බස් එකක් ඇතුලේ මුස්ලිම් තරුණියකට සිදුවූ ඛේදවාචකය

මේක සිද්ධ වුණේ 2000 ඔක්තෝබර් 7 වෙනිදා, මැලේසියාවේ ක්ලැන්ග් කියන පැත්තේ.

කතාවේ වින්දිතයා තමයි නූර් සුසයිලි මුක්තාර්, නැත්නම් හැමෝම කිව්වේ “සුසී” කියලා. එයාට වයස අවුරුදු 24යි. එයා ලන්ඩන්වල විශ්වවිද්‍යාලයකින් ග්‍රැජුවෙට් වෙලා ඇවිත්, පරිගණක ඉංජිනේරුවරියක් විදිහට අලුත් ජොබ් එකක් පටන් ගෙන හිටියේ.

එදා, සුසී එයාගේ රූම් මේට් එක්ක හිටපු ගෙදරින් පිටත් වෙලා, ක්ලැන්ග්වල තියෙන එයාගේ වැඩපොළට යන්නයි ලෑස්ති වුණේ. එයාගේ රූම් මේට් වන රොසම්ලිසා තමයි ඇයව පණ පිටින් දැකපු අන්තිම කෙනා.

සුසී බස් එකට නගිද්දිත් ඩ්‍රයිවර් එක්ක තව මගීන් කීප දෙනෙකුත් බස් එකේ හිටියා.

ඒත් ටික වෙලාවකින් අනෙක් මගීන් බැහැලා ගියාට පස්සෙ අවසානෙට බස් එකේ ඉතුරු වුණේ ඩ්‍රයිවර්යි සහ සුසී විතරයි.

බස් එකේ අන්තිමටම හිටපු බංග්ලාදේශ ජාතික මගියාත් බැහැලා ගියාට පස්සේ, ඩ්‍රයිවර් එකපාරටම බස් එක යමින් උන්න රූට් එක වෙනස් කරනවා. සුසී වැඩ කරන තැනට යන සුපුරුදු පාරට යන්නේ නැතිව, වෙන පාරකට දානවා.

ඩ්‍රයිවර් පාර වෙනස් කළා විතරයි, සුසීට හොඳටම සැක හිතුණා “මේ නම් වෙන මොකක් හරි දෙයක් තමයි වෙන්න යන්නෙ” කියලා. ඒ නිසාම, බයටම එයා උදව් ඉල්ලලා කෑ ගහන්න පටන් ගත්තා. ඒත් ඩ්‍රයිවර් මොකද කරේ බේරෙන්න හිතාගෙන පොරබදින සුසීට පහර දීලා, එයාගෙ සද්දෙ එලියට යන්න හදපු එක නතර කරපු එක.

 අනේ… මේ පොරබැදීම අතරේ, සුසීට ඩ්‍රයිවර්ගෙන් ගැලවෙන්න බැරි වෙනවා. මේ පාපතර මිනිහා අර අහිංසක කෙල්ලව දූෂණය කරනවා.

මේ ප්‍රහාරය සිද්ධ වෙනකොට පාරේ ගමන් කරමින් හිටපු මිනිස්සු හතර දෙනෙක් මේ බස් එක දැකලා තියෙනවා. උදව් ඉල්ලන්න හදන නූර් සුසයිලි අඩ නිරුවතින් බස් එක ඇතුළේ ඉන්නවා දැකපු මේ අය, ඊළඟට දකින්නෙ ඩ්‍රයිවර් තමන්ට ‘පලයන් යන්න මෙතනින්’ කියලා තර්ජනය කරන එක. ඉතින්, ඒ හතර දෙනාම බස් එක පස්සේ පන්නන්න පටන් ගන්නෙ ඔන්න ඔය කරුණු අනුව.

මේ සාක්ෂිකරුවන් අතරේ පාපැදියකින් ටියුෂන් යන අවුරුදු 18ක තරුණ පිරිමි ළමයෙක්, ඊට අමතරව cycling යන කෙනෙක්, අවුරුදු 50ක් වගේ වයස කෙනෙක්, සහ ඩ්‍රයිවින් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඉඳලා තියෙනවා මේ හතර දෙනාම බස් එක පස්සේ යන්නෙ මේක ඇතුලෙ මොකක් හරි වෙන සීන් එකක් වෙනවා කියලා තේරුණයින් පස්සෙ.

ඩ්‍රයිවර් දකිනවා මේ හතර දෙනා තමන් ඉන්න පැත්තට වේගෙන් වේගෙන් එනවා. කේස් එකක් පත්තුවෙන්න යන්නෙ කියලා තේරිච්ච ගමන් මිනිහා මොකද කරන්නෙ බස් එක ටක් ගාලා පිටිපස්සට අරගෙන වේගෙන් ඩ්‍රයිව් කරගෙන ගිහින් හුදකලා තැනක නතර කරන එක.

