ කෙලවර සහ දෙපස බිත්තර සාරු වලින් අලවා ගැඹුරු තෙලේ බැදගන්න.නැතිනම් යන්තම් තෙල් තැවරූ පෑන් එකක හරවමින් පෑන් ෆ්‍රයි කරගන්න.

Related Articles

Don't Miss


Latest Articles