එතනදී මේ මිනිහා ආයෙත් සුසීට පහර දීලා, දූෂණය කරලා, අවසානයේ එයාගේම හිජාබය අරගෙන බෙල්ල හිරකරලා මේ අහිංසක කෙල්ලව මරා දානවා.

අවුරුදු 24ක් වෙච්ච සුසීව මරලා ඉවර වුණාට පස්සේ, බස් ඩ්‍රයිවර් සුසීගෙ නිරුවත් සිරුර බස් එකෙන් එළියට විසි කරලා, ඉදිකිරීම් භූමියක් ළඟින් දාලා යන්නෙ තමන්ගෙ අමනුස්සකම ආය ආයෙ ප්‍රදර්ශනේ කරන්න වගේ. දවල් වෙනකොට තමයි මගියෙක් මේ සිරුර දැකලා පොලිසියට inform කරන්නෙ.

මරණ පරීක්ෂණෙන් හෙළි වෙනවා, සුසීගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ බෙල්ල සිරකිරීම සහ හිසට සිදුවූ බරපතල තුවාල නිසයි කියන එක.

සුසීගෙ සිරුර පුරාම තුවාල 44කට වඩා වැඩි ප්‍රමාණයක් තිබිලා තියෙනවා වගේම ඒ අතරේ බෙල්ල කැඩිච්ච එකත් තිබිලා තියෙනවා. ඩොක්ටර්ලා තහවුරු කරනවා, සුසී මැරෙන්න කලින් දූෂණයට ලක් වෙලා තියනවා කියන එක.

හැම පොලිස් පරීක්ෂණයකින්ම පස්සෙ අන්තිමට, සුසීගේ සිරුර පවුලේ අයට භාර දෙනවා අවමංගල්‍යයෙන් පස්සේ, එයාව එයා උපන් ගමේ සුසාන භූමියක තැන්පත් කරනවා.

නූර් සුසයිලිව මරලා දවස් තුනකට පස්සේ, පොලිසිය හරිම ඉක්මනින් විමර්ශන කරලා, මේ බස් ඩ්‍රයිවර්ව උතුරු ක්ලැන්ග්වල බස් පර්යන්තයකදී අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා.

ඩ්‍රයිවර් වැරැද්ද පිළිගන්නවා. මිනිහම පොලිසියට පෙන්නුවා, සුසීගේ පෞද්ගලික ලේඛන තිබුණු එයාගෙ අත්බෑගය විසි කරපු කානුව කොතනද තියෙන්නෙ කියන එක. ඒ බෑග් එක ඒ වෙද්දිත් එතනම තිබිලා තියෙනවා.

ඩ්‍රයිවර්ගේ නම හනාෆි මැට් හසන්. මිනිහට චෝදනා නඟන්න 2000 නොවැම්බර් 1 වෙනිදා දවස යොදාගන්නවා. විමර්ශනවලට උදව් වෙන්න මිනිහව රිමාන්ඩ් කළා.

මිනිහා මේ දේ සිද්ද කරන්න හේතුව විදියට කියලා තිබුණෙ “සුසීගේ ලස්සන නිසා දූෂණය නොකර ඉන්න බැරි වුණා” කියන එක..

නූර් සුසයිලි මැරිලා මාසෙකට විතර පස්සේ, අවුරුදු 34ක් වුණු හනාෆි මැට් හසන්ට නිල වශයෙන් උසාවියේදී දූෂණය සහ මිනීමැරුම් චෝදනා නඟනවා.

මැලේසියානු නීතිය අනුව, මිනීමැරුම් චෝදනාවට අනිවාර්යයෙන්ම මරණ දඬුවම ලැබෙනවා. දූෂණයට අවුරුදු 20ක් දක්වා සිර දඬුවම් සහ කස පහර ලැබෙනවා.

හැබැයි මෙන්න මෙතනදි තමයි අරුම පුදුම වැඩේ වෙන්නෙ. කළින් “ඔව් මං තමයි මේක කරේ” කියල ලෝඩ් වගේ පිළිගත්ත හනාෆි උසාවියෙදි බයගුල්ලෙක් වගේ මිනීමැරුම් චෝදනාවට ‘වරද පිළිගන්නේ නෑ’ කියලා කියනවා.

අත්අඩංගුවට ගන්නකොට, මේ හනාෆි, කෙලන්ටාන්වල බැචොක්වල පදිංචි වෙලා හිටපු කෙනෙක්. එයා හතරවෙනි පාරටත් කසාද බැඳලා හිටියෙ. කලින් විවාහ තුනෙන්ම එයාට දූවරු තුන් දෙනෙක් හිටියා. ඒ හැම කසාදයක්ම දික්කසාද වෙලා තමයි තිබ්බෙ. මිනිහා නූර් සුසයිලිව මරපු දවසෙම, එයාගෙ හතරවෙනි බිරිඳ පිරිමි ළමයෙක්ට උපත දෙනවා. ඒත් මේ දරුවා නොමේරූ දරු උපතක් විදියට තමයි මේ ලෝකෙට බිහිවෙන්නෙ. හනාෆිව නූර් සුසයිලිගේ මිනීමැරුමට අත්අඩංගුවට ගත්තු දවසෙම, ඒ පුතා මැරෙනවා. මේක මහ දෛවයේ සරදමක් විදියට තමයි මිනිස්සු එවෙලෙ දැක්කෙ.

හොයන් යද්දි මේ මනුස්සයා ගැන තව මහ භයානක දේවල් හෙලිකරගන්න පොලිසියට පුලුවන් වෙනවා. 1988 දී හනාෆිව පහං ප්‍රාන්ත බලධාරීන්ට ඕන වෙලා තිබිලා තියෙනවා. ඒ මොකටද දන්නවද? එයාගේ කලින් බිරින්දෑවරුන්ගෙන් කෙනෙක්ව දූෂණය කිරීම සම්බන්ධයෙන්.

ඒ විතරක් නෙවෙයි. 1994 දීත් මේ මනුස්සයා විශ්වාසය කඩකිරීමේ චෝදනාවකට උසාවියේ පෙනී ඉඳලා තියෙනවා. 1996 දීත් සොරකමකට වැරදිකරු වෙලා, මාස 30ක් හිරේ ඉඳලා තියෙනවා.

මේ හැම අපරාධයක්ම කරලා තිබුණු මේ මනුස්සයා, සුසීට මේ අපරාධය කරන්න දවස් දහයකට කලින් තමයි මේ බස් කොම්පැනියට වැඩට ඇවිත් තියෙන්නෙ.

2001 මාර්තු 12 වෙනිදා, මේ හනාෆි මැට් හසන්ව ෂා ආලම් මහාධිකරණයට අරගෙන එනවා. නූර් සුසයිලිව දූෂණය කිරීම සහ මිනීමැරීම සම්බන්ධයෙන් තමයි නඩුව පටන් ගන්නෙ.

නඩු විභාගය දවස් 62ක් තිස්සේ පැවැත්වෙනවා පැමිණිල්ල සහ විත්තිය වෙනුවෙන් සාක්ෂිකරුවන් 55කට වඩා කැඳවනවා.

මේ කතාවෙ වැදගත්ම දේ තමයි මං ඊළඟට ඔයාලට කියන්න යන්නෙ. ෆොරෙන්සික් සාක්ෂි වලින් තහවුරු වෙනවා වින්දිතයාගේ ඇඟේ තිබිලා හම්බ වුණු ශුක්‍රාණු, හනාෆිගේ DNA වලට ගැලපෙනවා කියලා. අන්න ඒ සාක්කිය එක්ක හනාෆි වෙනුවෙන් පෙනී උන්න ලෝයර්ස්ලා තවදුරටත් මිනිහව defend කරන එක නතර කරලා තියෙනවා.

හැබැයි මේ හැමදේම මැද්දෙත් හනාෆි නම් කිව්වෙ “මමනූර් සුසයිලිව මැරුවේවත්, දූෂණය කළේවත් නෑ” කියලා.

මිනිහා මෙන්න මෙහෙම කිව්වා.

“සුසී කියන කෙනා නැග්ගෙ මගෙ බස් එකට තමයි. එයා ක්ලැන්ග් වල වෛද්‍ය මධ්‍යස්තානයක් ලඟින් බහින්න හිතන් නැග්ගෙ. එයා බැස්සට මගෙ යාලුවෙක් බස් එකට නැග්ගා. අපි දෙන්න කතා කර කර යද්දි තමයි වැරදීමකින් අර අවුරුදු 18 බයිසිකලේක ආව ළමයව හැප්පෙන්න ගියේ. ඊටපස්සෙ යකඩ පොලු අරගෙන ආව මිනිස්සු කාණ්ඩයක් බස් එක පස්සෙන් ආව හන්දා බේරෙන්න හිතන් තමයි මම රේස් කරලා ගියේ”  

2002 අප්‍රේල් 26 වෙනිදා, දවස් 64ක් තිස්සේ පැවතිච්ච නඩු විභාගයෙන් පස්සේ, විනිසුරු මොහොමඩ් හිෂාමුඩින් මොහොමඩ් යුනුස් තීන්දුව දෙනවා.

එයාගේ තීන්දුවේදී විනිසුරු පැහැදිලිවම කියනවා, එයා හනාෆිගේ විත්තිය පිළිගන්නේ නැහැ කියලා. ඇයි? හනාෆිට බැරි වුණා, ඇයි වින්දිතයාගේ ඇඟේ තිබිලා එයාගේ ශුක්‍රාණු හම්බ වුණේ, සහ අර කෙල්ලගේ නැති වුණු පෙන්ඩන්ට් එක කොහොමද එයා ළඟ තිබුණේ කියලා පැහැදිලි කරන්න. මිනිහා කියපු කතාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න බැරි එකක් නිසාම වගේම  හනාෆිට එරෙහිව තිබුණු පැහැදිලි සාක්ෂි නිසා, විනිසුරු තීරණය කළා, මිනීමැරුම් චෝදනාවට හනාෆි වැරදිකරු කරන්න ඕනමයි කියන එක.

ඒ නිසා, අවුරුදු 36ක් වුණු හනාෆි මැට් හසන්ට මිනීමැරුම් චෝදනාවට අනිවාර්ය මරණ දඬුවම නියම කරනවා. දූෂණ චෝදනාවටත් වැරදිකරු කරලා, අවුරුදු 20ක හිර දඬුවමක් සහ කස පහර 12ක් නියම කරනවා.

හනාෆිගේ කලින් බිරින්දෑවරුන්ගෙන් කෙනෙක් මේ තීන්දුවට ප්‍රතිචාර දක්වමින් කිව්වේ, තමන්ගේ දරුවන්ට මේ කතාව ගැන දැනගන්න දෙන්න කැමති නෑ කියලා. එයා ඉල්ලීමක් කළා, එයාගේ හිටපු සැමියාට ඉක්මනින්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා.

මරණ දඬුවම නියම වුණාට පස්සේ, හනාෆි මැට් හසන් ආයෙත් අභියාචනා ඉදිරිපත් කරනවා තමන්ව නිදොස් කරන්න කියලා. 2005 අගෝස්තු 13 වෙනිදා, අභියාචනාධිකරණය මේ අභියාචනය ප්‍රතික්ෂේප කරනවා

ඊට පස්සේ 2006 දෙසැම්බර් 12 වෙනිදා, මැලේසියාවේ ඉහළම අධිකරණය වන ෆෙඩරල් උසාවියත් හනාෆිගේ අභියාචනය අහක දානවා. මේ වෙලාවේ වාර්තා වුණා, හනාෆි ෆොටෝ ගන්න හදපු සමහර වාර්තාකරුවන්ට පහර දුන්නා කියලත්.මිනිහාටා බේරෙන්න ඉතිරි වෙලා තිබුණේ එකම අවස්ථාවයි. ඒ තමයි සුල්තාන්වරයාගෙන් සමාවක් ඉල්ලන එක.

හනාෆිගේ අවුරුදු 80ක් වුණු අම්මා, තමන්ගේ පුතාගේ ක්‍රියාව නිසා හොඳටම දුක් වෙලා තියෙනවා වගේම එයා අභියාචනයෙන් පැරදුණාම  “කවුරුවත්ම නීතියට වඩා උඩින් නෑ. මේ බිහිසුණු අපරාධයට මගේ පුතා විඳවන්න ඕන. මම සුසයිලිගේ පවුලෙන් සමාව ඉල්ලනවා” කියලාත් තියෙනවා.

නූර් සුසයිලිගේ පවුල මේ වෙද්දිත් දුකෙන් හිටියත්, හනාෆිගේ අන්තිම අභියාචනයත් ප්‍රතික්ෂේප කිරීම ගැන සතුටු වෙලා තියෙනවා..

2008 දෙසැම්බර් 19 වෙනිදා, මිනීමැරුමෙන් හරියටම අවුරුදු අටකට පස්සේ, අවුරුදු 42ක් වුණු හනාෆි මැට් හසන්ව කජාං බන්ධනාගාරයේදී අලුයම එල්ලා මරනවා.ඒ මළ සිරුර පවුලේ අයට දුන්නට පස්සෙ එයාලා කෙලන්ටාන්වල එයාගේ ගම්පළාතට ගෙනිහින් භූමදානය කිරීම කරනවා.

හනාෆිව එල්ලා මැරූ පුවත අහපු සුසයිලිගේ තාත්තා සතුටු වෙලා තියෙනවා යුක්තිය ඉටු වුණා කියලා. තමන්ට කවදාවත් හනාෆිට සමාව දෙන්න බැරි උනත්  ඔහු හනාෆිගේ පවුලට අනුකම්පාව පළ කරනවා මොකද, මේ අපරාධයට එයාලා කිසිම විදිහකින් සම්බන්ධ වුණේ නැති හන්දා.

Related Articles

Don't Miss


Latest Articles